ඩෙංගු හැදුනාම ඔබට මොකද්ද වෙන්නේ? සුව කරන්න ඉස්පිරිතාලේ ඔබට මොකද්ද කරන්නේ?
ඩෙංගු වෛරසය කියන්නෙ මේ වෙද්දි ආයෙත් වැඩිපුර කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා. අපේ හිතවතුන් සහ අසල්වැසියන් අතරත් ඩෙංගු රෝගය වැළඳුණු ආරංචි මේ දවස් වල වැඩිපුර අහන්න ලැබෙනව. මේ නිසා අපි හිතුවා ඩෙංගු සම්බන්ධව ඔබ දැනුවත් විය යුතු සරළ තොරතුරු කීපයක් ඔබ වෙතට රැගෙන එන්නට. අවදානමට පෙර සූදානම හොඳයි කියල කතාවක් තියනවනෙ. ඒ නිසා මේ ගෙන එන තොරතුරු අනිවා ඔබට වැදගත් වේවි.
1. කොහොමද ඩෙංගු හැදෙන්නෙ?
ඩෙංගු කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ඊඩිස් වර්ගයට අයත් ගැහැණු මදුරුවෙක් මාර්ගයෙන් තමයි මේ රෝගය පැතිරෙන්නෙ. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු දෙවර්ගය මගින් තමයි මේ රෝගය බහුලවම ව්‍යාප්ත වෙන්නෙ.
ඩෙංගු වෛරසය ශරීරගත වුණු පුද්ගලයෙක්ට ඉහත කී මදුරුවෙක් දෂ්ට කල අවස්ථාවකදී මදුරුවා තුළට වෛරසය ඇතුලු වනවා. නැවත මේ මදුරුවා වෙනත් නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කල අවස්ථාවක ඩෙංගු වෛරසය අදාල පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වෙනවා. මෙසේ වෛරසය ශරීරගත වී දින 3-14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවීම සිදුවන්නට පුලුවන්.
2. එක පාරක් ඩෙංගු හැදුනොත් ආයෙත් හැදෙන්න පුලුවන්ද?
ඔව්. මොකද ඩෙංගු රෝගයේත් ප්‍රභේද හතරක් තියනවා (DEN 1, DEN 2 , DEN 3, DEN 4 වශයෙන්). එක පාරක් අපිට ඩෙංගු හැදිල හොඳ උනත් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇති වෙන්නෙ අපිට හැදුණු ඩෙංගු වෛරස ප්‍රභේදයට විතරයි. ඒ නිසා අනෙක් ඩෙංගු වෛරස වලින් එකක් නැවත අපිට වැළදෙන්නට පුලුවන් කම තියනවා. වරක් ඩෙංගු හැදුණු පුද්ගලයෙකුට නැවත වාරයක් ඩෙංගු හැදීමේදී රෝගී තත්ත්වය තරමක් බරපතල වෙන්නටත්, රක්තපාත තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්නටත් ඉඩ තියනව.
3. මොනවද ඩෙංගු රෝග ලක්ෂණ?
උණක් වැළඳිලා ඉන්න අවස්ථාවක ඒ ඩෙංගු උණද කියල සැක හැරල දැනගන්න නම් මේ ලක්ෂණ වලට අවධානය යොමු කරන්න.
4. මොකක්ද ඩෙංගු රක්තපාත තත්ත්වයක් කියන්නෙ?
ඩෙංගු උණ කිහිප ආකාරයකට වර්ධනය වෙන්න පුලුවන්. සාමාන්‍ය ඩෙංගු උණ වැළඳුනාම නිසි ප්‍රතිකාර මගින් දින කිහිපයකින් ඒ රෝග තත්ත්වය පහව යනවා. හැබැයි මේක ඩෙංගු රක්තපාත තත්ත්වයක් දක්වා වර්ධනය උනොත් මේ තත්ත්වය තරමක් අවදානම්කාරී වනවා. ඩෙංගු රෝගය හැදිච්ච මුලදි සාමාන්‍ය උණ සහ රක්තපාත උණ වෙන්කොට හඳුනගන්න අමාරුයි. නමුත් දින කිහිපයකට පස්සෙ රුධිර වාහිනී වලින් පිටතට ප්ලාස්මා තරලය කාන්දු වීම රක්තපාත අවස්ථාවෙදි සිද්ධ වෙනවා. නාසයෙන්, විදුරුමස් වලින් සහ මුත්‍ර මගින් ලේ පිටවීමත්, ආහාර ජීර්ණ පද්ධතියට රුධිරය ඇතුලු වීම නිසා කලු හෝ දුඹුරු පාටට මළ සහ වමනය පිටවීමත් රක්තපාත රෝගී තත්ත්වයේදී දැකගත හැකියි. මෙවැනි අවස්ථාවකදී මොළය, අක්මාව සහ වකුගඩු වැනි ඉන්ද්‍රියන් වල රුධිර සංසරණය අක්‍රමවත් වීම නිසා රෝගියා කම්පන තත්ත්වයකට පත්වෙලා තත්ත්වය බරපතල වීමටත් ඉඩ තියනවා.
සරළවම කිවුවොත් උණත් එක්ක ලේ ගැලීමක් සිද්ධ වෙනවානම් ඒ ගැන අවධානයෙන් ඉඳල, ඉහත කී රක්තපාත ලක්ෂණ හැකි ඉක්මනින් හඳුනාගැනීම ඉතා වැදගත්.
5. ඩෙංගු වලට කරන ප්‍රතිකාර මොනවද?
ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම අපිට අවස්ථා තුනකට බෙදල දක්වන් පුලුවන්. ඒ තමයි උණ වැළඳිලා රෝහල් ගත කිරීමට පෙර කාලය, රෝහලේදී ප්‍රතිකාර ලබන කාලය සහ රෝහල් ප්‍රතිකාර වලින් පසු කාලය වශයෙන්. මෙන්න මේ අවස්ථා වලට අනුව ප්‍රතිකාර සිදුවෙන්නේ මේ විදිහටයි.
රෝග විනිශ්චය සඳහා කරනු ලබන ඇන්ටිජන් සහ රුධිර පරික්ෂාව
උණ හැදුණු පළවැනි දවසේදීම ඩෙංගු ඇන්ටිජන් පරික්ෂාවක් (Dengue NS1) සිදු කල යුතුයි. උණ වැළඳී කල් ගතවෙත්ම මේ ඇන්ටිජන් පරික්ෂාවෙන් රෝගය හඳුනාගැනීමට ඇති හැකියාව අඩුවන නිසා හැකි ඉක්මනින් මේ පරීක්ෂණයට යොමුවිය යුතුයි. ඒ වගේම සම්පූර්ණ රුධිර පරික්ෂාවත් දැන් පළමු දවසේදීම සිද්ධ කෙරෙනවා (ඉස්සර නම් උණ හැදිල දවස් තුනක් ගියහමයි මේ පරික්ෂාව කරන්නෙ). ගර්භනී මවුවරුන්, මහලු පුද්ගලයන්, ළදරුවන් සහ අධික ශරීර බරකින් යුක්ත අය විශේෂයෙන් පළමු දවසේදීම රුධීර පරික්ෂාව සිද්ධ කල යුතුයි. මුල් දින තුන වෙද්දි උණ බැසයාමක් සිද්ධ උනොත් රෝගය සුව උනායයි හිතල ප්‍රතිකාර වලින් වැළකී නොසිටිය යුතුයි. මොකද තුන්වැනි දිනයේදී විතර උණ බැසයාම අයහපත් රෝග ලක්ෂණයක් වෙන්නටත් පුලුවන්.
සම්පූර්ණ රුධිර පරික්ෂාවෙන් සුදු රුධිරාණු, රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා වල ස්වභාවය තීරණය කොට රෝගියාව රෝහල ගත කල යුතුද යන්න නිර්ණය කරනවා. මේ තීරණය ගනු ලබන්නේ පහත මිණුම් දඬු අනුවයි.
**ඉහත කී ලක්ෂණ ඩෙංගු රෝග ලක්ෂණ හැටියට සැළකුණත්, රෝග ලක්ෂණ විනිශ්චය කොට රෝගියා පිළිබඳ අවසාන තීරණය ගනු ලබන්නේ වෛද්‍යවරයා විසින් බව සැළකිය යුතුයි.
මේ පරික්ෂාවෙන් පසු නිවසේ සිට ප්‍රතිකාර ගැනීමට නිර්දේශ උනොත් කල යුතු දේවල් පහත ආකාරයෙන් සිදුවිය යුතුයි.
I. උණ සහ වමනය නිසා ඇතිවන විජලන තත්ත්වය පාලනය කරන්නට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග ලබාදීම සිදු කල යුතුයි. කාලයකට ඉහතදීනම් මේ සඳහා ජලය වැඩි වශයෙන් පානය කරන්නට සැලැස්සුවත් මේ වෙනකොට ජීවනී, තැඹිලි වතුර, කැඳ, සුප්, කිරි සහ පළතුරු යුෂ ආදිය තමයි පානයට සලස්වන්නෙ.
මේ දියර වර්ග ලබාදීම රෝගියාගේ ශරීර බර අනුව වෙනස් වනවා.
II. හොඳින් විවේකය ලැබීමට සැලැස්වීමත් අනිවාර්යයෙන්ම සිදු කල යුතුයි
III. නොකඩවා උණ පවතින අවස්ථාවල සිරුර ඇල් ජලයෙන් තෙමීම කල හැකියි
IV. උණ ගතිය අඩු කිරීම පිණිස පැරසිටමෝල් සහ ගැස්ට්‍රයිටිස් ඖෂධ නිසි මාත්‍රාවන්ට අනුව ලබාදීම සිදු කරනවා. පැරසිටමෝල් හැරුණහම මේ සඳහා වෙනත් ඖෂධ වර්ග දීමෙන් වැළකිය යුතුයි.
V. දිනපතා සම්පූර්ණ රුධිර පරීක්ෂා (FBC) පැවැත්විය යුතුයි. රුධිර පට්ටිකා ප්‍රමාණය 150,000/mm3ට වැඩිනම් දිනකට එක් වරකුත්. 100,000 – 150,000/mm3 අතර නම් දිනකට දෙවරකුත් මේ පරික්ෂාව සිදු කල යුතුයි.
VI. ආහාර රුචිය පවතිනවානම් තෙල් රහිත ඝන සැහැල්ලු ආහාර ලබාදීම සිදු කරනවා. අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් හඳුනාගැනීමේ පහසුව උදෙසා රතු සහ දුඹුරු වර්ණයෙන් යුතු ආහාර පාන ලබා දීම සිදු නොකල යුතුයි
VII. ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීවරයා හෝ PHI නිලධාරියා දැනුවත් කිරීමද සිදුකල යුතුයි
VIII. ඩෙංගු රෝගියෙක්ට මදුරුවන් දෂ්ට කිරීම නිසා මේ රෝගය තවත් අයට පැතිරයාමේ අවදානමක් තිබෙන නිසා මදුරු දැල් යොදා එවන් දෂ්ටනයන්ගෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතුද සැලසිය යුතුයි
IX. නිවසේ ප්‍රතිකාර ගන්නා අවස්ථාවේදී පහත සඳහන් රෝග ලක්ෂණ මතු වුනොත් නැවත වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකල යුතුයි
මුල් රුධිර පරික්ෂණයෙන් හෝ අපි අවසානයට සඳහන් කල රෝග ලක්ෂණ මතුවීමෙන් රෝහල් ගත කිරීමට නිර්දේශ වූ අවස්ථාවක රෝහලේදී ලැබෙන ප්‍රතිකාර පහත ආකාරයෙනුයි සිද්ධ වෙන්නෙ.
