10ක්_බිලි_අරගෙන

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පහුගිය මාස 10ට , 10ක් බිලි අරගෙන

    dccabcef989de623b0832ab41ea4a63c_XL.jpg


    ශ්‍රී ලංකාව: අධිකරණයෙන් පිටත සිදුකරන ඝාතන සමග විනිර්මුක්තිය ඉහළට

    පහත දැක්වෙන වගුවෙන් දැක්වෙන්නේ 2017 ඔක්තෝබර් මාසය වන විට ගතවූ මාස 10කට ආසන්න කාලයක් මුළුල්ලේ අධිකරණයෙන් පිටත සිදුකළ ඝාතන 09 ක් සහ ඝාතන උත්සාහයන් 01 ක් පිළිබඳව ය.

    එම ඝාතන 09 සිදුවී තිබෙන්නේ පොලිස් ස්ථාන තුළ වන අතර, අනෙක් ඝාතන තැත වාර්තා වන්නේ බන්ධනාගාරයෙනි. මෙම සිද්ධි 10, හොංකොං පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආසියානු මානව හිමිකම් කොමිසම විසින් මේ වසර තුළ වාර්තාගත කරන ලද ඒවා ය. කෙසේ නමුත් මේ අවස්ථාව වන විට මෙවැනි තවත් ඝාතන කීයක් සිදුවී ඇත්දැයි සඳහන් කිරීමට අපට නොහැකිය.

    Police-Torture.jpg


    නිරීක්ෂණ කිහිපයක්

    මෙම ඝාතනවල සවිස්තරාත්මක තොරතුරුවලින් ඉතාම පැහැදිලිව පෙනී යන දෙය නම් ඒවා නීති සාධන බලධාරීන් විසින් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත්භාවයේ අත්‍යන්ත මට්ටමක් විදහා දක්වන බවයි. මෙකී සිද්ධිවලින් පෙන්වා දෙන්නේ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් වන මේ අසාමාන්‍ය නොසැලකිලිමත් කම පොලිස් ස්ථානවල ඉහළ තලයේ නිලයන් සහ මට්ටම්වල පටන් සාමාන්‍ය පොලිස් සේවය දක්වාම පැතිර ඇති බවයි. අධිකරණයෙන් පිටත සිදුකරන මෙවැනි ඝාතනවලට පහළ නිලයන් දරන පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC), සහකාර පොලිස් අධිකාරීවරුන් (ASP) මෙන්ම පොලිස්පති දක්වාම වූ පොලිස් නිලයන් සම්බන්ධිත ය.

    විනය කැඩීම

    මේ ආකාරයේ ඝාතනයන් සිදුකළ හැකිව තිබෙන්නේ පොලිස් ව්‍යූහය තුළ ඇති සියලු තලයන්හිදී පැහැදිලිවම විනය බිඳ දැමීම නිසා ය. මේ සිදුවීම් පෙළ දිගින් දිගටම සිදුවන විට මෙවැනි ඝාතන ඉදිරියේදී ද තවදුරටත් සිදුවනු ඇත. පොලිස් නිලධාරීන්ගේ මෙම බරපතළ අපරාධ හැසිරීම් කිසිදු ඉහළ නිලධාරියෙකුගේ අවධානයට යොමු වී ඇති බවක් නොපෙනෙන අතර ඒවා වළක්වා ගැනීම සඳහා කිසිදු නිවාරණ පියවරක් ගෙන ඇති බව හෝ සාකච්ඡා කර ඇති බව ද නොපෙනේ. පොලිස් ක්‍රමය තුළ නීතිය පවත්වාගැනීම සම්බන්ධයෙන් සාවධාන වූයේ නම්, විශේෂයෙන්ම පොලිස් ස්ථානය තුළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරුන් සාවධාන වූයේ නම් මේ සියලු ඝාතන වළක්වා ගත හැකිව තිබිණි. අපරාධ නඩුවිධාන සංග්‍රහය අනුව පොලිස් ස්ථානයක ප්‍රධානියා වන පොලිස් ස්ථානාධිපතිවරුන් නිල වශයෙන් සෑම අපරාධ විමර්ශනයකම ප්‍රධානියා ද වේ. අත්අඩංගුවට ගැනීමේ සියලු නියෝග මෙන්ම අත්අඩංගුවට ගැනීම් සිදුකළ යුතු ආකාරය ද සිදුවිය හැක්කේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ අනුදැනුම මත පමණි. තවද මෙකී පොලිස් ස්ථානාධිපතිවරු අත්අඩංගුවට ගැනීමේ සහ අත්අඩංගුවට ගත් අයවලුන් පොලිස් භාරයේ තබාගැනීමේ ක්‍රියාවලියේදී යම් අනතුරක් හෝ අපරාධයක් සිදුවිණි නම් ඒ සඳහා වගකිව යුත්තෝ ද වෙති.

    සහකාර පොලිස් අධිකාරි (ASP) වරුන්ගේ නොසැලකිල්ල

    සහකාර පොලිස් අධිකාරිවරුන්ට පොලිස් ස්ථානයන් හි සෘජු පාලනය සඳහා බලය තිබේ. ඔවුන් සෘජුවම පොලිස් නිලධාරීන් අධීක්ෂණය කළ යුතු වන අතර, ඒ අනුව ඔවුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු අධිකරණමය නොවන ඝාතනයක් සිදුවිය නොහැක. සෘජු අධීක්ෂකයන් වශයෙන් සහකාර පොලිස් අධිකාරීවරු, නීතියේ රාමුව සහ පොලිස් දෙපාර්මේන්තු නියෝග තුළ උප ප්‍රධාන පොලිස් නිලධාරීන් රාජකාරි කරන බවට සහතික වීමේ වගකීම ද දරති. අධිකරණමය නොවන ඝාතනවලට තුඩුදෙන එවැනි අසාමාන්‍ය නොසැලකිල්ලක් සිදුවිය හැක්කේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පාර්ශවයෙන් අසාමාන්‍ය නොසැලකිල්ලක් සිදුවේ නම් පමණි.

    පුරවැසියෙක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිදුවන්නේ එම තැනැත්තා පොලිස් භාරයට ගැනීමයි. භාරය යන්නේ අදහස ආරක්ෂාවයි. අත්අඩංගුවට ගත් අයෙක් ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයගෙන් සහ වෙනත් ස්වභාවික සබඳතාවලින් බලහත්කාරයෙන් ඉවත්කර රැගෙන යනු ලබයි. මෙහිදී ඔහුට හෝ ඇයට පරම ආරක්ෂාවක් බලාපොරොත්තු විය හැක්කේ පොලිසියෙන් පමණි. මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුකරන පොලිස් නිලධාරීන් මෙන්ම එබඳු අත්අඩංගුවට ගැනීම් සඳහා නියෝග ලබාදෙන්නන් ද තමන් භාරයේ සිටින අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ගනියි. එබඳු නිලධාරීන්” සියලු පුරවැසියන් වෙත රජය විසින් ලබාදෙන ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ක්‍රියා කළ යුතුය. මේ අනුව අධිකරණයෙන් පිටත සිදුකරන ඝාතන මෙන්ම අත්අඩංගුවට ගත් අයෙකුට එරෙහිව සිදුකරනු ලබන ඕනෑම ආකාරයක අපරාධයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වන පුරවැසියෙකු සහ රාජ්‍යය අතර පවතින මූලික බැඳීමට කරන දේ‍රා්හිකමකි.

    පොලීසිය සම්බන්ධයෙන් පවසන ලද ඉහත කී කාරණය, බන්ධනාගාර පරිශ්‍රයක් තුළ සිදුවන්නට ඉඩ හරින මරණ සම්බන්ධයෙන් ද කිව හැක. ඉහත වගුවේ දැක්වෙන එක් ඝාතනයක් සිදුව තිබෙන්නේ එම තැනැත්තා බන්ධනාගාර භාරයේ සිටින විට ය.

    මහේස්ත්‍රාත්වරුන්ගේ වගකීම

    මෙම දෝෂාරෝපණය පොලිසියෙන් පමණක් නතර නොවේ. අත්අඩංගුවට ගැනීම් සිදුවන ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරුන් වෙත, ඔවුන්ට හිමි අධිකරණ බලය මගින් මෙන්ම නීතියෙන් ද එකී අත්අඩංගුවට ගැනීමට යටත් වන්නන් ආරක්ෂා කිරීමට බැඳීමක් තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සෑම තැනැත්තෙක් සහ නීත්‍යානුකූල රැඳවුමට යටත් වූ සෑම තැනැත්තෙක් සම්බන්ධයෙන් අධිකරණමය වගකීමක් තිබේ.

    බරපතළභාවයේ ඉතා අසෝබන අඩුව

    නීති සාධන ආයතන තුළට මෙන්ම මෙම ඝාතන සිදුවූ ප්‍රදේශවල තිබෙන අධිකරණමය ආයතනවලට ද රිංගා ඇති ඉතා අසෝබන ලෙස බරපතළභාවය අඩුකම මෙම අධිකරණමය නොවන ඝාතන මගින් විදහා දක්වයි. මෙබඳු අසෝබන අපරික්ෂාකාරී බව අංශ කිහිපයකින්, එනම් භාරය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය යන අංශවලදී ප්‍රත්‍යක්ෂ වේ.

    අපරාධ විමර්ශනය කිරීමේ බරපතළ කාර්යයෙහි රාජ්‍යය නිරත වන්නේ පොලිසිය සහ මහේස්ත්‍රාත් අධිකරණ හරහා වුවත් ඒවායේ සමස්ත පරිපාලන පද්ධතියම අඩුපාඩුවලින් යුක්ත ය. අත්අඩංගුවට ගත් අයෙකුට අපේක්ෂා කළ හැකි උපරිම රැකවරණය ලැබිය හැක්කේ පොලිස් නිලධරයන් අතින් සහ, අදාළ අධිකරණ බලය හිමි මහේස්ත්‍රාත්වරයා අතිනි. මෙකී මරණ සිදුවූවාය නමැති හුදු කාරණය පවා මේ නිසා එය පරිපාලනය කරන සකල අංශයන් වෙත එල්ල කරන බරපතළ චෝදනා පත්‍රයක් වේ.

    විවිධාකාරයේ නින්දා සහගත නිදහසට කරුණු මෙබඳු මරණ සිදුවූ විට ඉදිරිපත් කෙරේ. එනම් අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ පොලිසිය අතර වෙඩි තැබීමක් සිදුවීම වැනි නිදහසට කරුණු ඉදිරිපත් කෙරේ. මෙමගින් විදහා දැක්වෙන්නේ මෙවැනි මරණ සිදුවීමට ඉඩ දීම සරල ලෙස දිරිමත් කිරීමයි. මෙවැනි සිද්ධි නියත වශයෙන්ම සිදුවී තිබේ නම් එවිට ඉහළ නිලයන් දරණ පොලිස් නිලධාරීන් විසින් ඒ පිළිබඳ දැඩි සේ පරීක්ෂණ කළ යුතු වන අතර ඒවායේ සත්‍යතාවය මහේස්ත්‍රාත්වරුන් ට ලෙහෙසියෙන්ම හෙළිකර ගත හැකිව තිබේ. නමුත් ඉහත කී සිද්ධි එකකදීවත් එවැනි බරපතළ පරීක්ෂණයක් සිදු කර ඇති බවක් පෙනී යන්නේ නැත.

    මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයාගේ කොණ්ඩය කපන්නට පොලිසියට කැඳවූ 34 හැවිරිදි කදිරේෂන් රවිෂංකර් ගේ මරණය හැටන් පොලිසයේදී සිදුවන විට නීතිය හා සාමය භාර ඇමතිවරයා විසින් සවිකරන්නට පොරොන්දු වූ සීසීටීවී කැමරා තිබුණේ කොහිද? පොලිස් භාරයේ සිටින තැනැත්තන් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් සියලු පොලිස් ස්ථානවල සීසීටීවී කැමරා සවි කරන බවට නීතිය හා සාමය භාර ඇමති සාගල රත්නායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. නමුත් සිද්ධියෙන් පසු හටගත් මහජන කෝපය සන්සිඳුවීම සඳහා පමණක් ඔහු විසින් මෙම ප්‍රකාශය සිදුකළ බව පෙනී යයි. අප දන්නා ආකාරයට මෙම සීසීටීවී කැමරා සවි කිරීම සඳහා සැලසුමක් පවා පොලිසියට නැත. අසල්වැසි කේරළ ප්‍රාන්තය ද ඇතුළත් ආසියානු රටවල් ගණනාවක් ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල මෙම කැමරා පද්ධති දැනටමත් සවි කර තිබේ. කෙසේ නමුත් අපරාධ විමර්ශන සඳහා අත්අඩංගුවට ගනු ලබන පුරවැසියන් වෙත පවතින සිය වගකීම පෙන්වාලීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිදු බරපතළ භාවයක් ගෙන නැත.

    ශ්‍රී ලංකාවේ තත්වයෙන් සැබවින්ම විදහා දැක්වෙන්නේ අත්අඩංගුවට ගැනීම්වලදී ඕනෑම ම්ලේච්ඡ ආකාරයකින් ක්‍රියාකිරීම සඳහා විශේෂයෙන්ම රටේ දුප්පත් ජන කොටස් සම්බන්ධයෙන් අඩු අධ්‍යාපනයක් ඇති” පහළ නිලයන් දරන පොලිස් නිලධාරීන් විසින් ම්ලේච්ඡත්වය මුදා හරින බවයි. එයින් ප්‍රතිඵල වී තිබෙන්නේ අතිශයින්ම ම්ලේච්ඡ ඝාතනයන් ය.

    පොලිස් සේවය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ව්‍යස්ථාපිත කාර්යභාරය

    පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට නීතිමය බැඳීම් දෙකක් තිබේ. එක් නීතිමය බැඳීමක් වන්නේ එබඳු ක්‍රියාවන් සිදුකළ බව කියන නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමයි. වඩා වැදගත් අනෙක් නීතිමය බැඳීම වන්නේ පොලිස් සේවය සමස්තයක් වශයෙන් විමර්ශනයට බඳුන් කිරීමයි. අපගේ දැනුමේ හැටියට ජාතික පොලිස් කොමිසම, ආයතනය තුළ සිදුවන වරද සම්බන්ධයෙන් එනම් සමස්තයක් වශයෙන් පොලිස් සේවයේ තත්වය සම්බන්ධයෙන් එකම එක පරීක්ෂණයක් හෝ පවත්වා නැත.

    පොලිස් සේවය තුළ නීතිය බලාත්මක වන්නේ කෙසේද සහ විනය පවත්වා ගැනෙන්නේ කෙසේද යන්න ට අදාළව පොලිස් සේවයේ තත්වය විමර්ශනය කිරීම සඳහා වන සිය ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකිරීමට ජාතික පොලිස් කොමිසම අපොහොසත් වී තිබේ.

    අධිකරණමය නොවන ඝාතන වැනි ගැටළු මහජන සුපරික්ෂාව යටතට ගත හැක්කේ පොලිස් සේවය විමර්ශනයට ලක්කිරීම සඳහා වන ජාතික පොලිස් කොමිසමේ ව්‍යවස්ථාපිත මැන්ඩේටය, පොලිස් ස්ථාන මට්ටමෙන් මෙන්ම සෙසු සියලු මට්ටම්වලින් ද ක්‍රියාවට නැංවීම මගින් පමණකි. විශේෂයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන් විසින් ලබාදෙන ගුණාත්මයෙන් හීන සේවාවට හේතු පරීක්ෂා කිරීම ජාතික පොලිස් කොමිසමේ රාජකාරිය වේ. සමස්තයක් වශයෙන් දැනට පවතින අශෝභන තත්වය අවසාන කළ හැකි වන්නේ පොලිස් සේවය පිළිබඳ එබඳු මහජන පරීක්ෂණ පැවැත්වීම හරහා පමණක් වනු ඇත.

    කෙසේ නමුත් ජාතික පොලිස් කොමිසමට පොලිස් සේවය පිළිබඳ සමස්තයක් වශයෙන් මෙකී ව්‍යස්ථාපිත වරම ක්‍රියාවට නැංවීමට ශක්තියක් නැත. ජාතික පොලිස් කොමිසමේ පරීක්ෂණ නිලධාරීන් විශ්‍රාම ලත් පොලිස් නිලධාරීන් ය. මෙම නිලධාරීන් ද අතිශය නරක ක්‍රමයක නිෂ්පාදනයෝ වෙත්. ඔවුන්ගෙන් කිසිදු අවස්ථාවක අපක්ෂපාතී පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකිය.

    ජාතික පොලිස් කොමිසම සංවිධානාත්මක ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය සේවාවන්ගේ මෙන්ම සමාජ විද්‍යාඥයන්ගේ සහ මනෝ විද්‍යාඥයන්ගේ ද සහාය ලබාගත යුතුව ඇති අතර ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රසිද්ධ මහජන සාකච්ඡාවක් ද ඔවුන් විසින් ඇති කළ යුතුව තිබේ.

    - ආසියානු මානව හිමිකම් කොමිසම, හොංකොං

    - පරිවර්තනය: නීතීඥ රදිකා ගුණරත්න

     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    පහුගිය මාස 10ට , 10ක් බිලි අරගෙන

    Police-Torture.jpg



    බලපල්ලා ඔය මැරිලා තියෙන්නේ ඔක්කොම සිංහල මිනිස්සු. එකයි කිසිම සාධාරනයක් වෙලා නැත්තේ.
    ඔතන මුස්ලිම් හරි දෙමල හරි මනුස්සයෙක් මැරුනා නම් මේ දේවල් ගොඩක් වෙනස් වෙනවා.

    සහජීවනේ= සිංහලයා නැති කිරීම.:(:(

    ආගමට, ජතියට වින කරන එවුන්ට හෙන ගහන්න ඕන!!!:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Oli_Vili

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ekekta gemak denna contract ekak thiyenawa ban..othanin kohe policiyada fast..dekakma pitigala policiya.untama demu.oic ge number eka ewahan thiyena kenek.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අපි හිතන් හිටියේ යහපාලනය ආවම මේවා හරියයි කියල :rofl: