අපි Forex Trade එකක් කරන්න පුළුවන් සරලම විධිය ගමු. මා ගව තියෙන ඩොලර් වලින් මම බැංකුවට ගිහින් යුරෝ 1000 ක් ගන්නවා. විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3125 ක් වෙනවා යුරෝ එකක්. එහෙමනම් මට ඩොලර් කීයක් ගෙවන්න වෙයිද? 1000x1.3125=1312.5
$1312.5
(Forex වලදී මේකට කියන්නේ "EUR /USD Buy " කලා කියල)
දැන් හෙට ගිහින් මම මේ යුරෝ ටික මාරු කරලා ඩොලර් ඉල්ලගන්නවා.
(ඔන්න ඉස්සෙල්ල දාපු EUR /USD Buy trade එක close කරනවා)
ඒ වෙනකොට විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3135 ක් වෙනවා යුරෝ එකක්. දැන් මට කීයක් ලැබෙයිද? 1000x1.3135=1313.5
$1313.5
දැන් මට කීයක් ලාභද?
1313.5-1312.5=1
ඒ කියන්නේ $1ක් ලාභයි.
ඕකට තමයි Forex Trading කියන්නේ. නමුත් මේක ගොඩක් ප්රාථමිකම ක්රමය.
දැන් බලන්න මේ ගනුදෙනුව වෙනුවෙන් "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය.
අපි ආයෝජනය කල මුදල=$1312.5
ගනුදෙනු වූ මුදල=$1312.5
දෙකම සමානයි නේ?
ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:1
ඔන්න ඕකට තමයි Leverage එක කියන්නේ. ඒ කිව්වේ අපි මේ කරලා තියෙන්නේ Leverage එක 1:1 ක් වෙච්ච EUR /USD Buy Trade එකක්.
මෙහෙම බැලුවම Forex කියන්නේ ඒ තරම් ලාභදායි වැඩක් නෙමෙයිනේ? මේකට අපූරු විසඳුමක් දෙනවා Forex Brokers ල. මේ ගනුදෙනුවම ඒගොල්ලෝ අපිට කිව්වොත් "අපි ආයෝජනය කල මුදල" $1312.5 න් 1% ක් දෙන්න කියල මේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම ක්රියාත්මක කරන්න.
එහෙනම් අපි ආයෝජනය කල මුදල 1312.5x1/100=13.125
$13.125
එහෙමනම් ලාභයත් 1% ද?
නැහැ ලාභය ඒ ගානම දෙනවා. ඒ කියන්නේ $1(උදාහරණය අනුව)
එහෙනම් අපිට $13.125 ක් ආයෝජනය කරලා $ 1312.5 ක ගනුදෙනුවක් Broker ලවා කරවල සම්පුර්ණ ලාභයම ගන්න පුළුවන්.
දැන් එහෙනම් මේකේ Leverage එක කීයද?
අපි ආයෝජනය කල මුදල=$13.125
ගනුදෙනු වූ මුදල=$1312.5
ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:100
ඔන්න Leverage එක 1:100 වුනු අවස්ථාවක්. දැන් නම් මම හිතන්නේ හොඳටම පැහැදිලි ඇති.
"Margin" කියල කියන්නෙත් මේකටම තමා
අනුපාතයක් විධියට ප්රකාශ වෙද්දි(1:100) Leverage කියනවා.
ප්රතිශතයක් විධියට ප්රකාශ වෙද්දි(1%) Margin කියනවා.
1:400=0.2
5%
1:50=2%
හොදටම තේරුනා. ස්තුතියි ...






