මී. පච: පටිච්චසමුප්පාද විස්තරයේ සංඥා නෑලු
පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් දෙසීම
පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් පවසන ආකාරය ඉහත වීඩියෝවේ විනාඩි 1යි තත්පර 11න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. බුදුරජානන් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා දැක්වෙනවා. සංඥා අඩංගු වන්නේ නාම ධර්මයන්ට. බුදුරජානන් වහන්සේ පටිච්චසමුප්පාදය බෙදා දක්වා ඇති ආකාරය සඳහන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ නිදාන වග්ගයේ අභිසමයසංයුත්තයේ බුද්ධ වග්ගයේ ඇති විභඞ්‌ග සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp8/26 ] නාම ධර්මයන් මෙලෙස විස්තර වී තිබෙනවා:
පාළි:
"කතමඤ්ච භික්ඛවෙ නාමරූපං? වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො, ඉදං වුච්චති නාමං. චත්තාරො ච මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවෙ, නාමරූපං."
සිංහල පරිවර්තනය:
"මහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශ ය, මනස්කාර ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද රූපය ද යන මේ නාමරූප ය යි කියනු ලැබේ."
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිම නාම ධර්මයන්ට සංඥා අඩංගු කොට දක්වන ආකාරය පහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 1න් පමණ ඉදිරියට ආසන්නයේ දකින්න පුළුවන්:
නාම ධර්මයන්ට සංඥා ඇතුලත් වන නිසා පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි පැවසීම මුසාවක්.
දහම් පද මනාව ගළපා ගැනීමට නොහැකි වීමෙන් අර්ථ විකෘති වන පරිදි වචන හරඹ කිරීම නිසා මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අන් අය ද නොමඟ යවන බව විද්‍යාමාන වෙනවා.
Skylark

Last edited: