මීවනපලානේ පචෝරිස් හිමිගේ නරි නාදය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මීවනපලානේ පචෝරිස් හිමිගේ නරි නාදය



ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 6 යි, තත්පර 52 න් පමණ ඉදිරියට ආසන්නයේ මීවනපලානේ පචෝරිස් හිමි මෙසේ සඳහන් කරනවා:


"අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ. ඒක අපි ප්‍රතිපත්තියක් හැටියට සන්නිවේදන මාර්ග වලට යන්නේ නෑ."

එම පැවසීමේදී අතීත සහ අනතීත යන කාලයන් දෙකම ගැන පැවසෙනවා. ඒ පවසන ලද්ද සත්‍යයක් ද, නැත්නම් අසත්‍යයක් ද යන්න යූටියුබ් වෙබ් අඩවියේ ඇති මීවනපලානේ පචෝරිස් හිමිගේ දේශනා දෙස බැලීමෙන් තහවුරු කර ගත හැකියි. තවද පහත දැක්වෙන්නේ මීවනපලානේ පචෝරිස් හිමි රූපවාහිනී සහ ගුවන් විදුලි සන්නිවේදන මාර්ග ද භාවිතා කර ඇති බවට සාක්ෂි:







ඉහත සාක්ෂි වලට අනුව "අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ." යැයි කීම පරම සත්‍යය පවසන පුද්ගලයෙකුගේ වදන් යැයි කෙසේ පිළිගන්නද?

තවද මුලින්ම දක්වන ලද වීඩියෝවේ ආරම්භයේ සිට විනාඩියක් පමණ වන තෙක් කොටස නැරඹීම බෙහෙවින්ම හාස්‍යයට හේතු වන කාරණාවක්. ඒ "අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ." ආදී ලෙස පවසන ලද්දේ කවර පිරිසකටද යන්න එම කොටසෙන් පිළිබිඹු වන නිසා.

පරම සත්‍යය පෙන්වා දෙන්නේ යැයි දක්වමින් ලෝකයාට බොරු දෙසන මීවනපලානේ පචෝරිස් හිමිගේ මෙම ලිපියේ ආරම්භයේදී දක්වන ලද වීඩියෝවේ මාතෘකාව "සිහනාද" ලෙසයි සඳහන්ව ඇත්තේ. එම වීඩියෝවේ සඳහන් කරුණු වලින් ද මීවනපලානේ පචෝරිස් හිමිගේ බොරු කීම හෙළිවන බැවින් එම වීඩියෝවට "සිහනාද" නොව "නරි නාද" යන මාතෘකාව යෙදීම වඩාත් ගැළපෙනවා.

Skylark
 
  • Like
Reactions: cjanaka

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    ඉහත සාක්ෂි වලට අනුව "අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ." යැයි කීම පරම සත්‍යය පවසන පුද්ගලයෙකුගේ වදන් යැයි කෙසේ පිළිගන්නද?
    Skylark




    මිවාලපනේ හිමි කිවුවේ එදා අනුගමනය කල "ප්‍රතිපත්තිය". අයෙමත් අහලා බල්ලන ඕනනම්.

    ප්‍රතිපත්ති වෙනස් වෙනවා. සත්‍ය වෙනස් වෙන්නේ නැහැ.

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ


    මිවාලපනේ හිමි කිවුවේ එදා අනුගමනය කල "ප්‍රතිපත්තිය". අයෙමත් අහලා බල්ලන ඕනනම්.

    ප්‍රතිපත්ති වෙනස් වෙනවා. සත්‍ය වෙනස් වෙන්නේ නැහැ.


    වී අයි පී එකේ ලයිව් කියල දැම්මට මේව ඒ අය ඇවිත් රෙකෝඩ් කරගෙන ගිය ඒව.ටී එන් එල් එකේ සහ ගුවන්විදුලියෙ යන්නෙත් වෙන තැන් වල කරපු දේශනා.

    යාලුව කාලයක් තිස්සෙ හැංගිල ඉඳල හොරෙන්ම ආයිත් ඇවිල්ල වගේ.පව් ඉතින් ආපු ගමන්ම ආයිත් කෙලින්ම ලිඳේ.
     
    • Like
    Reactions: a2mdb