අද දින 4.19 ලංකාවට පැමිණ ලෝකයේ ලොකුම මගී ගුවන් යානය ගැන තොරතුරු බිදක්...
* 2007 වර්ෂයේ අප්‍රෙල් මස 27 වන දින A380 ගුවන් යානයේ මංගල පියාසැරිය සිදු කල අතර Singapore Air Airlines මෙහි මුල්ම ගැනුම් කරුවන්ය. මේ වන විට Emirates, Singapore සහ Lufthansa ගුවන් සමාගම් A380 ගුවන් යානා වලින් තම මෙහෙයුම් කටයුතු සිදු කරයි.
* තට්ටු දෙකකින් සමන්විත මෙය පුළුල් බද සහිත වැඩි ඉඩ ප්‍රමාණයකින් යුතු ගුවන් යානයකි. මේ වන විට ගුවන් යානා 214 ක් නිපදවා ඇති අතර එක් ගුවන් යානයක මිල රුපියල් කෝටි 6500 ක් පමණ වෙයි.
* ගුවන් යානයේ උපරිම වශයෙන් මගීන් 853 ක් රැගෙන යාහැකි අතර පන්ති තුනක් ඇති විට මගීන් 525 ක් රැගෙන යා හැක. මෙම ගුවන් යානයේ range එක 15,700 km පමණ වෙයි. ගුවන් යානයට 1020 km/h උපරිම වේගයකින් ගමන් කල හැක. ගමන් කල හැකි උපරිම උස 13,100 m (43,000 ft) කි.
* ගුවන් යානයේ දිග 72.72 m වන අතර පියාපත් අතර පරතරය 79.75 m ක් වෙයි. තවද මෙහි උස 24.09 m ක් වෙයි. A380 ගුවන් යානයට ටොන් 575 ක් රැගෙන ගුවන් ගත විය හැක.
* මෙහි ඉන්ධන ටැංකි වල 323,545 L ක ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යා හැක. පියාපත් වල(wing tanks) සහ Trimmable Horizontal Stabilizer(THS) තුල ඉන්ධන ටැංකි පිහිටා ඇත.
* ගුවන් යානයට බලය ලබා ගන්නේ පියාපත් වලට සවි කර ඇති එන්ජින් හතරක් මගිනි. Engine Alliance GP7200 එන්ජින් හෝ Rolls-Royce Trent 900 එන්ජින් A380 ගුවන් යානයට බලය ලබා දෙන අතර එක් එන්ජිමක් මගින් 311 kN බලයක් ලබා දෙයි.
* ගුවන් යානයේ Nose Landing Gear එකේ අනෙක් ගුවන් යානා වල මෙන්ම රෝද දෙකක් ඇති අතර Main Landing Gears හතරක් ඇත. ඒවයේ රෝද 6*2 බැගින් හා 4*2 බැගින් ඇත. Main Landing Gears වල සහ Nose Landing Gears වල රෝද 22 ක් ඇත.
* මෙහි Thrust Reversers යොදා ගෙන ඇත්තේ දෙවන සහ තෙවන එන්ජින් වලට පමණි(Inboard Engines). Outboard එන්ජින් වලට TR යොදා නොගන්නේ TR මගින් ඇතිවන බලය පියාපතේ අග කොටසට දරා ගත නොහැකි නිසායි.
* අනෙක් ගුවන් යානා හා සසදන කල A380 ගුවන් යානයේ ඇති විශාලතම වෙනස් කමක් වන්නෙ මෙහි Hydraulic පද්ධතියයි. මෙහි ඇත්තේ Hydraulic පද්ධති දෙකක් පමණි(Green සහ Yellow). අනෙක් Hydraulic පද්ධතිය(Blue) Electric පද්ධති දෙකක් මගින් ප්‍රතිස්ථාපනය වී ඇත.
* මෙහි Hydraulic පද්ධතිය ක්‍රියාත්මක වන්නෙ 5000 psi පීඩනයකිනි.
* ගුවන් යානය පාලනය කිරීම සදහා අනෙක් ගුවන් යානා වලට වඩා තරමක වෙනස් සංකල්පයක් මෙහි යොදා ගැනෙන අතර සාමාන්‍ය Servo Control Actuators වලට අමතර EHA(Electro-Hydrostatic Actuators ) සහ EBHA(Electric Backup Hydraulic Acutors) යොදා ගැනෙයි. Electro-Hydrostatic Actuators වල එය තුල එයටම අනන්‍ය වූ(Self-Contained) Hydraulic Reservoir එකක් ඇත.
* තවද Brakes to Vacate(BTV), MCDU Curser Control සහ THS පාලනයට Switches යොදා ගැනීම යන upgrades වලින් A380 ගුවන් යානය සමන්විතයි.