කපල් බලන්න එන අසහනකාරයෝ
මචන්ලා,
මමයි කෙල්ලයි වීකෙන්ඩ් එකේ බීච් එකට ගියා පොඩ්ඩක් නිදහසේ ඉන්න. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. මීට කලින් අපි දෙන්න බීච් ගිහින් තිබුනේ නෑ. අපේ සම්බන්දෙ ගැන දේවල් දෙකෙන්ම දන්නවා. ගෙවල් වලින් කැමති. ඒ නිසා වැරදි අදහසකින් කෙල්ලව එක්කගෙන ගියේ නෑ. නිදහසේ කෙල්ලත් එක්ක ඉන්න ඕනේ නිසා ගියේ.
අපි යද්දී ගල් අස්සේ තව කපල් 3ක් 4ක් වගේ හිටියා. අපිත් ඒ හරියෙම ගල් පරයක් අස්සේ වගේ තැනක වාඩි වුණා. අපි දෙන්න ඔහොම ඉද්දි වයස අවුරුදු 45ක විතර වගේ එකෙක් ඇවිත් තනියම ඒ කිට්ටුවෙන් වාඩි වුණානේ බන්. කිට්ටුවෙන් කියන්නේ අඩි 20ක් වගේ දුරින්.
ඌ ඇවිත් මූද දිහා බලාගෙන ඉන්නවා වගේ ඉඳන් සැරෙන් සැරේ කපල් දිහා බලනවා. අපි දෙන්න දිහාත් බැලුවා. කෙල්ල හිටියේ මගේ පැත්ත බලාගෙන. මට ඌව පේනවා කෙල්ලගේ පැත්ත බැලුවම. ඌ කිසි ගානක් නැතුව අපේ දිහා බලන් හිටියා නේ බන්. මම උගේ දිහා බලනකොට ඌ අහක බලා ගන්නවා. ඌට එහා පැත්තෙත් කපල් එකෙක් හිටියා. ඌ ඒ පැත්තත් බලනවා.
මොකක්ද බන් මේ සීන් එක? උන් එන්නේ අපිව වීඩියෝ කරන් යන්නද? නැත්නම් අපි කරන ඒවා බලලා ආතල් එකක් ගන්නවද? නැත්නම් සල්ලි ඉල්ලනවද? ඔහොම එවුන් ඉද්දි කෙල්ලත් එක්ක ඉන්න එක අවදානම්ද?
(මම කොළඹ පැත්තේ එකෙක් නෙමෙයි බන්. වැඩිය ඔය වගේ දේවල් ගැන දන්නේ නෑ. මේක වෙන කාටවත් කියන්න බැරි නිසා මේකේ අයගෙන් ඇහුවේ.)