ලීසින්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මුදල් හදිස්සියකට ලකෂ 1 1/2ක් විතර ගන්න ඔනේ වෙලා තියනවා වාහනයේ පොත තියාගෙන ලීසින් එකක් දවසකින් ගන්න පුළුවන් තැනක් කියන්න බං උදව් කරන හැමට තෑන්ක්ස් (ත්‍රවීල් රථයක්)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Finance company hema ekakma wage denawa.. ( godak companies denawa, but rates wadie)
    Central finance
    Lolc
    Peoples leasing
    Mbsl
    Mercantile investment

    Rates aduma idan wedi wena widiyata list eka damme..
    (Godak companies tibba ta patta rates gahanne+ charges patta wedie me dapuwata wada..
    Jaya!
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හෙට හවස් වෙන කොට ඔනේ වෙලා තියෙන්නේ දැනට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා ඒකයි මේ වීල් එක තියන්න බැළුවේ මට මාසෙකින් බේරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ මම මාසෙන් බේරගත්තොත් මම පොලිය මාසෙට විතරද ගෙවන්න ඔනේ මම කවදාවත් ලීස්කරලා නෑ ඒකයි දැනගන්න ඇහුවේ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හෙට හවස් වෙන කොට ඔනේ වෙලා තියෙන්නේ දැනට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා ඒකයි මේ වීල් එක තියන්න බැළුවේ මට මාසෙකින් බේරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ මම මාසෙන් බේරගත්තොත් මම පොලිය මාසෙට විතරද ගෙවන්න ඔනේ මම කවදාවත් ලීස්කරලා නෑ ඒකයි දැනගන්න ඇහුවේ

    උඹ පොත තියල ලෝන් එකක් විදිය⁣ට ගනින්.. ගද්දි කියපන් මාසෙ අන්තිමට පොලිය විතරක් ගෙවන විදියට හදල දීපිය කියල. ඒකට කියන්නෙ auto draft, pledge loan, vehicle loan etc.. එක එකා එක එක නම් කියනව ඒත් අන්තිමෙ එකම කෙලිය වෙල තියෙන්නෙ. ලීසිං එකක සාමාන්‍යයෙන් ගෙවන වාරිකේ (මුදල+ පොලිය ) වෙනුවට පොලිය විතරක් ගෙවල settle කරදි මුලු ගානව ගෙවල දානව, මේක තමා උබට වාසිම
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උඹ පොත තියල ලෝන් එකක් විදිය⁣ට ගනින්.. ගද්දි කියපන් මාසෙ අන්තිමට පොලිය විතරක් ගෙවන විදියට හදල දීපිය කියල. ඒකට කියන්නෙ auto draft, pledge loan, vehicle loan etc.. එක එකා එක එක නම් කියනව ඒත් අන්තිමෙ එකම කෙලිය වෙල තියෙන්නෙ. ලීසිං එකක සාමාන්‍යයෙන් ගෙවන වාරිකේ (මුදල+ පොලිය ) වෙනුවට පොලිය විතරක් ගෙවල settle කරදි මුලු ගානව ගෙවල දානව, මේක තමා උබට වාසිම

    තෑන්ක්ස් බං මම ගිහින් කතා කරන්නම්
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?


    මචංලා අපි හැමෝටම වැදගත් වෙන ගොඩ දෙනෙක්ට හරි අවබෝධයක් නැති මාතෘකාවක් තමයි මං ගෙනල්ල තියෙන්නෙ..
    උඩින් මං ඇනගමුද කියල අහල තියෙන්නෙ අපේ කොල්ලො ගොඩක් දෙනෙක් ලීසිං එහෙම නැත්නම් ෆිනෑන්ස් කියල තමන්ගෙ සංතකේම යට කරල යකඩ ගොඩකට අවු 4, 5 තිස්සෙ ගොඩක් ලොකු ගානක් ගෙවනවා.. ගත්ත ණය ගෙවන එක වෙනම කතාවක් මචංලා, ඒත් පුදන කොටම කාපි යකා කියලා ,අර ගාස්තු මේ ගාස්තු කියල , රජයට ගෙවන්නෙ කියල අපෙන් ලොකු ගානක් කපනවා.. මෙන්න මේක තමයි අපි මුලින්ම ඇන්දෙන වෙලාව.
    ඇන්දෙන විදිනම් ගොඩක් තියෙනව ඔක්කොම ටයිප් කරොත් මේක උඹලට කියවන්න එපා වෙනවා, (ඇත්තටම ගෙවන්න වෙන ගාස්තු ටික යටින් දානව පුතී..)
    අටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමු මචංලා ,

    මුලින්ම බලමු වාහනයකට ණයක් ගන්න පුලුවන් ප්රධාන විධි :yes:
    1) Leasing -කල්බදු
    2) Hire purchase- කුලී සින්නක්කර
    3) Vehicle loan - වාහන ණය

    හරිනේ මචංලා ක්රම 3යි, මේ තුනේම පොලී අනුපාත බොහෝවිට සමානයි ( මුල්‍ය ආයතනය අනුව පොලී අනුපාත වෙනස් වෙන්න පුලුවන්)

    මේ ක්රම තුනේම වාහනයෙ පරම අයිතිකරැ (absolute owner) ආයතනය වෙනවා.

    හැබැයි පුතීලා කුලී සින්නක්කර වලදී 70% අපි ගෙවල තියෙනවනම් වාහනය අපට අයිති වෙනවා..:yes::yes::yes:
    Act එක අනුව එහෙම තමා සීන් එක. වාහනේ 70% ගෙවල තියෙද්දි සීස් (seize ) කලත් අපිට නඩු මගට බහින්න පුලුවන්.

    Vehicle loan වාහන ණයකදි අපිට ගාස්තු විදියට මුද්දර ගාස්තු යන්නෙ නෑ..:yes::confused: (ඒත් සමහරැ අපිව අන්දන්න ගාස්තු වලට මුද්දර ගාස්තුවකුත් දානව)

    ලීසිං දෙන ගානත් දැනගෙනම පහලට යමල්ලා..

    Unregistered වාහන වලට 50% යි දෙන්නෙ, අවු1 ට වඩා පරන වාහන registered 70% දෙනවා..
    හැබැයි ආයිබොවන්ඩ ලොරි වගෙ heavy vehicles ( commercial vehicles catogory) වලට 90% දෙනවා..
    Three wheels වලට 25% දෙන්නෙ
    Bikes වලට 70 % දෙනවා. :yes:

    හරිනෙ පුතීලා, පොඩි අයිඩියා එකක් ගත්තනෙ සීන් එක ගැන..
    දැන් අපි බලමු ගාස්තු හදන ආකාරය ( අපිව අන්දන ආකාරය:P)
    මං කලින් කිව්වනෙ ලෝන් සිස්ටම් එකෙදි මුද්දර ගාස්තු නෑ කියලා , ඉතිං උබල ෆිනෑන්ස් එකක් දානවනම් ගෙවන්න වෙන ගාස්තු පැහැදිලිව ලියලම ඉල්ලගන්න මතක තියාගන්න, පැහැදිලිව එකින් එක ලියල ඉල්ලගනින්..( ලීසිං කරන ඔපිසර් නමි උඩින් පල්ලෙන් මොනා හරි ලියල දීල ලිස්සල යයි, මොකද commission එකක් ගහගන්න තමයි එහෙම කරන්නෙ)

    Leasing/hire purchase දෙකෙදිම මුද්දර ගාස්තු හැදෙන්නෙ මෙහෙමයි මචංලා ( ඔව් ඔව් රජයට ගෙවනව කියල ගන්න කුට්ටිය :yes: )
    වාරිකය*වාරික ගනන=මුලු මුදල* 1%
    මෙහෙමයි පුතීලා , අවු 5 කට ලීසිං එක දැම්මනම් මාස 60 යි නේ.. එතකොට වාරිකේ 60 න් වැඩි කරල එන ගාන බලන්න ( ඒක තමයි අපි ලීසිං එක ගෙවල ඉවර වෙද්දි ගෙවු මුදල) ඒ ගානට 1% තමයි මුද්දර ගාස්තුව මචංලා..:confused::yes:

    සර්විස් චාර්ජ් කියලත් 0.5% වගේ ගන්නව බොහෝ විට යාලු.. ( මේක කතා කරල අඩු කරගන්න පුලුවනි):yes:

    Rmv charges මේ method තුනටම සමානයි
    අපෙ නමට තියෙන වාහනයක් නම් 5500.00

    විකිනීමකදි transfer 2 යි . රැ 12650.00

    Transfer 3 ක් නම් 16650.00 (උපරිම transfer 3යි)

    පලාත වෙනස් වෙනව නම් 3300.00 ගෙවන්න වෙනව මචංලා..
    පරන no එකක් නමි රැ 450 දීල cr (වාහනෙ පොත) මාරැ කරගන්න පුලුවන්.

    Last print date within 6 months නම් (transfer කරනවනම්) 10,000.00 ගෙවන්න වෙනව මචංලා..
    අවු 5 ක් ඇතුලත 1st owner ගෙන් 2nd owner ට මාරැ වෙනව නම් තව 3000 ක් ගෙවන්න වෙනව මචංලා..
    :yes:
    දැන් අන්තිම ටික මචං, අපි බලමුද Rmv documents set එක මොනාද කියලා..
    MTA 6 අයිතිය පැවරීම පිලිබද ප්රකාශනය
    MTA 8 පැවරිමකින් පසු වාහනය ලියාපදිංචි කිරිමේ අයදුම්පත
    MTA 3 මෝටර් වාහනයක් කොටස් වශයෙනි ගෙවා මිලට ගැනීමේ ප්රකාශනය

    ඔන්න ලීසිං කතන්දරේ ඉතාමත් කෙටියෙන්ම සහ පට්ට සරලව මචං..:yes::yes::yes::rolleyes:
    කොල්ලෙක් දෙයක් දැනගනී කියන විස්වාසෙන් මේක අත කඩාගෙන ෆෝන් එකෙන්ම ටයිප් කරේ..:yes:

    අපි අමාරැවෙන් හම්බු කරන සතයක් වත් නිකරැනේ කොමිස් කාක්කන්ට, ලීසිං කොම්පැනි වලට යට කරන්න ඕනෙ නෑනෙ මචංලා...:yes:
    දැන ගෙනම ගාස්තු ටික ගෙවල හොද වාහනයකට අත ගහමු..!!!
    ජයින් ජයම වීවා පුතීලා...!!!:yes::yes::yes::love:
    (Bump එකක් වත් දාගෙන යමු, තව කෙනෙක්ට බලන්න )

    ඒ කියන්නේ ආර් ඒම් වී චාජර්ස් ස්ටෑම්ප් චාජස් ඒවා ඔක්කොම එන කොට එතනම 10ක් 15ක් විතර වියදම් වෙයි වගේ පොලියට අමතරව බලනකොට :sorry:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඒ කියන්නේ ආර් ඒම් වී චාජර්ස් ස්ටෑම්ප් චාජස් ඒවා ඔක්කොම එන කොට එතනම 10ක් 15ක් විතර වියදම් වෙයි වගේ පොලියට අමතරව බලනකොට :sorry:

    Stamp duty අදාල වෙන්නෙ ලීසිං වලට විතරයි මචං, උඹ පොත තියල ලෝන් එකක් විදිය⁣ට ගනින්, එතකොට ඒ ගාන ඉතුරැයි. Rnv charges podi ganak ewi
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    ඒ කියන්නේ ආර් ඒම් වී චාජර්ස් ස්ටෑම්ප් චාජස් ඒවා ඔක්කොම එන කොට එතනම 10ක් 15ක් විතර වියදම් වෙයි වගේ පොලියට අමතරව බලනකොට :sorry:

    masen gewanna puluwannam auto draft dapan. ethakota gewanna wenne maseka poliya witharai.