Poly Cystic Kidney Disease

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.

    polycystic kidney disease යනු ප්‍රමුඛ ජාන මගින් ඇති වන ජානමය රෝගයකි. නමුත් බොහෝ ජානගත රෝග මෙන් නොව මෙහි ප්‍රථිඵල ඇති වන්නේ වැඩිහිටි වයසේදීය. වකුගඩු වල වතුර බුබුළු සෑදීම, අධි රුධිර පීඩනය සහ ක්‍රමයෙන් වකුගඩු ක්‍රියා විරහිත වීම මෙහි රෝග ලක්ෂණයි. සමහර රෝගීන්ට මොළයේ ලේ නහර පිපිරී යාම සහ අක්මාවේ වතුර බුබුළු ඇති වීමත් දැකිය හැකියි.

    1. මේ රෝගය සුව කළ නොහැක. දරුවන්ට සම්ප්‍රේෂණය වීමේ ඉඩ 50% ක් වේ.

    2. ජානයේ ඇති ව්කෘතිතාවය අනුව රෝගයේ බරපතල බව, එනම් වකුගඩු සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වන වයස තීරණය වේ. බොහෝ විට මෙය ත්ම මව / පියාගේ රෝගී වූ වයසට සමානය.

    3. වකුගඩු විශාල වීම නිසා වේදනාව, දිය බුබුළු වලට ලේ ගැලීම හෝ ආසාදනය වීම නිසා වේදනාව සහ කලාතුරකින් පිළිකා ඇති විය හැකියි. මුත්‍රා ගල් බහුලව ඇතිවේ.

    4. මේ රෝගය සහිත ඥාතියකුට අංශභාගය හෝ ක්ෂණික මරණය ඇතිවී ඇත්නම්, මොළයේ නහර ඉදිමී ඇති දැයි පකීක්ෂා කරගත යුතුය.

    5. රුධිර පීඩණය පාලනය මගින් වකුගඩු සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වන කාලය අවුරුදු 10කින් පමණ පස්සට දමා ගත හැකිය.

    6. මේ රෝගය ඇති අය වකුගඩු සායනයක් වෙත නොවරදවාම යා යුතුය.
     
    • Like
    Reactions: saminda_1980