හුකයි දාලා රනිල් පොන්නයා කියලා ප්‍රසිද්ධියේම කියනවනේ


http://www.w3lanka.com/2017/05/blog-post_72.html
පොන්න හීනමානය (අතිශයින් ම වැඩිහිටියන්ට පමණයි)
හොරෙකු මිනීමරුවකු වනවාට වඩා පොන්නයකු වීම ගැන මම ආඩම්බරයි
- මංගල සමරවීර ද ග්‍රේට්
පොන්නයා යන වචනය බහු අර්ථවත් එකකි.
සිංහලයේදී එයින් හැඳින්වෙන අර්ථ කීපයක් මෙසේ ය:
සංක්‍රාන්ති ලිංගිකයා (නපුංසක යයි ද කියනු ලැබේ): සංක්‍රාන්ති ලිංගිකයා කවුරුද යන්න මෙතනින්.
සමලිංගික පිරිමියා (සමලිංගික ගැහැනුන් සඳහා මෙය භාවිතා නො කෙරේ.)
ශාරීරික හා මානසික වශයෙන් දුර්වල පිරිමියා
සංක්‍රාන්ති ලිංගිකයකු නො වුණත්, සුළු වශයෙන් ස්ත්‍රී ලක්ෂණ පිහිටා ඇති පිරිමියා
පොන්නයා යන වචනය දේශපාලන ශබ්ද කෝෂයෙහි ද ඇත. එහිදී එය සම්බන්ධ වන්නේ බලය සමගයි. බලය හැම විට ම පුරුෂෝත්තමවාදී ය යන පදනමේ සිට ගෙන බලය පිළිබඳ කාරණයෙහිදී දුර්වලකම් පෙන්වන අයට පොන්නයා යි කියනු ඇසේ. එහිදී ලිංගික සංඥාර්ථ මූලික නො වන මුත්, එහි ලිංගික සංඥාර්ථ තිබේ.
ඒ නිසා දේශපාලනය කරන ඇතැම් පිරිමි තම පිරිමිකම හයිලයිට් කිරීමට උත්සාහ කරති. රැවුල වැවීමෙන්, මං සැරයි වගේ හැසිරීමෙන් (උදාහරණ විමල් වීරවංශ), ක්‍රීඩාශීලිත්වයෙන් (උදාහරණ මහින්ද රාජපක්ෂ), මාංශ පේශි පුම්බාගෙන සිටීමෙන් ඇතැමෙකු වැඩිපුර පිරිමිකම හයිලයිට් කර ගන්නට උත්සාහ කරති.
එහෙත්, මේවා කරන හැම කෙනෙකු ම පිරිමිකම හයිලයිට් කරන්නට ඒවා කරන බව මෙයින් අදහස් නො වේ. උදාහරණයක් ලෙස රන්ජන් රාමනායක මාංශ පේශි පුම්බාගෙන සිටින අයෙකි. එහෙත්, ඔහු කාන්තාවන්ට හෝ සංක්‍රාන්ති, සම ආදී ලිංගිකයන්ට අවමන් වන අන්දමින් කතා කරන බව වාර්තා වී නැත.
මා සිතන අන්දමින් සෙස්සන්ට පොන්නයන් යයි කීමට වැඩියෙන් ම කැමැත්තක් දක්වන්නේ තමන්ගේ පිරිමිකම පිළිබඳ කිසියම් හීනමානයකින් පෙළෙන අයයි. පාර්ලිමේන්තුවේ ඒ සඳහා ප්‍රසිද්ධ චරිත බොහොමයක මෙම ලක්ෂණ දකින්නට ලැබේ. ඇතැමෙකු සමග ගැහැනු වැඩි කල් රැඳෙන්නේ නැත.
පාර්ලිමේන්තුවේ සිටින සෙස්සන්ට පොන්නයා යයි අවමන් කිරීමට කැමති අයෙකු ගැන මීට අවුරුදු කීපයකට ඉහතදී දැන ගත් බඩ්ඩක් ඔබට රහසින් කියන්නම්. මේ හාදයා ඒ කාලයේ තමන්ගේ පක්ෂයේ සිටි, පසුව කැඩී අනෙක් කොනට ගිය ටිකක් නිදිමත ගතියකින් පෙළුණ තරමක් තරුණ පහේ තවත් හාදයකු සමග තිබුණු තේරුම් ගත නො හැකි සම්බන්ධයක් හේතුවෙන් ඒ දවස්වල ඒ හාදයාගේ හාමිනේට පවා ගැටලු මතු වී තිබුණු බව වාර්තා විය. කොටින් ම කියනවා නම් ඒ කාලයේ මේ හාදයාගේ රහස් තැනක ආ ගෙඩියක සාත්තු පවා ඒ හාදයා කළ නිසා හාමිනේ කියා ඇත්තේ ඌ වෙන්න ඇති එයාගෙ ගෑනි කියා ය.
විරුද්ධවාදීන්ට නිතර පොන්නයා යි කියන පුද්ගලයකු විසින් මෙහෙයවන තවත් දේශපාලන කණ්ඩායමක කැඩී ගිය අයෙකු පසුගිය දිනවල තම කණ්ඩායම ඇතුළේ ජී ස්පොට් එක ගැන කළ ඇතැම් පරීක්ෂණ ගැන ඉඟි එළියට දැම්මේ ය. ජී ස්පොට් එක යනු පිරිමි ගුද සංසර්ගයේ යෙදෙන විට ශිශ්නය පුරස්ථි ග්‍රන්ථිය ස්පර්ශ වීමත් සමග තෘප්තිය දනවන ස්ථානයයි.
මේක කියනකොට මට පසුගිය දිනෙක මතුගම කාගිල්ස් ෆුඩ් සිටිය ඉදිරිපිට පේමන්ට් එකේදී ටිකක් නුහුගුණ ස්වභාවයේ ගැහැනියක ඇයට කුමක් හෝ හේතුවක් නිසා හිනා වුණ තවත් ගැහැනියකට දමා ගැසූ ඉල ඇදෙන කුණුහරුපයක් මතක් වූ නිසා ඒකත් ඕනැ රෙද්දක් ය කියා ලියා දමමි. ඒ ගැහැනිය කිව්වේ මෙසේ ය: “ඈ බොල වේ_යෙ, තෝ හිනා වෙන්නෙ මිනිහ තොට පු_ ඇරපු එක මතක් වෙලා ද?" ගැහැනුන්ට පුරස්ථි ග්‍රන්ථිය නැති බැවින් ගුද මාර්ගයේ ජී ස්පොට් කොහේ තියෙනවා ද මම නො දනිමි.
අප මෙවැනි ගොසිප් පතුරුවන්නේ නැති නිසා මේවා මීට පෙර කාටවත් කීවේ නැත. මෙය මතක් වුණේ එක් කරුණක් නිසා ය. අනුන්ට නිතර පොන්නයා ය කියන බොහෝ අය බොහෝ විට සඟවා ගත් සමලිංගික ආසාවන් ඇති අය බව මා වසර තිහකට වැඩි කාලයක් තිස්සේ නිරීක්ෂණය කර තිබේ. (මගේ යාළුවන් ගණනාවක් දැන් මගේ අම්මා මතක් කරනවා ඇත. ඔව් මචං, උඹලා මට චෙක් වෙලයි තියෙන්නෙ) එවැනි අය හැසිරෙන්නේ සමලිංගිකයන් තමන්ට ඉතා පිළිකුල් බව උමවනාවටත් වඩා මතු කර පෙන්වමිනි.
සම ලිංගිකයන් පිළිකුල් කරන සියලු දෙනා මෙසේ යයි මම නො කියමි. ඇතැමෙකුට ඇත්තේ හෝමොෆෝබියාවයි.
පොන්නයා කියන වචනයෙන් දේශපාලනයේදී අනුන්ට දමා ගසන වැඩි දෙනෙකු මානසිකව තම පිරිමිකම ගැන හීනමානයකින් පෙළෙන අය බව මගේ නිගමනයයි.
අනුන්ට පොන්නයා යයි කියන්නට තිබෙන මේ මානසික ආසාවට නමක් තැබිය යුතු ය. පොන්න හීනමානය නරකද?
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.