අපෝ වැරදිලාවත් නේෂන්ස් ට්රස්ට් එකේ සැලරි සේවර් එකවුන්ට් එකක් නම් ගන්න එපා. මගේ ළඟ ඉස්සර inner circle එකක් තිබුන. එකේ හැටියට pre -approved loan ද, ඕවරඩ්රාෆ්ට් ද, අඩු පොලි ණයද අරවද මේවද ඔක්කොම දෙනවා කියල කියනවා. නමුත් ඒ ඔක්කොම එකවුන්ට් එක ඕපන් කරගන්නකම් විතරයි. NTB එකේ කාඩ් එක පවා බාල ප්ලාස්ටික් එකකින් හදල තියෙන්නේ. එක මාස තුනෙන් තුනට කැඩෙනවා (මගේ ළඟ තව කාඩ් තියෙනවා). රීප්ලේස් කරගන්න පුදුම කට්ටක් කන්න ඕන.
පස්සේ මම ඔය මගුල අල්ලලා දාල HNB එකේ නිකන් එකවුන්ට් එකක් හදාගත්තා. ලෝන් එකත් එකේම හදාගත්ත. ලෝන් එක ගන්න කල්ගියාට පොලිය 9.5%යි (2015 අගදී) ඒ කාලෙම NTB එකෙන් මට දෙනවා කිව්වේ 12%ට.
මගේ ළඟ ඉස්සර HSBC තිබ්බා සම්පත් තිබ්බා, NDB තිබ්බා. ඒවා ඔක්කොම වැහුව. HSBC එකේ හොරෙන් කපන සෙල්ලම් වැඩියි ඒ වගේම උන්ගේ බෑන්කින් සිස්ටම් එක අවුල්. සම්පත් එකට රුපියල් පනස්දාහක් දැම්මත් උන්ට කටඋත්තරයක් දෙන්න ඕන ඒ වගේම උන්ගේ පුදුම ගෑස්. NDB එකේ ඉන්නේ චූ කොල්ලෝ කෙල්ලෝ ටිකක්. උන් මෙලෝ දෙයක් දන්නේ නෑ බෑන්කින් ගැන. අන්තිමට මම තියාගත්තේ HNB එකයි 2002 දී ඕපන් කරපු කොමර්ෂල් එකවුන්ට් එකයි විතරයි.
ඔය එක එක නාඩගම් පෙන්නන බැංකුවලට යන්නේ නැතුව HNB හරි කොමර්ෂල් හරි ලංකා බැංකුවේ හරි එකවුන්ට් එකක් හදාගන්න.