New Income Tax System for Online Workers

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    බදු නොගෙවන අයට ඉදිරියේ ලේසි නෑ ..
    අලුතින් ගේන ටැක්ස් නෙට් එකට අහුවෙනවමලු



    බදු ගෙවීම පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීම සඳහා මෙරට සුවිශේෂී ආයතන තිහක සම්බන්ධතාවයෙන් යුතු ජාල පද්ධතියක් සැකසෙමින් පවතින බවත් ඒ හරහා මෙරට සියලු සමාගම්ල ආයතන හා පුද්ගලයන්ගේ වත්කම්ල ආදායම්ල ගනුදෙනු හඳුනාගෙන බදු ගෙවිය යුත්තන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට ඉදිරියේ කටයුතු කරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඒග නඳුන් ගුරුගේ පවසයිග
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ :23දා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔහු සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීයග
    පුද්ගලයන් ආයතන හා සමාගම් සම්බන්ධීකරණය වන ලෙස සැකසුණු මේ නව ජාල පද්ධතිය හරහා
    අදාළ ආයතනවල සිදුවන ගනුදෙනු ආදිය සම්බන්ධීකරණය කොට බදු ගෙවිය යුත්තන් හඳුනා ගැනීමට නියමිත බව ද හෙතෙම පැවැසීයග


    මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකු පිළිබඳවම සැකසෙන ආකෘතිමය ගොනුවක් මේ ජාලයට සම්බන්ධ වන බවත් මේ ජාලය සැකසීමේ වැඩකටයුතු එළැඹෙන දෙසැම්බරයේ නිමාවට පත් වන බවත් ඔහු පැවැසුවේයග
    ඒ අනුව 2018 වර්ෂයේදී මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකුටම අනන්‍යතා අංකයක් හිමිවන බවත් ඒ අනන්‍යතා අංකය ඔස්සේ සියලුම පුද්ගලයන්ගේ වත්කම් ගනුදෙනු ආදිය මේ ජාලයට හසුවන බවත් හෙතෙම පැවැසීයග

    මේ ක්‍රමවේදය හරහා බදු දැලට හසුකර ගැනීමට අපහසු වූ බදු පැහැර හරින ආදායම් ලාභීන් මේ හරහා හඳුනා ගැනීමට හැකිවන බව ද ඔහු වැඩිදුරටත් පැවැසුවේයග
    බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමේ නව ක්‍රමවේද රැසක් මේ වන විටත් දියත් කර ඇති බවත් මෙය ඉන් එක් ක්‍රමවේදයක් පමණක් බවද ඔහු පැවැසුවේයග
    බදු ගෙවන්නන් අතරින් සෘජු බදු අය කිරීම වැඩි කර ගැනීමටත් වක්‍ර බදු අඩුකර මෙරට සාමාන්‍ය ජනතාවට ඒ හරහා සහන සැලසීමත් මෙවැනි බදු පැහැර හරින්නන් කොටුකර ගැනීමේ රජයේ මූලික අරමුණ බව ද හෙතෙම පැවැසීයග

    බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ බදු ගොනුවක් විවෘත කර ගන්නා ලෙසත් නැතහොත් ජාලගත වීම හරහා හසුවන බදු පැහැර හරින්නන්ගේ වත්කම්ල ආදායම් පිළිබඳ තොරතුරු අනුව ඔවුන්ගේ අතීතය දක්වා ගොස් උපරිම දඩ නියම වීමට ඉඩ ඇති බවත් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් පැවැසීයග

    හර්ෂනී අර්සකුලරත්න



    PayPal වලින් එහෙම ලංකාවෙ බැංකු වලට සල්ලි ගන්න අයට මේක කොහොම බලපායිද..?
     
    • Like
    Reactions: KDI12

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තවත් zimbabwe ක්, $ එක rocket එක wage , wb imf එක dan ණය දෙන්නේ නැ, මෝඩයෝ පත්කරන මෝඩයා කොහෙ දන්නවද දේශීය නිෂ්පාදනය කර්මාන්ත වැඩි කරන්න ඕන කියලා සිංහල මෝඩයෝ එක්ක කොහෙ නිෂ්පාදනය කරන්නද :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හරි සන්තෝෂයි .උන්ට බදු නැ අපිට උන්ටත් එක්කම ගෙවන්න වෙන්නේ ..

    මේක හොදයි උන්ටත් කිසිම වෙනසක් නැතිව අදාළ නම් .උන්ට ලම්බෝ ලන්ද්ක්රුසර් අපිට හුලන්:angry::angry: