අවන්ත ආටිගල රැක ගනිමු.
අවන්ත ආටිගල රැක ගනිමු.
==================
ලංකාවේ පුවත් පත් කාටූන් ශිල්පීහු ඕනෑ තරම් සිටිති. එයින් දේශපාලන දෘෂ්ටියක් සහිත කාටූන් ශිල්පීහු සිටින්නේ අතලොස්සකි. ඒ අතලොස්ස අතරින් ප්‍රායෝගික දේශපාලන දෘෂ්ටියක් සහිත එකම එක කාටූන් ශිල්පියා අවන්ත ආටිගල යැයි මට හැගේ.
ඔහු තම දේශපාලන දෘෂ්ටියට අනුව කාටූන් ඇද සමාජය තිගැස්මකට ලක් කරයි. බොහෝ විට ඔහුගේ දෘෂ්ටියට බහුතරයක් ඇලුම් නොකළත් කාටූනයේ පවතින කලාවට, උපහාසයට හා දෘෂ්ටිමය ගැඹුරට ඔවුහු ඇලුම් කරති. ඒ අනුම් අවන්තට ද ආදරය කරති.
අද දින අවන්ත විසින් ඇදි කාටූනයෙන් කියවෙන්නේ මෙරට බෞද්ධ පූජකයන් විසින් රටේ ඉදිරි මග පාලනය කිරීමට දරන තැත විවේචනය කිරීමකි. මේ සමගම කුලප්පු වී සිටින සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු අවන්තගේ පේජ් එක රිපෝට් කරමින් සිටිති. එය අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමකි.
සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු මෙන්ම සියළු වර්ගවාදීහු ෆැසිට්වාදීහු වෙති. මේ මොහොත තුළ මේ ෆැසිස්ට්වාදීන්ගේ බියසුළු උත්සාහය අපි පරාජය කළ යුතු වෙමු.
~ පිලිප් ශාන්ත ~

මට නම් පෙන්නේ මේ කාටූන් එකේ වෙනම අර්ථයක් එහෙම උනාම එකේ වැරද්දක් නැහැ.
මට තේරෙන විදියට
"නැවේ සුක්කානම තියෙන දේශපාලකයා නැව(රට) හැප්පෙන්න යනවා කියල පේද්දීත් නහයේ ඇඟිලි ගහගෙන අහක බලන් ඉන්නවා.හාමුදුරුවෝ නැව හරවන්න(රට හරවන්න ගියත්) ගියත් ඒක නැවට සම්බන්ද නැති නිසා(අවශ්‍ය බලය නැතිනිසා) ඒක වෙන්නේ නැහැ.හාමුදුරුවෝ කරකවන්නේ ධර්මචක්‍රය
සුක්කානම නෙවෙයි.අන්තිමට නැව හැප්පිලා විනාස වෙන්නයි යන්නේ.
හැමදෙයක්ම දේශපාලනිකරණය වෙච්ච සමාජයක පුජක පක්ෂය (බෞද්ධ/ ක්‍රිස්තියානි/ හින්දු/ මුස්ලිම්) නිර්දේශපාලනිකයි කියලා කවුරු හරි කියනවා නම් ඒක විහිලූවක්
පෘතග්ජන හාමුදුරුවරුන්ට අල්ලස් දීල සාමාන්‍ය දේශපාලන ආධාරකාරයෙකුට කරන්න බැරි ගොඩක් දේවල් කරගන්න පුළුවන් තත්වයක් තමයි වර්තමානේ තියෙන්නෙ.
මෙතන හාමුදුරුවරුන් ඉලක්ක වෙලා තියෙන්නෙ රටේ බහුතරය බෞද්ධාගමික නිසයි. එහෙම නැත්නම් පූජ්‍ය පක්ෂයේ ඔක්කොටම මේ කාටූන් එකෙන් කියන්න හදන දේ අදාලයි.
මටනම් හිතෙන්නෙ මෙතනදි දේශපාලකයා විසින් උවමනාවෙන්ම මේ නැව ගිලෙන විදියට වැඩ කරනව කියලයි. හාමුදුරුවරුන්ගෙන් උපදෙස් ලබාගන්න බව පෙන්වමින් හාමුදුරුවන් රවටමින් නැවැත් සමග කිසිදු සම්බන්ධයක් නැති පාලකයක් දීල තියෙන්නෙ ඇහැ වහල. අරූ නාහෙ හාර හාර බලන් ඉන්නෙ උඹල කොච්චර දැඟලුවත් වැඩ කටයුතු සිද්ධවෙන්නෙ අපිට ඕන විදියට අපේ සැලැස්මට කියල හිතේ තියාගෙන.
නැව නං හරවන්න බෑ කාට දුන්නත්...![]()
Last edited: