කර්මය, ක්රියාව හා ප්රතිඵලය..
කර්මය, ක්රියාව හා ප්රතිඵලය..
මම මෙහෙම ප්රශ්නයක් අහන්නම්,
අමිල, රුවන්ට රු.1000 ක් දෙනවා.
ඔතන සිද්ද වෙන දේ කාට හරි කර්මය අනුසාරයෙන් පැහැදිලි කරන්න පුලුවන්ද?
හරි මමම කියන්නම්, මගෙ මතයට විරුද්දයිනම් පැහැදිලි කරන්න.
ඔය ක්රියාව කෑලි දෙකකට කඩන්න පුලුවන්.
1. අමිලගෙ රු 1000 ක් දීමේ චේතනාව.
2. රුවන්ට රු 1000ක් ලැබීම.
ඉහත පලවෙනි කොටසින් අමිල පිනක් රැස් කර ගන්නවා. රුවන්ට ඒ රු 1000 ලැබුනත් නැතත්. ඒ කුසලය අමිලගෙ අතින් රු 1000 ගිලිහුනු මොහොතේම සිද්ද වෙනව. ඒ කියන්නෙ අමිල ඒ රු1000ට තිබ්බ ආසාව අත්හැරගැනීමත් එක්කම ඒ කුසලය වෙනව. තව විදිහකින් කිව්වොත් ඒ රු1000 අමිල වෙන කෙනෙකුට දෙනව රුවන්ට දෙන්න කියල. අර කෙනා ඒ රු1000 රුවන්ට දුන්නත් නැතත් අමිලට කුසලය සිද්ද වෙනවා.
දෙවැනි කෑල්ලෙන් වෙන්නෙ මොකද්ද? රුවන්ට රු 1000ක් ලැබෙන්නෙ කොහොමද? අමිල දුන්න නිසාද? නෑ. ඒක රුවන්ගෙ පෙර පිනක විපාකයක් නිසා තමා ලැබෙන්නෙ. එහෙම රුවන්ට පෙර පින් නැත්තං ඒ සල්ලි අමිල දුන්නත් රුවන්ට නොලැබී යනව.
ඒ කියන්නෙ අපිට මේ ලැබෙන හැමදේම පෙර කර්ම නිසා ලැබෙන දේවල්ද? ඔව්. 99%ක් ම අපේ දිඨ්ඨදම්මවේදනීය කර්ම නිසා ලැබෙන විපාක. අපි ජොබ් එකක් කරා කියන්නෙත් කර්මයක් කිරීමනෙ. ඒකෙ මෙලොව විපාක තමයි අපේ පඩිය.
අපේ සල්ලි කවුරු හරි හොරකම් කරොත්?
ඒ සල්ලි හොරකම් වෙන්නෙ අපෙ පව නිසා. හොරකම් කරත් ගන්න බැරිනම් ඒ අපේ පින.
අපි ට හානි කරා, හොරකම් කරා කියල අනිත් උන්ට වෛර කරල තේරුමක් නෑ.
සියල්ල හේතුඵල දහමට අනුවයි සිද්ද වෙන්නෙ.
හැබැයි දිඨ්ඨදම්ම වේදනීය කර්ම කරල ලැබෙන්න තියන අකුසල විපාක වලක්වා ගන්න පුලුවන්...
හරියට අපි සිල් රැකල, හොඳ ගුණගරුක රස්සාවක් කරොත් අපේ දේවල් හැමදාම රැකිල තියෙයි...

ඕක වැරදියි බන්....මුලින්ම දිඨ්ඨදම්මවේදනීය කර්මය කියන්නෙ මොකක්ද කියල හොයා ගනින්..