ගෙවූ_කර්ම

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බුදුරදුන් ගෙවූ කර්ම

    තුන්ලොව දිනූ බුදු සමිඳාණන්ට මිදීමට නොහැකි වූ කර්ම දොළොස මෙසේය.

    1. සුන්දරී පරිබ්බාජිකාව නිතර විහාර ස්ථානයට පැමිණීම හේතුවෙන් බුදුරදුන්ට විශාල අපවාදයක් එල්ල විය. ඊට හේතුව පෙර මූනලීධූර්තකව සිටියදී සරභ නම් පසේ බුදුරජුන්ට කළ දෝෂාරෝපණය නිසාවෙනි.

    2. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගිය කියා දොස් නැගීම හේතුවෙන් සසර බොහෝ දුකට පත්වීමට බෝසතුන්ට සිදුවිය. මේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකටත් පෙර කළ කර්මයට බුදු බව ලැබූ පසුද ගැබිනි වෙස්ගත් චිංචිමානවිකාව හේතුවෙන් අපවාදයක් විඳීමට සිදුවිය.

    3. සුන්දරී පරිබ්බාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ යැයි විශාල දෝෂාරෝපණයක් දින හතක් පුරා පැවතුණි. දින හතකින් පසු සත්‍ය එළිවුණි. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර හිම නම් සෘෂීන් වහන්සේට බැණ වැඳීම හේතුවෙනි.

    4. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක්ද, පෙරළා මරා දැමුවේය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ආත්මයේදී දෙව්දත් තෙර ගලක් පෙරළුවේය.

    5. බෝසතුන් කුඩා ළමයෙකුව සිටියදී පසේ බුදු කෙනෙක් දැක ගලකින් ගැසුවේය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙද වීය.

    6. පෙර බෝසතුන් ඇත්ගොව්වෙක් වී සිටියදී පසේ බුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් උන්වහන්සේ මැරීමට ඇතා කුලප්පු කළේය. ඒ හේතුවෙන් මේ ජීවිතයේද තමන් වහන්සේ මැරීමට මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළ සේක.

    7. දෙව්දත් තෙරු තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජු කුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරලූහ. ගල් පතුරක් ගැලවී විත් ශ්‍රී පතු‍ලේ ගැටී මාපටඟිල්ල තැලී ‍ලේ කැටි ගැසුණා. මෙසේ ශ්‍රී පතුල තුවාල වූයේ පෙර පෘතවීශ්වර රජව සිටියදී මිනිසෙකු මැරවීමේ පාපය හේතුවෙනි.

    8. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිසේ අමාරුවට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදීම තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩ දා තිබෙනු දැක සතුටු සිනා පහළ කළ පාපය නිසාවෙන් එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේදී ඥාතීන් වී ඉපදුනහ. ඒ සැමට ප්‍රාණඝාත කර්මය විපාක දීම් ලෙස විඩුඪහ කුමරු අතින් මිය යන්නට සිදුවිය.

    9. තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබිය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න සිදුවිය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදුරජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල් හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය හේතු කොට ගෙනය.

    10. සුගතයන් වහන්සේට හොඳ නොවන පිට කොන්දේ ආබාධයක් විය. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණූවිට සැරියුත් හිමිට දම් දෙසුම පවරා විවේක ගැනීමට වඩින බවද ධර්මයේ සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව ‍පොර අල්ලන යෝධයකුව සිටියදී විරුද්ධවාදී මල්ලව ‍පොරකරුවකුගේ කොන්ද කැඩූ පව නිසාය.

    11. බුදුරජුන්ට වැළඳුන් ලෝහිත පක්ඛන්දිකා (‍ලේ අතීසාරය) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයෙකුව සිටියදී සිටුවරයෙකුට බෙහෙත් කොට ඔහු නියමිත මුදල නොගෙව්වීම නිසා කුපිත වී විරේක බෙහෙත් ලබාදීම හේතුවෙන් එයින් ඔහුට ‍ලේත් සමග විරේක විය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙවූ කල නැවත සනීප කළේය. නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.

    12. මහ බෝසතාණන් වහන්සේට බුදුවීම පිණිස සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවුණේ පෙර ජෝතිපාල මානවකයාව සිටියදී ඝටීකාර බමුණා සමග කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් තැබූ පාපය නිසාවෙනි.

    එබැවින් සත් පුරුෂ මිනිසුන් ලෙස අප කල්පනා කළ යුතු වනුයේ, තුන්ලොවම දිනූ උත්තමයාණන්ට කර්ම ශක්තියෙන් මිදීමට නොහැකි වූ බවය. අප වැනි මිනිසුන්ට කර්මය විපාක දීම පිළිබඳව සිතිය යුතු යමක් නොමැත.


    ශ්‍රී මේධංකර ධර්ම විද්‍යාලයේ නියෝජ්‍ය පරිවේණාධිපති ත්‍රිපිටක විශාරද කරඹෑවේ සීවලි හිමි