අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතිය

Crypto Max

Member
Mar 31, 2018
52
14
0
අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතිය

විද්‍යුත් මුදල් ඒකක (Cryptocurrency) සාමාන්‍ය ජිවිතයේ භාවිතයට ඉඩ සලසන අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතිය

Block Chain තාක්‍ෂණයේ සැබෑ ලොව යෙදවුමක් ලෙස Bitcoin අප අතරට පැමිණෙන්නේ මිනිස් ශිෂ්ඨාචාරයේ මීලග මහා තාක්ෂණ පෙරළියේ මුලාරම්භයේ මුලික ඉගි පලකරමින්. Bitcoin යොදා ගනිමින් සාර්ථක ලෙස අතරමැදියෙකු නොමැතිව ගෙවීම් කටයුතු කල හැකි විමධ්‍යගත සාර්ථක ක්‍රමවේදයක් නිර්මාණය වීමත් සමග, Blockchain තාක්ෂණය සම්බන්ධයෙන් වේගයෙන් ලෝකයේ උනන්දුව යොමු වීම ඇරබිණි. Bitcoin, බ්ලොක් චේන (Blockchain) තාක්‍ෂණ 1.0 පරම්පරාව ලෙස නම් කල හැකයි.

Bitcoin කරළියට පැමිණ සුළු කාලයකින් පසුව Blockchain තාක්‍ෂණ 2.0 පරම්පරාව ලෙස නම් කල හැකි ඉතිරියම් (Ethereum) වල ආගමනයත් සමග එහි ගුණාංගයක් වූ කේතනය කිරීමේ හැකියාව යොදාගෙන බ්ලොක් චේන තාක්ෂණයේ හැකියාව විවිධ අකාරයෙන් භාවිතා කිරීමේ හැකියාව ඇති වූවා. Bitcoin වලින් පසුව පැමිණෙන සියලුම කොයින් වර්ග සහ ටෝකන් වර්ග අපි පොදුවේ Altcoins ලෙස හදුන්වමු.

විද්‍යුත් මුදල් ඒකක (Cryptocurrency) වෙළදපොළ දිනෙන් දින වර්ධනය වෙමින් ජනයා අතර ප්‍රචලිත උවත් මේ විද්‍යුත් මුදල් ඒකක හිමි තැනැත්තන්ගෙන් බොහෝ දෙනෙකු එම විද්‍යුත් මුදල් ඒකක එදිනෙදා ජිවිතයේ භාවිතා කරනු ලබන්නේ ඉතා අල්ප වශයෙන්. එයට හේතුව විද්‍යුත් මුදල් ඒකක භාවිතා කල හැකි සැබෑ ලොව අවස්ථා අල්ප වීමයි.

අකයිටෝ (AKAIITO) ලෙස හදුන්වන නවතම ව්‍යාපෘතියක්, බ්ලොක් චේන තාක්ෂණය මත පදනම්ව, එහි කේතන හැකියාව යොදාගෙන, එදිනෙදා අපට වැදගත්වන අංශ ගණනාවක් ඒකරාශී කරමින්, එක් පද්ධතියක් තුල විද්‍යුත් මුදල් ඒකක භාවිතා කරමින්, ගණුදෙණු කල හැකි ක්‍රම ගණනාවක් හදුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා.

අකයිටෝ නිර්මාතෘ වරුන්ගේ අදහස, වෙබ් බ්‍රවුසරය ආශ්‍රයෙන් හා මොබයිල් දුරකථන ඇප් එකක් මාර්ගයෙන් ප්‍රවේශනය විය හැකි online වෙළදපොලක් හදුන්වා දී, අකයිටෝ (AKAIITO) පරිශීලකයන් එකිනෙකා අතර භාණ්ඩ, සේවා, කුලී සේවාවන් සහ විද්‍යුත් මුදල් ඒකක භාවිතා කර මිලදී ගැනීම් කල හැකි වෙනත් ස්ථාන පිළිබද සිතියම් මාර්ගයෙන් පෙන්වා දෙන සේවා, යන මූලික අංග හතර අතර ගනුදෙණු සිදුවන පද්ධතියක් නිර්මාණය කිරීමයි. අපි තව දුරත් එය පැහැදිලි කර ගනිමු.


B4xhDI3.png

(1) භාණ්ඩ

සෑම අකයිටෝ (AKAIITO) පරිශිලකයකුටම තමන් විකිණීමට කැමති, නීතියෙන් අවහිරතාවයක් නැති ඕනෑම භාණ්ඩයක් අකයිටෝ හරහා විකිණීමට හැකිවන අයුරින් පද්ධතියක් නිර්මාණය කිරීම අකයිටෝ නිර්මාතෘ වරුන්ගේ අදහසයි. මෙහිදී භාණ්ඩ විකුණන්නන් හට ebey සමාගමේ පරිදි ඊට සමානකමක් ඇති නමුත් වෙනස් rating සිස්ටම් එකක් (විකුණන භාණ්ඩයේ ගුණාත්මක බව සහ විශ්වසනීයත්වයට අගය එකතු කිරීමක්) හදුන්වා දී තිබෙනවා. මේ rating සිස්ටම් එක හරහා භාණ්ඩ විකුණන පුද්ගලයාට තමන්ගේ rating ප්‍රමාණය වැඩි කර ගැනීම තුලින් වඩා වටිනා කමකින් යුතු භාණ්ඩ විකිණීමේ අවකාශය ලබා ගත හැකියි.

අකයිටෝ (AKAIITO) හි ගණුදෙණු සිදු කිරීමට භාවිතා කල හැකි විද්‍යුත් මුදල් ඒකකයක් (Cryptocurrency) අකයිටෝ සමාගම විසින් හදුන්වා දී තිබෙනවා. ERC20 සම්මතයට අනුකුල ටෝකන් එකක් ලෙසින් මුලදී අකයිටෝ හි භාවිතා වීමට නියමිත මෙය, පසුව ව්‍යාපෘතියේ විකාශනයත් සමගම එයටම සුවිශේෂිකරණය වූ බ්ලොක් චේනයක භාවිතා වන කොයින් එකක් ලෙසින් භාවිතා වනු ඇත. නමින් මෙම විද්‍යුත් මුදල් ඒකකය “ AIC “ ලෙස හදුන්වා ඇත.

කලින් සදහන් කල අන්දමට අකයිටෝ (AKAIITO) හි අරමුණ විද්‍යුත් මුදල් ඒකක භාවිතා කිරීම එදිනෙදා ජිවිතයට හුරු කිරීම බැවින්, මෙහිදී භාණ්ඩ මිලදී ගනු ලබන්නාට තමන් සතු ඕනෑම විද්‍යුත් මුදල් ඒකකයක් (Cryptocurrency) භාවිතා කරමින්, භාණ්ඩ මිලදී ගැනීම සිදු කල හැකයි. එසේ මිලදී ගැනීමට ප්‍රථම, තමන් සතු අදාළ විද්‍යුත් මුදල් ඒකක (Cryptocurrency) ඒ මොහොතේ වෙළදපොළ වටිනාකමට සමාන AIC ප්‍රමාණයකට හුවමාරු කරගත යුතුයි. එසේ හුවමාරු කර ගනු ලබන AIC කොයින්ස්, අකයිටෝ හි ඕනෑම ගනුදෙනුවක් සදහා භාවිතා කල හැකියි.

මෙම AIC කොයින්ස් භාවිතයෙන් බඩු භාණ්ඩ මිලදී ගැනීම සිදු කල හැකි අතර, අදාළ භාණ්ඩ විකුණන පුද්ගලයාට ගනුදෙණුව අවසානයේදී අදාළ භාණ්ඩයට ඔහු විසින් නියම කරනු ලැබූ AIC කොයින්ස් ප්‍රමාණය ලබා ගත හැකියි.

අකයිටෝහි ගනුදෙණු කරණු ලබන පාරිභෝගිකයන්ගේ සහ භාණ්ඩ විකිණුම් කරුවන්ගේ සුරක්‍ෂිතභාවය ආරක්ෂා කිරීම සදහා අකයිටෝ නිර්මාතෘන් විසින් විවධ ආරක්ෂාකාරී පියවර යෝජනාකර තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ භාණ්ඩයක් ඇනැවුම් කර, භාණ්ඩයට ගෙවිය යුතු AIC කොයින්ස් ප්‍රමාණය ගෙවීම සිදු කල විට, අකයිටෝ පද්ධතිය මගින් අදාළ AIC කොයින්ස් ප්‍රමාණය රදවාගෙන, ඇනවුම් කරන ලද භාණ්ඩය පාරිභෝගිකයා සිටින ස්ථානයට ප්‍රවාහනය කිරීමට පමණක් වෙළෙන්දාට අවශ්‍ය කරන AIC කොයින්ස් ප්‍රමාණය මුදා හැරීම සිදු කරනු ලබනවා. අදාළ ඇනවුම් කල භාණ්ඩය සුරක්ෂිතව වෙළෙන්දා විසින් ඇනවුම් කරුට යැවීමෙන් පසු, පාරිභෝගිකයා විසින් ඇනවුම් කල භාණ්ඩය තමා වෙත ලැබුණු බව එම භාණ්ඩය රැගෙන ආ සේවා සපයන්නා සතු QR කෝඩය scan කර තහවුරු කිරීමත් සමගම අකයිටෝ පද්ධතිය විසින් වෙළෙන්දාට හිමිවිය යුතු මෙතෙක් රදවාගෙන සිටි මුළු මුදල මුදා හරිනු ලබනවා.

මෙලෙස වෙළෙද සහ පාරිභෝගික සුරක්ෂිතතාවය ආරක්ෂා වන අයුරින්, කටයුතු කිරීම සදහා අකයිටෝ නිර්මාතෘ වරුන් යෝජනා කරනු ලබන සියලුම දෑ පිළිබද වඩා විස්තර සහිත whitepaper ඩොකියුමෙන්ටය ඔවුන්ගේ ප්‍රධාන වෙබ් අඩවිය හරහා භාගත කිරීමෙන් අධ්‍යනය කල හැකයි. https://akaiito.io/home/ මෙම ව්‍යාපෘතියේ වඩා සිත්ගනා සුළු කරුණ නම්, මෙවැනි මුදල් හා සම්බන්ධ වූ ව්‍යාපෘතියක් යථාර්ථයක් බවට පත් කිරීමේදී පාරිභෝගික සහ වෙළද යන දෙපාර්ශවයේ විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම උදෙසා, නිර්මාතෘ වරුන් විසින් එක එකක් අංශ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් යෝජනා කර ඇති විසදුම්ය.

(2) සේවා

එදිනෙදා කටයුත්තකදී අවශ්‍ය කුඩා උපදෙසක සිට වෘත්තීමය කටයුත්තක් සදහා අවශ්‍ය උපදෙස් දක්වා මෙන්ම අනිකුත් සේවාවන් සැපයීමට ඉදිරිපත් වන සහ සේවා ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබන අකයිටෝ පරිශීලකයන් එකිනෙකා හා මුණ ගැස්සවීම මේ අංශයේ අපේක්ෂාවයි.

මෙහිදී සේවාව අපේක්ෂා කරන්නා පළමුව ගෙවීම සිදු කරනු ලබන අතර, AKAIITO පද්ධතිය විසින් එම AIC කොයින්ස් ප්‍රමාණය රදවා ගනී. සේවාව සැපයීම හමාර කිරීමෙන් පසු රදවාගෙන තබා ගනු ලැබූ AIC කොයින්ස් සේවා සපයන්නට නිදහස් කරනු ලැබේ. මෙහිදී අවශ්‍ය නම් සේවා සපයන්නා හා ලබා ගන්නා අතර පූර්ව එකගතාවයකින්, සේවාව සපයා නිමා කිරීමට ප්‍රථම, මුළු AIC කොයින්ස් ප්‍රමාණයෙන් කොටසක්, සේවා සපයන්නාට මුදා හැරීම සිදු කල හැකියි.

(3) කුලී සේවාවන්

රථවාහන, කාමර, හෝ වෙනත් යමක් කුලියට දීම සහ කුලියට ගැනීමේ සේවාව මේ කොටසට අයත් වේ.

රථවාහන කුලියට දීමේ ක්‍රියාවලිය කෙටියෙන් විස්තර කලොත්, රථවාහනයක අවශ්‍යතාවය ඇති අකයිටෝ පරිශීලකයෙක්, සේවා සපයන්නෙකුගේ සේවාව ලබා ගැනීමට අවශ්‍ය AIC කොයින්ස් ප්‍රමාණය හා ඊට අමතරව වාහනය භාවිතා කරනවිට එම රථවාහනයට යම් අලාභයක් සිදුවුවහොත් එය පියවීමට අවශ්‍ය අමතර AIC කොයින්ස් ප්‍රමාණයත් තැම්පත් කිරීම සිදු කලයුතුයි.

ඉන් අනතුරුව සේවාව අපේක්ෂා කරන්නා සේවාව සපයන රථවාහන හිමිකරු මුණ ගැසී, රථවාහනයේ ඇති QR කෝඩය ස්කෑන් කර, මෙය තමා විසින් අකයිටෝ පද්ධතිය හරහා ඇනවුම් කල රථවාහනයම බව තහවුරු කර ගනී. මින් අනතුරුව රථවාහන සේවාව ලබා දීමට අවශ්‍ය AIC කොයින්ස් ප්‍රමාණය පමණක්, AKAIITO පද්ධතිය විසින් සේවා සපයන්නට මුදා හරිනු ලබයි.

සේවාව ලබා ගන්නා තැනැත්තා විසින් රථවාහනය භාවිතා කිරීමෙන් අනතුරුව නැවත හිමිකරුට පවරන අවස්ථාවේදී හිමිකරු විසින් රථවාහනයට කිසිදු අලාභ හානියක් සිදුව නැති බව තහවුරු කරගනී. ඉන් අනතුරුව හිමිකරු විසින්ර ථවාහනයේ QR කෝඩය ස්කෑන් කිරීමත් සමග, AKAIITO පද්ධතිය විසින් රදවාගෙන තිබූ අමතර AIC කොයින්ස් ප්‍රමාණය, සේවාව ලබාගත් තැනැත්තාට මුදා හැරීම සිදු කරනු ලබයි.

(4.) සිතියම්

මේ කොටසේදී AKAIITO පද්ධතිය විසින් ඔබ සංචාරය කරනු ලබන ලෝකයේ ඕනෑම ස්ථානයක ඇති, විද්‍යුත් මුදල් ඒකකයක් (Cryptocurrency) මගින් ගෙවීම් කල හැකි, භාණ්ඩ හා සේවා සපයන ස්ථාන පිලිබදව සිතියම් ආශ්‍රයෙන් දැනුවත් කරනු ඇත. මෙහිදී පරිශීලකයන්ට එම සේවා ස්ථානවල ලිපිනයන් සහ ගමන් මාර්ගය සිතියෙමෙහි දිස්වනු ඇත.

ආරම්භයේදීම සදහන් කල පරිදි අකයිටෝ (AKAIITO) පරිශීලකයන් එකිනෙකා අතර භාණ්ඩ, සේවා, කුලී සේවාවන් සහ සිතියම් සේවා, යන මූලික අංග හතර අතර ගනුදෙණු සිදුවන, පද්ධතියක් නිර්මාණය කිරීම අකයිටෝ ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වන අතර විශාල පිරිසක්, සියල්ල එක්තැන් කල අකයිටෝ පද්ධතිය පරිශීලනය කරනු දැකීම ඔවුන්ගේ අභිප්‍රායයි.

ආරක්‍ෂිතව ගනුදෙණු කල හැකි වටාපිටාවක් සහ ඉතා අඩු කොමිස් මුදලක් අය කරනු ලබන පද්ධතියක ගනුදෙණු කිරීමට හැකිවීම අකයිටෝ හි පරිශීලකයන්ට ලැබෙන සමහරක් වාසි අතර පෙන්වා දිය හැකියි.

මේ වනවිටත් අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතියේ කටයුතු සදහා , අරමුදල් රැස් කර ගැනීමට ඔවුන්ගේ ICO එක දියත් වෙමින් පවතිනවා. ඔබ පසු ලාභයක් බලාපොරොත්තුව මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමට අදහස් කරනවා නම්, තමන් විසින්ම, තව දුරටත් ව්‍යාපෘතිය පිලිබදව හොදින් සොයා බලා ආයෝජනය කරනා මෙන් ඉල්ලා සිටිනවා. මෙම ලිපියෙහි අරමුණ, පාඨක ඔබට අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතිය හා එහි අනාගත අපේක්ෂාවන් පිළිබඳව ලුහුඩින් හැදින්වීමක් කිරීම පමණයි.

පාඨක ඔබට අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතියෙන් ඇති වාසි මොනවාදැයි විමසා බලමු. අකයිටෝ ව්‍යාපෘති මාර්ග සිතියම ( Road Map) අනුව 2018 මැයි මස වන විට අකයිටෝ, ඔන්ලියින් වෙළදපොල පද්ධතියේ බීටා වර්ෂන් (beta vesrion) එකත් පිලිවෙලින්, 2018 සැප්තැම්බර් මස වන විට සම්පුර්ණ බීටා වර්ෂන් (beta vesrion) එකත් ඉන්පසුව 2019 පෙබරවාරි මස වනවිට සම්පුර්ණකරන ලද අකයිටෝ, ඔන්ලියින් වෙළදපොල පද්ධතියත් පරිශීලකයන්ට මුදා හැරීමට නියමිතයි.

3j19JsN.png


ඔබ සමහර විට දැනටම ෆේස්බුක් පේජයක් හරහා හෝ වෙනත් වෙබ්සයිටයක් මාර්ගයෙන් භාණ්ඩ විකුණන්නෙකු හෝ එම සේවාව ලබා ගන්නෙකු හෝ විය හැකියි. අකයිටෝ ව්‍යාපෘති නිර්මාණ කරුවන්ගේ ව්‍යායාමය සාර්ථක වී ඔවුනට නියමිත කාලවකවානුවලදී පද්ධතිය මුදා හැරීමට හැකි වුවා යැයි සිතන්න. ඔබ අකයිටෝ, ඔන්ලියින් වෙළදපොල පද්ධතිය පරිශීලකයන්ට මුදා හැරීමට පටන් ගත් දින සිටම එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වන්නේ නම්, එහි ක්‍රියාකාරීත්වය ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට හැකිවනු ඇත. ඔබේ මූලික අරමුණ භාණ්ඩ අලෙවි කිරීම නම්, එකම භාණ්ඩය අලෙවී කරන්නන් අතර තරගයට හොදින් මුහුණ දීමට, මුලින් සම්බන්ධ වීමේ වාසිය හේතුවෙන් ඔබට හැකියාව ලැබෙනු ඇත.

අකයිටෝ (AKAIITO) ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන් අදහස් කරන ආකාරයට ඔවුන්ගේ පද්ධතිය නිමවා මුදා හැරීමට හැකි උවහොත්, විද්‍යුත් මුදල් ඒකක (Cryptocurrency) සාමාන්‍ය ජනයා අතර එදිනෙදා භාවිතයට හුරුවීමේ ප්‍රවණතාවය වැඩිවීමට මෙම ව්‍යාපෘතිය සුළුවෙන් හෝ රුකුලක් වනු ඇත.

ඔබ මෙම ව්‍යාපෘතිය පිලිබදව වැඩි විස්තර සොයා බැලීමට කැමති නම් පහත ලින්කු ඔබට උපකාරී වනු ඇත.

ව්‍යාපෘතියේ ප්‍රධාන වෙබ් සයිටය:- https://akaiito.io/home/

ට්විටර් ගිණුම :- https://twitter.com/OfficialAkaiito

ටෙලිග්‍රෑම් ගෘප් ලින්කුව:- https://t.me/akaiito_community

මිඩියම් බ්ලොග් ලින්කුව:- https://medium.com/@akaiitotallinn

බිට් කොයින් ටෝක් ලින්කුව:- https://bitcointalk.org/index.php?topic=2804929.0

ලිපිය කියවීමට කාලය මිඩන්ගු කල පාඨක ඔබට ස්තුතියි. ඔබේ අදහස් පහල කොමෙන්ටුවකින් දමාගෙන යන්නටත් අමතක නොකරන්න.

 
Last edited:

shan123452

Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Blockchain technology is just started. Long way to go.There will be so many haters including bankers want to disrupt the BC technolgy.But sooner BC tech will disrupt the banking. Any how TFS. Good job
    Onna dan balapan meke ekek innawa duwagena awith kiyai, Bitcoin pyramid ekak bubble eka burst wenna lagai, Rothchild la wade denna hadanne, kawruth ganna epa kiyala
    Satha pahakata ganan ganna epa. Oka ahinsaka kollangen crypto trading signal denawa kiyala salli hora kana pajatha ballek.Oka dan methana chora wenna awama dannam proof screenshot ekka kollangen salli illapuwa
     
    Last edited:
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් මේකේ ඉන්නවා FUD HARD කියල පොරක්. ඕක මට 20 BTC මොකක්ද සිග්නල් දෙන එකකට ඉන්වෙස්ට් කරන්න කියල මාර ඇනයක් වුන. ඌ මටත් වඩා මගේ BTC ගැන මාර උනන්දුවෙන් හිටියෙ :lol:

    ඌ නිකන් සතොෂි කාරයත් උගෙන් ඉගෙන ගත්ත වගේ මේකේ ඉන්නෙ. දැන් ඌට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාවක්.
     
    Last edited:

    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    මචන් මේකේ ඉන්නවා FUD HARD කියල පොරක්. ඕක මට 20 BTC මොකක්ද සිග්නල් දෙන එකකට ඉන්වෙස්ට් කරන්න කියල මාර ඇනයක් වුන. ඌ මටත් වඩා මගේ BTC ගැන මාර උනන්දුවෙන් හිටියෙ :lol:

    ඌ නිකන් සතොෂි කාරයත් උගෙන් ඉගෙන ගත්ත වගේ මේකේ ඉන්නෙ. දැන් ඌට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාවක්.

    You mean a community member calling as " FUD HARD " ? Funny Name :lol:
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මචන් මේකේ ඉන්නවා FUD HARD කියල පොරක්. ඕක මට 20 BTC මොකක්ද සිග්නල් දෙන එකකට ඉන්වෙස්ට් කරන්න කියල මාර ඇනයක් වුන. ඌ මටත් වඩා මගේ BTC ගැන මාර උනන්දුවෙන් හිටියෙ :lol:

    ඌ නිකන් සතොෂි කාරයත් උගෙන් ඉගෙන ගත්ත වගේ මේකේ ඉන්නෙ. දැන් ඌට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාවක්.

    ශිට්කොයින් කඩේ බිස්නස් නැද්ද මාමේ :rofl:
     

    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    බොහොම වැදගත් තොරතුරු ටිකක්.
    මට නම් මේ subject එක ගැන ලොකු දැනීමක් නෑ ....
    ඒ නිසා යමක් එකතු කරගත්තා ..
    බොහොම ස්තුතියි සහෝදරයා .....
     

    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    බොහොම වැදගත් තොරතුරු ටිකක්.
    මට නම් මේ subject එක ගැන ලොකු දැනීමක් නෑ ....
    ඒ නිසා යමක් එකතු කරගත්තා ..
    බොහොම ස්තුතියි සහෝදරයා .....


    එළකිරි. දිරිගැන්වීමට ස්තුතියි සහෝ... :)

     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ශිට්කොයින් කඩේ බිස්නස් නැද්ද මාමේ :rofl:

    තියෙනව තියෙනව, XMR, GRAFT, ETN & TRTL විතරි. XMR දෙන්නෙ නිල් කොටු 11ක් තියෙන අයට පමණයි. එත් සතියට 1 XMR එකක් විතරයි දෙන්නෙ. මොකද මුන්ටික මගේ ශිට්කොයින් කඩෙන් බදු තොග පිටින් අරගෙන කළු කඩේ දාල 20% විතර ලාබයක් තියන් විකුනනවා.

    මේ දරුවට මොනවද දැන් මොනවද ඕන?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    x2km6o.jpg


    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප්
    ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී
    මෙහි
    ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    ඔබ සූදානම් නම් අප සූදානම්. .

    ****Wolverine
    GTR
    රෙප් පවර්
    79
    ****
    DjU9 රෙප් පවර් 42
    NEW
    Dinushasankalpa රෙප් පවර් 36
    NEW
    Sachith19920726 රෙප් පවර් 24
    Kumara456 රෙප් පවර් 26
    Maheshsenadheera රෙප් පවර් 23
    Mal baba රෙප් පවර් 25
    Shaminda Peiris රෙප් පවර් 24
    XibitZ රෙප් පවර් 20
    Jasz රෙප් පවර් 16
    Saja රෙප් පවර් 16
    Dilzzzz රෙප් පවර්16 NEW
    Slsaico රෙප් පවර් 15
    STU26015රෙප් පවර්15NEW
    Charith05 රෙප් පවර් 14
    Cedric1986රෙප් පවර්14NEW
    Rummy678 රෙප් පවර් 12
    Donkosala රෙප් පවර් 13
    Erozan රෙප් පවර් 13
    Asylum රෙප් පවර් 12
    hekelumරෙප් පවර් 12NEW
    unicornxරෙප් පවර් 12NEW
    ^Night Fury^රෙප් පවර් 11NEW
    577 රෙප් පවර් 10
    DjAshik රෙප් පවර් 9
    Ashan057 රෙප් පවර් 9
    MR.BILLA රෙප් පවර්9NEW
    rm1980 රෙප් පවර්9NEW
    King_cobra රෙප් පවර් 8
    Jhnnwp රෙප් පවර් 7
    Ramesh_jaya රෙප් පවර් 6
    හෙනයා රෙප් පවර් 6
    $Gangster$ රෙප් පවර් 6
    Profile_01 රෙප් පවර් 6
    shadow1 රෙප් පවර්
    5NEW
    Iron Monger
    Skymicro
    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool
    maduruwanari NEW
    Chira1NEW
    DAstonerNEW
    sandhanuwan1NEW
    slxNEW
    HekelumNEW
    Gasa84NEW
    YujithaNEW


    33agk8k.jpg

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක්
    මෙහි
    නම් පලකරන්න. .
    =============================
    මෙන්න මේ සහෝදරයෝ ටිකත් අපි එක්කම ඉන්නව රෙප් ලබා දීමේ කටයුතු වලට දායක වෙන්න ඒ නිසා හිත හිතා ඉන්න දෙයක් නැහැ එකතු වෙන්න සචිත් හා කණ්ඩායම සමග.
    maduruwanari
    Chira1
    DAstoner
    sandhanuwan1
    slx
    Hekelum
    Gasa84
    Yujitha
    mdrc111
    ***Dinushasankalpa Rep power 36+++***
    Welcome To The Brotherhood
    x2km6o.jpg


    රෙප් දීමට අපි සූදානම්...
    ඔබ සූදානම්ද???





    ===============================

    නවතම කණ්ඩායම් සාමාජිකයා සාදරයෙන් පිලිගමු...
    unicornx
    avatar44709_1.gif


    x2km6o.jpg


    ත්‍රෙඩ් එක හයිජැක් කලානම් සමාවෙයන්...​