කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්,:)

අමිල, රුවන්ට රු.1000 ක් දෙනවා.

ඔතන සිද්ද වෙන දේ කාට හරි කර්මය අනුසාරයෙන් පැහැදිලි කරන්න පුලුවන්ද?

හරි මමම කියන්නම්, මගෙ මතයට විරුද්දයිනම් පැහැදිලි කරන්න.

ඔය ක්‍රියාව කෑලි දෙකකට කඩන්න පුලුවන්.

1. අමිලගෙ රු 1000 ක් දීමේ චේතනාව.
2. රුවන්ට රු 1000ක් ලැබීම.

ඉහත පලවෙනි කොටසින් අමිල පිනක් රැස් කර ගන්නවා. රුවන්ට ඒ රු 1000 ලැබුනත් නැතත්. ඒ කුසලය අමිලගෙ අතින් රු 1000 ගිලිහුනු මොහොතේම සිද්ද වෙනව. ඒ කියන්නෙ අමිල ඒ රු1000ට තිබ්බ ආසාව අත්හැරගැනීමත් එක්කම ඒ කුසලය වෙනව. තව විදිහකින් කිව්වොත් ඒ රු1000 අමිල වෙන කෙනෙකුට දෙනව රුවන්ට දෙන්න කියල. අර කෙනා ඒ රු1000 රුවන්ට දුන්නත් නැතත් අමිලට කුසලය සිද්ද වෙනවා.

දෙවැනි කෑල්ලෙන් වෙන්නෙ මොකද්ද? රුවන්ට රු 1000ක් ලැබෙන්නෙ කොහොමද? අමිල දුන්න නිසාද? නෑ. ඒක රුවන්ගෙ පෙර පිනක විපාකයක් නිසා තමා ලැබෙන්නෙ. එහෙම රුවන්ට පෙර පින් නැත්තං ඒ සල්ලි අමිල දුන්නත් රුවන්ට නොලැබී යනව.

ඒ කියන්නෙ අපිට මේ ලැබෙන හැමදේම පෙර කර්ම නිසා ලැබෙන දේවල්ද? ඔව්. 99%ක් ම අපේ දිඨ්ඨදම්මවේදනීය කර්ම නිසා ලැබෙන විපාක. අපි ජොබ් එකක් කරා කියන්නෙත් කර්මයක් කිරීමනෙ. ඒකෙ මෙලොව විපාක තමයි අපේ පඩිය.

අපේ සල්ලි කවුරු හරි හොරකම් කරොත්?

ඒ සල්ලි හොරකම් වෙන්නෙ අපෙ පව නිසා. හොරකම් කරත් ගන්න බැරිනම් ඒ අපේ පින.

අපි ට හානි කරා, හොරකම් කරා කියල අනිත් උන්ට වෛර කරල තේරුමක් නෑ.

සියල්ල හේතුඵල දහමට අනුවයි සිද්ද වෙන්නෙ. :yes:

හැබැයි දිඨ්ඨදම්ම වේදනීය කර්ම කරල ලැබෙන්න තියන අකුසල විපාක වලක්වා ගන්න පුලුවන්...
හරියට අපි සිල් රැකල, හොඳ ගුණගරුක රස්සාවක් කරොත් අපේ දේවල් හැමදාම රැකිල තියෙයි...:yes:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    99%ක් ම අපේ දිඨ්ඨදම්මවේදනීය කර්ම නිසා ලැබෙන විපාක,:no: ඕක වැරදියි බන්....මුලින්ම දිඨ්ඨදම්මවේදනීය කර්මය කියන්නෙ මොකක්ද කියල හොයා ගනින්..
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචං මට පොඩි ප්‍රශ්නයක් තියනවා. දැන් උබ කිව්වා 3 දෙනාට මම a b c කියලා ගන්නවා. a දෙනවා b ට රුපියල් 1000ක් c ට දෙන්න කියලා. දැන් a පින රැස් කරගන්නවා දුන්න ගමන්. ඔන්න b ට හිතෙනවා c ට ඔය 1000 දෙන්න නැතුව හොරෙන් තියාගන්න ඕන කියල. ඉතින් c ගේ පව නිසා c ට ඒ 1000 ලැබෙන්නේ නැතුව යනවා.

    මට තියන ප්‍රශ්නේ, b ට ඒ සල්ලි තියාගන්න හිතෙන එක වෙන්නේ කොහොමද? මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, but එහෙම වෙන්නේ c ගේ පව නිසා එක නොලැබී යන්න තිබ්බ නිසා ද? එහෙම වුනොත් b ට පවක් කරගන්න සිද්ද වෙන්නේ c ගේ පව නිසාද?

    මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් ඕක. මොකද පවක් වෙනකොට වෙන කෙනෙක් ට හානියක් වෙනවනේ, එහෙම වෙද්දී ඒ හානිය වෙන කෙනාගේ පවා නිසා ඒ හානිය ඒ මනුස්සයට වුන කියල කියනවා. but ඒ හානිය කරන කෙනා ඒ හානිය කරන්නේ කර්මයේ බලපෑමකින් ද?​
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    99%ක් ම අපේ දිඨ්ඨදම්මවේදනීය කර්ම නිසා ලැබෙන විපාක,:no: ඕක වැරදියි බන්....මුලින්ම දිඨ්ඨදම්මවේදනීය කර්මය කියන්නෙ මොකක්ද කියල හොයා ගනින්..

    මම දන්නව බං. දැනගෙන තමා මේක ලිව්වෙ. දිඨ්ඨදම්මවේදනීය කර්මයකින් තොරව අපරාපර්‍යවේදනීය කර්මයකට විපාක දෙන්න බෑ. ඒ නිසා මේ ලෝකයේ 99% ම එන විපාක දිඨ්ඨදම්මවේදනීය කර්මයකින් උඩට ගත්ත අපරාපර්‍යවේදනීය කර්ම විපාක.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්නව බං. දැනගෙන තමා මේක ලිව්වෙ. දිඨ්ඨදම්මවේදනීය කර්මයකින් තොරව අපරාපර්‍යවේදනීය කර්මයකට විපාක දෙන්න බෑ. ඒ නිසා මේ ලෝකයේ 99% ම එන විපාක දිඨ්ඨදම්මවේදනීය කර්මයකින් උඩට ගත්ත අපරාපර්‍යවේදනීය කර්ම විපාක.:)

    එතකොට අලුතින් උපදින කර්ම වලට මොකෝ වෙන්නෙ....?? බුදු දහමෙ මූලික හරය තමයි මැදුම් පිලිවෙත...කිසිම දෙයක අන්තයකට යන්ඩ එපා...උබ ඔය කියන්ඩ හදන එක අන්තයක්...සියලු දේ සිදුවෙන්න පෙර කල කර්මයට නෙමේ,ඕක බුදු දහම එහෙම නෙමේ .:no:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචං මට පොඩි ප්‍රශ්නයක් තියනවා. දැන් උබ කිව්වා 3 දෙනාට මම a b c කියලා ගන්නවා. a දෙනවා b ට රුපියල් 1000ක් c ට දෙන්න කියලා. දැන් a පින රැස් කරගන්නවා දුන්න ගමන්. ඔන්න b ට හිතෙනවා c ට ඔය 1000 දෙන්න නැතුව හොරෙන් තියාගන්න ඕන කියල. ඉතින් c ගේ පව නිසා c ට ඒ 1000 ලැබෙන්නේ නැතුව යනවා.

    මට තියන ප්‍රශ්නේ, b ට ඒ සල්ලි තියාගන්න හිතෙන එක වෙන්නේ කොහොමද? මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, but එහෙම වෙන්නේ c ගේ පව නිසා එක නොලැබී යන්න තිබ්බ නිසා ද? එහෙම වුනොත් b ට පවක් කරගන්න සිද්ද වෙන්නේ c ගේ පව නිසාද?

    මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් ඕක. මොකද පවක් වෙනකොට වෙන කෙනෙක් ට හානියක් වෙනවනේ, එහෙම වෙද්දී ඒ හානිය වෙන කෙනාගේ පවා නිසා ඒ හානිය ඒ මනුස්සයට වුන කියල කියනවා. but ඒ හානිය කරන කෙනා ඒ හානිය කරන්නේ කර්මයේ බලපෑමකින් ද?​

    හ්ම්.. හොඳ ප්‍රශ්නයක්..

    b සල්ලි හොරකම් කිරීම කෑලි 3 කට කඩමු,

    1. b ගෙ හොරකම් කිරීමේ චේතනාව.
    2. හොරකම සිදුවීම.
    3. b ට මුදල් ලැබීම.

