Blue whale’ වසංගතය

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ලොව පුරා යොවුන් පරපුර වෙලා ගනිමින් පැතිර යන ‘Blue whale’ වසංගතය:baffled:

    මොකක්ද මේ Blue whale කියන්නෙ?

    Blue whale කියන්නෙ 2013 වසරේ රුසියාවේ ‘Vkontakte’ ( රුසියාවේ ෆේස්බුක් වලට වඩා Vkontakte සමාජ වෙබ් අඩවිය ජනප්‍රියය.. ලොව දෙවැනියට වැඩිම පරිශීලකයන් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව මෙයයි.) කියන සමාජ ජාලා වෙබ් අඩවි රහස් ගෲපයක් ලෙස ක්‍රියාත්මක වුනු ‘F57’ කියන මාරක ගෲපය හරහා ආරම්භ වුනු එක්තරා online game එකක්.. මේක download කරන්න පුලුවන් game එකක්වත් application එකක්වත් software එකක්වත් නෙමෙයි .. රහස් ගෲප මඟින් සමාජ ජාලා වෙබ් අඩවි තුළට ඇතුල් වෙන මෙය Als Ice bucket challenge , Harlem shake වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් වැනිය…

    තවමත් 22 වියෙහි පසුවන Philipp Budeikin නම් මනෝ විද්‍යාව හදාරන සිය විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු විසින් සාදන ලද මෙම මාරක online සෙල්ලම මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇත.

    මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරඟකරුවාට නිරීක්ශකයෙක් ලබා දෙන අතර විවිධ දිනයන්හි සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරයි.. ඒවා නිරීක්ෂණය කිරීමට ඔන්ලයින් නිරීක්ශකයෙක් සිටින අතර සෑම පවරන ලද කාර්‍යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් upload කිරීම කළ යුතුය.. මුලින්ම ඉතා සරළ පහසු කාර්‍යයන් වලින් පටන් ගන්නා මෙම මාරක සෙල්ලම ටිකින් ටික අභියෝගාත්මක වෙයි.

    21192605_399902553760186_5447163703714057696_n.jpg

    මුලින්ම හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවෙලාවන්හි අවදි වීම වැනි ක්‍රියාකාරකම් වලින් ඇරඹි ඉන් පසුව පාළමක් උඩ ඔලුවෙන් හිට ගැනීම, ඉටි කටුවක් උඩ කෙලින් තබා ඒ මත හිට ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සෙ තමන්ටම හිංසා කරගැනීම, තමන්ගේම ලේ සොලවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් සෙල්ලමේ අවසාන, එනම් 50 වන අභියෝගය වන්නෙ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි..

    අභියෝග වලට කැමැති නව යොවුන් වියෙහි කොල්ලන් සහ කෙල්ලන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටමක ටිකෙන් ටික තමාව මරණය කරා ගෙනයන Blue whale නිරීක්ශකයාට අවනත වීම සිදු වෙයි..

    රුසියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුන මේ මාරක සෙල්ලම නිසා 2016 වසරේදි එහි නිර්මාණකරු ලෙස සලකන Philipp Budeikin ව අත්ඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ ඔහු කරන්නෙ සමාජ සත්කාරයක් බවයි. ඔහු පවසන අන්දමට ඔහු ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවින්ව ලොවින් තුරන් කර ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරන බව පවසා තිබුණි.

    මෙම අලුත් මාරකය නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වුනු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුරු රට වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි.. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වෙන සිය දිවි නසා ගැනීම් සීඝ්‍ර වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර ඒවාගෙන් වැඩි පිරිසක් යෞවනයන් වන අතර ඔවුන් පරිඝනකයට ඇබ්බැහි වී සිටි සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිස් බවට පසු අනාවරණ වලින් සොයා ගත්තත් පැහැදිලි කාරණාවක් සොයාගත නොහැකි විය.

    TendendicasTech_0104.jpg

    පහුගිය සතියේ බදාදා තමිල්නාඩුවේ 19 හැවිරිදි ‘vignesh’ නම් තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලි ගෙල වැළලාගෙන මිය ගොස් සිටි අතර ඔහුගෙ මේසය මත තිබී පොඩි ලියුම් කැබැල්ලක් සොයා ගන්නා ලදී.. එහි සදහන්ව තිබුණේ

    You can enter it. But you can not exit the game
    යනුවෙනි.. ඔහුගෙ එක් අතක නිල් තල්මහෙකුගෙ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීය තොරතුරු තාක්ශණ ආයතනය පවසයි..

    ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ශන විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින් සියලු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම් කරුවන් වන google, facebook, whatsapp, instagram, yahoo, microsoft ආදීන්ට මේ මාරක සෙල්ලමට අදාළ විය හැකි ඕනෑම ලින්කුවක් අවහිර වන ආකාරයට සිය සැකසුම් වල ආරක්ශිත බව තහවුරු කරගන්නා ලෙස දැනුම් දී තිබේ..

    මෙහි අවදානම කොතෙකුද යත් මෙය Clash of clan ඔන්ලයින් ක්‍රීඩාවට වඩා ඇබ්බැහිකර විය හැකි බවත් නිර්මාණශීලි සහ සිත් ලගන්නා සුලු ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවනයන්ගෙ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත ඉළක්ක කොටම සකසා ඇති ක්‍රීඩාවක් නිසා මෙයින් සිදු විය හැකි හානිය ඉතා ප්‍රබල බවට රුසියානු මනෝ විශේෂඥයන් අනතුරු ඇඟවීම් කරමින් මේ සම්බන්ධයෙන් විග්‍රහ කොට තිබේ..

    මේ වන විට ඉන්දියාවේ මේ Blue whale වසංගතය අලළා චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිත අතර එහි trailer එක දැන් එළි දක්වා ඇත.. රන්වීර් කපූර්, ප්‍රීත්විරාජ් මෙන්ම කමල් හසන්ද රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය Blue whale මාරයා ගැන ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට හොඳ කතා සංකල්පයක් සමඟින් ළඟදීම එළි දැක්වේවි..

    608b53f0-78fa-11e7-b40f-35ec362abc1c.jpg

    ලංකාවේ අපේ වීඩියෝ ගේම් පිස්සොත් අභියෝග වලට හරිම ආස නිසාත් අසල්වැසි ඉන්දියාවේ මේ වනවිට blue whale වසංගතය පැතිර ඇති නිසාත් ලංකාවට මෙම ක්‍රීඩාව පැමිණීමට වැඩි ඉඩකඩක් ඇත.. ලංකාවේ ඉන්නෙ සිය දිවි නසා ගැනීමේ කප්පිත්තන්‍ ය.. දැනටමත් හොරෙන් හොරෙන් මෙම ක්‍රීඩාවේ නියැළෙන game පිස්සන් අප සමාජයේ සිටිය හැකිය.. අවදානයෙන් සිටින්න..

    සටහන ( Gihan Sameera Gallage )
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛

    Blue whale එකේ curator ලංකාවේ ඩයල් එකක් නම් දීමට ඉඩ ඇති අභියෝග
    1). ITN news නැරඹීම..
    2). අජිත් අයියගේ මල් සිංඳු ඇසීම...
    3). ගෙවල් ළඟ කඩෙන් ණයට රේසරයක් මිළට ගැනීම..
    4). තම පෙම්වතිය සමඟ shopping යාම..(පෙම්වතියක් නැත්නම් ඉතිං මේ මඟුල play කරන්න එපා.මොකෝ මේක play කලා කියලා උබට මැරෙන්න හිතෙන එකක් නෑ.)
    5). එහා ගෙදර වහලයට ගලක් ගැසීම.
    6). කලින් බඩු ගත් කඩෙන්ම නැවතත් ණයට ප්ලාස්ටර් ගැනීම
    7). "සවනි මගේ මන් සවනිගේ" යනුවෙන් facebook statu පළ කිරීම..
    😎. Iraj අයියාගේ cleopatra video ව නැරඹීම..
    9). ඉරිදට දත් මැදීම..
    10). බසයේදී කොන්දොස්තරගෙන් ඉතුරැ රැපියල ඉල්ලගැනීම..
    11). යහපාලන free wifi භාවිතා කර "රටකට ඕනේ අපමණ අගයක් ගීතය download කර දින 7ක් පාන්දර 4.20 ට ඇසීම..
    12). සිංහල රැප් එකක් කර youtube upload කිරීම..
    13). දින 3ක් නොනා සිටීම(ලංකාවේ කෙල්ලෙක් නම් දින 3ක් නෑම..
    14). Facebook posh කෙල්ලන්ගේ profile pic වලට hi nangi , oya hrima cute ane.... යනාදී comment දැමීම..
    15). ගොවිසෙත ලොතරැයියක් මීලදී ගැනීම සහ විකාශනය නරඹීම..
    16). ⁣පෙම්වතියගේ cl,msg වලට ප්‍රතිචාර නොදක්වා දවසක් ගත කිරීම..
    17). 119 අමතා "මම තල්මහෙක් හු*තෝ" කියා කීම..
    18). Dialog data කැපෙන විදිහ ගැන අධ්‍යනය කිරීම..
    19). ⁣සිරි ලංකන් වෙල් ෆැන්ටා උරයක් එක හුස්මට ගසා දැමීම..
    20). UNP පාක්ෂිකයෙකුගෙන් මහබැංකුවට යන පාර අසා දැනගැනීම..
    21). කඩවත - අඟුලාන හෝ නුවර - කටුගස්තොට බසයක එක් ගමනාන්තයක සිට අනෙක් ගමනාන්තයට ගමන් කිරීම..
    22). අම්මට ⁣පේන ලෙස ගෙදර පිඟානක් වැට්ටීම..
    23). බැංකුවට ටවල් ක පිටින් යාම..
    24). අම්මා ටීවි බලන විට චැනල් එක මාරැ කිරීම..
    25). පෙම්වතියට යම් කිසි සංකීර්ණ යමක් පැහැදිලි කරීම හෝ උත්සාහ කිරීම(උදා : අවකලනය , ගෝලීය උණුසුම , දේශපාලනය...)..
    26). හංදියේ කඩෙන් කොත්තුවක් කෑම..
    27). Facebook log නොවී සිටීම..
    28). ටිකට් නොගෙන බස් එකේ යාම..
    29). බසයට නඟින හිඟන්නෙක්ට රැපියලක් දීම..
    30). Facebook ⁣ටෝක් page එකක වදනක් පිටේ ගසාගෙන දවස ගත කිරීම..
    31 - 40). යහපාලනයට ඡන්දය දුන් ඩයල් එකක් සමඟ සංවාදයේ යෙදීම..
    41-49). Iraj ගේ music video, අජිත්ගේ මල් සිංඳු, රාජිතගේ කතා සහ ප්‍රේම දඩයම දවස පුරා නැරඹීම..
    50). ලංකාව සහඉන්දියාව අතර එක්දින තරඟයක් නැවත නැරඹීම.....
     
    • Like
    Reactions: netsurfer and vito

    :lol::lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    :lol::lol::lol::lol: