ඉෆ්තාර්

r runner

Member
May 12, 2015
2,396
780
0
සුන්බුන් මැද දුමා වැසියෝ ඉෆ්තාර් සමරති

සිරියාවේ දමැස්කස් නුවර දූමා උපනගරයේ සුන්බුන් මැද්දේ දෛනික රාමසාන් උපවාස කාලය අවසන් කරමින් ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළෙක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

අති බිහිසුණු යුද්ධයක් හේතුවෙන් විනාශයට පත්වූ ගොඩනැගිලි සුන් බුන් අලංකාර ලෙස සරසමින් ඉෆ්තාර් උත්සවයකට එක්වීමට දූමාහි වැසියන් සමත්වූයේ යුද්ධයට වඩා මනුස්ස ජීවිතයට අවශ්‍ය වනුයේ සාමය බව පසක් කරමිනි. වෙඩි උණ්ඩවලට මිනිසුන්ගේ සිනහව සතුට ප්‍රබල බව කියා පෑමට ඔවුහු සමත්වූහ.

සිරියාවේ අදලේහ් පදනම මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කර තිබූ අතර එම සංවිධානය 2012 වසරේ පිහිටුවන ලද්දකි.

අපි බයෙන් තමයි මේ උත්සවය සංවිධානය කළේ. දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වුණා. එහෙත් පසුගියදා තාවකාලිකව නවතා දැමීමෙන් අපට මේ අවස්ථාව උදා වුණා” යැයි එම පදනමේ නිලධාරියෙක් පැවැසීය.

වසර හයක් මුළුල්ලේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් සිරියාවේ ආහාරවල මිල දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය සිව් වසරක කාලයේදී ගැටුම් හේතුවෙන් කිසිවකුටත් මෙම නගරයට පිවිසීමට ඉඩක් නොතිබූ අතර ඉෆ්තාර් උත්සවය සඳහා ආහාර ද නැගෙනහිර ගෞතා හි පිළියෙළ කර දූමා වෙත රැගෙන ආ බව වාර්තා විය.

වසර හතරකට පසු නගරයට පළමු වතාවට ආධාර රැගත් රථ පෙළක් ඇතුළුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. දූමා හි බලය හොබවන්නේ ජයිෂ් අල් ඉස්ලාම් නැමැති කැරැලිකාර කණ්ඩායමකි. ආණ්ඩු විරෝධී සංවිධානයක් වන එම සංවිධානයේ ඉලක්ක වෙත පසුගිය වසර කිහිපයේදීම සිරියානු රජයේ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළ අතර බැරල් බෝම්බ ද හෙලීය.

මේ උත්සවයට සිය ගණනක් සහභාගි වුණා. සිය ගණනක් ගුවන් ප්‍රහාරවලට බයේ පල්ලිවල හැංඟිලා ඉන්නේ. මරණ පෙනී පෙනී ජීවිතය ලැබුණා වගේ. අපිට කියන්න බැරි තරම් සතුටක් තියෙන්නේ” යැයි අවස්ථාවට සහභාගී වූ දූමා නගරවාසියෙක් පැවැසීය.

මුන්ට කොච්චර හොදින් ඉන්න පුළුවන්ද ඒත් උන්ගෙම සමහරක් නිසා විදවන විදවිල්ල මතක් කරන්න ශෙයා කලා පමනයි...:yes::yes::yes:
උපුටාගත්තා - http://www.lankadeepa.lk

බී.බී.සී/රොයිටර් හා ඒ.එෆ්.පී ඇසුරිනි 055



image_b8f353cb06.jpg


image_8447fb7579.jpg


image_fdec3442a7.jpg


image_a5cb79f12d.jpg
 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුනුත් අර ලිබියාවේ මෝඩ හැතිකරේ වගේ තමයි