දැන් මාස 2කට වගේ කලින් කෙල්ලෙක් බලන්න ගියා ගෙදර අය එක්ක. කෙල්ල නම් ලස්සනයි. වැඩේ තියෙන්නේ ඒ මිනිස්සු ටිකක් බටහිර පන්නෙට ඉන්න අය වගේ. ලොකු සල්ලි කාරයෝ නෙමෙයි හැබැයි.
මම ඒකිව බලන්න යන දවසේ නම් ලස්සනට සාරියක් එහෙම ඇඳලා හිටියා. දෙපැත්තෙන්ම අය කැමතිත් වුණා කේන්දරත් ගැලපෙනවා. මම දැන් දවස් කීපයක් ඒ කෙල්ලගේ ගෙදරත් ගියා. මට තේරුනේ ඒ කෙල්ලගේ ගෙදර අය අපේ ගෙදර අය වගේ හිතන අය නෙමෙයි කියන එක. ගතිගුණ හොඳයි. ඒත් ටිකක් පම්පෝරිය. ලොකු ලොකු නෑයෝන්ගේ විස්තර නිතරම කියවන්නේ. කෙල්ලටත් පොෂ් වෙන්න හදන ලෙඩේ නම් සැරටම තියෙනවා වගේ කියලත් හිතුණා.
මම ලඟදි එහේ යද්දී මේකි ගෙදරට ඇඳන් හිටියේ කොටම කොට ජංගි ශෝටක්. මම ඒ ගැන මුකුත් කිව්වෙත් නැහැ මොකද මම ගොඩයෙක් කියලා හිතයි කියලා. වැඩේ තියෙන්නේ එදා මම ඒකිත් එක්ක සෙල්ෆි වගයක් ගත්තා. සමහර ඒවයි ඒකි ඇඳන් ඉන්න ශෝටත් වැදිලා තිබ්බ.ඔය ටික ෆෝන් එකේ තිබිලා අක්ක දැකලා. අක්ක අහනවා ඒ නංගි ගෙදරට අඳින්නේ ජංගි කලිසම් ද හලෝ කියලා. ඒ මදිවට අපේ අම්මටත් පෙන්නලා. අපේ ගෙවල්වල සාමාන්‍යයෙන් ගෑණු ළමයි ශෝට් අඳින්නේ නැහැ. දැන් මේ ෆොටෝ දැක්කට පස්සේ අම්මලා ටිකක් අවුල් වගේ කෙල්ල ගැන. තව පොඩි පොඩි සිදුවීම් ටිකකුත් තියෙනවා.
දැන් කියනවා ඒ කෙල්ල මට ගැලපෙන්නේ නැහැලු. අක්කත් අම්මගේ පැත්තේ. මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියලා. මට තියෙන ප්‍රශ්නේ කවදාහරි මේකි අපේ ගෙදර ගෙනාපු දවසට අපේ ගෙදර විදියට ඉන්න පුළුවන් වේද කියන එක. ඒ ගෙදර අය හිතන විදියයි අපේ ගෙදර අය හිතන විදියයි ගොඩක් වෙනස් වගේ.

Last edited: