ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මුදල් වංචා කළ කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

    ( ඉන්දිකා රාමනායක)

    පෞද්ගලික බැංකු සේවිකාවක් වශයෙන් පෙනී සිටිමින් එම බැංකුවේ ස්ථාවර තැන්පතුවලට වැඩි මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 2 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මහජන සහය පතයි.

    පිළියන්දල , මඩපාත, අලූබෝගහවත්තේ අංක ,66 නිවසේ පදිංචි ප‍්‍රත‍්‍රමතන්ත‍්‍රිගේ දෝන නිශාදි ධනුෂ්කා නැමැති ජාතික හැදුනුම්පත (827253464) දරණ සැකකාරි මෙලෙස අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    මෙම සැකකාරිය ඉහත ලිපිනයේ පදිංචිව සිටියදී 2017,2018 යන වසර වල බැංකුවේ ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලියක් ලබාදෙන බව පවසමින් කාන්තාවන් ඇතුලූ පුද්ගලයින් පස් දෙනකුගේ මුදල් ලබාගෙන ඒ වෙනුවෙන් ඔවුන් ව්‍යාජ තැන්පතු සහතික නිකුත් කර ඇති බව වංචා විමර්ශන කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    රුපියල් ලක්ෂ 10, 25, 40, 45, 50, වශයෙන් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන සැකකාරිය මෙම ව්‍යාජ තැන්පතු නිකුත්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ඒකකය 3 සහ 7 වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව එම නිලධාරියා කීය.

    ඒකක 3 බාර ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පිලපිටිය සහ ඒකක 7 බාර ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක යන මහත්වරුන් විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කර සාපරාධී සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව කොළඹ කොටුව,අලූත්කඩේ,මාලිගාකන්ද,මොරටුව යන මහේස්ත‍්‍රාත් අධිකරණවල නඩු රැසක් විභාග වන බවද වංචා විමර්ශන අංශය සඳහන් කරයි.

    පහත ඡායාරූපයෙන් සිටින මෙම සැකකාරි සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ-0112673593,ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කාර්යාංශ - 0112673571,කොළඹ වංචා විමර්ශන අංශය - 0112673590, අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

    image_881e1affb2.jpg


    ඡායාරූප සැපයුම - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසියත් අල්ල ගන්ඩ හදන්නෙ පොඩි පොඩි හොරුන්ව තමයි...අර මහ බැකුව කඩපු එකාව තාම අල්ල ගන්ඩ බැරි උනානෙ අප්පේ...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔව් මචන් අපේ ගෙදරටත් ඊයේ ආවා පොලිසියෙන් ගේ කාමර කුලියට දීලා තියෙනවද බලන්න.එයාලා ඇහුවෙත් ඔහොම ගෑණු කෙනෙක් ගැන.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,553
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම කරන්ඩ අමාරුයි,මිනිස්සු මෝඩ නිසා පොඩි ගානක් වැඩිවෙනව කිව්වම තන්හාවට අහුවෙනව..සක්විති කේස් එකෙන් පස්සෙවත් සිංහලු හැදෙන්නෙ නෑ :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    අපේ මිනිස්සු සල්ලි පැත්තෙන් මොනවා හරි වැඩියෙන් ලැබෙනවා කිවොත් හෙන මෝඩ විදිහට වියදම් කරන්නේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොලිසියත් අල්ල ගන්ඩ හදන්නෙ පොඩි පොඩි හොරුන්ව තමයි...අර මහ බැකුව කඩපු එකාව තාම අල්ල ගන්ඩ බැරි උනානෙ අප්පේ...

    :lol::lol: