මේ වසරේ දෙවැනි කාර්තුවේ අන්තිම වන විට එච්. අයි. වී. අසාධිතයන් 2688 ක් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතර ළමුන් 81 දෙනකු සිටින බවත් ගාල්ල මහ මෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය,දකුණු පළාත් ලේකම් කාර්යාලයේ සිකුරාදා (08 දා) පැවති දකුණු පළාත් ඒඩ්ස් මර්දන කමිටු රැස්‌වීමේදී එතුමිය මේ බව ප්‍රකාශ කළාය. කමිටු රැස්‌වීම දකුණු පළාත් ලේකම් ආර්. සී. ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහිදී තව දුරටත් අදහස් දැක්‌වූ විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය මෙසේ ද කීවාය,හඳුනා නොගත් එච්. අයි. වී. ආසාධිතයන් සංඛ්‍යාව 3900 ක් පමණ වෙනවා. ඒ අතරත් ළමුන් 100 ක් විතර ඉන්නවා. දැනට හඳුනාගෙන සිටින 2600 අතරේ මියගිය අයත් සිටිනවා. ලංකාවේ එච්. අයි. වී. ප්‍රචලිත වීම 0.01 ක වගේ අඩු ප්‍රතිශතයක් වුවත් එය ටික ටික වැඩිවන බවක් පෙනෙන්නට තිබෙනවා. 2016 අවසන් වන විට ලෝකයේ එච්. අයි. වී. ආසාධිතයන් මිලියන 34 ක් හිටියා. එයින් වැඩිම පිරිසක් හිටියේ අප්‍රිකානු රටවලයි. එහි දෙවැනි තැනට වැඩි පිරිසක් හිටියේ ආසියානු රටවලයි. ලංකාවේ වැඩි වශයෙන් එච්. අයි. වී. ආසාධිතයන් සිටින්නේ බස්‌නාහිර පළාත තුළයි.වැඩිපුර පරීක්‍ෂා කිරීමේ පහසුකම් මෙන්ම රැකියා ආදිය සඳහා වැඩි ජනගහනයක් පැමිණීම හා සිටීම මෙයට හේතු වෙනවා. විෂම ලිංගික සම්බන්ධකම් හා සම ලිංගික සම්බන්ධකම් හේතුවෙන් එච්. අයි. වී. වැඩි වශයෙන් බෝ වෙනවා. ලේ දන් දීමෙන් රෝගය බෝවී තිබෙන්නේ රෝගීන් 04 දෙනකුට පමණයි. ඉතා හොඳ රුධිර ප්‍රතිපත්තියක් තිබීම මෙයට හේතුවයි.මවගෙන් දරුවාට එච්. අයි. වී. ඇති වීම වැළැක්‌වීම හා එය තුරන් කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. එච්. අයි. වී. ආසාධිත මව්වරුන් ඉන්නේ 12 දෙනෙක් පමණයි. සාර්ථක ප්‍රතිකාර ක්‍රම නිසාවෙන් එච්. අයි. වී. ආසාධිත මවුවරුන්ට එච්. අයි. වී. ආසාධිත නොවන දරුවන් ඉපදී තිබෙනවා. 2017 ජුනි අන්තිම වන විට ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පමණක් එච්. අයි. වී. ආසාධිත වැඩිහිටි පිරිමි 42 ක් වැඩිහිටි කාන්තාවන් 21 ක් ළමුන් 03 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.මාතර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානි ගයනි නානායක්‌කාර, පළාත් ලේකම් ආර්. සී. ද සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කීප දෙනෙක්‌ම මෙහිදී කතා කළහ.