බුදුන්වහන්සේගේ කාල කළමනාකරණය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බුදුන්වහන්සේගේ කාල කළමනාකරණය

    බුදුන්වහන්සේගේ කාල කළමනාකරණය

    අපට ලෝකෝත්තර ජයගැනීමට පෙර ලෞකික ජීවන සටනක්‌ තිබේ. එම ජීවන සටන ජය ගැනීම අනිවාර්ය වේ. ආර්ථික, අධ්‍යාපනික, සංස්‌කෘතික ආදී සෑම අංශයන් කෙරෙහිම අවධානය යොමු කිරීමට සිදුව ඇත. කාලය කළමනාකරණය කරගෙන සමගියෙන්, සහයෝගයෙන් කටයුතු කළොත් රටක වසන පුරවැසියන් වශයෙන් කාටත් ජය ගැනීමට පුළුවන. එසේ නොමැතිව අනවශ්‍ය ප්‍රශ්න උදෙසා කාලය නිරපරාදේ කැප කරමින් එකිනෙකා ඇනකොටාගනිමින් මේ යන ගමන් මඟ ඉදිරියටත් සිදු වුවොතින් රටක්‌ වශයෙන් අප පිරිහෙනු ඇත. ජපානය, තායිවානය, සිංගප්පූරුව වැනි රටවල ඇති අභිවෘද්ධිය අපට තව පරපුරවල් කිහිපයක්‌ ගියත් දැක ගැනීමට නොහැකි වනු ඇත.

    බුද්ධ වර්ෂයක්‌ අවසන් වී බුද්ධ වර්ෂයක්‌ උදා වෙනවා යනු සෑම දෙනාගේම ජීවිතය මරණය කරා ලංවීමයි. පුංචි අය තරුණ වීම, තරුණයෝ මහලු වීම, මහල්ලෝ මරණයේ සීමාවට පත් වීම යන සදාතනික ධර්මතාවය ස්‌ඵුට වීම සිදුවේ. එහිදී ප්‍රධාන සාධකය වන්නේ කාලය ගෙවී යැමයි. අපට නැති වන ඕනෑම දෙයක්‌ නැවත ලබා ගැනීමට ක්‍රමවේද ඇත. වස්‌තුව, ධනය, ඇඳුම් පැළඳුම්, ගෙවල් - දොරවල් මේ ආදී සම්පත් නැති වුව ද ඒවා නැවත ගොඩනඟා ගැනීමට පුළුවන. නමුදු කාලය නැවත ලබා ගැනීමට නොහැකිය.

    ඒ අනුව කාලය රටක ජන සමූහයක ප්‍රධාන සාධකයයි. දියුණුව, අභිවෘද්ධිය තුළ ප්‍රධාන සාධකය වන්නේ කාලයයි. අද එක්‌ එක්‌ ජීවිත දෙස බැලූ කල කාලය අපතේ යවන, ඒ ඒ වේලාවට කළ යුතු කටයුතු අතපසු කිරීම ආදී දේවල් ඉහළ සිට පහළ දක්‌වාම දැකිය හැකි ප්‍රධාන ලක්‍ෂණයකි. සෑම කෙනෙක්‌ම කාලය කළමනාකරණය කොට ගෙන තම තමන්ගේ කාර්යභාරය ඉටු කරනවා නම් රටක්‌ සමාජයක්‌ හැටියට මීට වඩා අභිවෘද්ධියක්‌ සේම කාටත් සේවයක්‌ සිදුවන බව කීමට පුළුවන. බුද්ධ චරිතයෙන් ඒ බව අපට මනාව පිළිබිඹු වේ. උන්වහන්සේ මුළු මානව සත්වයාටම කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් දුකට පිහිට වුණ ශාස්‌තෘවරයාණන් ය.

    ඒ සියල්ල සිදු කළේ කාලය අපතේ නොයන අයුරින් කාලය කළමනාකරණය කොට ගෙනය. ඒ අනුව උන්වහන්සේ දිනය කොටස්‌ 5 කට බෙදා ගත්හ. සැතපීම උදෙසා පැය 4 ක්‌ වැනි සුළු කාලයක්‌ තබාගෙන අන් සියලු කාලය ලෝක සත්වයාගේ දුක නිවීම සඳහා කැප කළහ. එය අද වුව ද කෙනකුට කාලය අපතේ නොයවා සේවය කිරීමට ඉතා වැදගත් වනු ඇත. එම කොටස්‌ පහ නම්,

    1. පෙරබත් කිස (පෙරවරු කාලය තුළ කළ යුතු කටයුතු)

    2. පසුබත් කිස (දහවල් කාලයේ සිට හිරු බැස යන තෙක්‌ කාලය)

    3. පෙරයම් කිස (රාත්‍රි ප්‍රථම යාමය තුළ කාලය)

    4. මැදියම් කිස (මුළු මැදියම් කාලය)

    5. පසුයම් කිස (රාත්‍රියේ පශ්චිම යාමය තුළ කාලය)

    බුද්ධ චරිතය තුළ හෝ ශ්‍රාවක චරිත තුළ හෝ කිසිම අවස්‌ථාවක කාලය අපතේ යන ක්‍රියාවලියක්‌ නොතිබුණි. බුද්ධ චරිතයෙන් නිතරම නිකුත් වුණේ "අප්පමාදො අමත පදං - පමාදො මච්චුනො පදං" යන දර්ශනයයි. නොපමා වූවෝ නොමියති (නිවනට යති) පමා වූවෝ මරණය වැළඳගත් මළවුන් වැනිය යනුවෙනි. මුළු මහත් ධර්මස්‌ඛන්ධයම අන්තර්ගත කරමින් උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ කාලය අපතේ නොයවා තම විමුක්‌තිය සලසා ගන්නා ලෙසයි.

    බුදු හිමි දේශනා කළ මුල්ම බුද්ධ වචනය තුළ වුව ද ඒ බව පැහැදිලිය. එහිදී "මා එකෙන ද්වෙ අගමිත්ථ" දෙදෙනෙක්‌ එක මඟ නොයව් යන වචනය තුළ කාලය අපතේ නොයොදවන ක්‍රමය කියා දී ඇත. දෙදෙනෙක්‌ එක මඟ යැමේදී ඉලක්‌කය වැරදීමට ද පුළුවන. අනෙක එක්‌කෙනකුගෙන් සිදු විය යුතු සේවය ප්‍රමාද වීමට ද පුළුවන. අද රටක සමාජයක එක්‌කෙනෙක්‌ දෙදෙනෙක්‌ කළ යුතු ක්‍රියා සමහර අවස්‌ථාවල දහදොළොස්‌ දෙනා යොදවා සිදුකරන අයුරු පැහැදිලි වේ.

    අද පවතින්නේ තාක්‌ෂණය අතින් දියුණු ලෝකයකි. එදා විසි තිස්‌ දෙනා ශ්‍රමය තුළින් කළ කටයුතු අද සුළු වෙලාවක්‌ තුළ යන්ත්‍ර සූත්‍ර තුළින් සිදු කිරීමට පුළුවන. නමුදු මෙතෙක්‌ පැවතුන රාජ්‍ය පරිපාලනය තුළ වුව ද කාලය අපතේ යවන මිනිසුන් උදෙසා ඔවුන් නිසි අයුරින් මෙහෙයවා කාලය කළමනාකරණය කොට ඔවුන්ගේ කාලය අපතේ නොයන ක්‍රමවේදයක්‌ දියත් කර නොමැත. ජපානය, තායිවානය, සිංගප්පූරුව වැනි රටවල් ගත් කල්හි දිනෙන් දින සිදුවන අභිවෘද්ධිය ඇත්තේ කාල කළමනාකරණය තුළත් සමඟ ය. උදාහරණයක්‌ වශයෙන් සිංගප්පූරු බස්‌ සේවය ගත් කල්හි එම බස්‌ තුළ රියෑදුරා පමණක්‌ සේවය කරති. මොකද අලුත් තාක්‌ෂණය ප්‍රයෝජනයට ගෙන දෙදෙනෙක්‌ කළ යුතු ක්‍රියාව එක්‌ කෙනකු කරන ක්‍රමවේද සලසා ඇත. එය දියුණු වන රටක ලක්‍ෂණයකි. එහිදී කිසි කෙනකුට අනවශ්‍ය හොරකම් හෝ අනිසි ක්‍රියා සිදු කිරීමේ ප්‍රවණතාවක්‌ කොහෙත්ම නොමැත.

    කාල කළමනාකරණය තුළ ඇත්තේ රටක අභිවෘද්ධිය පමණක්‌ නොව පුද්ගල අභිවෘද්ධිය ද සිදුවීම ය. එය ලෞකික ලෝකෝත්තර දෙඅංශයටම බලපාන අයුරින් සිදු වේ. අද අප රටේම කී දෙනෙක්‌ කාලය අපතේ යවමින් රටේ අභිවෘද්ධියත් එකිනෙකාගේ අභිවෘද්ධියත් නැති කරන්නේද? එය මනාව පිළිබිඹු වන්නේ රාජ්‍ය ආයතනයකට යැම තුළිනි. දුර බැහැරින් පුද්ගලයකු කොළඹ දැකිය හැකි නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයකට තම පෞද්ගලික කටයුත්තක්‌ සිදුකර ගැනීමට ගියොත් දැකිය හැකි වන්නේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් කොක්‌ හඬලා සිනාසීම. එක එක කෑම වර්ග භුක්‌ති විඳීම, එසේ නොමැති නම් අනවශ්‍ය පල්හෑලි කතා කර කර සිටීමය. දුරු කතර ගෙවාගෙන වැඩක්‌ කර ගැනීමට යන පුද්ගලයාට අනන්ත අප්‍රමාණ දුෂ්කරතා විඳීමට සිදු වේ. ඒවා අප ද අත්විඳ ඇති බැවින් අප රටේ සුලභව සිදුවන කාලය අපතේ යවන ක්‍රියා ලෙස එය දැක්‌වීමට පුළුවන.

    බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය වූයේ "හන්දදානි භික්‌ඛවෙ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ" යන්නයි. එනම් මහණෙනි ඔබ අමතමි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්‌කාර ධර්මයෝ නැසෙන සුළුවෙති. එබැවින් අප්‍රමාදව කුසල් දහම් සම්පාදනය කරන්න යන්නයි. අප්‍රමාද යන වචනය අන්තිමට ද උන්වහන්සේ යොදා ගත්තේ කාලය තුළ ඇති වටිනාකම කියා දීමටය. බුදුරදුන් පිරිනිවන් මඤ්චකයේ සිටියදී දහම් කරුණක්‌ අසා දැන ගැනීමට පැමිණි සුභද්‍ර නම් භික්‌ෂුව වැළැක්‌වීමට හැදූ අවස්‌ථාවේදී ආනන්ද හිමිට බුදු හිමි සඳහන් කළේ ඔහුට එන්ඩ ඉඩ දෙන ලෙසයි. එයින් ද බුදු හිමි සිද්ධ කළේ එම භික්‌ෂුව කාලය හඳුනාගෙන එම පුංචි කාලය තුළින් වුව ද සසර ජය ගැනීමට වෙර දරණ බව දැනගෙන උදව් කිරීමයි. එසේ නම් බුදුරදුන් ලෝක සත්වයාට කියාදුන් උතුම් පාඩමක්‌ ලෙස කාලය නොනැසී ගමන් කරන බවත් සත්වයා මාරයාට වසඟ වී සිටින අයුරුත් හේතුවෙන් තම තමන්ගේ ජීවිත ජය ගැනීමට තම තමන්ම උත්සාවත් විය යුතු ආකාරය නොවේද?

    අපට ලෝකෝත්තර ජයගැනීමට පෙර ලෞකික ජීවන සටනක්‌ තිබේ. එම ජීවන සටන ජය ගැනීම අනිවාර්ය වේ. ආර්ථික, අධ්‍යාපනික, සංස්‌කෘතික ආදී සෑම අංශයන් කෙරෙහිම අවධානය යොමු කිරීමට සිදුව ඇත. කාලය කළමනාකරණය කරගෙන සමගියෙන්, සහයෝගයෙන් කටයුතු කළොත් රටක වසන පුරවැසියන් වශයෙන් කාටත් ජය ගැනීමට පුළුවන. එසේ නොමැතිව අනවශ්‍ය ප්‍රශ්න උදෙසා කාලය නිරපරාදේ කැප කරමින් එකිනෙකා ඇනකොටාගනිමින් මේ යන ගමන් මඟ ඉදිරියටත් සිදු වුවොතින් රටක්‌ වශයෙන් අප පිරිහෙනු ඇත. ජපානය, තායිවානය, සිංගප්පූරුව වැනි රටවල ඇති අභිවෘද්ධිය අපට තව පරපුරවල් කිහිපයක්‌ ගියත් දැක ගැනීමට නොහැකි වනු ඇත.

    අද අප රටේ Rජු ප්‍රශ්න පිළිබඳ මඳක්‌ විමසා බැලුවොත් අප රටේ ප්‍රධාන ආගම් හතරක්‌ පවතී. නමුදු ආගමික සහජීවනය අතින් බැලීමේදී එකිනෙකාට විරුද්ධව අසමගියෙන් කටයුතු කරන බවක්‌ පෙනේ. එයට හේතු රාශියක්‌ ඇතිවාම නොවේ. නමුදු සදාතනික වෛරයෙන්, ක්‍රෝධයෙන්, අසමගියෙන් ජීවත් වීමට වුවහොත් එතුළ ඇත්තේ පිරිහීම ය. ඒ පිළිබඳ ජන නායකයන්, විද්වතුන් සාකච්ඡා කරමින් කොතැන ද වැරදුනේ, කොතැන ද හැදිය යුත්තේ කියා විධිමත් වැඩපිළිවෙළකට ඒම නුවණක්‌කාර ක්‍රියාවකි. ඇයි අපේ රට තුළ මෙතරම් අසමගියක්‌ පවතින්නේ යන්න බුද්ධිමත්ව කල්පනා කළ යුතුව ඇත. බාහිරින් අපට නොපෙනෙන බලවේග ඇත්නම් ඒවා මැඩ පැවැත්වීමට බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. උදාහරණයකට මැලේසියා රට ගනිමු. එය මුස්‌ලිම් රාජ්‍යයකි. නමුදු ථෙරවාදී පන්සල් රාශියක්‌ තිබේ. අප රටේ භික්‌ෂුන් වහන්සේලා සිංහල හා චීන බෞද්ධ බැතිමතුන් සමඟ ආගම ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුතු සිදු කරති. නමුදු මුස්‌ලිම් රාජ්‍යයක්‌ වුව ද කිසිදු බලපෑමක්‌ නොකරති. ඕනෑම රටක ඒ ඒ රාජ්‍යයට අනුව නීති රීති පවතී. ඒවාට අනුගතව තම අනන්‍යතාවන් ඔස්‌සේ ආගමික සහජීවනයෙන් කටයුතු කරති. ලංකාවාසී භික්‌ෂුන් වහන්සේලා බොහෝ පිරිසක්‌ එහි වැඩම කොට මාසෙ දෙක එහි ගත කොට සතුටින් ආපසු වඩිති. සමහර භික්‌ෂුන් එහි විශ්වවිද්‍යාල හා පාසල් හරහා අධ්‍යාපනය ද හදාරති. ස්‌ථිර වශයෙන් බොහෝ කාලයක්‌ වසන භික්‌ෂුන් වහන්සේලා ද වැඩ වසති. මේවා ද සිහියට ගනිමින් ගිහි පැවිදි සැම දෙනෙක්‌ම වැරදි තැන් හදාගෙන එක රටක වසන පුරවැසියන් වශයෙන් සහජීවනයෙන් විසීමට උත්සාහවන්ත විය යුතු ය.

    උත්සාහය, සිහිකල්පනාව රටක අභිවෘද්ධිය සඳහා අනිවාර්යය ලක්‍ෂණයක්‌ ලෙස සලකා වටිනා කාලය තුළින් උපරිම ප්‍රයෝජනය ගත යුතුය. ලෞකික වශයෙන් එදිනෙදා ජය ගැනීමට උත්සාහවන්ත වෙනවා සේම ඒ ඒ ආගම් අනුව තම තමන්ගේ විමුක්‌තිය සලසා ගැනීමට ද වෙහෙසිය යුතුය. විශේෂයෙන් සිංහල බෞද්ධයන් හැටියට පින් දහම් කිරීම සිදුකර ගත යුතුය. "අද අද එයි මරු පින් කර ගන්නේ" කී ආකාරයට මරුවා හෙට ඒ යෑයි නොසිතා අද අදම තම තමන්ගේ කටයුතු කර ගත යුතුව ඇත. කාලය රන් හා සමානයි යන කියමනට අනුව සිතීමේදී අපතේ යවන කාලය අලි ඇතුන් ලවාවත් නැවත ඇද ගැනීමට අපහසු බව දැන වටිනා ජීවිතය හිස්‌ නොකරගෙන කාලයේ වටිනාකම හැඳිනගෙන එම කාලය තුළින් ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් ලබා ගැනීමට උත්සාහවන්ත විය යුතුය.

    ගලගෙදර රතන වංස හිමි
    මාස්‌පොත ඓතිහාසික බෝධිපූජා විහාරස්‌ථානවාසී
    කු/නික/වාරි රත්මලේ රතනසෙල මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බුදු හිමි දේශනා කළ මුල්ම බුද්ධ වචනය තුළ වුව ද ඒ බව පැහැදිලිය. එහිදී "මා එකෙන ද්වෙ අගමිත්ථ" දෙදෙනෙක්‌ එක මඟ නොයව් යන වචනය තුළ කාලය අපතේ නොයොදවන ක්‍රමය කියා දී ඇත. දෙදෙනෙක්‌ එක මඟ යැමේදී ඉලක්‌කය වැරදීමට ද පුළුවන. අනෙක එක්‌කෙනකුගෙන් සිදු විය යුතු සේවය ප්‍රමාද වීමට ද පුළුවන. අද රටක සමාජයක එක්‌කෙනෙක්‌ දෙදෙනෙක්‌ කළ යුතු ක්‍රියා සමහර අවස්‌ථාවල දහදොළොස්‌ දෙනා යොදවා සිදුකරන අයුරු පැහැදිලි වේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankave Goverment Jobs , too much. Lankavata kelavenne ema nisaya.

    බුදු හිමි දේශනා කළ මුල්ම බුද්ධ වචනය තුළ වුව ද ඒ බව පැහැදිලිය. එහිදී "මා එකෙන ද්වෙ අගමිත්ථ" දෙදෙනෙක්‌ එක මඟ නොයව් යන වචනය තුළ කාලය අපතේ නොයොදවන ක්‍රමය කියා දී ඇත. දෙදෙනෙක්‌ එක මඟ යැමේදී ඉලක්‌කය වැරදීමට ද පුළුවන. අනෙක එක්‌කෙනකුගෙන් සිදු විය යුතු සේවය ප්‍රමාද වීමට ද පුළුවන. අද රටක සමාජයක එක්‌කෙනෙක්‌ දෙදෙනෙක්‌ කළ යුතු ක්‍රියා සමහර අවස්‌ථාවල දහදොළොස්‌ දෙනා යොදවා සිදුකරන අයුරු පැහැදිලි වේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea ayata, secretary lata, staff ekata, padi gevanakota, Treasury empty for development of Srilanka.