ස්ටීවන්_හෝකින්_නික්ම_යයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ස්ටීවන්_හෝකින්_නික්ම_යයි

    ස්ටීවන් හෝකින් නික්ම යයි


    unlu-fizikci-ve-yazar-stephen-hawking-hayatini-kaybetti_3914d.jpg


    වයස අවුරුදු 76 ක් ආයු වැළඳූ අපේ කාලයේ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා අද අළුයම මේ පෘථිවියේ ජීවිතය නිමා කළේය. නිසැක වශයෙන්ම ඔහුගේ ශක්ති ස්කන්ධය විශ්වයේ ඔහු හොඳින් දන්නා ඉසව්වක් කරා නිතැතින් ඇදී යන්නට ඇත. ඉන්පසු එහි ලැගුම් ගෙන මේ පෘථිවිය දෙස බලා සිටිනවා ඇත.

    විශ්වයේ කළු කුහර අබිරහස පිළිබඳව හෙළිදරව් කළ ඔහු, සාපේක්ෂතාවාදය අයින්ස්ටයින්ගෙන් ඔබ්බට ගෙන ගිය අසිරිමත් බුද්ධිමතා ය. කේම්බ්‍රිජ් හි පිහිටා තිබූ සිය නිවසේදී සාමකාමී ලෙස මරණයට පත්වන විට ඔහුගේ දරු තිදෙන ඔහු අසලම වූහ.

    අතිශය දීප්තිමත් ශිෂ්‍යයෙකු ව සිටි ස්ටීවන් හෝකින් චාලක නියුරෝන රෝගය (මෝටාර් නියුරෝන් ඩිසීස්) ට ගොදුරු වූයේ යන්තම් වයස අවුරුදු 22 දී ය. ඔහුට තව ජීවත් වීමට තිබෙන්නේ මාස 24 ක් වැනි කාලයක් බව වෛද්‍යවරු කීහ. නමුත් ඉන් ඉක්බිති ව ද ඔහු වසර 54 ක් ජීවත් වුණේය. එය දෛවයේ කොතරම් විශිෂ්ටතම තීරණයක් ද යන්න, ඒ ගෙවුණු වසර 54 තුළ ඔහු ලෝකයට සිදුකළ මහා මෙහෙය පිළිබඳ සිතා බැලීමෙන් පමණක්ම පෙනී යයි.

    පැත්තකට ඇළ වූ හිස, විදුලි බලයෙන් ක්‍රියාකරන රෝද පුටුවට සිරගත වූ ජීවිතය, කථන චලන අනුව තිරය මත ‘වොයිස් සින්තසයිසරයක’ ආධාරයෙන් දිස්වන ඔහුගේ අද්වීතීය චින්තන ශක්තිය විසින් මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් අපට පෙන්වා දුන්නේ භෞතික ශරීරයක් හෙවත් ස්කන්ධයක් තුළ සිරගත වී ඇති ජීව ශක්තියට කෙතරම් අසිරිමත් දේ කළ හැකි ද යන්නයි. ඔහු ආදායම් වාර්තා තැබූ භෞතික විද්‍යා පොත් කිහිපයක්ම රචනා කළේය. ‘අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් ටයිම්’ (කාලයේ දළ ඉතිහාසය) යනුවෙන් ඔහු 1988 වසරේ ලියූ විද්‍යාත්මක අනාවරණය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. එය ලොව පුරා පිටපත් මිලියන 10කට වඩා අලෙවි වුණේය. ඔහු ‘අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් ටයිම්’ පොත සහමුලින්ම ලීවේ, ට්‍රැචියොටොමි හෙවත් ස්වරාලයේ සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව ය. එමගින් වොයිස් සින්තසයිසරයක ආධාරයෙන්, බොල් හඬකින් පිටවන වචන, එවේලේම පරිගණක තිරයක් මත සටහන් කිරීමට ඔහු සමත් විය.

    2002 වසරේදී ඔහු සිය දෙවන ග්‍රන්ථය වූ Universe in a Nutshell එළිදැක්වීය.

    සබුද්ධික භාවය සහ එයට සමාන්තරව ගමන් ගත් හාස්‍ය රසය ස්ටීවන් හෝකින්ස්ගේ දිවියේ කැපී පෙනෙන ලක්ෂණ විය. ඔහුගේ චිත්ත ශක්තිය, අවසන් මොහොත දක්වාම කිසිවිටෙක පහත නොවැටුණේය. ඔහු සිය විදුලි රෝද පුටුව දඩබ්බරයෙකු සේ පදවාගෙන යන්නට ප්‍රිය කළේය. වරක්, 2000 වසරේදී පමණ වාර්තා වූයේ කේම්බ්‍රිජ් පොලිසිය විසින් ඔහුව නිරන්තරයෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි. පොලිසියේ අදහස වුණේ ඔහුගේ සිරුරේ වූ තැලීම් තුවාල අනුව ඔහුට කිසියම් පිරිසක් විසින් පහර දෙන්නට ඇති බවයි. නමුත් හෝකින්ස් එවිට කීවේ, කිසිවෙක් තමන්ට කිසිවක් නොකළ බව සහ, ඒ සියලුම තුවාල, විදුලි පුටුව පැද යාම නිසා ඇති වූ ඒවා බවය.

    1942 වසරේ ජනවාරි 8 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි උපත ලද ස්ටීවන් හෝකින් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ද, අනතුරුව පීඑච්ඩී උපාධිය සඳහා කේම්බ්‍රිජ් සරසවියෙන් ද අධ්‍යාපනය ලැබුවේය. ඔහුගේ පියා ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකි. දෙවන ලෝක යුධ සමයේදී හෝකින්ස්ගේ පියා සිය බිරිඳ සමග කේම්බ්‍රිජ් නුවර පදිංචියට පැමිණ තිබුණේ හිට්ලර්ගේ බෝම්බ ප්‍රහාරවලින් ගැළවී ගන්නට ය. කුඩා කල ඔහු පන්තියේ අති දක්ෂ ශිෂ්‍යයෙක් වූයේ නැත. ඔහු ළමා කාලයේදී වැඩිපුරම ප්‍රිය කළ දෙය වූයේ ගෙවත්තේ තණ පිට්ටනියේ වැතිරී, තෙරක් නොපෙනෙන අහසේ දිස්වන විසල් තරුපන්ති හා තාරුකා නැරඹීමයි. අනතුරුව වයස අවුරුදු 16 දී ඔහු ඉවත දමන දේවල්වලින් සිය ගෙදරදී පරිගණකයක් සෑදුවේය.

    ඔක්ස්ෆර්ඩ් සරසවියේදී ඔහු භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ උපාධියක් ලැබුවේය. කේම්බ්‍රිජ් සරසවියේදී පශ්චාත් උපාධි පර්යේෂණය සඳහා ඔහු තෝරාගෙන තිබූ විෂය වූයේ කොස්මොලොජි හෙවත් විශ්වය පිළිබඳ විද්‍යාවයි.

    s-5b005c4b3d996e16ce42b96d524f4b3f9e7da216.jpg


    ඔහු චාලක නියුරෝන රෝගයෙන් පෙළෙන බව සොයාගැනුණේ 1963 වසරේදී සරසවි සිසුවෙකු වශයෙන් සිටියදී ය. ඔහු සම්පූර්ණයෙන්ම පාහේ අංශභාග තත්වයට පත්විය. තවත් වසර 2කට වඩා ඔහුට ජීවත් විය නොහැකි යැයි වෛද්‍යවරු කීහ. එතැන් පටන් ඔහු කළ අරගලය ජීවත් වීම සඳහා නොවේ. මේ ලෝකයට දැනුම සහ ආලෝකය ගෙන ඒම සඳහා ය. ඔහු කළු කුහරයේ සිට විශ්වය වෙත ආලෝකය පැතිරවූ මිනිසා යැයි හැඳින්වීම අතිශයින් සාධාරණ වන්නේ එනිසා ය.


    _86611461_86611216.jpg


    2014 වසරේ තිරගත වූ The Theory of Everything නමැති චිත්‍රපටය ඔහුගේ ජීවන ආඛ්‍යානයයි. එහි ඔස්කා සම්මානනීය නළු එඩී රෙඩ්මේන්, ස්ටීවන් හෝකින් වශයෙන් චරිත නිරූපණය කළේය. ස්ටීවන් හෝකින්ස් ලෝක කීර්තියට පත් වූ හැටි මෙන්ම ඔහුගේ ප්‍රථම බිරිඳ වූ ජේන් සමග පැවති සබඳතාවය ද එමගින් මනාව නිරූපණය වේ. ඔහු ජේන් වයිල්ඩ් සමග විවාපත් වූයේ චාලක නියුරෝන රෝගයට තමන් ගොදුරු වූ බව දැනගත් පසුව ය. පුරා විසි වසරක් ඇය සමග දිවි ගෙවූ හෝකින්ස්, පසුව 1995 වසරේදී විවාපත් වූයේ සිය හෙදිය සමග ය.


    620x349

    එඩී රෙඩ්මේන් සමග ස්ටීවන් හෝකින්


    බොහෝ විද්වතුන් මෙන් ස්ටීවන් හෝකින් ගත කළේ වැසුණු දිවියක් නොවේ. චාලක නියුරෝන රෝගය හේතුවෙන් සිය ඇළ වූ මුවින් පාලනයක් නොමැතිව ඛේටය වැගිරෙන විට ද නොපැකිළ ව ලෝකය හමුවට ආවේය. ඔහුගේ පෞරුෂය මුළුමනින්ම සැඟවී තිබුණේ ඔහුගේ බුද්ධිමය ප්‍රභාවේ ය. ඇකඩමික් ලෝකයෙන් වරින් වර මිදුණු ඔහු The Simpsons, Red Dwarf සහ බීබීසී රූපවාහිනිය ඔස්සේ විකාශය වූ The Big Bang Theory වැනි රූපවාහිනී වැඩසටහන් ඔස්සේ සිය දැනුම සාමාන්‍ය ජනතාව සමග බෙදා හදා ගත්තේය. එම වැඩසටහන් ද අද්වීතීය ලෙස ජනප්‍රිය විය.


    stephen-hawking-afp_650x400_41521007252.jpg


    2007 වසරේදී ගුවන් යානයක ගමන් ගනිමින් සිටියදී ගුරුත්වයේ බලය සහමුලින්ම කපා හරිමින් ‘නිබර බව’ අත්දුටු ලෝකයේ ප්‍රථම අත් පා අවසඟ මිනිසා වශයෙන් ඔහු ඉතිහාසගත විය. ඔහු එසේ කළේ අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් ලෝකයේ උනන්දුව වැඩිකිරීම සඳහා ය.

    සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් යාන්ත්‍රිකය එකට එක් කිරීමෙන් කොස්මොලොජි හෙවත් විශ්වය පිළිබඳ විද්‍යාව සම්බන්ධයෙන් නව සිද්ධාන්තයක් සොයාගත් අසහාය මිනිසා ඔහු ය.

    කළු කුහරවලින් නිරන්තරයෙන් ශක්තිය කාන්දු වන බවද, අවසානයේ ඒවා ශුන්‍ය ස්කන්ධයක් බවට හායනය වී යන බව ද සොයාගත් ලෝකයේ ප්‍රථමයා ඔහු ය. 1974 වසරේ සොයාගත් මෙම සංසිද්ධිය ‘හෝකින් රේඩියේෂන්’ හෙවත් ‘හෝකින් විකිරණය’ යනුවෙන් හැඳින්වේ.

    එම සිද්ධාන්තය පිළිබඳව ඔහු මෙසේ කීවේය. “මෙය සෑම දෙයකම සිද්ධාන්තයයි. විශ්වය පරිණාමනය වන්නේ ඉතාම පැහැදිලි නීති කට්ටලටයක් අනුව ය. එමගින් විශ්වයේ උපත, එය පවතින ආකාරය මෙන්ම අවසානයේ විශ්වයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ද පැහැදිලි චිත්‍රයක් ලබාදෙයි. මේ සියල්ලට පිළිතුරු දැනගත් විට අප දෙවියන් වහන්සේ ගේ සිත දැනගත්තා වෙයි...”

    කිසිදු විටෙක තමන්ට ලැබුණු ජීවිතය නිසා විඩාබර නොවීම හෝකින්ස්ගේ ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය විය. “මේ රෝගය වැළඳෙන විට මට ජීවිතය හරිම නීරස දෙයක් වෙලා තිබුණා...” වරක් ඔහු පැවසුවේය. “ආකර්ෂණීය පවුල් ජීවිතයක් ගත කරන්නට හෝ තමන්ගේ විෂයෙන් ලෝකයේ ඉහළම තැනකට යන්නට මට රෝගය බාධාවක් වුණේ නැහැ.. ඒ නිසා සිදුවුණේ මම තවත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඉටා ගැනීමයි.”

    හෝකින් උපන්නේ ගැලීලියෝ ගැලීලි මරණයට පත්වූ දිනයට හරියටම වසර 300කට පසුව ය. එනිසා ඔහු අපේ කාලයේ ගැලීලියෝ ලෙස නම් කිරීමේ වරදක් නැත. ඔහු කාල තරණය විශ්වාස කළේය. ඇතැම්විට මේ මොහොත වන විට ඔහු, ‘පෘථිවිය මත ශරීරය’ නමැති සිර කූඩුවෙන් මිදී කාල තරණය කරමින් විශ්වය සිසාරා පියඹා යනවා විය හැකිය.

    ස්ටීවන් හෝකින්ගේ ජීවිත කතාව රැගත් The Theory of Everything චිත්‍රපටයෙන්




    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    2nd wife tath lami innawane ban ethakota wede karagaththe kohomada :eek:
    film එකේ ඕක අහනවා. එතකොට කියන්නේ "completely different systems" කියලා. ලෙඩේ ප්‍රජනක පද්ධතියට බලපෑමක් නෑ.
     
    • Like
    Reactions: araki