Toyota DX wagon
DX එක කිව්වම එළකිරියෙ නොදන්න කෙනෙක් නෑ. DX එකත් එක්ක සබැඳෙන අනිත් නාමය තමයි අපේ බඩා මාමි.
ඩීඑක්ස් එක කිව්වාම මුලින්ම මතක් වෙන්නේ මේ උඩ පින්තූරෙ තියෙන මොඩ්ල් එක. මේක KE72. නමුත් KE30 wagon, KE50 wagon, E96, E106 (elephantback)ආදී වශයෙන් ඩීඑක්ස් වැගන් ගණනාවක් තියෙනවා. කියන්න යන්නේ මේ KE72 එක ගැන. මේකෙ චැසිකෝඩ් එක පටන් ගන්නේ KE72V / KE73V / KE74V / CE72V කියලා. K අකුරෙන් K එන්ජිමත්, C අකුරෙන් C එන්ජිමත් සංකේතවත් වෙනවා. ඔරිජිනල් ඩීසල් ආපුවගේ චැසි කෝඩ් CE එක. මම ලංකාවෙ ඔරිජිනල් ඩීසල් ඩීඑක්ස් වැගන් දැකලම නැහැ. V අකුරෙන් සංකේතවත් වෙන්නේ වෑන් කියන එක. ඔව්, ජපානෙ මේ වාහනය සලකන්නෙ වෑන් (Dual purpose vehicle) එකක් විදියට.
Toyota Corolla KE70 මෝටර් රථය ඇසුරෙන් තමා මේක නිශ්පාදනය වෙන්නේ. E70 කියන්නේ ටොයොටා කොරොල්ලා වල 4 වෙනි පරම්පරාව. මේ වාහනය නිෂ්පාදනය වෙන්නේ 1979 සිට 1983 දක්වා. 1983 දී E80 හෙවත් ටොයොටා කොරොල්ලා පස් වෙනි පරම්පරාවේ මෝටර් රථ හඳුන්වාදෙනවා. නමුත් KE72 හෙවත් අපි දන්න ඩීඑක්ස් වැගන් එක 1987 දක්වා නිෂ්පාදනය වෙනවා. E80 මාදිලියේ වැගන් රථයක් නිෂ්පාදනය කරන්නෙ නැහැ. 1987දී E90 මාදිලිය හඳුන්වාදීමත් සමග E96 වැගන් එක මගින් E72 ඩීඑක්ස් වැගන් එක replace වෙනවා
E80 මාදිලිය RWD FWD layouts දෙකෙන්ම ආවා. A එන්ජින් සහිත ස්පෝට් හැච්බැක් මාදිලිය, හැමෝම දන්න හචිරොකු එහෙම නැත්නම් AE86 එක RWD. E80, 81 වගේ අනික් සේරම මොඩ්ල් FWD layout එකෙන් තමයි නිෂ්පාදනය වුණේ. E90 වල කිසිම වාහනයක් RWD layout එකෙන් ආවෙ නෑ. AE86 එක 1984-1986 අතර කාලයෙ තමා නිෂ්පාදනය වුණේ. ඒ අනුව බලනකොට 1987 දක්වා නිෂ්පාදනය වුන KE72 තමයි ටොයොටා කොරොල්ලා පරම්පරාවේ අන්තිමට නිෂ්පාදනය වුන Rear Wheel Drive මෝටර් රථය.
මේ වාහනයේ පෙට්‍රල් මාදිලිය එන්ජින් ධාරිතා දෙකකින් ආවා. ඒ 1.3L සහ 1.5L. 1.3 මාදිලිය KE72 ලෙසත් 1.5 මාදිලිය KE74 ලෙසත් චැසි කෝඩ් ඇසුරෙන් අඳුරගන්න පුළුවන්. 1.3 මාදිලියට 4K එන්ජිමත් 1.5 මාදිලියට 5K එන්ජිමත් එනවා. හයිඩ්‍රොලික් ටැපට් සහිත 5K එන්ජිම ඉතාම smooth idling එකක් සහිත එන්ජිමක්. Idling එකේ තියෙද්දි එන්ජිම වැඩ කියල කියන්න බැරි තරමට නිෂ්ශබ්දයි. KE73 මාදිලියේ සුක්කානම් පද්ධතිය සඳහා තියෙන්නේ Rack and pinion සැකැස්මක්. 72 74 වල තියෙන්නේ steering gearbox එකක්. දෙකෙන් එකකවත් පවර් ස්ටීරිං නැහැ. KE73 වල ෆෝවර්ඩ් ගියර් පහක ගියර් බොක්ස් එකක් තියෙනවා. අනික් ඒවාගේ ගියර් හතරයි.
DX වැගන් එක 1979 සිට 1987 දක්වා නිෂ්පාදනය වුනා. මුලදි තිබ්බෙ මෙන්න මේ මාදිලිය.
ෆ්ලැට් රූෆ් එක. 1984දි KE72 වාහනයේ face lifted මොඩ්ල් එකක් එළිදකිනවා. මේ වාහනේ අලුත් ෂෙල් එකක් තියෙනවා. ඉදිරිපස් ෆෙන්ඩර්ස් වෙනස්. වහලෙ හයිරූෆ්. ඩෑෂ්බෝඩ් එක වෙනස්. සීට්ස් වෙනස්. පැරණි ෆ්ලැට් රූෆ් මාදිලියේ ඉන්ටීරියර් දුඹුරු සහ කළු වර්ණයෙන් තිබුණා. නමුත් මේ face lifted models වල ඉන්ටීරියට් අළු වර්ණයෙන් පමණයි එන්නේ. නවීකරණය කරන ලද වායුසමීකරණ පද්ධතියක් තියෙනවා. ඊට අමතරව එන්ජිමේ කාබියුරේටරයේ සහ විදුලි පද්ධතියේ සුළු සුළු නවීකරණයන් වෙනවා.
DX වැගන් එක කිව්වට මේ වාහනේ Grades දෙකක් එනවා. DX සහ GL. නමුත් මේ දෙක අතර එතරම් වෙනසක් නැහැ. GL වාහනයේ instruments cluster එක තුල ඔරලෝසුවක් තියෙනවා, center console box එකක් තියෙනවා. KE70 sedan මෝටර් රථ වලට ආව විධියේ වෙනස් සුක්කානමක් තියෙනවා. පසුපස වීදුරුවටත් වයිපර් එකක්, defroster (heater) එකක් සහ වොෂර් එකක් තියෙනවා. ඉදිරිපස සීට් වල ඇජෙස්ටබල් හෙඩ් රෙස්ට් තියෙනවා.
KE73V GL
මම කලින් කිව්වත් වගේ ජපානේ මේවා ලියාපදිංචි වුණේ dual purpose vehicles විධියට. ලංකාවෙත් 20- නම්බර් තියෙන DX wagon ඔබ දැකල ඇති. මේකෙ පසුපස සීට් එක සම්පූර්ණයෙන්ම නවන්න පුළුවන්. එතකොට පිටිපස්සෙ තට්ටුව සම්පූර්ණයෙන්ම ෆ්ලැට්. මේ විධියට බඩු ප්‍රවාහනය කරන්න තමා මේ මාදිලිය නිෂ්පාදනය කරල තියෙන්නේ. මේ හේතුව නිසා මෙහි පසුපස සීට් එක එතරම් සැපපහසුවට නිෂ්පාදනය කරල නෑ. ඒ විතරක් නෙමෙයි පසුපසට සීට් බෙල්ට් වත් නැහැ. බඩු ගෙනියන කාගෝ වාහනයක් විධියට මේකෙ ඉන්ටීරියර් සේරම ඉතාම සරල විධියට තමා නිර්මාණය කරල තියෙන්නේ. බඩු ප්‍රවාහනයට හදල තියෙන නිසා මේකෙ පසුපස සස්පෙන්ෂන් වලට එන්නෙ දුණුමිටි දෙකක්. E70 කාර් එකේ කොයිල් ස්ප්‍රින් එන්නේ. මේකෙ විතරක් නෙමෙයි E96, E106 කාගෝ මොඩ්ල් වලත් පසුපසට දුණු තමයි තියෙන්නේ.
ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කියනවානම් AC ත් සමග කොළඹදී 13KMpL පමණ පෙට්‍රල් කරනවා. කොළඹින් පිට නම් 16KMpL පමණ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා.
අමතරකොටස් ගැන කතා කලොත්, මෙහි මැකෑනිකල් කොටස් ඕනෑම එකක් සොයාගන්න තියෙනවා කොළඹ කුරුණෑගල අවට. රීකන්ඩිෂන්ඩ් හෝ තායිවාන් අමතර කොටස් තියෙනවා. මෙහි එන්ජින් ගියර්පෙට්ටි සහ ඩිෆරන්සල් ආදී කොටස් ටොයොටා ලයිට් ඒස් වැනි වෑන් රථ වලත් භාවිතාවෙන නිසා අමතරකොටස් සොයාගැනීම එතරම් අපහසු නෑ. නමුත් දොරවල් වීදුරු ආදිය නම් සොයාගන්න නැති තරම්. තිබුණත් ඒවා මිළෙන් ඉතා අධිකයි.
මෙහි මිළ පරාසය ලක්ෂ 4 සිට 10 දක්වා තියෙනවා. රථයේ කන්ඩිෂන් එක අනුව මිළ වෙනස් වෙනවා. සාමාන්යෙන් හොඳ තත්වයේ වාහනයක් ලක්ෂ 6-7ක් අතර මිළකට සොයාගන්න පුළුවන්.
නඩත්තු වියදම ඉතාම අඩු, පවුලේ ගමන්බිමන් වලට සහ බඩුමුට්ටු ප්‍රවාහනයට යොදාගන්න පුළුවන් හොඳ වාහනයක්.

දැන් එන අලුත් වාහන වලවත් එ option එක නෑ