කාන්තාව.............

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඇතුලට එනවකො....................?????
    .
    .

    KGrd8Izm.jpg

    .
    .

    මිනිස් ඉතිහාසයේ එක්තරා තීරණාත්මක කඩ ඉමකදී ගැහැණිය මිනිසාව "ඒක ස්වාමික විවාහයකට බැඳ ගත්" (Monogamy / Monogamous ) බැඳගත් අතර, ශිෂ්ඨාචාරයේ සුක්කානම පිරිමියා අතට දෙමින් ගැහැණිය පිරිමියාට පරාජය වූයේ ආන්න ඒ ලක්ෂ්‍යයේ දී බව කියැවේ.....එතෙක් කල් ගැහැණිය සතුව පැවති දාරකයාගේ හෙවත් දුහිතෘ පෙළපතේ අයිතිය මෙන්ම, මිනිසාගේ යැපීමට අත්‍යාවශ්‍ය දෑ නිපදවන නිෂ්පාදන උපකරණ වල සහ නිෂ්පාදන වස්තු වල අයිතියද, එක ගැහැණියකට එක පුරුෂයෙක් යන ක්‍රමය ගැහැණුන් විසින්ම පනවා ගත් දා සිට පිරිමියාට පැවරිණි....

    එතැන් සිට ගැහැණිය යනු පිරිමියාට අයත් තවත් එක් "වස්තුවක් හෝ සම්පතක්" පමණක් විය....අනාගතයේ තමන් රක්ෂා කරන බව කියන දාරකයන්ගේ නමට සිය නමෙන් කොටසක් එක් කළ පිරිමි, යැපුම් අවශ්‍යතා සපුරාලන වස්තු " දේපළ අයිතිවාසිකම් " ලෙස තමා සන්තක කර ගත් හ....

    එවක් පටන් තම කුසෙන් උපන් දරුවාගේ අයිතිය පවා අහිමි වන කාන්තාවට, යැපීම උදෙසා පිරිමියාගේ දෙපාමුල වැතිර ගන්නට සිදුවිය...

    ඉන්පසුව මේ පිරිමි වර්ගයා මිනිසා විසින් අනුගමනය කළ යුතු, පිළිපැදිය යුතු "සම්මතය" සාදන කතෘවරුන් වූ අතර, එයින්ම සංස්කෘතිය උපන්නේය......ශිෂ්ඨාචාරය යනු සංස්කෘතිය නම් රුවළ මගින් හරවනු ලබන නැවක් බැවින්, එවක් පටන් මෙලොව සියළු ශිෂ්ඨාචාර වල ස්වරූපය සකස් වූයේද පිරිමින්ගෙ අණ පරිදිය.....

    පිරිමින්ගේ අණ යනු පිරිමින්ගෙ කැමැත්ත විය....යමෙකු " අණ" දෙන්නේ තමන්ගෙ කැමැත්ත ඉටු කරවා ගන්නටය.... ඉතින් මේ පිරිමි වර්ගයාගේ සංස්කෘතික අණ දීමත් පිරිමින්ගේම කැමැත්ත ඉටු කරන ක්‍රමවේදයන් සැකසීමට මුල් වූවා විනා, අන් කිසිවක් ගැන කල්පනා නොවීය....

    පිරිමින් එමඟින් කාන්තාව සිය කැමැත්තට හෙවත් බළහත්කාරයට යටත් කරගෙන, එම කැමත්ත දිගටම ඉටුවන බවට වග බලා ගැනීමට, ඔවුන් මත සංස්කෘතික බළහත්කාරය පනවනු ලැබීය....

    සංස්කෘතිය සතු සෘජු සහ වක්‍ර ප්‍රතිඵල ඇත....

    1. "නීතිය" යනු සංස්කෘතියේ සෘජු ප්‍රතිඵලයකි.
    2. "ආගම" යනු සංස්කෘතියේ වක්‍ර ප්‍රතිඵලයකි

    ඉතින්, මේ මානව සමාජය හසුරුවන නීති රීති නිඝණ්ඩු ගත වූයේද උක්ථ සංස්කෘතිය මගින් සකසනු ලබන සමාජ චින්තනය පදනම කරගෙන වන අතර,

    ඒ නිසා එදා සිට අද තෙක් විකාශය වී ඇති සියළු ලෝක සමාජ වල "රාජ්‍ය නීති, දණ්ඩ නීති, සිවිල් නීති" වල මූලාරම්භය වූයේද, සම්පාදකය සහ උත්තේජනය වූයේද අර "සම්ප්‍රදාය සාදන පිරිමියාගේ කැමැත්‍තයි....

    එමෙන්ම, ඉහත කී පරිදි, සංස්කෘතියේ වක්‍ර නිෂ්පාදනය වූ "ආගම" ද බොහෝ විට සැකසුනේ පිරිමියාගේ අභිමතය පරිදි නිසා, එයද පිරිමියාගේ කැමැත්ත අනුව උපන් සංස්කෘතිය ට අනුසාරික (Conformist ) සහ සංරක්ෂණ වාදී ස්ථාවරයක් දරමින්, පිරිමියාගේ කැමැත්තට වහල් කම් කිරීම "මොන තරම් ආගමානුකූල සුන්දර දෙයක්ද" යන මතය ගැහැණියගේ ඔලුවට පොම්ප කළහ....මෙය එදා සිට අද දක්වාම, මෙළොව සෑම ආගමික සංස්ථාවකම දක්නය ලැබෙන නින්දිත අවලක්ෂණය කි.... පිරිමියාගේ කැමැත්‍ත ඉටු කරමින්, පිරිමියාට ඇවැසි පරිදි හැසිරෙන ගැහැණියට ස්වර්ග, දිව්‍ය ලෝක පඩංගු මරණින් මතු ලැබෙන බවට පොරොන්දු වන ආගම්, එසේ නොවී තම අභිරුචිය පරිදි ජීවත් වන කාන්තාවට උරුම නිරය බව කියා ඈ බිය වද්දයි....

    ආගම සහ සංස්කෘතිය යන "පිය පුතු" දෙදෙනාම එක්ව කරන අනෙක් කාර්‍ය වනුයේ, ගැහැණිය යනු "කයින් මනසින් දුර්වල අසරණියක්" බවත්, එම නිසා ගැහැණියට පිරිමියාගේ සරණ නොමැතිව ජීවත් විය නොහැකි බවත්, ගර්හිත මතවාද හරහා පුන පුනා ගැහැණියගේ ඔලුවට එන්නත් කිරීමයි....මෙම කාර්‍ය භාරය කිරීමෙහි ලා ප්‍රමුඛ වන්නේද අතීතයේ සිට සම්ප්‍රදායට වහල් කම් කළ මහලු ගැහැණුන් සහ ලොවට සුදු රෙදි පෙන්වන "ශුද්ධ වූ ස්ත්‍රීන්" ය...

    මේ සියල්ලෙහිම ප්‍රතිපලයක් ලෙස පිරිමියා සිය "ආතල්" එක පවත්වා ගැනීමට අනුගමනය කරන ක්‍රියා පටිපාටි ගැහැණියට නෛතිකව වාරණය වන්නේය...මේ නෛතික වාරණද මුලින්ම පිරිමියාගේ මනසේ ඉපිද, සම්මුතිය බවට පත්ව, පසුව සංස්කෘතිය සහ නීතිය බවට පත්ව, සභ්‍යත්වයේ නිර්ණායක බවට පත්ව, ආගම් වලටත් රිංගාගෙන ඒවායේ දේශනා බවට පත්ව, ආගමික නිර්දේශ බවට පත්ව ගැහැණියගේ දෑතට විලංගුවක් ලෙස පළඳවනු ලැබීය....( එය මෙම රටාවටම සිදු නොවූවත්, හරය ගලා යෑමක් ලෙස ගත් විට සිදු වූයේ මේ අයුරිනි )

    පිරිමියාට අනුව ගැහැණිය යනු "තම ආතල් එකේ කොටසක්" පමණි.....ඒ අනුව ගැහැණිය ඇයගේම ආතල් එකක් පවත්වාගෙන යෑම පිරිමි ඇසට විෂ සහිතය.....මක් නිසාද, තමන්ගේම ආතල් එකක් පවත්වා ගනු ලබන්නේ ස්වාධීන චින්තනයක් සහිත, වැඩුණු මනසක් සහිත ජීවියෙකු නිසාය.....ගැහැණිය ස්වාධීන චින්තනයක් සහිත වුවහොත්, පිරිමින්ට ඇය තම ආතල් එකේ කොටසක් ලෙස දිගටම පවත්වා ගෙන යෑමට නොහැකි වන නිසා, ගැහැණියගේ ආතල් එක යනු හැම විටම පිරිමි අර්ථ දැක්වීම් වලට අනුව පාපයකි.....

    මහා සංකීර්ණ යැයි කියන ඉන්දු-ආර්ය සංස්කෘතීන් හිද, සරල නූගත් ඒබ්‍රහමික සංස්කෘති වලද "ගැහැණිය පෙළීම, ගැහැණියගේ විනෝදය, ජීවිත වින්දනය ආගමික සහ නෛතික වශයෙන් තහනම් කිරීම" එකම පොදු අවලක්ෂණයක් වන්නේ මේ නිසාය......

    උදාහරණයක් ලෙස, වත්මනේදී මුළු ලොවම පිළිගන්නා නෛතික පටිපාටීන්ගේ තිඹිරිගෙය වන රෝමය වනාහි, මිනිසා සංකීර්ණ සමාජ සැකැස්මක් තනා ගැනීමේ මූලික අවදිය සඳහා කදිම නිදර්ශණයකි ... ( සමහරුන් රෝමය එහි අග්‍රඵලයක් ලෙස සළකතත්, සැබෑ තතු එසේ නොවේ ) .... ග්‍රීක චින්තනයෙන් ශිෂ්ඨයන් වූ රෝමානුවන්, පසුව එහි නීති රීති සකස් කර ගත්තේද ඔලිම්පියානු ( සියුස්, ඇතීනා ආදී දේව ගණයා කෙරෙහි මිථ්‍යා විශ්වාස ) සම්මුතීන් පදනම් කරගෙනය......එනමුදු රෝමය වූ කළී පුරුෂාධිපත්‍යයේ අයෝමය සංකේතයක් විය.....පිරිමියා බාහු බලයෙන් ලොව පාලනය කිරීම සහ මනසේ අවිෂය, විෂයට යටත් කරගෙන ලොව පාලනය කිරීම යන දෙකට රෝමය ප්‍රබල උදාහරණයක් විය.....

    රෝමයේ සෑම බිම් අඟලක්ම පුරුෂ ලිංගය සතු ශක්තිය සහ පුරුෂ කාම ශක්තිය නිරූපණය කරන ගෘහ සහ වාස්තු නිර්මාණ වල හෙබියේය......ඒ ගෘහ නිර්මාණ ශිල්පයේද තිඹිරි ගෙය වූයේ ග්‍රීසිය වුවත්, රෝමය එම ශිල්පයන් උකහා ගත්තේ වඩා දරදඬු ලෙස පුරුෂ සංකේත උද්දීපණය වන පරිද්දෙනි....."කැටාලස්" නම් රෝම කවියා වරෙක ඔහුගේ කාව්‍ය නිර්මාණයක ලියා තිබුණේ " ගැහැණිය පා මුදු තබත් දෙන් !" කියා ය.... ( ඔහු මෙය ලියන ලද්දේ රෝම සෙනෙට් සභාවට ස්ත්‍රීන් පත් කිරීම සඳහා වූ කතිකාවතක් අතර තුරය...... ඔහු එයින් අදහස් කරන ලද්දේ ගැහැණිය පිරිමියාට ඇවැසි පරිදි සිය මට සිළුටු භූමිකාවෙහිම සිටිත්වා යන්නය )

    නූතනයේ අප පිළිගන්නා නීති රීති රෝමයේ බිහිවන්නේ අප මේ කථා කරන පුරුෂ මූලික සෙවණැල්ලේය...... පසු කළෙක මැද පෙරදිගින් සම්ප්‍රේෂණය වූ "ස්ත්‍රී විරෝධී" ඒබ්‍රහමික මතවාද රෝමයේ මේ පුරුෂාර්ථ සමග මනාව මුහුවූ අතර, අප අද දිනයේ දී හදාරනු ලබන නීති රීති විකාශය වූයේ මේ පදනම මතය......."සියුස් ගේ අතින් දේවත්වය සර්ව බළධාරි දෙවියාට ගියාය කියා, ගැහැණියට කිසිදු යහපතක් සිදු නොවීය....සිදුවූයේ ඔලිම්පියානු දේවත්වය තුළ "ඇතීනා, වීනස්" ආදි දෙවඟනන් මඟින් ප්‍රබලව සංකේතවත් කෙරුණු ලෝකාරම්භක ස්ත්‍රී අර්තය පවා යටපත් වී, මේ සර්ව බළධාරියා යටතේ ගැහැණිය, නොවටිනා, ඉල ඇටයකින් උපන් "බඩුවක්" බවට පත්වීම පමණි.....

    මෙහිම දිගුවක් එංගලන්තයේ සංස්කෘතිය, අටවැනි හෙන්-රි රජුගෙන් පසුව මේ සාම්ප්‍රදායික ලක්ෂණම වෙනස් අයුරකින් ගෙන "නිපදවන ලද" ඉංග්‍රීසි පල්ලිය හෙවත් " ඇන්ග්ලිකන් වංශයේ " හර පද්ධතියට විශාලම බලපෑමක් කළේ පළමු වැනි වික්ටෝරියානු රැජිණය.....ඇය ගැහැණියක වුවත්, පුරුෂාර්ථයන්ම වගා කරමින්, ස්ත්‍රී පීඩක ලෙස හැසිරෙන්නට වූයේ, ලලනා විචිත්‍රත්වය තම රූප කායෙහි නොමැති වීම නිසා ඇය අනෙක් ගැහැණුන්ට ඊර්ෂ්‍යා කළ නිසා බව ඇතැම් විචාරකයෝ පවසති.......වික්ටෝරියාගේ සමකාළීනයන් ලේඛන ගත කරන ලද දෑට අනුව, වික්ටෝරියාට තිබුණේ රජ මාළිගාවක දරදඬු නීති රීති සහ සම්ප්‍රදායන්ට යටත්ව දියවී ගිය සිය ළමා කාළය පිළිබඳව ඉතාම අසහනකාරී අතීත ආවර්ජනයකි......ඈට දියණියක් ලෙස, යුවතියක් ලෙස, රාජ ගොත්තයේ සහ රාජ වංශ සම්ප්‍රදායේ රූකඩයක් වනවා විනා, කිසිදු නිදහසක් නොවීය...... .... එනිසා තමා ලද ස්ත්‍රීත්වයට වෛර කළ වික්ටෝරියා, ක්‍රිස්තියානි අන්තවාදයේ රැහැණින් කාන්තාව බැඳ දමන ලද්දීය.......

    කාන්තාවට මත්පැන් තහනම, රාත්‍රී කාළයේ වීදි සංචාරය තහනම ආදී මතවාද රාශියක් 18 - 19 වැනි සියවස් වල ඉංග්‍රීසි නීතියට මුසු වන්නේ, මේ වික්ටෝරියාලා තමන්ට ලබාගැන්ම දුෂ්කර ස්ත්‍රීත්වයේ ප්‍රමෝදය ( මේ කියන්නේ ලිංගික සංසර්ගය ගැන පමණක් නොවේ.....තරුණියන් යනු ඇතුළාන්තයෙන්ම විනෝදකාමය සහ උතුරා යන ප්‍රමෝදයක් සහිත පිරිසකි.... එය ලිංගික එක්වීමකට ලඝු කළ නොහැකි දෙයකි ) අනෙක් ස්ත්‍රීන්ට ලැබීම වැලැක්වීමේ කුහක අරමුණු පෙරදැරි කරගෙන සිටි නිසාය......එයට "ස්ත්‍රී විරෝධී" ක්‍රිස්තියානි බයිබලය කදිම රුකුළක් වූවාට සැක නැත.....

    ඒ නිසා අද අප පිළිපදින නීති රීතිද කොතරම් ඊනියා නූතනවාදීය කියතත්, ඒවායේ ද පදනම ප්‍රශ්ණ කළ විට මතුවන්නේ පිරිමියාගේ අණසක සහ ගැහැණියගේ වහල් කම පමණි......

    අද ශ්‍රී ලංකාවේ ගැහැණියට මත්පැන් විකිණීමේ ඊනියා තහනමක් ඉවත්ව තිබේ.... මේ තහනම එවකට නීති ගත වූයේ වික්ටෝරියාලාගේ කුහක ඊර්ෂ්‍යා පූර්වක පාලනය නිසා උපන් සභ්‍යත්වය සහ එම චින්තනයට මෙරටදී මුසුවූ බෞද්ධ යැයි කියාගත්, එනමුත් වෛදික බමුණු මතවාද වලින් සැකසුණු ඊනියා "බෞද්ධ" සංස්කෘතියේ රැකවරණයත් නිසාය......අනෙක් බොහෝ කාරණා වල වෙනස් කම් තිබුණත්, ගැහැණිය යන විෂය වස්තුව පෙළීම යන කාරණයේදී නම් මේ ඒබ්‍රහමික ක්‍රිස්තියානි සහ ඉස්ලාමික ගෝත්‍රික මතවාදද, බෞද්ධ යැයි කියන වෛදික සංස්කෘතික මතවාදද තකට තකය......උනුන්ගේ බෑයන් පරිදිය......

    මෙවැනි අමන, ගර්හිත නීති රීති ඉවත් කිරීම ඉතාම යහපත් පියවරකි..... එය නූතනත්වය දෙසට තබන ප්‍රගතිශීලී පියවරකි......නිදහස් සමාජයන් බිහිවන්නට නම් බොහෝ දුරක් යා යුතු අතර, එබඳු දීර්ඝ පාගමන් බිහිවන්නේද මෙවැනි පියවරෙන් පියවරටය........හුදෙක් ගැහැණියට "බාර්" යන්නට චෑන්ස් එකක් ලැබීමට වඩා, මේ පියවරේ සංකේතාත්මක වටිනාකම විශාල එකක් වන්නේ එහෙයිනි.......

    නූතනයේ ගැහැණිය සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ යටත් වැසියාගේ භූමිකාවේ සිට කතෘවරියගේ භූමිකාව දක්වා මාරු වෙමින් සිටිති.....එවිට නීති රීතිත් එලෙසම කාළයට අනුරූපව වෙනස් වී යා යුතුමය..... තව දුරටත් ගැහැණිය යනු පිරිමියාගේ කොටසක්, ඉල ඇටයක්, අතුලක්, පතුලක් නොව පිරිමියාට සම සංකීර්ණ මනසක් සහ මොළයක් ඇති, ස්වාධීන ප්‍රාණියෙකු බව තේරුම් නොගන්නා ලෝක ශිෂ්ඨාචාර ඉතිහාසයේ කුණු බක්කියට යා යුතු අතර, ඒ මතින් නව චින්තනයන් ගොඩ නැංවිය යුතුය......

    නමුත් මේ සියල්ලටම වඩා අප විසින් එක දෙයක් මතක තබා ගත යුතුව ඇත......

    ගැහැණිය වනාහි අයිතිවාසිකම් අමුතුවෙන් ගෙනිහින් දෙන්න ඕන කෙනෙක් නෙමෙයි...... කූඩුවක ඉන්න ගිරවෙකුගේ පෝෂණය සළකා අප ඌට පළතුරු කෑලි දමන්නා සේ, මේ ගැහැණියට අයිතිවාසිකම් "දෙන" එක අපේ වගකීම යැයි නොසිතිය යුතුය......මක් නිසාද එතනත් ව්‍යංගයෙන් ඉස්මතු වන්නේ පුරුෂ මූලික චින්තනය නිසාය...... " ගැහැණුන්ට බොන්න අයිතිය දෙන්න ඕන.... ඒකට මම කැමතියි" වැනි කථා වල මොන තරම් මතුපිටින් නූතනවාදී පෙනුමක් තවරා තිබුණත්, ඒවායේ පතුලේ ඇත්තේද -

    " මම හෙවත් පිරිමියා ප්‍රමුඛයා.....මේ ගැහැණිය ජීවත් වෙන්නේ මගේ යටතේ.....අනේ ඉතින් ඔන්න ඔය වහළිය පොඩ්ඩක් බිව්වට කමක් නෑ.......ඒ අයිතිය මම දෙන්න සූදානම්.....කෝ ගන්න කොළයක් අත්සන් කරල දෙන්න"

    - යන චින්තනයයි.......

    ගැහැණුන්ට අයිතිය ප්‍රදානය කරන්න අපි කවුද?.......ඔවුන්ට ඔවුන්ගේ නිදහස "දෙන්න" අපි කවුද?........ගැහැණුන්ටත් උරුම පිරිමින්ට උපතින්ම උරුම වන මානව අයිතිවාසිකම් වන අතර, ඒවා ගැහැණුන්ද උපතින්ම ගෙන එනවා මිසක, ඒවා "ප්‍රදානය කළ නොහැක්කේය, අත්හළ නොහැක්කේය"......කාන්තාව වනාහි පිරිමියා නම් සංකීර්ණ ජීවියා විසින් නැටවිය යුතු, රැක බලාගත යුතු, අනාථ දුර්වල අසරණ උප ජීවී විශේෂයක් නොව, තමාට අනන්‍ය සංකීර්ණ මොළයක් සහ මනසක් සහිත ජීවියෙකි......ඇයගේ තීරණ තීන්දු ගැනීමට සහ ඇයට උවමනා දෙයක් කරන්නට ඇයට ඇති අයිතිය, කවුරුන් විසින් හෝ ප්‍රදානය කළ යුතු දෙයක් නොව, මේ ජල ග්‍රහලෝකයේ උපන් මොහොතේ පටන් ඇයට හිමිවන විශිෂ්ඨ අයිතියකි.....

    තවත් දෙයක් තිබේ....

    ගැහැණියක් ලෙස තමා උපන් පසුව, තම තරුණ විය පුරාවට තමා නොලද අවස්ථා ඉන් පසුව එන තරුණ කාන්තාවන්ට ලැබෙනවා නම්, ඒ කෙරෙහි කුහක නොවී ඒවා ආරක්ෂා කර දීමටත්, දේශපාලනය සහ සංස්කෘතිය වැනි සිල්ලර දේවල් වල පාමුල ඒවා බිලිවෙන තැනට කටයුතු නොකිරීමටත් කාන්තාවන්ද වග බලා ගත යුතු වේ.......

    ඉස්සුවෙ බුකියෙන්...
    සටහන දමිත් කේතක.​
    ps_​
    මේකෙ කොහොමත් මුලයි අගයි ගැලපෙන්නෙ නෑ. සමහර කාරණා පරස්පර විරෝධී. නමුත් අදහස සහ වෑයම අගය කරන්න වටිනවා. දැන් මෙතන ෆේක් වලින් ඇවිත් රෙප් කපන්න comment දාන්න tag දාන්න ආපු තමන්ගේ ම භාෂාවෙන් කියනවා නම් රිදිච්ච #න්න කොට කැත කළු සිංහලුන්ට කියන්න දෙයක් තියෙනවා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මංගලගේ පක්ෂය දිගටම බලයේ හිටියොත් කාන්තාවන්ට හොඳ හොඳ අවස්ථා ලැබෙයි ඉස්සරහට
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    කායික ශක්තිය ගැන කියද්දි මෙහෙම එකක් තියනව. ගැහැනිය කායිකව දුර්වලයි කියනව නෙමේ, ඒත් ගැහැනියට වඩා පිරිමියෙක්ට කායික ශක්තිය වැඩී. ලෝකය හොඳ තැනක් වෙන්න ගැහැනු පිරිමි පිල් දෙකක් තිබිල බෑ. බෙදා හදා ගැනීමක් තියෙන්න ඕනෙ. එතනදි කායික ශක්තිය වැඩි පිරිමියට වගකීමක් පැවරෙනව. උදාහරනයක් දෙනවනම් බස් එකකට නගිද්දි අසුන් ගැනීමට ගැහැනියකට ප්‍රමුඛස්තානය දීම වගේ. (ගැහැනියක් හිටන් ඉන්න බස් එකක පිරිමියෙක් ඉඳන් සිටිය නොයුතුයි කියල මම කියන්නෙ නෑ. මේක ගොඩාක් තත්ව යටතේ කතා කලයුතු දෙයක්.)

    මේ මගේ අදහස. ඔයාල මොකද කියන්නෙ?
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ++

    ++

    ++

    ++

    මංගලගේ පක්ෂය දිගටම බලයේ හිටියොත් කාන්තාවන්ට හොඳ හොඳ අවස්ථා ලැබෙයි ඉස්සරහට
    දේශපාලන අරමණක් නැතුව පක්ශ පාට භේදයකින් තොරව තමයි මේවා වෙන්න ඕන.. ;);)
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ++

    ++

    ++

    ++

    දේශපාලන අරමණක් නැතුව පක්ශ පාට භේදයකින් තොරව තමයි මේවා වෙන්න ඕන.. ;);)

    ඔව් බන් ඕව විතරක් මදි feminism වගේ වටිනා සංකල්පත් ලංකාවට ගෙනල්ලා පුරුෂාධිපත්‍යය සම්පුර්නයෙන් නැති කරලා දාලා උයන පිහන වැඩ ළමයින්ගේ වැඩ ගෙදර දොරේ වැඩ එහෙමත් පිරිමින්ටම කරන්න දෙන්න ඕනේ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    කායික ශක්තිය ගැන කියද්දි මෙහෙම එකක් තියනව. ගැහැනිය කායිකව දුර්වලයි කියනව නෙමේ, ඒත් ගැහැනියට වඩා පිරිමියෙක්ට කායික ශක්තිය වැඩී. ලෝකය හොඳ තැනක් වෙන්න ගැහැනු පිරිමි පිල් දෙකක් තිබිල බෑ. බෙදා හදා ගැනීමක් තියෙන්න ඕනෙ. එතනදි කායික ශක්තිය වැඩි පිරිමියට වගකීමක් පැවරෙනව. උදාහරනයක් දෙනවනම් බස් එකකට නගිද්දි අසුන් ගැනීමට ගැහැනියකට ප්‍රමුඛස්තානය දීම වගේ. (ගැහැනියක් හිටන් ඉන්න බස් එකක පිරිමියෙක් ඉඳන් සිටිය නොයුතුයි කියල මම කියන්නෙ නෑ. මේක ගොඩාක් තත්ව යටතේ කතා කලයුතු දෙයක්.)

    මේ මගේ අදහස. ඔයාල මොකද කියන්නෙ?

    අදහස් දැක්වීම ගැන සතුටුයි Drift OConner.නමුත් ඔයිට වඩා ප්‍රාතමිකත්වයෙන් ඉදිරියට යන්න ඔන රටක් දියුනු වෙන්න.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    :)

    :)රෙප් වලට ස්තූතියි.

    ඔව් බන් ඕව විතරක් මදි feminism වගේ වටිනා සංකල්පත් ලංකාවට ගෙනල්ලා පුරුෂාධිපත්‍යය සම්පුර්නයෙන් නැති කරලා දාලා උයන පිහන වැඩ ළමයින්ගේ වැඩ ගෙදර දොරේ වැඩ එහෙමත් පිරිමින්ටම කරන්න දෙන්න ඕනේ.
    :lol: sarcasm next level. feminism කියන්නෙ කිසිම පදනමක් නැති දෙයක්.3 wave feminism කියන්නෙ Complete utter bullshit.මෙක gender neutralization එකෙ පියවරක්.රටක් දියුනු වෙනකොට කරන්න ඔන දෙයක්.;)

    මරුසිරා;22728561 said:
    බම්ප්
    :)
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    :)

    :)රෙප් වලට ස්තූතියි.

    :lol: sarcasm next level. feminism කියන්නෙ කිසිම පදනමක් නැති දෙයක්.3 wave feminism කියන්නෙ Complete utter bullshit.මෙක gender neutralization එකෙ පියවරක්.රටක් දියුනු වෙනකොට කරන්න ඔන දෙයක්.;)

    :)

    Feminism පැත්ත කින් තියන්න .එතකොට ඔබ කියන්නේ දියුණු නොවී ගෝත්‍රික වැඩිව කාන්තාව දිහා බලන්න කියලද?
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    methana prasnaya avith tiyenne ban ganu pirimi kiyala bedanna giya nisai. namuth attatama gattoth saktivantayatai loke tana tiyenne. piriminge unath sakti vanthayanta vitarai thana tiyenne. duravala piriminta kisima thanak me loke na. e vagema thami sakti vantha ganunta me loke loku thanak tiyenava. sirimavo, chandirka, me lankave hitapu rajja nayakayo dennek. sirimavo kiyanne loke prathama agamati.

    ganu pirimi kiyalla bedanne natuwa. saktimath, durvala kiyala bedapan. ethakota ubata penevi. koi tharam pirimin asarana vela, thalila pelila innavada kiyala.

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Feminism පැත්ත කින් තියන්න .එතකොට ඔබ කියන්නේ දියුණු නොවී ගෝත්‍රික වැඩිව කාන්තාව දිහා බලන්න කියලද?

    diunu venava kiyanna western concepts passe yana eka nevi. diunu venava kiyanne samaje tiyena prasna aduvena ekatai, hamoma satutu vena ekatai. namuth dan kale western ratavala ganu godak asatuten inne, piriminta danena pressure eka vadi, sexual assault vadi, discrimination vadi. lankave me tharamata prasna na. e ati balanakota lankava godak diunui. u kivva vage 3rd wave feminism eka ganunta victimize mentality ekak deela tiyenne. meka nisa western ratavala ganu koi velave vath inne victim vage. meka samajayata hitakara na. eka nisa api westerner concept bara nogata utui. ehema gattoth venne ape samajayeth me visa patirena ekai.
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    අදහස් දැක්වීම ගැන සතුටුයි Drift OConner.නමුත් ඔයිට වඩා ප්‍රාතමිකත්වයෙන් ඉදිරියට යන්න ඔන රටක් දියුනු වෙන්න.

    මම කතා කරන්නෙ ප්‍රයෝගික තත්ව ගැන. මේ කරුන ප්‍රාතමිකයි කියල ඔයා අදහස් කරන්නෙ මොකද්ද? ඉදිරියට යනව කියල අදහස් කරන්නෙ මොකද්ද?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    diunu venava kiyanna western concepts passe yana eka nevi. diunu venava kiyanne samaje tiyena prasna aduvena ekatai, hamoma satutu vena ekatai. namuth dan kale western ratavala ganu godak asatuten inne, piriminta danena pressure eka vadi, sexual assault vadi, discrimination vadi. lankave me tharamata prasna na. e ati balanakota lankava godak diunui. u kivva vage 3rd wave feminism eka ganunta victimize mentality ekak deela tiyenne. meka nisa western ratavala ganu koi velave vath inne victim vage. meka samajayata hitakara na. eka nisa api westerner concept bara nogata utui. ehema gattoth venne ape samajayeth me visa patirena ekai.

    diyunuwa kiyala math adahas kale okai: ekai kiwwe feminism paththakin thiyanna kiyala : western society eka nikan sini bolayi eka hariyanne naa. eth ape samajayak washayen gaththoth kanthawa haa ayata thiyana thana thaama gothrikai meka pirimingema kriyawak nisath nemeyi: cultural background ekath ekka kanthawange oluwata dapu wisak; eka bidinna one
     
    • Like
    Reactions: gmmdesilva

    na. :no: eka bidina ona na. ekata mama sampurneyma viruddai.
    ape rata kanthavata tiyena thana me hodatama ati. uba oya adahas karanne
    sexual freedom eka, bonna tiyena thana, petti nobalana eka, godak parissam nokarana eka. ehema nati eka hodai.

    poddak batahira diha balanna? 1950,40 ganan vala ganu godak satuten hitiye, namuth dan equal rights nisa godak ganuntan prasna vadi, depression vadi, single rate eka vadi, sexual assault onavata vada vadi. ganu pirimi vali dan enna enna western ratavala vadi.
    ekata hetuwa thami ganu nomaga gihin, prasna vala patalunama piriminta baninava. namuth varadda ungemai.

    ekata hetuwa thami ban. ganu kiyanne pirimi vage nevi, ganu ikmaninma nomaga yanava, varadata badenava vadi, itin ganunva eken mudavala tiya ganima thami pirimiyage vagakeema. equal rights dunnoth venne eka hariyata vadurata dali pihiya dunna vage venava.

    pirimi logical, ganu emotional, boladai, ravatenava vadi.
    ekai me hama ekatama mula. hama ganima me vage na,. namuth samasthayak vasayen ganunge hati mehema thami. me nisa thami adi kale idala ganunva rakima pirimiya karanne. ehema karanne ganunva control karala peeda karanna nevi, ganunva araksa karala, me samaya rakinnai.

    obe adahasa hari mama ehath kiyapuwa thamayi adahas kkare: eth mama personally kamathi naa gahaniya pirimiyage yatath sewakayek wenawata: eka kiyanne mage athdakin walin ape pawule akkala dennek graduate la ekeknta one une chemical science paththen scientist kenek wenna bande dockek wa eda idan eki karanne uge wadayi lamayige puka hodana ekayi. wate ape nandala, ammalath kate thiyenne pawula wenuwen e akka kapakara kiyala ethakota mahaththaya rata gihin specialist wennayi mekiya phd ekata research karanna epa pawula balaganin kiwwama eyage ayithiyata nidahasata mokada wenne. mama kiyanne pirimiyath okkoma ganita bara denne nathuwa wagakimak ganna one :