    1. මෙ චේතනාව නිසා b අලුත් කර්මයක් කර ගන්නව.
    2. මෙය සාර්ථක වෙන්නෙ c ගෙ පව නිසා.
    3. b ට මුදල් ලැබෙන්නෙ b ගෙ ඊට පෙර කරනලද කුසලයක් නිසා.

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    එතකොට අලුතින් උපදින කර්ම වලට මොකෝ වෙන්නෙ....?? බුදු දහමෙ මූලික හරය තමයි මැදුම් පිලිවෙත...කිසිම දෙයක අන්තයකට යන්ඩ එපා...උබ ඔය කියන්ඩ හදන එක අන්තයක්...සියලු දේ සිදුවෙන්න පෙර කල කර්මයට නෙමේ,ඕක බුදු දහම එහෙම නෙමේ .:no:

    ඉතින් ඒවත් ඵල දෙනවනෙ. නිරායාසයෙන් සිදුවෙන දේවල් සියල්ල වෙන්නෙ කර්මය නිසා තමයි. හැබැයි සිදුකරන දේවල් කරන්නෙ චේතනාවෙන්..

    නිදහසේ ජීවත්වෙන free will එකක් තියන අය මේ ලෝකෙ නෑ. නමුත් අපිට හිතෙනව එහෙම free will එකක් තියනව කියල. මොකද අනන්ත අප්‍රමාණ අපරාපර්‍යවේදනීය කර්ම අපිට තියන නිසා. අපි කරන එකම දේ චේතනාව මගින් කර්මය shift කරන එක විතරයි.

    සත්වයෙක්, පුද්ගලයෙක් නැතුව හේතුඵලදහමක් පවතින්නෙ ඒකයි.

    free will එකක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒවත් ඵල දෙනවනෙ. නිරායාසයෙන් සිදුවෙන දේවල් සියල්ල වෙන්නෙ කර්මය නිසා තමයි. හැබැයි සිදුකරන දේවල් කරන්නෙ චේතනාවෙන්..

    නිදහසේ ජීවත්වෙන free will එකක් තියන අය මේ ලෝකෙ නෑ. නමුත් අපිට හිතෙනව එහෙම free will එකක් තියනව කියල. මොකද අනන්ත අප්‍රමාණ අපරාපර්‍යවේදනීය කර්ම අපිට තියන නිසා. අපි කරන එකම දේ චේතනාව මගින් කර්මය shift කරන එක විතරයි.

    සත්වයෙක්, පුද්ගලයෙක් නැතුව හේතුඵලදහමක් පවතින්නෙ ඒකයි.

    free will එකක් නෑ.

    එතකොට සුනාමියෙන් මැරුන ඔක්කොම මලේ කර්මය නිසාද??
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    එතකොට සුනාමියෙන් මැරුන ඔක්කොම මලේ කර්මය නිසාද??

    සුනාමියට අසු වීම හා මියයාම කියන්නෙ 2 ක්.

    මියගිය ඔක්කොටම එයාලගෙ කර්මය නිසයි උනේ..
    ඔක්කොටම එයට අදාල දිඨ්ඨදම්මවේදනීය කර්ම තියෙන්නෙ නෑනෙ. හැබැයි අනන්ත අප්‍රමාණ භවයන් වලදි කරන ලද අපරාපර්‍යවේදනීය කර්ම අනිවාර්යයෙන් තියනව. ඒ අපරාපර්‍යවේදනීය කර්මයක්, දිඨ්ඨදම්ම වේදනීය කර්මයක් විසින් උඩට අරගෙනම තමා ඕක වෙන්නෙ.

    කවුරුවත් අහම්බෙන් මැරෙන්නෙ නෑ. ඒක හේත්ඵල වාදයට පටහැනියි නෙ. හැබැයි සුනාමියට අහුවුන අයට බේරෙන්න තිබ්බ ඒ වෙරලාසන්නයට නොගියනම්. එතකොට එතන දිඨ්ඨදම්මවේදනීය කර්මයක් නෑනෙ අපරාපර්‍ය්වේදනීය කර්මයක් උඩට ගන්නෙ. එතකොට නොමැරී ඉන්නව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුනාමියට අසු වීම හා මියයාම කියන්නෙ 2 ක්.

    මියගිය ඔක්කොටම එයාලගෙ කර්මය නිසයි උනේ..
    ඔක්කොටම එයට අදාල දිඨ්ඨදම්මවේදනීය කර්ම තියෙන්නෙ නෑනෙ. හැබැයි අනන්ත අප්‍රමාණ භවයන් වලදි කරන ලද අපරාපර්‍යවේදනීය කර්ම අනිවාර්යයෙන් තියනව. ඒ අපරාපර්‍යවේදනීය කර්මයක්, දිඨ්ඨදම්ම වේදනීය කර්මයක් විසින් උඩට අරගෙනම තමා ඕක වෙන්නෙ.

    කවුරුවත් අහම්බෙන් මැරෙන්නෙ නෑ. ඒක හේත්ඵල වාදයට පටහැනියි නෙ. හැබැයි සුනාමියට අහුවුන අයට බේරෙන්න තිබ්බ ඒ වෙරලාසන්නයට නොගියනම්. එතකොට එතන දිඨ්ඨදම්මවේදනීය කර්මයක් නෑනෙ අපරාපර්‍ය්වේදනීය කර්මයක් උඩට ගන්නෙ. එතකොට නොමැරී ඉන්නව.

    මේකට කියන්නෙ නොදන්න කම කියල,අනිත අන්තගාමි වීම...නොදන්න දේ තමයි මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් හදිස්සි අනතුරක් නිසත් ඒකයි සම්බුද්ධ දේශනාව...ඒක නිසා හැම දේටම කර්මය කර්මය කියන්ඩ එපා..මුලින් බුදු දහම ඉගෙන ගනින්...උබ බේසික් දන්නෙ නැනෙ බුදු දහමෙ...
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේකට කියන්නෙ නොදන්න කම කියල,අනිත අන්තගාමි වීම...නොදන්න දේ තමයි මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් හදිස්සි අනතුරක් නිසත් ඒකයි සම්බුද්ධ දේශනාව...ඒක නිසා හැම දේටම කර්මය කර්මය කියන්ඩ එපා..මුලින් බුදු දහම ඉගෙන ගනින්...උබ බේසික් දන්නෙ නැනෙ බුදු දහමෙ...

    ව්. ඒක ඇත්ත. අනිවාර්‍යයෙන්ම හදිසි අනතුරක් වෙලා නොදන්නකම නිසා මිනිහෙක් මැරෙන්න පුලුවන්.

    හැබැයි මරණය ගෙන දෙන්නෙ දිඨ්ඨදම්මවේදනීය කර්මයකින් හෝ අපරාපර්‍යවේදනීය කර්මයකින්...

    සමහරු හදිසි අනතුරු වෙලත් බේරෙන්නෙ ඒකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ව්. ඒක ඇත්ත. අනිවාර්‍යයෙන්ම හදිසි අනතුරක් වෙලා නොදන්නකම නිසා මිනිහෙක් මැරෙන්න පුලුවන්.

    හැබැයි මරණය ගෙන දෙන්නෙ දිඨ්ඨදම්මවේදනීය කර්මයකින් හෝ අපරාපර්‍යවේදනීය කර්මයකින්...

    සමහරු හදිසි අනතුරු වෙලත් බේරෙන්නෙ ඒකයි.

    පිස්සුද බන් බහුතරයක් මිනිස්සු මැරෙන්නෙ ආයුශ ඉවරවෙලා වයසට ගිහින්....ඒකට කර්මයක් අදාල වෙන්නෙ නැ...ඒක අයිති වෙන්නෙ නියාය ධර්මයන්ට...මේ කාලෙ උපරිය ආයු කාලය 70 නම් 70 තමා...මහා බලවත් කුසල කර්මයක් තිබ්බ කියල 700 ක් ජීවත් වෙන්නෙ නැ...

    බුදු දහම කියන්නෙ විශාල ප්‍රරාශයක් තුල පැතිරුන දෙයක් ...සියල්ල සිදු වෙන්නෙ එක හේතුවක් මත නෙමේ...හේතු රාශියක් තියෙනව....ඔක්කොම සිද්ද වෙන්නෙ කර්මය නිසාමයි කියනවනම් ඒක අන්තයක්....බුදු දහම මැදිම් පිලිවෙත අගය කරන ආගමක්..
     
    හරි හරි. අයුක්ෂය මරණය කියන එකනෙ උබ ඔය කියන්නෙ. ඒක හරි. ඒක වෙන්න පුලුවන්. හැබැයි ඒක හේතුඵල දහමට විරුද්ධ නෑ. මොකද ආයු කාලය ඉවර උනහම ආයෙ අනිවාර්‍යයෙන්ම මැරෙනවනෙ.

    හැබැයි සුනාමිය එහෙම නෙමේ. සුනාමියට අහු වුනා කියල මැරෙන්න ඕනෙම නෑනෙ. Luck එකක් තිබ්බොත් බේරෙන්නත් පුලුවන්නෙ. ඒක ආයු ඉවර උනහම එන මරණයට වඩා වෙනස්. ඒ වගේ තැන් වලදි ඉතින් කර්මය ඉදිරිපත් වෙනව. අහම්බෙන් මැරුනොත් උබ කොහොමද ඒක හේතුඵල දහමෙන් පැහැදිලි කරන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි. අයුක්ෂය මරණය කියන එකනෙ උබ ඔය කියන්නෙ. ඒක හරි. ඒක වෙන්න පුලුවන්. හැබැයි ඒක හේතුඵල දහමට විරුද්ධ නෑ. මොකද ආයු කාලය ඉවර උනහම ආයෙ අනිවාර්‍යයෙන්ම මැරෙනවනෙ.

    හැබැයි සුනාමිය එහෙම නෙමේ. සුනාමියට අහු වුනා කියල මැරෙන්න ඕනෙම නෑනෙ. Luck එකක් තිබ්බොත් බේරෙන්නත් පුලුවන්නෙ. ඒක ආයු ඉවර උනහම එන මරණයට වඩා වෙනස්. ඒ වගේ තැන් වලදි ඉතින් කර්මය ඉදිරිපත් වෙනව. අහම්බෙන් මැරුනොත් උබ කොහොමද ඒක හේතුඵල දහමෙන් පැහැදිලි කරන්නෙ?

    මම කියන එකෙක් නෙමේ බන් බුදු දහමෙ උගන්නන දේ මම කියන්නෙ..:yes:.හදිස්සි අනතුරක් නිසා මැරෙන්නෙ, හේතුව සුනාමිය - ඵලය මරනය අමුතුවෙන් පැහැදිලි කරන්ඩ දෙයක් නැ..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම කියන එකෙක් නෙමේ බන් බුදු දහමෙ උගන්නන දේ මම කියන්නෙ..:yes:.හදිස්සි අනතුරක් නිසා මැරෙන්නෙ, හේතුව සුනාමිය - ඵලය මරනය අමුතුවෙන් පැහැදිලි කරන්ඩ දෙයක් නැ..

    හේතුව -සුනාමිය, ඵලය- මරණය, ඕක හැම තැනටම valid නෑනෙ.
    හෙතුව- ආයු ඉවර වීම, ඵලය-මරණය. valid

    බුදුහාමුදුරුවොම තමා හේතුඵල දහමත් දේශනා කරේ. උබම හිතල බලපන් මොකද්ද හරි කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුව -සුනාමිය, ඵලය- මරණය, ඕක හැම තැනටම valid නෑනෙ.
    හෙතුව- ආයු ඉවර වීම, ඵලය-මරණය. valid

    බුදුහාමුදුරුවොම තමා හේතුඵල දහමත් දේශනා කරේ. උබම හිතල බලපන් මොකද්ද හරි කියල..

    මොකක්ද දැන් ඔය දෙකේ වරද?? ආයුශ ඉවර උනාම මිනිස්සු මැරෙනව....අකුසල කර්මය නිසාත් මිනිස්සු මැරෙනව...හදිස්සි අනතුරකිනුත් මැරෙනව.... ඉතින් මොකක්ද අවුල??? ඕක උබේ තියෙන්නෙ හිතිමේ ප්‍රශ්නයක්...ඔක්කොම සිද්ද වෙන්නෙ කර්මය කියල හිතුවම ඔක සාමන්ය දෙයක්..

    බුදු දහමෙ කොහෙවත් ගැටලු නැ...ගැටලුව ඇති වෙන්නෙ ඔක්කොම මැරෙන්නෙ කර්මයෙන් කියුවොත්... අන්තගාමි ආගම්ක් නෙමේ බුදු දහම...