නිසි ප්‍රතිකාර වලින් අනතුරුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු රෝගියාව රෝහලින් මුදා හරින්නේද යන්න තීරණය කරනු ලබනවා. ඉන් පසු නිවසේ ගත කරන කාල සීමාව විවේකයෙන් යුතුව ගතකල යුතු වනවා. විජලයනයට පත්නොවනු පිණිස නිසි පරිදි දියර වර්ග ලබා ගැනීම සිදු කල යුතුයි. අපි ඉහත සඳහන් කල ආකාරයේ කිසියම් වූ රෝග ලක්ෂණයක් නැවත මතුවුවහොත් වෛද්‍ය උපදෙස් ගැනීමත් රුධිර පරික්ෂාවක් සිදුකිරීමත් කල යුතුයි.
6. ඩෙංගු ව්‍යාප්ත වීම වළක්වන්න අපි ගතයුතු පියවර මොනවාද?
තමන්ගේ නිවස, පාසැල සහ රැකියා ස්ථානය අවට ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාප්ත වන තැන් ගැන අවධානයෙන් ඉන්න එක ඉතා වැදගත්. සතියකට වරක්වත් ඒ ස්ථාන අවට පරික්ෂාවට සහ පිරිසිදුකිරීම් වලට ලක්කල යුතුයි. ටින්, ටයර්, මල් පෝච්චි, වැහිපීළි, ප්ලාස්ටික් භාණ්ඩ, පොලිතින්, පොල්කටු සහ ජලය රඳා පවතින ශාකයන් (රම්පෙ වැනි) වලට වැඩි අවධානයක් යොමු කරන්න මතක තියාගන්න. නිවසේදී මදුරු දෂ්ටන වළක්වා ගැනීමට මදුරු දැල් භාවිතයටත්, මදුරු විකර්ශක (පැඟිරි තෙල් වැනි ස්වභාවික විකර්ශක වගේම මදුරු කොයිල් වැනි කෘත්‍රිම නිෂ්පාදන) භාවිතාවටත් යොමු වෙන්න පුලුවන්. මදුරුවන් විනාශ කරන දුම් ගැස්සවීමද මදුරු උවදුරෙන් මිදීමට ගන්න පුලුවන් පියවරක්. තරමක් උෂ්ණාධික කාලයක් නිසා කරන්නට අපහසු දෙයක් වුනත්, ඩෙංගු මදුරු දෂ්ටනයන් වැඩිවශයෙන් සිදුවන උදේ සහ සවස් කාලවල අත් පා වැසුණු ඇඳුම් භාවිතා කිරීමත් ඔබව මදුරු දෂ්ටන වලින් ආරක්ෂා කරාවි.
7. මතක තබා ගත යුතුම දේවල් කිහිපයක් නැවතත් කෙටියෙන්
උපුටා ගැනීම - http://www.aniwa.lk/2017/05/19/1705191-dengue/

- උණ සමග අධික හිසරදය
- ඇස් පසුපස වේදනාවක්
- පේශි සහ සන්ධි වල කැක්කුම්
- සමේ රතු පැහැ පැල්ලම් ඇතිවීම
- ඔක්කාරය සහ වමනය ගතිය
- ආහාර අරුචිය
- අප්‍රාණික නිදිමත ගතිය
- උදරයේ වේදනාව
4. මොකක්ද ඩෙංගු රක්තපාත තත්ත්වයක් කියන්නෙ?
ඩෙංගු උණ කිහිප ආකාරයකට වර්ධනය වෙන්න පුලුවන්. සාමාන්‍ය ඩෙංගු උණ වැළඳුනාම නිසි ප්‍රතිකාර මගින් දින කිහිපයකින් ඒ රෝග තත්ත්වය පහව යනවා. හැබැයි මේක ඩෙංගු රක්තපාත තත්ත්වයක් දක්වා වර්ධනය උනොත් මේ තත්ත්වය තරමක් අවදානම්කාරී වනවා. ඩෙංගු රෝගය හැදිච්ච මුලදි සාමාන්‍ය උණ සහ රක්තපාත උණ වෙන්කොට හඳුනගන්න අමාරුයි. නමුත් දින කිහිපයකට පස්සෙ රුධිර වාහිනී වලින් පිටතට ප්ලාස්මා තරලය කාන්දු වීම රක්තපාත අවස්ථාවෙදි සිද්ධ වෙනවා. නාසයෙන්, විදුරුමස් වලින් සහ මුත්‍ර මගින් ලේ පිටවීමත්, ආහාර ජීර්ණ පද්ධතියට රුධිරය ඇතුලු වීම නිසා කලු හෝ දුඹුරු පාටට මළ සහ වමනය පිටවීමත් රක්තපාත රෝගී තත්ත්වයේදී දැකගත හැකියි. මෙවැනි අවස්ථාවකදී මොළය, අක්මාව සහ වකුගඩු වැනි ඉන්ද්‍රියන් වල රුධිර සංසරණය අක්‍රමවත් වීම නිසා රෝගියා කම්පන තත්ත්වයකට පත්වෙලා තත්ත්වය බරපතල වීමටත් ඉඩ තියනවා.
සරළවම කිවුවොත් උණත් එක්ක ලේ ගැලීමක් සිද්ධ වෙනවානම් ඒ ගැන අවධානයෙන් ඉඳල, ඉහත කී රක්තපාත ලක්ෂණ හැකි ඉක්මනින් හඳුනාගැනීම ඉතා වැදගත්.
5. ඩෙංගු වලට කරන ප්‍රතිකාර මොනවද?
ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම අපිට අවස්ථා තුනකට බෙදල දක්වන් පුලුවන්. ඒ තමයි උණ වැළඳිලා රෝහල් ගත කිරීමට පෙර කාලය, රෝහලේදී ප්‍රතිකාර ලබන කාලය සහ රෝහල් ප්‍රතිකාර වලින් පසු කාලය වශයෙන්. මෙන්න මේ අවස්ථා වලට අනුව ප්‍රතිකාර සිදුවෙන්නේ මේ විදිහටයි.
- රෝහල්ගත වන්නට පෙර කාල සීමාව
රෝග විනිශ්චය සඳහා කරනු ලබන ඇන්ටිජන් සහ රුධිර පරික්ෂාව
උණ හැදුණු පළවැනි දවසේදීම ඩෙංගු ඇන්ටිජන් පරික්ෂාවක් (Dengue NS1) සිදු කල යුතුයි. උණ වැළඳී කල් ගතවෙත්ම මේ ඇන්ටිජන් පරික්ෂාවෙන් රෝගය හඳුනාගැනීමට ඇති හැකියාව අඩුවන නිසා හැකි ඉක්මනින් මේ පරීක්ෂණයට යොමුවිය යුතුයි. ඒ වගේම සම්පූර්ණ රුධිර පරික්ෂාවත් දැන් පළමු දවසේදීම සිද්ධ කෙරෙනවා (ඉස්සර නම් උණ හැදිල දවස් තුනක් ගියහමයි මේ පරික්ෂාව කරන්නෙ). ගර්භනී මවුවරුන්, මහලු පුද්ගලයන්, ළදරුවන් සහ අධික ශරීර බරකින් යුක්ත අය විශේෂයෙන් පළමු දවසේදීම රුධීර පරික්ෂාව සිද්ධ කල යුතුයි. මුල් දින තුන වෙද්දි උණ බැසයාමක් සිද්ධ උනොත් රෝගය සුව උනායයි හිතල ප්‍රතිකාර වලින් වැළකී නොසිටිය යුතුයි. මොකද තුන්වැනි දිනයේදී විතර උණ බැසයාම අයහපත් රෝග ලක්ෂණයක් වෙන්නටත් පුලුවන්.
සම්පූර්ණ රුධිර පරික්ෂාවෙන් සුදු රුධිරාණු, රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා වල ස්වභාවය තීරණය කොට රෝගියාව රෝහල ගත කල යුතුද යන්න නිර්ණය කරනවා. මේ තීරණය ගනු ලබන්නේ පහත මිණුම් දඬු අනුවයි.
- රුධිර පට්ටිකා ප්‍රමාණය 100,000/mm3ට අඩු අවස්ථාවකදී
- රුධිර පට්ටිකා ප්‍රමාණය 100,000/mm3ට වැඩි වුවත්, 150,000/mm3ට අඩුවෙන් පවතිමින් සීග්‍රයෙන්
- පහත බසින අවස්ථාවකදීත් රෝගියාව රෝහල් ගත කිරීම ගැන සළකා බැලෙනවා
- උණ සෑදී 3 වැනි දිනෙන් පසු පහත දැක්වෙන රෝග ලක්ෂණ පැවතුණහොත් එවිටත් රෝහල් ගත කිරීම සිදු කරනව
- උදරයේ පවතින වේදනාකාරී තත්ත්වය
- දිගින් දිගටම පවතින වමනය
- ප්ලාස්මා තරළය පිටතට ගැලීම (වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කල යුතුයි)
- මුඛයෙන් සහ නාසයෙන් ලේ ගැලීම්
- අලස බව සහ නොසන්සුන් බව
- අක්මාව විශාල වීම (වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කල යුතුයි)
**ඉහත කී ලක්ෂණ ඩෙංගු රෝග ලක්ෂණ හැටියට සැළකුණත්, රෝග ලක්ෂණ විනිශ්චය කොට රෝගියා පිළිබඳ අවසාන තීරණය ගනු ලබන්නේ වෛද්‍යවරයා විසින් බව සැළකිය යුතුයි.
මේ පරික්ෂාවෙන් පසු නිවසේ සිට ප්‍රතිකාර ගැනීමට නිර්දේශ උනොත් කල යුතු දේවල් පහත ආකාරයෙන් සිදුවිය යුතුයි.
I. උණ සහ වමනය නිසා ඇතිවන විජලන තත්ත්වය පාලනය කරන්නට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග ලබාදීම සිදු කල යුතුයි. කාලයකට ඉහතදීනම් මේ සඳහා ජලය වැඩි වශයෙන් පානය කරන්නට සැලැස්සුවත් මේ වෙනකොට ජීවනී, තැඹිලි වතුර, කැඳ, සුප්, කිරි සහ පළතුරු යුෂ ආදිය තමයි පානයට සලස්වන්නෙ.
මේ දියර වර්ග ලබාදීම රෝගියාගේ ශරීර බර අනුව වෙනස් වනවා.
- රෝගියා කිලෝ 50කට වඩා බරනම් – පැය 24ක් තුළ ලීටර 2.5ක දියර ප්‍රමාණයක් (පැයකට මිලි 100ක් පමණ)
- රෝගියා කිලෝ 50ට අඩුනම් – ශරීරයේ බර කිලෝ එකකට මිලි 50ක් බැගින් වන ප්‍රමාණයක් (උදා- කිලෝ 40ක රෝගියෙක් දිනකට ගතයුතු දියර ප්‍රමාණය 40X50= මිලි 2000)
II. හොඳින් විවේකය ලැබීමට සැලැස්වීමත් අනිවාර්යයෙන්ම සිදු කල යුතුයි
III. නොකඩවා උණ පවතින අවස්ථාවල සිරුර ඇල් ජලයෙන් තෙමීම කල හැකියි
IV. උණ ගතිය අඩු කිරීම පිණිස පැරසිටමෝල් සහ ගැස්ට්‍රයිටිස් ඖෂධ නිසි මාත්‍රාවන්ට අනුව ලබාදීම සිදු කරනවා. පැරසිටමෝල් හැරුණහම මේ සඳහා වෙනත් ඖෂධ වර්ග දීමෙන් වැළකිය යුතුයි.
V. දිනපතා සම්පූර්ණ රුධිර පරීක්ෂා (FBC) පැවැත්විය යුතුයි. රුධිර පට්ටිකා ප්‍රමාණය 150,000/mm3ට වැඩිනම් දිනකට එක් වරකුත්. 100,000 – 150,000/mm3 අතර නම් දිනකට දෙවරකුත් මේ පරික්ෂාව සිදු කල යුතුයි.
VI. ආහාර රුචිය පවතිනවානම් තෙල් රහිත ඝන සැහැල්ලු ආහාර ලබාදීම සිදු කරනවා. අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් හඳුනාගැනීමේ පහසුව උදෙසා රතු සහ දුඹුරු වර්ණයෙන් යුතු ආහාර පාන ලබා දීම සිදු නොකල යුතුයි
VII. ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීවරයා හෝ PHI නිලධාරියා දැනුවත් කිරීමද සිදුකල යුතුයි
VIII. ඩෙංගු රෝගියෙක්ට මදුරුවන් දෂ්ට කිරීම නිසා මේ රෝගය තවත් අයට පැතිරයාමේ අවදානමක් තිබෙන නිසා මදුරු දැල් යොදා එවන් දෂ්ටනයන්ගෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතුද සැලසිය යුතුයි
IX. නිවසේ ප්‍රතිකාර ගන්නා අවස්ථාවේදී පහත සඳහන් රෝග ලක්ෂණ මතු වුනොත් නැවත වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකල යුතුයි
- උදරයේ වේදනාව
- මුඛ මාර්ගයෙන් දියර ලබාගැනීමේ අපහසුව
- පැය 6ක් තුළ මුත්‍ර පිටවීමේ අඩුවීමක් පෙන්නුම් කිරීම
- නොකඩවා වමනය
- ලේ ගැලීම්
- රෝහලේදී ප්‍රතිකාර ගන්නා කාල සීමාව
මුල් රුධිර පරික්ෂණයෙන් හෝ අපි අවසානයට සඳහන් කල රෝග ලක්ෂණ මතුවීමෙන් රෝහල් ගත කිරීමට නිර්දේශ වූ අවස්ථාවක රෝහලේදී ලැබෙන ප්‍රතිකාර පහත ආකාරයෙනුයි සිද්ධ වෙන්නෙ.
- රෝගියාගේ රුධිර පීඩනය, නාඩි සහ මුත්‍රා ආදිය නිරන්තර පරික්ෂාවට ලක් කිරීම
- දැඩි ලෙස රුධිරය පිටවන අවස්ථාවලදී රුධිර පාරවිලයනය සහ දියර ආදිය නිසි මාත්‍රාවට ශරීරගත කිරීම
- රුධිර කාන්දුවීම් පරික්ෂාව සඳහා අල්ට්‍රා සවුන්ඩ් සහ එක්ස්රේ පරීක්ෂණ පැවැත්වීම
- මෙහිදී රෝගියාගේ පාර්ශවය විසින් රෝගියා ලබා ගන්නා සහ පිටකරන දියර ප්‍රමාණයන් නිසි පරිදි ලබාදීමෙන් සහ නිරීක්ෂණය කිරීමෙන් සහය සැපයිය යුතුයි
- රෝහලින් පිටවීමෙන් පසු කාල සීමාව
නිසි ප්‍රතිකාර වලින් අනතුරුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු රෝගියාව රෝහලින් මුදා හරින්නේද යන්න තීරණය කරනු ලබනවා. ඉන් පසු නිවසේ ගත කරන කාල සීමාව විවේකයෙන් යුතුව ගතකල යුතු වනවා. විජලයනයට පත්නොවනු පිණිස නිසි පරිදි දියර වර්ග ලබා ගැනීම සිදු කල යුතුයි. අපි ඉහත සඳහන් කල ආකාරයේ කිසියම් වූ රෝග ලක්ෂණයක් නැවත මතුවුවහොත් වෛද්‍ය උපදෙස් ගැනීමත් රුධිර පරික්ෂාවක් සිදුකිරීමත් කල යුතුයි.
6. ඩෙංගු ව්‍යාප්ත වීම වළක්වන්න අපි ගතයුතු පියවර මොනවාද?
තමන්ගේ නිවස, පාසැල සහ රැකියා ස්ථානය අවට ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාප්ත වන තැන් ගැන අවධානයෙන් ඉන්න එක ඉතා වැදගත්. සතියකට වරක්වත් ඒ ස්ථාන අවට පරික්ෂාවට සහ පිරිසිදුකිරීම් වලට ලක්කල යුතුයි. ටින්, ටයර්, මල් පෝච්චි, වැහිපීළි, ප්ලාස්ටික් භාණ්ඩ, පොලිතින්, පොල්කටු සහ ජලය රඳා පවතින ශාකයන් (රම්පෙ වැනි) වලට වැඩි අවධානයක් යොමු කරන්න මතක තියාගන්න. නිවසේදී මදුරු දෂ්ටන වළක්වා ගැනීමට මදුරු දැල් භාවිතයටත්, මදුරු විකර්ශක (පැඟිරි තෙල් වැනි ස්වභාවික විකර්ශක වගේම මදුරු කොයිල් වැනි කෘත්‍රිම නිෂ්පාදන) භාවිතාවටත් යොමු වෙන්න පුලුවන්. මදුරුවන් විනාශ කරන දුම් ගැස්සවීමද මදුරු උවදුරෙන් මිදීමට ගන්න පුලුවන් පියවරක්. තරමක් උෂ්ණාධික කාලයක් නිසා කරන්නට අපහසු දෙයක් වුනත්, ඩෙංගු මදුරු දෂ්ටනයන් වැඩිවශයෙන් සිදුවන උදේ සහ සවස් කාලවල අත් පා වැසුණු ඇඳුම් භාවිතා කිරීමත් ඔබව මදුරු දෂ්ටන වලින් ආරක්ෂා කරාවි.
7. මතක තබා ගත යුතුම දේවල් කිහිපයක් නැවතත් කෙටියෙන්
- ඩෙංගු සඳහාම විශේෂිත ප්‍රතිවිෂ ඖෂධයක් නැහැ. ඒ නිසා ඩෙංගු වෛරසයට ප්‍රතිකාර වශයෙන් මූලිකවම සිදු කෙරෙන්නේ විවේක ගැන්වීම, ශරීරයට අවශ්‍ය දියර ලබාදීම සහ රෝගී තත්ත්වය නිරීක්ෂණය කිරීමයි.
- අධික උණක් වැළඳුණු වහාම ඇන්ටිජන් සහ සම්පූර්ණ රුධිර පරික්ෂාවකට ලක්වෙන්න
- රුධිර පරික්ෂාවකින් සිදු වන්නේ රුධිල් පට්ටිකා (ප්ලේට්ලට්ස්) වල ස්වභාවය විස්තර කිරීම පමණක් නොවෙයි, රුධිර පරික්ෂාවකින් හෙළිවන තවත් වැදගත් කරුණු රාශියක් තියනවා. ඒ නිසා මේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණු වහාම වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
- නැවත නැවත සිදුකල යුතු රුධිර පරික්ෂා අතපසු නොකර කරගන්න.
- දියර වර්ග ලබාදීමේදී නියමිත පරිමාවට ලබාදෙන්න. ඕනෑවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ලබා නොදෙන්න
- සෑම විටම, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව ක්‍රියාකිරීම තමයි වැදගත්ම කාරණය

Last edited: