ඇතුලට ඇවිල්ලා හෙලුපක් දෙන්න
ප්ලීස් ජෝක් එකකට ගන්න එපා ..සිරාම ප්‍රශ්නයක් අහන්නේ
බඩ වේලෙන්න (බොක පරක්කු කරගන්න ) මොනවත් බෙහෙත් නැද්ද ? වැඩිය නෙවෙයි දවසක් වගේ බඩ වේලෙන්න දෙයක් ....කෝපි(Coffee) එහෙම ට්‍රයි කරා.එත් හරියන්නේ නෑ....
මේකයි වැඩේ දැන් ටික කාලෙක ඉඳන් ගමනක් එහෙම යද්දී ගමන පටන් අරන් පැය දෙක තුනක වගේ ඉදන් වැසිකිලි යාමේ(බොකක් සෙට් වෙනවා ) අවශ්‍යතාවක් එනවා .... ගමන පිටත් වෙන්න කලින් බඩ හිස් කරන් ගියත් වැඩක් නෑ.කොහොමත් පැය දෙක තුනකින් උවමනාව එනවා.ගෙදර ඉන්න දවස් වලට එහෙම නෑ. අපේම වාහනේක එහෙම යනවනම් ඔහොම උනාට අවුලක් නෑ.මොකද කොහේ හරි කියල නවත්තගන්න පුළුවන්නේ .... එත් බස් වල දුර එහෙම යනකොට මාර අවුලෙන් ඉන්නේ....ගමන එපාවෙනවා.ඒවා එහෙම කියලා නවත්තගන්නත් බෑ.නවත්තන තැන් වල වැසිකිලි ගැන කියලා වැඩක් නෑනේ.බස් වල යන අය දන්නවා ඇතිනේ ඉතින් ඒවා.....
ඉතින් මට ඕන බොක දවසක් විතර ලේට් කරගන්න මොනවා හරි.ඒ කියන්නේ අද රෑ බෙහෙත ගත්තොත් හෙට රෑ වෙනකල් ඉවසන් ඉන්න පුළුවන් වෙන දෙයක්,කෝපි එහෙම ට්‍රයි කරා.එත් එක හරියන්නෑ .....එපාවෙලා ඉන්නේ.කොහෙවත් යන්න බෑ.මාරම ප්‍රශ්නේ...
ප්ලීස් ජෝක් එකකට ගන්න එපා ..සිරාම ප්‍රශ්නයක් ඇහුවේ.තවත් අයට මෙහෙම ඇති.ඔය ගමන් යද්දී වමනේ එහෙම යනවට බෙහෙත් බොනවා වගේ මේකට මොනවත් කරන්න නැද්ද?බෙහෙතක් මොනවා හරි දන්නවනම් කියන්න.තැන්කු වේවා !!!
සූදුරු ටිකක් තාච්චුවකට දාලා ලිපේ තියලා හොදට රත් වෙන්න ඇරපං. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාලා තව ටිකක් රත් කරපං. ඊටපස්සේ ඒ වතුර ටික බීලා බලපං. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
oka machan mental seen ekak ,ape kollektath A/L karna kale thibba, pora beheth aran hoda una
ඕකට බඩ වේලවන බෙහෙත් බීලා වැඩක් නෑ මචන්. හිතට ඇති උන මානසික සිතුවිල්ලක් නිසා මේක වෙන්නේ. පලවෙනියටම මොකක් හරි අව්ලක් නිසා මෙහෙම ගමනක් යද්දී ටොයිලට් යන්න සිද්ධ වෙන්න ඇති. ඒ වෙලාවේ මනසට වැටුන වැරදි සිතුවිල්ලක් නිසා දැන් හැමදාම ගමනක් යද්දී ඒ සීන් එක වෙනවා. කිඹුල් දොස්තර මහතා කිව්ව දේ හරි. ඒ නිසා මේ ගැන වැඩිය හිතන්න එපා. ඒක උබටම තමයි හදා ගන්න පුලුවන්න් වෙන්නේ. බොක වේලන්න බෙහෙත් බීලා හරි යන්නේ නෑ




මචන්, උඹට ඕක සිරාම ප්‍රශ්ණයක් බව පේන නිසා ෆාමසියෙන් ගන්න පුලුවන් බෙහෙතක් කියන්නම්. මේක ඩයරියා (පාචනය ) හා ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් ( irritable bowel syndrome - නිතරම බොග චාර්ජ් වීම ) කියන දේවල් වලට ගන්න එකක්.
දන්න ෆාමසියක් තියෙනවනම් තුන්ඩුවක් නැතුව ගන්න අමාරු නෑ.
මේකෙ වෛද්‍ය විද්‍යාත්මක නම (Generic Name): Loperamide - ලොපෙරමයිඩ්
මේක එන බ්‍රෑන්ඩ් කීපයක් තියෙනවා. මට මතක විධියට ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක ඉමෝඩියම් (Imodium). තව ලොරාන්ස් (Lorans) කියලා බ්‍රෑන්ඩ් එකකුත් තිබුණා. පොඩ්ඩක් ෆමසියෙන් අහලා බලපන් - ගන්න මාත්‍රාවත් පැහැදිලිව අහගණින්. වැඩියෙන් බඩ වේලෙන්න කියලා අධිමාත්‍රාවෙන් ගන්න එපා.[
දිනපතා ද ? නැත්තන් ගමනක් යන්න කලින් දවසේ වගේද බොන්න ඕන ?
එල .
ඕකට බඩ වේලවනවා. ගමනක් යන්න පැයකට දෙකකට කලින් බිව්වත් වැඩ කරනවා. ඒ නිසා ඕනි දවස්වලට විතරක් බීපං. කෑමට ගන්න දේවල් නිසා අගුනෙකුත් නෑනේ.දිනපතා බොන්න එපාඕකට බඩ වේලවනවා. ගමනක් යන්න පැයකට දෙකකට කලින් බිව්වත් වැඩ කරනවා. ඒ නිසා ඕනි දවස්වලට විතරක් බීපං. කෑමට ගන්න දේවල් නිසා අගුනෙකුත් නෑනේ.