.:: Congrat our new captain Tharanga ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උපුල් තරංග එක්දින නායකත්වයටත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත්කර ඇතැයි වාර්තා වනවා.

    රංගන හේරත් ටෙස්ට් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (11)රාත්‍රී වනවිටත් සාකච්ඡා පැවැත්වී තිබෙනවා.

    ඒ, ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීම නිසායි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) තේරීම් කමිටුව සමගද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

    මෙම නව පත්කිරීම් සම්බන්ධයෙන් අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කිරීමට නියමිතයි.

    මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මීළඟ නායකයා බවට පත්විය යුත්තේ කවුරුන්දැයි ක‍්‍රිකට් වෙබ් අඩවියක් වන ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය මේ වනවිට සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    මේ දක්වා ඊට ප‍්‍රතිචාර දක්වා ඇති සංඛ්‍යාව 18545ක්. ඉන් සියයට 42.24ක් ප‍්‍රකාශ කර ඇත්තේ මීළඟ නායකයා උපුල් තරංග විය යුතු බවයි.

    දිනේෂ් චන්දිමාල් මීළඟ නායකයා බවට පත්විය යුතු බවට මත පළ කර ඇති සංඛ්‍යාව සියයට 26.36ක්.

    සියයට 15.45 ක් මත පළ කර ඇත්තේ කුසල් මෙන්ඩිස් මීළග නායකයා බවට පත් විය යුතු බවයි.

    වෙනත් කෙනෙකු නායකයා විය යුතු බවට මත පළ කර ඇති සංඛ්‍යාව සියයට 15.94ක්.


    නෙත්....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග මෙතෙක් කළ කැපවීම සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අද (12) මාධ්‍ය ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

    ඔහු එහිදී කියා සිටියේ නවකයන්ට තම ස්ථානය ලබාදෙමින් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ සිට පහළට පැමිණ ක්‍රීඩා කිරීමට තරංග විරෝධයකින් තොරව කටයුතු කළ බවයි.


    ඇතැම් ලොකු ක්‍රීඩකයන් කෙසේ කීවත් කිසිවෙකු පහළට පැමිණ ක්‍රීඩා නොකළ බවත් තමන් කිසිවෙකුට හෝ ඇඟිලි දිගු නොකරන බවත් සනත් ජයසූරිය එහිදී කියා සිටියා.


    ඇතැම්විට තමන් උපුල් තරංග සම්බන්ධයෙන් කණගාටුවූ බවද ඔහු සඳහන් කළා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,043
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    tharangata kela une dilshange gani hinda :P

    bt tharangata chance hambuna hatiyata mata penne hariyata eya eka kale na.
    balamu issarahata itn
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    මොකා හිටියත් කමක් නැහැ මැච් දිනනවානම් :dull: