ඔය දෙන්නා එක්කම මම එකගයි. මෙහෙමයි වැඩේ වෙන්නේ..
Ai එහෙම නැත්නම් illustrator තමයි print design හදන්න ගන්න software එක. හදද්දිම canves එක CMYK කරලා ගන්නේ.. මේක print design එකක් නම් print කරන machine දුවන්නේ 4 හරි 6 හරි ink cartridge එකකින්. ඒ නිසා quality එකට වැඩේ ඕනනම් CMYK color profile එක තෝරගන්න. මේකෙන් සමහර colors wash වෙලා වගේ පෙනෙයි නමුත් ඒ color profile එකේ හැටි.
Export කලත් මොක කරත් CMYKම color profile එකෙන්ම යවන්න. ආතල් එකට කරත් business එකක් වශයෙන් කලත් මේකයි industry practice එක. ඕනම නම් RGB වලින් print කරන්න. මෙහෙම උනහම colors boost වෙලා වගේ පේන්නේ.
අනික් කාරනේ export කරද්දි "Use artboards" තෝරලා "Range" එකට 1 දෙන්න. මේකේ තේරුම 1 වෙනි ආර්ට්බෝඩ් එක පමණක් save කරන්න කියන එක. ඒ නිසා design එකක් හදද්දි artboard 10ක් විතර පාවිච්චි කරන්න එපා. ආර්ට්බෝඩ් එකයි layers ඕන තරමක් පාවිච්චි කරන්න.
Print එකට press එකට හරි වෙන company එකකට හරි දෙද්දි දෙන format එක Tiff කියන file format එක. මේකේ විශේෂත්වය ෆයිල් එක open කලහම ඒකේ layers save වෙලා තියෙන එකයි. Illustrator ෆයිල් එක කාටවත් යවන්නේ නෑ සාමාන්‍යෙන් ඒක edit කරලා අන්තිම මොහොතේ විකාර නටයි කියලා. ඒ නිසා original layers එක්කම පොඩි පොඩි වෙනස්කම් කරන්න ඉඩ තියලා file එක යවන්න ඕනනම් tiff format එකෙම් යවන්න. මේකේදි font එහෙමත් vectorize වෙලා save වෙන්නේ.
මතක් කරලා artboard එක හදද්දි තමන්ගේ original design එකේ dimensions දීලා හදන්න. PC එක powerful නැත්නම් scale කරන්න පුලුවන් විදියට board එක හදාගන්න. උදා: අඩි 6ක් දිග අඩි 3ක් පළල design එකක් නම් සාමාන්‍යෙන් අඩි 3ක් දිග අඩි 1 1/2 පළල උනාට කමක් නෑ. මේක පස්සේ scale කරගන්න පුලුවන්. හැබයි මෙහෙම කරනවානම් පාවිච්චි කරන images වල resolution එක වැඩි වෙන්න ඕනා. නැත්නම් low quality output එකක් හම්බෙන්නේ.
Ela...


(ගොඩක් ඩිස්ප්ලේ රෙසොලුෂන් එක 72dpi නිසා ලොකුවට පේනවා උබ අර්ට්බෝඩ් එක ගන්නකොට හරියට ගත්තනම් බය වෙන්න දෙයක් නැහැ සයිස් එක.)
save to pdf.




මම බයේ හිටියේ.
