එකම ස්මාට්ෆෝනයක තිර දෙකක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    එකම ස්මාට්ෆෝනයක තිර දෙකක්

    [FONT=&quot]එකම ස්මාට්ෆෝනයක තිර දෙකක්
    [/FONT]
    [FONT=&quot]( පැතුම් පුංචිහේවා ) 2
    [/FONT]​

    සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙනස් සත්ත්ව විශේෂයන් ලෙසින් පෙනී යන තරමට ආකෘතීන් සහ හැඩයන් අතින් වෙනස් වන ජංගම දුරකථන සංස්කෘතියක් මෙයට දශකයකට, දෙකකට පමණ පෙරාතුව තිබුණු බව තවමත් අමතක වීමට ඉඩක් නැත. එම කාලයේදී සැබවින්ම ස්මාට්ෆෝනයන් සුලභ නොවූ අතර, ඒ වෙනුවට පියනකින් ඇරිය හැකි ජංගම දුරකථන, පහතට ඇදිය හැකි ස්ලයිඩ් යතුරු පුවරුවක් තිබූ ජංගම දුරකථන, පි‍ටුපස පියන විවෘත කළ විට ගේම්පෑඩයක් බවට පත්වන ජංගම දුරකථන ආදී නානා විධ උපාංගයන් වෙළෙඳ පොළේ තිබූ අතර, මේ සියල්ලේම විවිධාංගීකරණය සැබවින්ම එකිනෙකට වෙනස් සංස්කෘතීන් ගණනාවකට අයත් මිනිසුන් සිටිනා රටක ජීවත් වනවාක් වැනි ආකර්ෂණීය අත්දැකීමක්ව තිබිණි. කෙසේ හෝ ස්මාට්ෆෝන් ලෝකය තුළ ප්‍රචලිත වීම ඇරඹුණු පසුවද මෙම ‍රැල්ල එලෙසින්ම තවත් අවුරුදු කිහිපයක් පැමිණි අතර, මුල් කාලීන ස්මාට්ෆෝන්වලද එම විවිධාංගීකරණය වූ හැඩයන් සහ ආකෘතීන් දක්නට ලැබිණි.
    කෙසේ නමුත් වර්තමානය වනවිට ස්මාට්ෆෝනයන් යනුවෙන් නිශ්චිත හැඩයක් සහ ආකෘතියක් ඇති උපාංගයක් සම්මතකරණය වී ඇති අතර, අතීතය හා සසඳන විට වර්තමාන ස්මාට්ෆෝන් උපාංග කෙතරම් බලසම්පන්න යන්ත්‍ර වූවද, ඒවා හැඩය හා ආකෘතිය අතින් නීරස වී ඇති බවද කිව යුතුවේ.
    ZTE යනු ලෝකයේ ප්‍රමුඛ පෙළේ ස්මාට්ෆෝන් නිෂ්පාදන නාමයක් බවට පත්ව නොතිබුණත්, මේ වනවිට ඔවුන් සිය සන්නාමය ශ්‍රී ලංකාව තුළද යම්තාක් දුරට ගොඩනගාගෙන ඇති බව කිව යුතුවේ. මෙම සමාගම විසින් හඳුන්වා දෙන්නට යෙදුණු ZTE Axon M ස්මාට්ෆෝනය සැබවින්ම අතීතයේ තිබූ තිර දෙකක ජංගම දුරකථනය නැවත කරළියට ‍රැගෙන ඒමක් දැයි බැලූ බැල්මට සැක පහළ කර ගැනීම ස්වාභාවික වේ. එසේ වුවත් මෙය එම ද්විත්ව තිර ජංගම දුරකථනයන්ට වඩා වෙනස් වේ.
    මෙම ස්මාට්ෆෝනයේ සම්පූර්ණ ප්‍රමාණයේ 1080p HD විභේදනයක් සහිත තිර දෙකක් තිබේ. සාමාන්‍යයෙන් ස්මාට්ෆෝනය හකුළා ඇති අවස්ථාවේදී එක් තිරයක් ඉදිරිපස සහ අනෙක් තිරය පසුපස පිහිටන ආකාරයෙන් තිබෙනා අතර, මෙම තිර දෙක අල්ලුවලින් එකට බැඳී තිබේ.

    බැලූ බැල්මට මෙවැනි දෙපස තිර දෙකක් ඇති ස්මාට්ෆෝනයකින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔබ එක් පස තිරයකින් කාර්යාලයීය කටයුත්තක් සිදුකරමින් සිටිනා අතර අනෙක් පස තිරය හරහා ඔබට ෆේස්බුක්හි සැරිසරමින් සිටිය හැක. හදිසියේ ආයතන ප්‍රධානියා ඔබේ මේසය අසලට ආ විට කාර්යාල කටයුත්තක් පෙනෙනා තිරය ඉහළටත්, ෆේස්බුක් තිරය පහතටත් සිටිනා ලෙසින් ස්මාට්ෆෝනය මේසය මත තැබිය හැක. කෙසේ නමුත් සැබෑවටම මෙම ස්මාට්ෆෝනයෙන් ඇත්තේ මෙවැනි සරල ප්‍රයෝජනයක් නොවේ.
    මෙහි ඇති ප්‍රධානතම උපයෝගීතාව වන්නේ ඔබට අවශ්‍ය විටක තිර දෙකම එකට පිහිටන ලෙසින් සකසා තනි තිරයක් ලෙසින් ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවයි. සරලවම මෙහිදී ඔබේ Axon M ස්මාට්ෆෝනය අඟල් හයක පමණ ටැබ්ලට් උපාංගයක් බවට පත්වනු ඇත. මෙහිදී ස්වයංක්‍රීයවම ස්මාට්ෆෝනය මගින් හෝම් ස්ක්‍රීනය මෙන්ම යෙදුම් පෙළගැස්ම ඇතුළු පරිශීලක අතුරු මුහුණතේ ඇති සියලුම දේ මෙම තනි විශාල තිරයට ගැළපෙන පරිදි සකස් කරගනු ඇත. දැන් ඔබට විවිධ යෙදුම් ක්‍රියාත්මක කිරීමේ සිට ඕනෑම ක්‍රියාවක් සඳහා මෙම විශාල තිරය භාවිත කළ හැක. එසේම අවශ්‍ය නම් මෙම පිහි‍ටුමේ තිබියදීම ඉහළ තිරයේ එක් කාර්යයකුත්, පහළ තිරයේ වෙනත් කාර්යයකුත් ධාවනය කරගැනීමට හැකි ලෙසින්ද මෙහි සැකසුම් ඇත.
    මෙම ZTE Axon M ස්මාට්ෆෝනයේ තිරය අඟල් 5.2 ක ප්‍රමාණයේ වන අතර, ඒ නයින් තිර දෙකම එක්ව භාවිත කිරීමේදී ඔබට අඟල් 6.75 ක විශාල තිරයක් ලැබෙනු ඇත. මෙම තිර Fifth-gen Gorilla Glass ආරක්ෂක වීදුරුවකින් ආවරණය කොට තිබේ. මෙය ධාවනය වන්නේ 2.15GHz quad-core ARMv8 ප්‍රොසෙසරයක් හරහා වන අතර, 4GB ‍රැම් මතකයක් සහ 64GB මතක ධාරිතාවක් මෙහි තිබේ.

    එසේම ඔබට බාහිරව MicroSD කාඩ්පත් හරහා මතකය 256GB දක්වා ඉහළ දමාගැනීමටද හැකියාව ඇත. මෙහි ඉදිරිපස මෙන්ම පසුපසද මෙගා පික්සල් 20 බැගින් වූ කැමරා දෙකක් තිබෙනා අතර, එම කැමරාවන්ට 4K ගුණාත්මක මට්ටමෙන් වීඩියෝ පටිගත කිරීමටද හැකියාව තිබේ. මෙහි බැටරිය 3,180 mAh ධාරිතාවක වන අතර, එමගින් පැය 28 ක් දක්වා වූ කථා කාලයක් ලබාදෙන බව නිෂ්පාදකයින් විසින් පැවසුවද එය සනාථ කරගැනීමට සිදුවන්නේ ප්‍රායෝගික භාවිතයේදීම වේ. මෙහි පවර් බොත්තමේ ස්ථාපිත කළ ඇඟිලි සලකුණු ස්කෑනරයක්ද තිබේ. මෙය Android 7.1.2 (Nougat) මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වේ.
    මෙහි ප්‍රධානතම ගැටලුවක් ලෙසින් දැක්විය හැක්කේ, මේ තුළ සාපේක්ෂව ප්‍රබල දෘඪාංග හැකියාවන් තිබුණද එම හැකියාවන් ඇත්තේ තිර දෙකක් වෙනුවෙන් වීමයි. එනම් ඔබට මෙම තිර දෙකින්ම විශාල පරිගණක බලයක් අවශ්‍ය වන කාර්යයන් සිදුකරමින්, තිර දෙකෙන්ම එක හා සමාන සුමට ක්‍රියාකාරීත්වයක් බලාපොරොත්තු වීම උගහට වනු ඇත. ඒ හා සමගින් බලනා විට මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂයකටද අධික වීම සැබවින්ම පාරිභෝගිකයන්ව අධෛර්යමත් කරනා සාධකයක් වනු ඇත. කෙසේ නමුත් මෙම සියලුම කරුණු පසෙකින් තබා බැලුවද, ZTE Axon M ස්මාට්ෆෝනය ආකර්ෂණීය අදහසක් බව නම් කිව යුතුම වේ.



     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    Really useful thing
    phone+ tablet
    mata hithenne mewage dewal thamayi issarahata enne.
    e.g. Samsung galaxy X
    samsung-galaxy-x-concept-1.jpg


    me wage wikara walata wada nam innovative
    :lol::lol:
    apple-emoji-feature-685x435.jpg
     
    Last edited: