Proposal ගැටළුවක්

Ayesh5533

Active member
  • Mar 21, 2017
    165
    38
    28
    දැන් මාස 2කට වගේ කලින් කෙල්ලෙක් බලන්න ගියා ගෙදර අය එක්ක. කෙල්ල නම් ලස්සනයි. වැඩේ තියෙන්නේ ඒ මිනිස්සු ටිකක් බටහිර පන්නෙට ඉන්න අය වගේ. ලොකු සල්ලි කාරයෝ නෙමෙයි හැබැයි.

    මම ඒකිව බලන්න යන දවසේ නම් ලස්සනට සාරියක් එහෙම ඇඳලා හිටියා. දෙපැත්තෙන්ම අය කැමතිත් වුණා කේන්දරත් ගැලපෙනවා. මම දැන් දවස් කීපයක් ඒ කෙල්ලගේ ගෙදරත් ගියා. මට තේරුනේ ඒ කෙල්ලගේ ගෙදර අය අපේ ගෙදර අය වගේ හිතන අය නෙමෙයි කියන එක. ගතිගුණ හොඳයි. ඒත් ටිකක් පම්පෝරිය. ලොකු ලොකු නෑයෝන්ගේ විස්තර නිතරම කියවන්නේ. කෙල්ලටත් පොෂ් වෙන්න හදන ලෙඩේ නම් සැරටම තියෙනවා වගේ කියලත් හිතුණා.

    මම ලඟදි එහේ යද්දී මේකි ගෙදරට ඇඳන් හිටියේ කොටම කොට ජංගි ශෝටක්. මම ඒ ගැන මුකුත් කිව්වෙත් නැහැ මොකද මම ගොඩයෙක් කියලා හිතයි කියලා. වැඩේ තියෙන්නේ එදා මම ඒකිත් එක්ක සෙල්ෆි වගයක් ගත්තා. සමහර ඒවයි ඒකි ඇඳන් ඉන්න ශෝටත් වැදිලා තිබ්බ.ඔය ටික ෆෝන් එකේ තිබිලා අක්ක දැකලා. අක්ක අහනවා ඒ නංගි ගෙදරට අඳින්නේ ජංගි කලිසම් ද හලෝ කියලා. ඒ මදිවට අපේ අම්මටත් පෙන්නලා. අපේ ගෙවල්වල සාමාන්‍යයෙන් ගෑණු ළමයි ශෝට් අඳින්නේ නැහැ. දැන් මේ ෆොටෝ දැක්කට පස්සේ අම්මලා ටිකක් අවුල් වගේ කෙල්ල ගැන. තව පොඩි පොඩි සිදුවීම් ටිකකුත් තියෙනවා.

    දැන් කියනවා ඒ කෙල්ල මට ගැලපෙන්නේ නැහැලු. අක්කත් අම්මගේ පැත්තේ. මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියලා. මට තියෙන ප්‍රශ්නේ කවදාහරි මේකි අපේ ගෙදර ගෙනාපු දවසට අපේ ගෙදර විදියට ඉන්න පුළුවන් වේද කියන එක. ඒ ගෙදර අය හිතන විදියයි අපේ ගෙදර අය හිතන විදියයි ගොඩක් වෙනස් වගේ.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කෙල්ල කොයි පලාතෙද? කොලඹ 7 නම් ඔවා ටිකක් වෙනස් කරන්න අමාරුයි. එත් කොලඹින් පිට නම් වෙනස් කරගන්න එක මහලොකු දෙයක් නෙමෙයි . මොකද ඔය රටාව එගොල්ලොඅ අලුතින් දාගත්තු එකක් නිසා... එව්නාට පෙන්නන්නේ උපන් දා ඉදන් එහෙමයි කියලා. :baffled::baffled:
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    කෙල්ල කොයි පලාතෙද? කොලඹ 7 නම් ඔවා ටිකක් වෙනස් කරන්න අමාරුයි. එත් කොලඹින් පිට නම් වෙනස් කරගන්න එක මහලොකු දෙයක් නෙමෙයි . මොකද ඔය රටාව එගොල්ලොඅ අලුතින් දාගත්තු එකක් නිසා... එව්නාට පෙන්නන්නේ උපන් දා ඉදන් එහෙමයි කියලා. :baffled::baffled:

    කළුතර පැත්තේ කෙල්ල
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    Bandala wenama idapan.. Ohoma kello theruwoth umbata gedarata naki wenna Wei.kohomath nandammala, naanalata aluth leliwa dirawann Naha.

    Dan kello godak gedarata adinne shorts ban.. Uba Colombo wala nemeda?
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Bandala wenama idapan.. Ohoma kello theruwoth umbata gedarata naki wenna Wei.kohomath nandammala, naanalata aluth leliwa dirawann Naha.

    Dan kello godak gedarata adinne shorts ban.. Uba Colombo wala nemeda?

    මම අකුරැස්සේ. අපේ පැතිවල කෙල්ලෝ ඔය වගේ ශෝට් අඳින්නේ නැහැ. අඳින්නේ සාමාන්‍යයෙන් දනිස්ස ගාවට වගේ දිග ඒවා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෙදර ඉද්දි කොයි කෙල්ලෙත් පුළුවන් තරන් කොටට ගහන් තමා ඉන්නේ බන්.. මේ තියෙන රස්නෙට දාඩිය දානවා ඕන එකෙක්ට.. පාරේ තොටේ යද්දියි නෑයෙක් ගෙදරට එද්දියි නං ඔය තත්වේ වෙනස් කරගන්න ඕනේ..:baffled::baffled::baffled:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    komath machn oyaalage gedarin avul nam oka karanna oni ne ban. hitha hadaa gena wena ekak balapan. nikan nandamma leli prashna oni nane.
    umba marry karala wenama innava nam, kellage attitudes umbata avulak nathnam marry karapan.
    mage yaaluwek ohoma ekak marry karala. uoo hena decent pora. kella umba kivva type. mu aussie inna ekek hinda uta loku avulak ne. bt kollage amma kiyanava lu kella control karanna amarui kiyala. oya adum adina evva anan manan ehema
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    තාම රස්සාවක් නම් කරන්නේ නැහැ. Esoft එකේ කෝස් එකක් කරනවා. මට 27. ඒකිට 24.
    mama nam dan marry karala dan 1 month wage. proposal ekak. ekath ekka thava proposal dekak thibba. ekiyak Kalutara kiyala amma kivve. e kellath poddak show eka kiyala amma kivva. ekai mama ahuwe. oka nam nemei :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ ගහපු සෙල්පි ටික නැතුව උපදෙසක් දෙන්න අමාරුයි ඔව් :baffled: :baffled:
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ගෙදර ඉද්දි කොයි කෙල්ලෙත් පුළුවන් තරන් කොටට ගහන් තමා ඉන්නේ බන්.. මේ තියෙන රස්නෙට දාඩිය දානවා ඕන එකෙක්ට.. පාරේ තොටේ යද්දියි නෑයෙක් ගෙදරට එද්දියි නං ඔය තත්වේ වෙනස් කරගන්න ඕනේ.. :baffled::baffled::baffled:

    මටත් අක්ක කෙනෙක් ඉන්නවා බන්. මගේ නෑදැයෝ වෙන කෙල්ලොත් ගෙදරට ඉන්න හැටි මම දැකලා තියෙනවා. මෙහෙත් රස්නෙයි තමයි. ඒත් රස්නෙයි කියලා කවදාවත් අපේ අක්ක කොට කලිසම් ගහගෙන ඉඳලා නෑ ඔහොම. මම ගොඩයෙක් නෙමෙයි. ඒත් අහල පහල එවුන්ටයි ගෙදරට එන යන එවුන්ටයි ෂෝ එකක් වෙන්න ඕනේ නෑනේ.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    mama nam dan marry karala dan 1 month wage. proposal ekak. ekath ekka thava proposal dekak thibba. ekiyak Kalutara kiyala amma kivve. e kellath poddak show eka kiyala amma kivva. ekai mama ahuwe. oka nam nemei :P

    ෂෝ එක කිව්වේ මොන වගේ ද?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මටත් අක්ක කෙනෙක් ඉන්නවා බන්. මගේ නෑදැයෝ වෙන කෙල්ලොත් ගෙදරට ඉන්න හැටි මම දැකලා තියෙනවා. මෙහෙත් රස්නෙයි තමයි. ඒත් රස්නෙයි කියලා කවදාවත් අපේ අක්ක කොට කලිසම් ගහගෙන ඉඳලා නෑ ඔහොම. මම ගොඩයෙක් නෙමෙයි. ඒත් අහල පහල එවුන්ටයි ගෙදරට එන යන එවුන්ටයි ෂෝ එකක් වෙන්න ඕනේ නෑනේ.

    ඕක හරියන්නේ නෑ පුතී :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්,
    උඹේ හිතට හරි නැත්තම් බඳින්න එපා.
    මොකද ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙන්නේ ඔය කෙල්ලත් එක්කනේ.
    අනික බලපං උඹේ අම්මාගේ කැමැත්ත.
    මොකද ඒ 2 න්නා අතර ප්‍රශ්න ආවොත් උඹට වෙන්නේ ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ ඉන්න.
    තව පොඩ්ඩක් හොයලා බලලා හොඳ තීරණයක් ගනින්. සුබ පතනවා.
    :D