නෝනලාගේ සතුට ගැන මහත්තුරු දන්නෙ නැති දේව&#3517

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නෝනලාගේ සතුට ගැන මහත්තුරු දන්නෙ නැති දේව&#3517

    වර්තමාන ලෝකේ වැඩි වුන ආර්ථික නිදහස නිසා ගැහැණු දැන් ශක්තිමත්. සැමියා ඇයගේ මානසික කායික අවශ්‍යතා සපුරන්නේ නැත්නම් විවාහය අතහැර යන්න උනත් ඇය සූදානම්.කවුරුනමුත් ඉක්මන් තීරණ ගැනීම නම් හොඳ දෙයක් නොවෙයි. ඒත් මෙන්න මේ හැසිරීම් ඔබ පුහුණු කළොත් කවදාවත් ඔබේ බිරිඳට ඔබ ගැන අකමැත්තක් දැනෙන එකක් නැහැ. තමන්ගේ ගැහැණිය ආකර්ෂණය කරගන්න හිතන ඕනැම පිරිමියෙකුට මේ ලිපිය වැදගත් වේවි.

    ඇයගේ අදහස් විමසන්න
    පවුල වෙනුවෙන් ඔබ තනිවම මුදල් උපයනවා වෙන්න පුළුවන්. නමුත් හැම කටයුත්තකදීම බිරිඳගේ අදහස් විමසීම ගොඩක් වටිනවා. පොඩි දේවල් පවා දෙදෙනාගේ කැමැත්තෙන්ම කරන්න. සමහර විට ඔබ චිත‍්‍රපටයක් බලනවා නම්, නැත්නම් විනෝද ගමනක් යනවා නම් ඇය සතුටු දෙය තෝරා ගන්න මැලි වෙන්න එපා. ඇය වෙනුවෙන් පොඩි දෙයක් කැපකළාම මොකද වෙන්නෙ!

    දෑත් පටලා ගමන් යන්න
    ඒ හැසිරීමෙන් පෙනෙන්නේ ඔබ ඇය පිළිබඳව ආඩම්බර වෙන බවයි. අනික් අය ඉදිරියේ ඇගේ ආත්ම විශ්වාසය වැඩි වෙන්න ලොකු රුකුලක් වෙනවා. බොහෝ ස්වාමිවරු පහු වෙද්දී ගමන් යන්නේ කාන්තාවට වඩා ගොඩක් ඉස්සරහින්. හරියට තරගයක් වගේ. නැහැ . හෙමින් යන්න. මොකටද හදිස්සි. ජීවිතේ කියන්නේ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ල වෙන් වෙන ගමනක් තමයි. ඔබට අතහැරලා ඉන්න බොහෝ කාලයක් ලැබේවි. ඒත් අත් පටලාගෙන ඉන්න ලැබෙන්නේ බොහෝවිට කෙටි කාලයක් විතරයි. ඒ ගැන මෙනෙහි කරන්න.

    බැන්දට පස්සෙත් දුරකථනය වැඩ
    රාජකාරී දිනවල ඔබ සිටින්නේ දෙතැනක නම් දවල් කාලා කෝල් එකක් දෙන්න. පොඩි එස්.එම්.එස් එකක් යවන්න. ඒවා තියෙන්නේ ආදරය කරන කාලෙදී පාවිච්චි කරන්න විතරක් නොවෙයි. විවාහ වුණාට පස්සෙත් බිරිඳගේ දුරකථනය වැඩ බව බොහෝ ස්වාමිවරු අමතක කරනවා.

    එක වහල යටදී තරහ අමතක කරන්න
    මේ ලෝකේ කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඇය වගේම ඔබත්. ඔබේ බොහෝ වැරදි ඇති බිරිඳ ගණන් නොගෙන සිටින. ඇය අතින් ඔබේ යමකට හානි වුණොත්, බත් එක දෙන්න අවදිවෙන්න බැරි උනොත්, ගෙදර භාණ්ඩ බිඳුනොත්, ඔබට ඇය නිසා මුදලින් පොඩි පාඩුවක් උනොත් ඒක දුර ගෙනියන්න එපා. ඒ පොඩි දෙය මගහැරුනට ඇය කරන කටයුතු ගොන්න ගැන අවංකව හිතල බලන්න. ඔබේ හිත ඉබේ මෘදු වේවි.

    මොනවහරි උදවුවක් ඕනෙද?
    ඔබ බිරිඳ වැඩ කරද්දී නොදැක්කා වගේ ඉන්නෙ නැතුව ඇයට උදවුවක් අවශ්‍යද කියල දැන ගන්න. ඔබ ඇගේ සැමියා. සතුට වගේම දුකත් බෙදා හදා ගන්න තැනැත්තා.සැමියා බිරිඳගේ මහන්සිය කෙරෙහි සංවේදී වීම අනිවාර්යයි. සමහරවිට උදවුවක් නොකර හරි ඇය දවසම වෙහෙසිලා රාත‍්‍රී ආහාර පිසිද්දී නිකන් කුස්සියට වෙලා කයියක් ගහනවා නම් ඇයට දවසේ වෙහෙස නැති වෙලා ඔබ කෙරෙහි ආදරය වැඩි වේවි.

    දරුවන් ඉදිරියේ හාදු එපාද?
    ඇත්තටම ගොඩක් අය දෙමාපියෝ උනාම තමන්ගේ ආදරේ අමතක කරනවා. තමන්ගේ දරුවෝ ඉදිරියේ අම්මව සිප ගැනීම නුසුදුසු දෙයක් වගේ සලකනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. තමන්ගේ දෙමාපියන් ආදරෙන් සිටින බව දරුවන් දැකිය යුතුයි. ආදර”ය දරුවන් බවට ඔවුන් පත් වෙන්නෙ එතකොටයි. ආදරය කරන හැටි දරුවන්ට ආදර්ශයෙන් පෙන්වන්න. හැම විටම නිවසට එද්දී ඇයට ආදරයට හාදුවක් දුන්නොත් එයින් අයට දැනෙන්නේ ඔබ ඇයව දැකීමට පුල පුලා බලාගෙන සිටි බවයි.

    කෙනෙකුට ඇය හඳුන්වා දෙද්දී අගය කිරීමක් එක්කම කරන්න
    මේ තමයි මගේ ආදර නෝනා මහත්තයා, කියල ඔබේ යහළුවන්ට, ඥාතීන්ට ඇයව හඳුන්වා දෙන්න පුළුවන් නේද? මෙහෙම කළ යුත්තේ අවංකවමයි. හැම විටම අනුන් ඉදිරියේදී ඇය පිළිබඳව ආඩම්බරෙන් , අගය කරලා කතා කරද්දී ඇයට ඉබේම ස්වයන් තෘප්තියක් ලැබෙනවා. නිකන් තිබෙන කටින් වචනයක් පිට කිරීම අමාරු නැහැ. තත්පර කීපයයි යන්නේ. උවමනා ඇය කෙරෙහි පේ‍්‍රමයක් ඇති කර ගැනීම පමණයි. ඒ සුළු දෙයින් රත්රන් මාලයකට වඩා ඇය සතුටට පත් වේවි. ඒ සතුට නැවත ගලා එන්නෙත් ඔබේ ජීවිතේටමයි.

    සඳමාලි වර්ණසූරිය

    http://www.rivira.lk/online/2017/11/25/133352
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගෑනු කියන්නේ කිසි දේකින් සැහීමකට පත් නොවෙන ජාතියක්. එච්චරයි මම දන්නේ ගෑනු ගැන.
    ඔය කියලා තියන මොනවා කලත් වැඩක් නෑ..
    උන් කියන ඔක්කොම කලාට පස්සෙත් අලුත් list එකක් තියනවා.
    ඒක ඉවර වෙන්නේ ගෑනි ගහන ගහන පදේට මිනිහා නටන තැනින්.

    ගෑනු කියන ඒවා ඔලුවේ "ගස් බයිලා" කියලා ෆෝල්ඩරයක් හදලා එකේ "ගෑනිගේ නමින්" තව ෆෝල්ඩරයක් හදලා ඒකට දාපන්. :dull:
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    ගෑනු කියන්නේ කිසි දේකින් සැහීමකට පත් නොවෙන ජාතියක්. එච්චරයි මම දන්නේ ගෑනු ගැන.
    ඔය කියලා තියන මොනවා කලත් වැඩක් නෑ..
    උන් කියන ඔක්කොම කලාට පස්සෙත් අලුත් list එකක් තියනවා.
    ඒක ඉවර වෙන්නේ ගෑනි ගහන ගහන පදේට මිනිහා නටන තැනින්.

    ගෑනු කියන ඒවා ඔලුවේ "ගස් බයිලා" කියලා ෆෝල්ඩරයක් හදලා එකේ "ගෑනිගේ නමින්" තව ෆෝල්ඩරයක් හදලා ඒකට දාපන්. :dull:

    :D:D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෑනු කියන්නේ කිසි දේකින් සැහීමකට පත් නොවෙන ජාතියක්. එච්චරයි මම දන්නේ ගෑනු ගැන.
    ඔය කියලා තියන මොනවා කලත් වැඩක් නෑ..
    උන් කියන ඔක්කොම කලාට පස්සෙත් අලුත් list එකක් තියනවා.
    ඒක ඉවර වෙන්නේ ගෑනි ගහන ගහන පදේට මිනිහා නටන තැනින්.

    ගෑනු කියන ඒවා ඔලුවේ "ගස් බයිලා" කියලා ෆෝල්ඩරයක් හදලා එකේ "ගෑනිගේ නමින්" තව ෆෝල්ඩරයක් හදලා ඒකට දාපන්. :dull:

    උඹේ කතාව නම් 100% ඇත්ත

    වර්තමාන ලෝකේ වැඩි වුන ආර්ථික නිදහස නිසා ගැහැණු දැන් ශක්තිමත්. සැමියා ඇයගේ මානසික කායික අවශ්‍යතා සපුරන්නේ නැත්නම් විවාහය අතහැර යන්න උනත් ඇය සූදානම්.

    ලොකු දෙයක්
     
    • Like
    Reactions: shenic_v2.0.0

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගෑනු කියන්නේ කිසි දේකින් සැහීමකට පත් නොවෙන ජාතියක්. එච්චරයි මම දන්නේ ගෑනු ගැන.
    ඔය කියලා තියන මොනවා කලත් වැඩක් නෑ..
    උන් කියන ඔක්කොම කලාට පස්සෙත් අලුත් list එකක් තියනවා.
    ඒක ඉවර වෙන්නේ ගෑනි ගහන ගහන පදේට මිනිහා නටන තැනින්.

    ගෑනු කියන ඒවා ඔලුවේ "ගස් බයිලා" කියලා ෆෝල්ඩරයක් හදලා එකේ "ගෑනිගේ නමින්" තව ෆෝල්ඩරයක් හදලා ඒකට දාපන්. :dull:

    ඒකනේ බන් උන්ට ගෑණු කියන්නේ . :Dමට හිතෙන විදිහට නම් “අම්මා” කියන role එක ලස්සනටම play කරන්න “ගැණුන්ට” පුළුවන්.ඒත් “බිරිඳ” කියන role එකේදී අජූතයි.තාත්තාගෙන් අහල බැලුවත් අවුලක් නෑ. හොඳට හිතල බලපන්. :baffled:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ගෑනු කියන්නේ කිසි දේකින් සැහීමකට පත් නොවෙන ජාතියක්. එච්චරයි මම දන්නේ ගෑනු ගැන.
    ඔය කියලා තියන මොනවා කලත් වැඩක් නෑ..
    උන් කියන ඔක්කොම කලාට පස්සෙත් අලුත් list එකක් තියනවා.
    ඒක ඉවර වෙන්නේ ගෑනි ගහන ගහන පදේට මිනිහා නටන තැනින්.

    ගෑනු කියන ඒවා ඔලුවේ "ගස් බයිලා" කියලා ෆෝල්ඩරයක් හදලා එකේ "ගෑනිගේ නමින්" තව ෆෝල්ඩරයක් හදලා ඒකට දාපන්. :dull:

    :lol::lol::lol::lol::lol: