ඊයෙ රෑ හත හමාරට දන්නෙ නැති number එකකින් කෝල් එකක් එනවා.

ඉස්සර නං නොදන්න numbers වලින් call ආවට answer කරන්නෙ නෑ.

office sim එකක් හම්බෙනකන් මේකටමනේ office call එන්නෙත් ඒක හින්ද ඉස්සුවා.
හලෝ ** අයියද ?

(කැම්පස් එකේදි 90%ක්ම කතා කරන්නේ එක්තරා නමකින්. ගොඩක් අය මගේ ඇත්ත නම දන්නෙත් නෑ. කැම්පස් එකේ පහල batch එකක එකෙක් කියලා තේරුණා ඒකෙන්ම.)
ඔව් මල්ලි. කවුද මේ කතා කරන්නේ.....
අයියා මම ඔයාලට පහල එකේ මල්ලි කෙනෙක්. මතකද මම ****........
(මූ කැම්පස් යන කාලෙදි මූනට හම්බුනත් කතා කරන්නෙ නෑ. මොකක් හරි උට්ටකට තමයි දැන් කතා කරන්නේ.
)
ආ..... ඔව් මල්ලි මතකයි. මොකක්ද කෙරෙන්න ඕන.
("මොකටද උකන්නො දැන් කතා කරන්නෙ ඒ කාලෙදි මූනට හම්බුනත අහක බලාගෙන ගියපු එකෙක්නේ තෝ" කියන්න විදියක් තිබ්බෙ නෑ එහා පැත්තෙ පුටුවේ HR මැනේජර් TV එක බල බල හිටියේ.
)
අයියා දැන් මොකේද වැඩ කරන්නේ. පොඩි විස්තරයක් දැනගන්න කතා කලේ.
අලුතෙන් පටන්ගත්ත company එකක මල්ලි. මොකක්ද දැනගන්න ඕන.
අයියා මට ජූනි වලට කලින් කොග්ගල අවට පැත්තකින් ජොබ් එකක් හොයාගන්න ඕන. කොහෙන් හරි ජොබක් හොයලා දෙන්නකෝ.
කලින් දන්නවනං මේ පර බල්ලා කතා කරනවා කියලා උස්සන්නෙත් නෑ සිරාවටම. මෙහෙමත් කාලකණ්ණි.