ඌරු දල

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    26231594_143596103097787_7665761682068904675_n.jpg



    රිෂාඩ්ගේ මවුලවිවරයා මරා දැමූ විල්පත්තුවේ “කල්ලාරු මහ ඇතාගේ” සිරුරු කොටස් හමුවේ..!

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දැවැන්ත දළ ඇතකු අමානුෂිකව වෙඩි තබා මරා දැමු පුවතක් අප මින්පෙර වාර්තා කළා. මෙම දළ ඇතා මරා දැමීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන්නේ මුස්ලිම් මවුලවිවරයෙකු වන අතර ඔහු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ හිතවතෙක් බවටත් සඳහන්.

    එම මවුලවිවරයා අඩි පහකට ආසන්න උසින් යුත් දළ යුගලය කපාගෙන එය රුපියල් ලක්‍ෂ පනහක මුදලකට උත්සාහ කිරීමේදි නිතීයේ රැහැනට කොටුව තිබුණා.

    අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 29 දා මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් තිදෙනා ඇත් දළ යුගලයත් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඇත් දළ යුගළයේ බර කිලෝ ග්‍රෑම් පනහකට ආසන්න අතර එහි එක්‌ දළයක්‌ අඩි හතරයි අඟල් දෙකක්‌ උසින් යුතුවේ.

    මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව විල්පත්තුවේ ඇතාගේ බවට සැලකෙන සිරුරු කොටස් මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් හමු වී ඇතැයි වාර්තාවේ.

    සැක කෙරෙන කල්ලාරු හස්තියාගේ සිරුරු කොටස් කඩිනමින් DNA පරීක්ෂණය සඳහා යොමු කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව අදාළ හස්තියාගේ බවට සැක කෙරෙන සිලාවතුර – මුල්ලිකුලම් රක්ෂිතයේ තිබී ඊයේ සොයා ගත් හිස සහ සිරුරු කොටස් සහ මීට පෙර සොයා ගත් ඇත් දළ යුගලයේ කොටස් ද මෙලෙස DNA පරීක්ෂාවට යොමු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

    මෙම ඇතා මීට මාස 8 ක පමණ සිටවිල්පත්තු ජාතික වනෝද්‍යානයේ හෝ ඒ අවට දක්නට නොලැබුණු බවට වාර්තා වී තිබු අතර අනුරාධපුර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ වෙත ලදතොරතුරකට අනුව පසුගිය දෙසැම්බර් 29 වනදා අඩි 4 යි අඟල්2 ක දිගින් යුත් ඇත් දළ යුවලක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිණ. ඉන් එක් සැකකරුවෙකු මල්වතු ඔය පාලම අසලදීත් ඉතිරි දෙදෙනා සිලාවතුර ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගැනුණි.

    ඒ අතර, සිලාවතුර පොලිස් වසමේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයා සිටීම ද විශේෂත්වයක්.

    මොවුන්ගෙන් හෙළි වූ කරුණු මත කිලෝග්‍රෑම් 50 ක් පමණ බරැති දළ යුගලය සොයා ගැණුනේ මල්වතුඔය පාලම අසල වන කැළෑබද ප්‍රදේශයක වළ දමා තිබියදීයි.

    සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.ඒ, ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

    මෙම ඇත් දළ යුගලය මෙතෙක් සොයාගත් විශාලතම ඇත් දළ යුගලය බවයි පොලීසිය සඳහන් කළේ.

    අත්අඩංගුවට ගත් එක් ඇත් දළයක් අඩි 4 යි අගල් 4 ක් දිගින් යුක්ත වන අතර අනෙක් ඇත් දළය අඩි 4 යි අගල් 3 ක පමණ දිගින් යුක්ත වනවා.

    එමෙන්ම ඒවා අඩි 1 යි අගල් දෙකක වට ප්‍රමාණයකින් ද යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ

    මේ අතර පරිසර සංවිධාන සඳහන් කරන්නේ මේ වනවිටත් කල් ආරු මහ ඇතා සමගින් සිටි තවත් ඇතුන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි.. ඒ අතර කල් ආරු ඇතාටත් වඩා දළ දිගින් වැඩි මේඝ නැමැති හස්තියාද සිටින බවයි සඳහන් කරන්නේ..!
     
    Last edited:

    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    mewa paththara wala danne nadda hitan dakkine nadda mewa?

    hitan ta bar ekak arina welawa gena ehema loku prashnayak. mewage dewal dakin naa