මීයා ගේ අලුත් වර්ශන් එක

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මීයා ගේ අලුත් වර්ශන් එක

    මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක් ය . ඒ නිසා මීයට උපහාර
    පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව .
    මීපේ, මීතොටමුල්ල, මීමැඩුම එයින් සමහරක්ය. මී ගුල්
    වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මී මුරේ වේ.

    එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩ ය. මීයාට
    ලග්නයක් ඇත, උන්ගේ ලග්නය මීන ය. මීයන්ට සෑදෙන වණ
    මීවණ වන අතර මී යන්ගේ සම මී සම වේ. මීයෝ නාන්නේ
    බක්මී වැවේ ය.
    මීයන් මැහුම් ගෙතුම් වලටද දක්ෂය. ඒ සඳහා යොදාගන්නා
    කතුර මී කතුර ලෙස හඳුන්වනු ලැබේ. මීයන්ගේ
    හොටුවලින් මී ඉටිද , පැණි හලන මීයන්ගෙ පැණි වලින් මී
    පැණි ද , කිරි වලින් මී කිරි ද නිෂ්පාදනය කරනු ලැබේ.
    කඳුකරයේ වෙසෙන මීයන් ඉඳහිට දුමක් පිට කරයි, එයට මී
    දුම යයි කියනු ලැබේ. මීයා අරක්කු නිෂ්පාදනයට සමත්ය.
    ඒවා මීවිත, මීරා වැනි නම් වලින් හැඳින්වේ.

    සමහර මීයන් බොහෝ හික්මුණු ගති පැවතුම් ඇත්තෝය.
    ඔවුන් හික් මීයන් ලෙස හදුන්වනු ලැබේ. සමහර මීයන්
    අනුන්ට කරදර කාරී ලෙස ජීවත් වේ, ඔවුන් මී වද ලෙස
    හැඳින්වේ. එළවලු වවන මී යන් බටු මී යන් ලෙසද, සත්ව
    පාලනයේ යෙදෙන මීයෝ ඌරු මීයෝ ලෙසද හඳුන්වනු
    ලැබේ. මීයාට නෑයන් වෙන ඉගිලෙන මීයන් විශේෂයක් ද ඇත
    ඒ මී මැස්සෝ ය. මීයගේ යාලු සතා මී මින්නාය.

    බොහෝ මීයෝ උන කාරයෝ ය. උන්ට මී උණ ඇතයි
    සමහරු කියති. මීයා ගේ ගැහැණු සතා ගේ නම මීණා ය.
    මීයාගේ සීයා මීමුත්තා ය. ආච්චි මීආච්චි ය. මාමා මී මාමා
    ය. මීයෝ පාටි දාන්න එක්රැස් වෙන්න කැමතිය. ඒවාට
    කියන්නේ මීටින් කියා ය. මීයන් ගේ ගමන් දුර මනින්නේ මී
    ටර් වලින්ය. මීයන් විසින් සොයා ගත් වායුවක් ඇත. එහි
    විද්‍යාත්මක නාමය මීතෙන් ය. මීයන්ගෙන් රෝගද බෝවේ,
    මීමැස්මොරය ඉන් ප්‍රධානය. මීයා අකමැතිම ආහාරය මී
    පාසානාම් ය.

    මී බබාලා උන්ගේ අම්මලාට ආදරේට කියන්නේ අම්මී හෝ
    මමී කියලාය. මීයා කගේ හරි පස්සෙං යනවිට ෆොලොමී
    කියාද , කාගෙන් හරි අවසර ගන්නාවිට එක්ස්කියුස් මී
    කියාද , කතා කරන විට ටෙල් මී කියාද, සමහර අවස්ථා වල
    මීයාට කේන්ති ගිය විට කිල්මී කියා කැ ගසයි. මී ගේ
    කැමතිම ගීතය මී පිරුණු සුවඳ මල් වනේ ය. මීගේ ප්‍රියතම
    ආහාරය කොත්තු මී වේ. එමෙන්ම මීයා අතුරුපස ලෙස මී
    අඹ කෑමට කැමිතිය.

    -බුකියෙන්​
     
    • Like
    Reactions: DangerMan119

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    1AAAAAdlmn-1.jpg
     
    • Like
    Reactions: DangerMan119