අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
මෙයට පෙර ඵල වූ මාගේ,
අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
අවසාන නාසියා 02 - මිහි මත අපාය.
අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්
යන Thread හතර හා බැඳේ.
දෙවැනි ලෝක යුද සමයේ නාසින් විසින් නිරිතදිග පෝලන්තයේ ඔස්ච්ව්ට්ස් නගරයේ පවත්වාගෙනගිය සමූල ඝතන සිරකදවුරේ කදවුරු වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වීමත් සමග පළායන ඔහු පුරා වසර හතළිහක් සැගව ජීවත්වූයේය. ඔහුගේ සිරුර බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය.
අවසාන නාසියා ඔහුගේ ජීවන තොරතුරු, ඔහු සමූල ඝතකයකු බවට පත්වන්නට හේතු සොයා ජෙරල්ඩ් ඇස්ටර් කළ පර්යේෂණයේ ප්රතිඵලයයි. ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ.
2010 මැයි මස 23 වැනිදා දියත අතිරේකයෙන්,
ගෑස් කාමරයේ මහා සංහාරය.
හයිඩ්රජන් සයනයිඩ් නිෂ්පාදනය කෙරෙන සයික්ලෝන් බී නැමැති පළිබෝධ නාශකය මිනිසුන් උදෙසාද යොදා ගැනීමට හැකි බව සමහර විශේෂඥයෝ පැවසුහ. ප්‍රතිඵලය වුයේ බිය සහ පිළිකුල දනවන ක්‍රමයක් බිහිවීමය. අතර මැදදී මේ සදහා ඉවහල් වුයේ කර්ට් ගර්ස්ටෙයින් ය. SS සංවිධානයේ මධ්‍යම කාර්යාලයේ පරිපාලන කටයුතු සදහා අනුයුක්ත කර සිටි ගර්ස්ටෙයින් රෝගබීජ නැසීමේ ප්‍රධානියා විය. ඔහුගේ සතුරන් වුයේ උකුණෝ, ඉළිකුණෝ ආදි සතුන්ය. ඔහුගේ අවි ආයුධ ගබඩාව සමන්විත වුයේ සයික්ලෝන් බී වැනි විෂ සහිත ද්‍රව්‍ය වලිනි.
පෝලන්තයේ බෙල්සෙක් කදවුර වෙත සයික්ලෝන් බී රාත්තල් 200 ක් රැගෙන යන ලෙස 1942 ජුනි මාසයේදී ගර්ස්ටෙයින්ට නියෝගයක් ලැබිණි. අණ දෙන්නා වුයේ කපිතාන් ක්‍රිස්ටියන් විර්ත් ය. ඔහුගේ සුරතල් නාමය වුයේ “කැලෑ ක්‍රිස්ටියන්” ය. කපිතාන් ක්‍රිස්ටියන් කලෙක හොඑස්ගේ ප්‍රධානියා විය. කපිතාන් විර්ත් තම මිනිමරු කම්හල මැදින් ගර්ස්ටෙයින් කැටුව ගියේය. ඒ මුළු ස්ථානය පුරා මාරාන්තික සුවඳක් ඇතිබව ගර්ස්ටෙයින්ට දැනුණි. වටිනා දේ බාරදෙන්නට සැකසූ ජනේලයක් සහිත වටේට ආවරණය කළ මඩුවක්, “නෑමට සහ බෙහෙත් උරන්නට” යනුවෙන් සදහන් වූ පුවරුවක්, ජෙරනියම් මල් ගස් සහිත කොන්ක්‍රීට් පෝච්චි තබා අලංකාර කළ නාන කාමරයක් බදු ගොඩනැගිල්ලක්ද ඔහු දුටුවේය. වහලය මත ඩේවිඩ්ගේ තරුව ( යුදෙව් ලාංජනය) සහ “හෙකන්හෝල්ඩ් පදනම” යනුවෙන් සටහන් කළ පුවරුවක්ද විය.
යුදෙව්වන් පටවාගත් දුම්රියක් පැමිණෙන ආකාරය දෙස ගර්ස්ටෙයින් බලා සිටියේය. ඇදුම් ගලවා සියලු මුදල් සහ වටිනා දේ නියමිත කවුළු වලට භාර දෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උපදෙස් දෙනු ලැබිණි. කාන්තාවන් සහ කුඩා දැරියන් කොණ්ඩා කැපීම සදහා කරණවෑමි පුටු පෙළක් වෙතට යවනු ලැබිණි. අනතුරුව සියල්ලෝම හෙකන්හෝල්ඩ් පදනම් ගොඩනැගිල්ල වෙතට ගමන් කළෝය. ඉන් පසු උස් හඩකින් ඔවුන්ට උපදෙස් ලැබිණි. “ඔබට කිසිම කරදරයක් වෙන්නේනෑ. ලොකු හුස්මක් ගන්න. එය ඔබේ පෙනහැලි ශක්තිමත් කරනු ඇත. ඒක ස්පර්ශයෙන් බෝවෙන රෝග වළකන ක්‍රමයක්. එය හොද විෂබීජ නාශකයක්.”
පිරිමින්ට වැඩ සපයන බවටත් කාන්තාවන්ට නිවාසවල වැඩ සපයන බවටත් කෙරුණු නිවේදනයෙන් අමු නිරුවත් මිනිසුන් විශාල පිරිසෙන් ඇතමෙකුට සහනයක් දැනුණු බවක් පෙනුණි. එහෙත් ගර්ස්ටෙයින්ට අනුව අපහාසයට ලක්වූ බොහෝ දෙනා එහි පැවති අප්‍රසන්න සුවද නිසා තම ඉරණම අවබෝධ කරගෙන සිටියෝය. ගිනි පුළිගු බදු ඇස් සහිතව මිනීමරුවන්ට ශාප කළ වයස අවුරුදු හතළිහක පමණ කාන්තාවක කපිතාන් විර්ත්ගේ කසයෙන් පහර කීපයක් කෑ පසු ගෑස් කාමරය තුළට ගිය ආකාරය ගර්ස්ටෙයින් සිහිපත් කළේය.
බොහෝ දෙනෙක් යාඥා කළෝය. පුද්ගලයන් 700ක් 800ක් පමණ ගොඩනැගිල්ල තුළට දමා දොරවල් වසා දැමු පසු ගොඩනැගිල්ලේ නමේ අරුත එක වරම ගර්ස්ටෙයින්ට වැටහිණි. හෙකන්හෝල්ඩ් යනු ගෑස් උත්පාදනය කළ ඩීසල් එන්ජිම ක්‍රියාත්මක කළ පුද්ගලයාගේ නම විය. ඒ අවස්ථාවේදී එන්ජිමේ මෝටරය බාධා ගෙනදුන්නේය. මෙහෙයුම සදහා ගතවන වෙලාව ගර්ස්ටෙයින් මැන්නේය. එන්ජිම ක්‍රියාත්මක කර ගැනීම සදහා හෙකන්හෝල්ඩ්ට පැය දෙකකුත් මිනිත්තු හතළිස් නමයක් ගතවූ බව ඔහු නිරීක්ෂණය කළේය. ගොඩනැගිල්ල තුළට ආලෝකය වැටෙන්නට තිබු සිදුර දෙස ඒ කාලය පුරා බලා සිටි මාබර්ග් සරසවියේ සනීපාරක්ෂක පීඨයේ ප්‍රධනී මහාචාර්ය ෆෑන්ස්ටීල් තමාට ඇසුණු වැළපිල්ල යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් තුළක ඇසුණු වැළපීමක් ලෙස වාර්තා කළේය.
එන්ජිම ක්‍රියා කරන්නට පටන්ගෙන මිනිත්තු විසිපහකට පසු බොහෝ දෙනෙක් මිය ගියෝය. මිනිත්තු තිස්දෙකකට පසු සියල්ලෝම මිය ගියෝය. ගොඩනැගිල්ලේ දොරවල් විවර කළ පසු ඝාතනයට ගොදුරුවූ අය තව දුරටත් සිටගෙන සිටින බව ගර්ස්ටෙයින් දුටුවේය. ඒ ඔවුන් ඒ තරම් දැඩි ලෙස එකිනෙකාට තද වනසේ ගොඩනැගිල්ල තුළට දමා තිබු නිසාය. “හරියට ගල් කණු වැනි විය. සිරුරු පැත්තට ඇද වැටිණි. ඒවා මුත්‍ර සහ දාඩියෙන් තෙත්වී තිබිණි. සිරුරු වල කකුල්වල අසූචි සහ ඔසප් ලේ තැවරී තිබිණි. විසිපහක් පමණ වූ යුදෙව් කම්කරුවෝ යකඩ කොකු වලින් මළ සිරුරු වල මුව විවර කරමින් රත්තරන් සගවාගෙන තිබුණේදැයි සෙවුහ. ඒ කම්කරු යුදෙව්වන්ටද ඉක්මනින්ම ඒ ඉරණමම අත්වනු ඇත.” ගර්ස්ටෙයින් ලියුවේය. දත් ඇදි සහ හිස් කබල් මිටි වලින් ගසා කුඩු කර දමනු ලැබිණි. කසළ ශෝධකයෝ මළ සිරුරුවල ගුද මාර්ග සහ යෝනි මාර්ග සෝදිසි කළෝය. එ මුදල්, දියමන්ති හා රත්තරන් සගවා තිබුණේ නම් ඒවා ගන්නටය.
මළ සිරුරු දැවැන්ත වළකට දමනු ලැබිණි. දින කීපයකට පසු කුණුවූ මළ සිරුරු ගොඩ ඉදිමී යාර කිහිපයක් ඉහළට මතුවිය. ඉන්පසු මළ සිරුරු මතට ඩීසල් වක්කර ගිනි තබනු ලැබිණි.
තම ක්‍රමය අසාර්ථක වීමෙන් ඇතිවූ මහත් අවුලෙන් යුතුවූ විර්ත් අහඹු විපත වාර්තා නොකරන්නැයි ගර්ස්ටෙයින්ගෙන් ආයාචනා කළේය. ගර්ස්ටෙයින් දිගටම ගියේය. සයික්ලෝන් බී සහ කාබන් මොනොක්සයිඩ් අතර ප්රතිඵලදායී බව සන්සන්දනය කිරීම මග හැරියේය. තම සයික්ලෝන් බී රාත්තල් 200 නරක්වී ඇති බවට බොරු හේතු දක්වමින් ගර්ස්ටෙයින් ඒවා වළ දැමුවේය. එහි ප්‍රතිඵලය වුයේ කල්ම්හොෆ්, බෙල්සෙක්, සොබිබෝර්, ලුබ්ලින් සහ ට්‍රෙබ්ලින්කා යන කදවුරු කාබන් මොනොක්සයිඩ් යොදා ගෙන ඝාතනය කිරීම දිගටම සිදු කිරීමය.
කෙසේ වෙතත් සයික්ලෝන් බී පරීක්ෂා කිරීමේ අවස්ථාවක් හොඑස් උදා කරගත්තේය. ඒ සිරගතකළ රතු හමුදා නිලධාරීන් පිරිසක් යොදාගෙනය. පැරැණි හමුදා කදවුරේ මිනී කාමරයට රුසියානුවන් 900ක් පමණ රැස් කෙරිණි. ගෑස් ඇතුළු කරනු ලැබුවේ සිවිලිමේ වූ සිදුරුවලිනි. හොඑස් ඒ පිළිබද මතකය අවදි කළේය. “අනතුරුව රසායනික කුඩු ඇතුළට දැම්මා. ඒ සමගම ගෑස් කියා කෑගැසීම් ඇසුණා. අනතුරුව මොරගාන හඩවල් ඇසුණා. ඇතුළේ කොටුවී සිටි සිරකරුවන් මිනී කාමරයේ දොරවල් දෙකටම ගැසුවා. ඒත් දොර විවර වුණේනෑ. ගෑස් යොදා මරා දැමීම වඩා දරුණු වනු ඇතැයි මා සිතා සිටියද මා තුළ අපහසුතාවක් සහ ප්‍රබල විරෝධයක් මතු වුණා. මේ රුසියානු සිරකරුවන් මරා දැමීම ඒ අවස්ථාවේ මා තුළ ඒතරම් අවධානයක් ඇතිවන්නට හේතු වුණේනෑ. නියෝග නිකුත්කර තිබුණා. මට ඒ නියෝග ක්‍රියාත්මක කරන්නට සිදුවී තිබුණා. මේ ගෑස් යොදා මරා දැමීමේ ක්‍රමය පිළිබද අදහස මා තුළ ඇති වූයේ යුදෙව්වන් සමූල ඝාතනය ඉක්මනින්ම ආරම්භ කිරීමට නියමිත වූ නිසා බව මා පිළිගත යුතුයි. දැන් අපට ගෑස් තිබුණා. අපි ක්‍රියාමාර්ගයක් ස්ථාපිත කර තිබුණා.”
ක්‍රියාමාර්ගයක් ස්ථාපිත කිරීමේදී හොඑස් ඇත්තවශයෙන්ම සැලකියයුතු දක්ෂතාවක් පෙන්නුවේය. ඔහු බිර්කෙනෝව්හි සුදු ජාතික ගොවිපොළක ගොඩනැගිල්ලකින් කාර්යය ආරම්භ කළේය. කම්කරුවෝ ගොඩනැගිල්ල වෙනස් කළෝය. ඔවුහු ජනේල ඉවත් කළෝය. ඇතුළත බිත්ති කඩාදැමුහ. වාතය පිට වන්නට ඉඩ තිබු තැන් හිර කළෝය. ඒය කදවුරේ ගෑස් කාමර පහෙන් පළමු වැන්න බවට පත්විය.
