සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    නාගරික පොදු මගී ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම පිණිස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස්රථ 50ක් මිල දී ගැනීම

    - පහසුකම් සහිත, විශ්වාසදායී හා කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙකු විසින් තම එදිනෙදා ගමන් බිමන් සඳහා පෞද්ගලික වාහන භාවිත කරනු ලබන අතර, ඒ හේතුවෙන් නාගරික මාර්ගවල අධික වාහන තදබදයක් හා වාතය අපිරිසිදු වීමක් දක්නට ලැබේ.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය(ශ්‍රී ලං.ග.ම) සතුව ධාවනය කළ හැකි තත්ත්වයේ බස්රථ 6,300ක් ඇති අතර, ඉන් බස්රථ 2,467ක් වසර 10කට වඩා පැරණි වේ. එම පැරණි බස්රථ නිතර ආපදාවට ලක්වීම හේතුවෙන් මහජනතාවට විශ්වාසදායී හා කාර්යක්ෂම බස්රථ සේවාවක් සැපයීමේදී බාධා එල්ල වේ. එමෙන්ම, කාලසටහන් අවශ්‍යතා අනුව යෙදවීම සඳහා එම මණ්ඩලයට අවශ්‍ය මුළු බස්රථ සංඛ්‍යාව 7,257ක් වේ. තවද, ශ්‍රී ලං.ග.ම. බස්රථ ඇණිය 100%ක්ම ඩීසල් බස්රථවලින් සමන්විත වන බැවින් එය වායු දූෂණයට ද හේතු කාරකයක් වේ.

    එබැවින්, වයෝවෘද්ධ හා ආබාධිත මගී ජනයාටද පහසුවෙන් භාවිත කළ හැකි, පරිසර හිතකාමී, ශීඝ්‍ර බස්රථ ප්‍රවාහන සේවයක් (Bus Rapid Transit System) කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමටත්, මේ සඳහා වායු සමීකරණය කරන ලද, පතුල පහත් විදුලි බස්රථ 50ක් ශ්‍රී ලං.ග.ම. වෙත මිල දී ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීම

    - නිදන්ගත වකුගඩු රෝගයට සහ දන්ත හා අස්ථි ෆ්ලෝරෝසියාවට හේතුකාරක වන අනාරක්ෂිත භූගත ජලය මත යැපෙන රඹෑව හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියෙහි අදියර 1 ක්‍රියාත්මක කෙරේ.

    එම අදියර 1 ව්‍යාපෘතිය යටතේ ජලය ලබාගැනීමේ ව්‍යූහය ඉදි කිරීම, ජල පවිත්‍රාගාරය, ජල ගබඩා ව්‍යූහයන්, යාන්ත්‍රික, විදුලි ‍හා ගොඩනැඟිලි වැඩ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 6.17ක සහ දේශීය අරමුදල් රුපියල් මිලියන 2,349ක එකතුවට සමාන මුදලකට M/s Access Engineering PLC වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මැදිරිගිරිය ජල සම්පාදන ක්‍රමයේ අදියර III ක්‍රියාත්මක කිරීම

    - නිදන්ගත වකුගඩු රෝගයට ලක් වී ඇති, සුරක්ෂිත පානීය ජල මූලාශ්‍ර නොමැති ප්‍රදේශයක් වන මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයීම ඉලක්ක කරගනිමින් මැදිරිගිරිය ජල සම්පාදන ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ පවුල්ද මෙම ප්‍රදේශයේ නැවත පදිංචි කරවීම නිසා සුරක්ෂිත පානීය නළ ජලය සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතින අතර, එම ඉල්ලුම ආවරණය කිරීමේ අරමුණින් මැදිරිගිරිය ජල සම්පාදන ක්‍රමය අදියර III ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබ තිබේ.

    එම අදියර III ව්‍යාපෘතිය යටතේ බෙදාහැරීම් පද්ධතිය සඳහා සැලසුම් සකස් කිරීමේ හා ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,230ක මුදලකට M/s Squire Mech Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම

    - ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කරගැනීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් දෙරටෙහිම විශේෂඥයින් විසින් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඇත. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, සේවා නිදහස්කරණය, ආයෝජන, රාජ්‍ය ප්‍රසම්පාදන, තරගකාරිත්වය ආදී ක්ෂේත්‍රවලට අදාළ විධිවිධාන යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් වේ. කෙටුම්පත් ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණද සැලකිල්ලට ගනිමින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ. මෙම සංශෝධන හඳුන්වාදීම තුළින් ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් ගොඩනැ‍ඟෙන අතර, එම නිසා ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ලැබෙන ඍජු විදේශ ආයෝජන ඉහළ නැංවෙනු ඇත.

    ඒ අනුව, අවසන් කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලබාගැනීමට යටත්ව, ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම


    - ශ්‍රී ලංකාවේ අධිකරණ පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලි බොහොමයක් ඉතා පැරණි වන අතර, ඒවා නඩත්තුව සඳහා විශාල මුදලක් වැය කළ යුතුව තිබේ. එමෙන්ම, නීති කෘත්‍යයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එම ගොඩනැඟිලිවල පවතින ඉඩකඩද ප්‍රමාණවත් නොවේ. තවද, වැලිමඩ හා රත්නපුර අධිකරණ සංකීර්ණ නාය යාමේ අවදානමක් සහිත ඉඩම්වල පිහිටා ඇති බැවින් ඒවා ප්‍රතිස්ථාපනය කළ යුතුව තිබේ.

    ඒ අනුව, 2018 වර්ෂය සඳහා වූ අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් වැලිමඩ, රත්නපුර, තෙල්දෙණිය, පූගොඩ, කන්තලේ සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පිහිටි අධිකරණ සංකීර්ණ සඳහා නව ගොඩනැඟිලි ඉදි කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අකුරේගොඩ, ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ ප්‍රධාන ජල සැපයුම් පද්ධතිය ස්ථාපනය කිරීම

    - අකුරේගොඩ, ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණය ඉදි කිරී‍ෙම් ව්‍යාපෘතියේ ප්‍රධාන ජල සැපයුම් පද්ධතිය සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම හා සවි කිරීම (Design, Supply, Installation, Testing and Commissioning of Water Mains for DHQC Project) සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 494.48ක මුදලකට M/s Frigi Engineering Services (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගුවන් ගමන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම


    - ශ්‍රී ලංකාව සඳහා ගුවන් ගමන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපිත කිරීම සහ බලගැන්වීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ප්‍රංශ සමාගමක් හා කැනඩා සමාගමක් විසින් ඒ සඳහා ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 3.3ක හා රුපියල් මිලියන 65ක එකතුවට සමාන මුදලකට ප්‍රංශයේ M/s Thales Air Systems S.A.S. වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව (Smallholder Agribusiness Partnership) වැඩසටහන

    - ග්‍රාමීය කුඩා පරිමාණ කෘෂි නිෂ්පාදකයින්ගේ තරගකාරී හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග පුළුල් කරගැනීමට සහාය දැක්වීමේ අරමුණින්, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ආධාර යටතේ 'කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන' (Smallholder Agribusiness Partnership Programme) ක්‍රියාත්මක කෙරේ. සාපේක්ෂව අඩු සංවර්ධනයක් සහිත දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබා දෙමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් අඩු ආදායම්ලාභී ග්‍රාමීය පවුල් 57,500කට පමණ ප්‍රතිලාභ අත් වනු ඇත.

    සිය ගොවිපළ සංවර්ධනය සහ වාණිජ මට්ටමින් ව්‍යාපාර ශක්තිමත් කරගැනීම සඳහා තරුණ ගොවි ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අංගයකි. ඒ අනුව, නිෂ්පාදන කණ්ඩායම්, ගොවි කණ්ඩායම් සහ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට අවශ්‍ය ප්‍රාග්ධනය සලසා ගැනීම සඳහා 6.5%ක වාර්ෂික පොලී අනුපාතයකට මෙම වැඩසටහන යටතේ ණය පහසුකම් සලසා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    - https://sinhala.news.lk/cabinet-decusions/item/27071-208-01-16

    DECISION TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 16.01.2018
    - https://www.news.lk/cabinet-decusio...f-ministers-at-its-meeting-held-on-16-01-2018


    අනේ පොන්නයෝ විදුලි බස් ගේන්න කලින් අර ඩිපෝ වල කඩල ගොඩ ගහලා තියෙන බස් ටික හදල පාරට දාන්න කියපකෝ .
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනේ පොන්නයෝ විදුලි බස් ගේන්න කලින් අර ඩිපෝ වල කඩල ගොඩ ගහලා තියෙන බස් ටික හදල පාරට දාන්න කියපකෝ .

    Ponna kathawakne ban meka. Aluth deyak epa parana ewama kaal ganna kiyanne. Kadichchaewath hadana gaman aluth ewa genen kiwwa nam kamak na.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Major investment to upgrade railway system

    By Damith Wickremasekara

    Sri Lanka is making a major investment in upgrading its railway system by importing new engines and wagons from Chinese and US companies, according to a top official. Sri Lanka Railways General Manager S.M. Abeywickreme said a Chinese company had been awarded a contract for US$ 80 million (Rs 12 billion) to deliver nine multiple units, each comprising an engine and eight to nine compartments with air-conditioning facilities. The compartments would have monitors displaying the next station and the time to reach the next destination.

    The delivery is expected by November this year. The engines and compartments will have a two-year warranty for mechanical parts and five year warrant for electrical parts. The Chinese company was selected by a worldwide tender.

    The Railways Chief said a second contract to buy 12 engines, each of them costing more than US$ 4 million, would be awarded to a US company. The project would cost about US$ 48 million (Rs seven billion). The delivery of the engines is expected within a year.

    He said these purchases were in addition to the purchase of six power sets, 10 engines, 30 oil tankers and 20 container type wagons to transport coal and flour and 160 compartments under a Indian credit line costing US$ 105 million (Rs 15.7 billion).
    The delivery of the engines and wagons is expected within this year.

    - http://www.sundaytimes.lk/180114/news/major-investment-to-upgrade-railway-system-277301.html

    railway electrify karanawa kiyala dan mona reddakda kiyanne
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    Ponna kathawakne ban meka. Aluth deyak epa parana ewama kaal ganna kiyanne. Kadichchaewath hadana gaman aluth ewa genen kiwwa nam kamak na.
    ඒවත් හදන්නේ නැතිව මොන විදුලි බස්ද බන් ඕව චන්ද බය්ල ඇරත් .ඒවා ගේන්න කළින් ඒවාට ඕන පහසුකම් හදන්න ඕන නැද්ද .චාර්ජ් කරන්න එහෙම වෙන්නෙ මූන්සොන්ගේ අම්මගේ හුට්ත්ට ගහලා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    Ponna kathawakne ban meka. Aluth deyak epa parana ewama kaal ganna kiyanne. Kadichchaewath hadana gaman aluth ewa genen kiwwa nam kamak na.
    අඩේ අහන්න අමතක උනා උඹ පුක රතු සඳුන්ගේ කව්ද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    ada aluth flyover ekak open karanwane eke aluth pics tikak dahanko

    26904047_10214591586134148_976669508492752110_n.jpg

    26805515_10214587656915920_3552084999818351423_n.jpg

    26239826_957661761049394_1507930357872797835_n.jpg

    26733784_957661701049400_5524723774159746158_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    හොරණ ටයර් කර්මාන්ත ශාලාව අගමැතිගේ නිරීක්ෂණයට

    (ශාන්ත රත්නායක)

    හොරණ වගවත්ත ආයෝජන කලාපයේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ නීරීක්ෂණ චාරිකාවක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) එක්විය.

    විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ද ඊට එක්ව සිටියේය.


    image_0c7f9b8f8a.jpg

    image_1887c687a4.jpg

    image_ed8f029ccb.jpg

    image_28f1959fec.jpg


    - http://www.lankadeepa.lk/main_picture/හොරණ-ටයර්-කර්මාන්ත-ශාලාව-අගමැතිගේ-නිරීක්ෂණයට/11-523147

    26733652_10214231129759633_1181929047203733171_n.jpg


    - https://www.facebook.com/ajith.p.perera.1/posts/10214231137759833
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    හොරණ ටයර් කර්මාන්ත ශාලාව අගමැතිගේ නිරීක්ෂණයට

    (ශාන්ත රත්නායක)

    හොරණ වගවත්ත ආයෝජන කලාපයේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ නීරීක්ෂණ චාරිකාවක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) එක්විය.

    විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ද ඊට එක්ව සිටියේය.







    - http://www.lankadeepa.lk/main_picture/හොරණ-ටයර්-කර්මාන්ත-ශාලාව-අගමැතිගේ-නිරීක්ෂණයට/11-523147



    - https://www.facebook.com/ajith.p.perera.1/posts/10214231137759833
    වෝක්ස් වැගන් කරමාන්ත ශාලාව බලන්න ගියේ නැද්ද දන්නේ නැහැ නේද