හයිබ්‍රිඩ් වාහනයක් පදින රහස !

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    හයිබ්‍රිඩ් වාහනයක් පදින රහස !

    බැටරිය ගෙවෙන්නේ නැතුව හයිබ්‍රිඩ් වාහනයක් පදින රහස !

    හයිබ්‍රිඩ් එසේ නැති නම් දෙමුහුන් මෝටර් රථ අද ලංකාව තුල ඉතා ජනප්‍රියයි.
    බොහෝ දෙනාගේ සිහිනයද හයිබ්‍රිඩ් මෝටර් රථයක් මිලදී ගැනීමයි. මෙම රථ දෙමුහුන් ලෙස හැදින්වීමට හේතුව වන්නේ එන්ජිමට අමතරව හයිබ්‍රිඩ් බැටරියක් සහිත විමත් වාහනය ධාවනය කිරීමේදී එන්ජිමත් හයිබ්‍රිඩ් බැටරියත් යන දෙකෙන්ම බලය ලබාගෙන ධාවනය සිදුකිරීමයි.
    මෙහිදී සිදුවන වැදගත්ම කාර්ය වන්නේ හයිබ්‍රිඩ් බැටරියෙන් ලැබෙන විදුලි බලයෙන් ධාවනය වනවිට ඉන්ධන ඉතිරිවිමත් හා පරිසර හිතකාමී වීමත්ය.

    එසේ බැලු විට හයිබ්‍රිඩ් මෝටර් රථයක හදවත වන්නේ හයිබ්‍රිඩ් බැටරියයි මන්ද හයිබ්‍රිඩ් බැටරිය අඩපණ උවහොත් මෙම සියලු ක්‍රියාකාරීත්වයන් බිද වැටෙන අතර ඉහත කි ඉන්ධන ඉතිරිවිමත් හා පරිසර හිතකාමී බවත් සිහිනයක් වනු ඇත.

    මෙම කරුණු මත හයිබ්‍රිඩ් මෝටර් රථයක වඩාත් සැලකිලිමත් විය යුත්තේ හයිබ්‍රිඩ් බැටරිය පිළිබදවයි.
    හයිබ්‍රිඩ් බැටරිය ගැන අප සොයා බැලිය යුත්තේ කෙසේද යන්න පහතින් බලමු.
    1).ඔබ හයිබ්‍රිඩ් මෝටර් රථයක් මිලදීගැනීමට යන විට හෝ මිලදීගත් වහාම පළපුරුදු හයිබ්‍රිඩ් මෝටර් රථ කාර්මික මහතෙකු මගින් “Hybrid Battery and System Health Checkup” එසේත් නැතිනම් හයිබ්‍රිඩ් බැටරියත්,හයිබ්‍රිඩ් පද්දතියත් නිසි ක්‍රියාකාරිත්වයේ හා නිසි අගයන්හි පවතීදැයි Scanner උපකරණයක් මගින් පරික්ෂා කොට වාර්තාවක් ලබාගන්න.
    2). ඔබ හයිබ්‍රිඩ් මෝටර් රථය මිලදී ගත් පසු සැම මාස 6 කට වරක් මෙම “Hybrid Battery and System Health Checkup” එසේත් නැතිනම් හයිබ්‍රිඩ් බැටරියත්,හයිබ්‍රිඩ් පද්දතියත් නිසි ක්‍රියාකාරිත්වයේ හා නිසි අගයන්හි පවතීදැයි Scanner උපකරණයක් මගින් පරික්ෂා කොට වාර්තාවක් ලබාගන්න.
    01-hybrid-cars-gasoline-electric-hybrid-system-with-internal-combustion-engine_thumb.jpg

    3). හයිබ්‍රිඩ් මෝටර් රථවල හයිබ්‍රිඩ් බැටරියේ හා හයිබ්‍රිඩ් පද්දතියේ ඇතිවන අධික උෂ්ණත්වය වලක්වාලීම සදහා ඇති Air Cooling පද්දතිය හා Coolant සහිත Inveter Cooling පද්දතිය යන දෙකම නිසි ක්‍රියාකාරිත්වයේ පවතීදැයි නිතර පරික්ෂාවට ලක්කිරීම.
    ලංකාවේ ධාවනය වන හයිබ්‍රිඩ් මෝටර් රථ හයිබ්‍රිඩ් බැටරි දුර්වල වීමට ප්‍රධාන හේතුව ලෙස සැලෙකන හයිබ්‍රිඩ් බැටරියේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාමයි.මෙය වලක්වා ගනු පිණිස හයිබ්‍රිඩ් බැටරිය ආසන්නයේ ඇති සිසින පද්දතිය (Cooling Fan and Cooling System) නිසියාකාරව ක්‍රියාත්මකවේදැයි හා එය දුවිලි පිරි අවහිර වී (Block) ඇත්නම් ඒවා පරිසිදු කිරීමට වගබලාගන්න මේ සදහා කාර්මික සහාය ලබා ගන්න.

    එමෙන්ම හයිබ්‍රිඩ් මෝටර් රථ වල වායු සමීකරණ පදතිය (AC) ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන අතර AC පද්දතියේ දෝෂ ඇත් නම් ඒවා හැකි ඉක්මනින් නිරාකරකරණය කරගැනීම හෝ AC service එකක් කර ගත යුතුය.

    AC පද්දතියේ ඇති වන දෝෂ හයිබ්‍රිඩ් පද්දතියට බලපාන අතර AC නොමැතිවම ධාවනය කිරීම හා AC අඩුව ධාවනය කිරීම හයිබ්‍රිඩ් බැටරිය දුර්වල වීමට හේතු වනු ඇත.
    තවද ඉහත සදහන් කල Inveter Cooling පද්දතියේ ඇති coolant නිසි ප්‍රමිතියේ ඇද්දැයි පරිශාවකට ලක් කොට එසේ නොමැති නම් නිෂ්පාදකයා විසින් නිර්දේශිත coolant පමණක් යෙදීමට වගබලා ගන්න.
    4). මීලගට වඩාත්ම වැදගත් කරුණ වන්නේ Hybrid Battery Service නැතහොත් හයිබ්‍රිඩ් බැටරියට සිදු කරන සේවාවයි.මෙම හයිබ්‍රිඩ් බැටරි සේවාව වසරකට වතාවක් හෝ 30000KM සැරයක් සිදු කිරීමට වගබලා ගන්න.
    මෙවන් Hybrid Battery Service එකක් මගින් බැටරියේ කල්පැවැත්ම වැඩිවනු ඇති අතර,මිල අධික අලුත්වැඩියාවකින් ඔබව මුදවා ගනු ඇත.
    මෙම සේවා කටයුත්ත මෙවන් Hybrid Battery Service පිළිබද මනා අවබෝධයක් ඇති පළපුරුදු හයිබ්‍රිඩ් මෝටර් රථ කාර්මික මහතෙකු පමණක් සිදු කල යුතුය.
    img_0.jpg
    හයිබ්‍රිඩ් බැටරියේ DC 200V පමණ අධික බලයක් ඇති අතර එය ධාවන විදුලි බලය ලබාදීමේදී 600V පමණ අධි ධාරාවකට පැමිණේ මේ නිසා මෙම රථ අලුත්වැඩියා කටයුතු පළපුරුදු හයිබ්‍රිඩ් මෝටර් රථ කාර්මික මහාතුන් පමණක් සිදු කල යුතුය.

    මිට අමතරව පහත සදහන් කරුණු පිළිබදවද අවදානය යොමු කරන්න.
    මෝටර් රථය දිනපතා ධාවනය සදහා යොදාගන්න.
    හයිබ්‍රිඩ් මෝටර් රථ දීර්ඝ කාලීනව තද හිරු එළියට නිරවරණය වන පරිදි නවතා නොතබන්න. (ප්‍රයෝගික නොවිය හැක). මෝටර් රථයේ හයිබ්‍රිඩ් බැටරිය ආසන්න ප්‍රදේශය හා වාහනය තුල ඇති දුවිලි නිතර ඉවත් කරන්න (vacuum).
    ඉහත සදහන් කල ලෙස හයිබ්‍රිඩ් රථවල හදවත සේ සැලකෙන හයිබ්‍රිඩ් බැටරියට ඔබ විසින් සිදු කල යුතු සේවාන් නිසි ආකාරයෙන් කලට වෙලාවට සිදු කළහොත් මෙම රථවල උපරිම කාර්යක්ෂමතාවය ලබා ගත හැකි වනු ඇති අතර ඉන්ධන ඉතිරිය හා පරිසරහිතකාමී බව රැකෙනු ඇත.
    මේ වටිනා තොරතුරු Share කර මිතුරන්වත් දැනුවත් කරන්න.
    ලක්මල් ධර්මවර්ධන.
    Chief Auto Technician / Proprietor
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බැටරිය ගෙවෙන්නැතුව වාහනේ පදින්න බැටරිය ගලවල පැදපන්.
    එන්ජිමත් ගලවල තල්ලුකරන් ගියානම් ඒක ගෙවෙන්නෙත් නෑ.
    ටයර් ටිකත් ගලවල පැත්තකින් තියපන් ඒකත් ඉතුරුයි.
    ඔක්කොම කරල වාහනේ යතුර අල්මාරියට දාල ලොක් කරල අල්මාරියෙ යතුර කැලේට විසිකරපන් මොකවත් ගෙවෙන්නෑ.
    එක්ස්ට්‍රා යතුරක් තියෙනවනම් ඒකත් මතක ඇතුව විසිකරපන්.

    Face book eke friend kenek dala tibbe
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    ශා දැනමුත්තෙක්ගේ කමෙන්ට් එකක්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බැටරිය ගෙවෙන්නැතුව වාහනේ පදින්න බැටරිය ගලවල පැදපන්.
    එන්ජිමත් ගලවල තල්ලුකරන් ගියානම් ඒක ගෙවෙන්නෙත් නෑ.
    ටයර් ටිකත් ගලවල පැත්තකින් තියපන් ඒකත් ඉතුරුයි.
    ඔක්කොම කරල වාහනේ යතුර අල්මාරියට දාල ලොක් කරල අල්මාරියෙ යතුර කැලේට විසිකරපන් මොකවත් ගෙවෙන්නෑ.
    එක්ස්ට්‍රා යතුරක් තියෙනවනම් ඒකත් මතක ඇතුව විසිකරපන්.

    Face book eke friend kenek dala tibbe

    හම්මෝ ඒක..
    :lol::lol::lol::lol:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    බැටරිය ගෙවෙන්නැතුව වාහනේ පදින්න බැටරිය ගලවල පැදපන්.
    එන්ජිමත් ගලවල තල්ලුකරන් ගියානම් ඒක ගෙවෙන්නෙත් නෑ.
    ටයර් ටිකත් ගලවල පැත්තකින් තියපන් ඒකත් ඉතුරුයි.
    ඔක්කොම කරල වාහනේ යතුර අල්මාරියට දාල ලොක් කරල අල්මාරියෙ යතුර කැලේට විසිකරපන් මොකවත් ගෙවෙන්නෑ.
    එක්ස්ට්‍රා යතුරක් තියෙනවනම් ඒකත් මතක ඇතුව විසිකරපන්.

    Face book eke friend kenek dala tibbe

    :rolleyes::rolleyes::rolleyes:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    බ්රේක් පැඩ් මාරුකරන කොට පිස්ටන් තදකරන්න..එපා බිලිඩි ස්ක්‍රෘ එක බුරුල් කරන්නේ නැතිව...නැතිනම් brake module එකට බඩු..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    එමෙන්ම හයිබ්‍රිඩ් මෝටර් රථ වල වායු සමීකරණ පදතිය (AC) ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන අතර AC පද්දතියේ දෝෂ ඇත් නම් ඒවා හැකි ඉක්මනින් නිරාකරකරණය කරගැනීම හෝ AC service එකක් කර ගත යුතුය.
    AC පද්දතියේ ඇති වන දෝෂ හයිබ්‍රිඩ් පද්දතියට බලපාන අතර AC නොමැතිවම ධාවනය කිරීම හා AC අඩුව ධාවනය කිරීම හයිබ්‍රිඩ් බැටරිය දුර්වල වීමට හේතු වනු ඇත.

    pehedili karanna
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    බැටරිය ගෙවෙන්නැතුව වාහනේ පදින්න බැටරිය ගලවල පැදපන්.
    එන්ජිමත් ගලවල තල්ලුකරන් ගියානම් ඒක ගෙවෙන්නෙත් නෑ.
    ටයර් ටිකත් ගලවල පැත්තකින් තියපන් ඒකත් ඉතුරුයි.
    ඔක්කොම කරල වාහනේ යතුර අල්මාරියට දාල ලොක් කරල අල්මාරියෙ යතුර කැලේට විසිකරපන් මොකවත් ගෙවෙන්නෑ.
    එක්ස්ට්‍රා යතුරක් තියෙනවනම් ඒකත් මතක ඇතුව විසිකරපන්.

    Face book eke friend kenek dala tibbe

    යතුරු ටික කැලේට විසික්කරල, කැලේ ගිනි තියහන්....

    Elakiri eke friend kenek dala tibbe