ඝාතනය කිරීම කාර්යයේ එක් කොටසක් පමණක් බව හොඑස් ඉක්මනින් අවබෝධ කරගත්තේය. මළ සිරුරු තොග වශයෙන් වළ දැමීමට වඩා ඒවා විනාශ කිරීමට වඩා ඵලදායී සහ පහසු ක්‍රමයක් අවශ්‍ය විය. එය බෙල්සෙක්හිදී ගර්ස්ටෙයින් දුටු සිද්ධිය බදු වියයුතු විය. පැරැණි ගොවිපොළ ගොඩනැගිල්ලට යාබදව ඔහු සිය පළමු ආදාහනාගාරය ස්ථාපිත කළේය. අනතුරුව අවශ්‍ය ඒකක යොදා ඔහු එය වැඩිදියුණු කළේය. හෙයින්ස් කැම්ලර්ගේ සැලසුමට අනුව මරණයට නියම වූවන්ට ඇදුම් ඉවත්කරන්නට පිට කාමරයක්, ගෑස් කාමරයට සහ උදුනට යාබදව ඉදිකෙරිණි. ගෑස් කාමරයේ සිට ආදාහනාගාරයට මළ සිරුරු ඔසවා දමනු ලැබුවේ ආරෝහක මගිනි. SS සංවිධානයේ සාමාජිකයෝ ජනේල සහ දොර ඉදිකළහ. එර්ෆුර්ට්හි ටොෆ් සහ පුත්‍රයෝ උදුන් සපයනුලැබීය.
අලුත් ගොඩනැගිල්ල තුළ තිබූ සමහර ආධාරක කුළුනු මැදින් හිල් විදිනු ලැබිණි. ගෑස් වෙස්මුහුණු පැළදගත් SS භටයෝ වහලයේ සිදුරු වලින් සයික්ලෝන් බී ගුළි දමා ඒවා කුලුණුවල විදිනලද සිදුරු තුළට ඇතුළුකරනු ලැබුහ. ඒ වහාම ගෑස් කාන්දුවීම වැළැක්වීම සදහා වහලයේ සිදුරු මත හතු බදු තොප්පි තබනලදි. වාතයේ ආර්ද්‍රතාව නිසා සයික්ලෝන් බී ගුළි දියවිය. ඒ ක්‍රියාවලිය මිනිසුන්ගේ දාඩිය නිසා වේගවත්විය. මිනිත්තු විස්සක් විසිපහක් ඇතුළත මරණය ආරම්භ වන ආකාරය විශේෂයෙන් නිර්මාණය කරනලද ජනේල සිදුරු තුළින් බලාගැනීමට හැකිවිය. රතු රුධිරානු මගින් ඔක්සිජන් රදවා ගැනීමේ යාන්ත්‍රණය සයනයිඩ් ගෑස් ආශ්වාස කිරීමෙන් විනාශවිය. මළපහ කිරීම පාලනය කිරීම නැතිවීම, රුධිර සංසරණය ඇනහිටීම මුලික ලකුණුවිය. අවසානයේ හුස්ම හිරවිය.
පහත දැක්වෙන්නේ ගෑස් කාමරයක් තුළට සයික්ලෝන් බී ඇතුලුකරන සත්‍ය දර්ශණයකි.
සියලු දෙනාම මියගොස් ඇතිබව නිශ්චිත වශයෙන් දැනගත් පසු ගෑස් කාමරයේ ගෑස් පිටකර හරිනුලැබිණි. අනතුරුව සිරකරුවන්ගේ මළ සිරුරුවල තැවරී තිබූ මළ මුත්‍ර, අපද්‍රව්‍ය සෝදාහැර මළ සිරුරුවල රත්තරන් දත්, ආභරණ, සගවාගත් මුදල් ආදිය ඇතිදැයි සොයා බැලුවෝය. ඉන්පසු ඔවුහු මළ සිරුරු ට්‍රොලි මතට දැමුවෝය. ට්‍රොලි මත තබා රැගෙනගිය මළ සිරුරු ආදාහනාගාරය තුළට දමනුලැබිණි. මළ සිරුරු පිලිස්සුණු පසු අළු ට්‍රක් රථ වලට පටවාගෙන සැතපුම් කිහිපයක් ඔබ්බෙන් ඇති සෝලා ගඟට දමනුලැබිණි. පහත වීඩියෝවෙහි ඇත්තේ සත්‍ය දර්ශණ වන අතර මෙහි සංවේදී දර්ශණ අඩංගුවන බව සලකන්න.

Last edited by a moderator: