දිනිති ~~~

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට






    සාමාන්ය පෙල ඉවර වෙලා ගෙදරට වෙලා හිටි දවස් ටික ඉවරයි. උසස් පෙල පන්ති පටන් ගන්නවා කියල හැම තැනම පෝස්ටර් ගහලා.
    ගෙදරින් වගේම මගේ කැමත්ත උනෙත් ගනිත අංශයෙන් උසස් පෙල කරන්න නිසා හා හා පුරා පන්තියකට යන්න තියෙන්නේ අද. නිහාල් සර් ගේ Physics පටන් ගන්නේ අදලු.


    අම්ම හදපු තේ එකත් බීල මූන හෝද හෝද ඉන්නකොට ගෙදර බෙල් එක ගහනව ඇහුනා.


    කව්ද මන්ද උදේ පාන්දර ?? අපේ ගෝතයෙක්ද දන්නේ නැහ.


    කනක් ඒ පැත්තට හරවන් ඉද්දි ටින් ටින් ට්කක් ඇහුනා.


    " ඇන්ටි අශානි ඉන්නවද ? "


    කව්ද බොලේ මේ.. නන්ගිගේ යාලුවෙක්ද දන්නෙත් නෑ.. මොනා උනත් බලන්න එපැයි ගෙදරට ආපු කෙනාව.


    මූන හෝදගෙන කාමරේට යද්දි හප්පොච්චියේ.... කෙල්ලෙක් නෙමෙයි කෙල්ලො 5ක් සාලේ.


    දිනිති.... දිනිති කියන්නේ අපිත් එක්ක දහම් පාසල් ගියපු කෙල්ලෙක්. අපි කවදාවත් කතා කරල නම් නැහ. මට වඩා අවුරුද්දක් බාලයි.
    ඉස්සර දිනිත් ඩහම් පාසලේ රැස්වීමෙදි ලස්සනට සින්දු කියනවා. ඒ දවස් වල ඉදන් මම දිනිතිට ආසයි. ආදරයක් ම නෙමෙයි. ඊත් ආසවක් තිබ්බ.
    දිනිති ත් එතන හිටියා. අනිත් කෙල්ලො නම් මම අදුරන්නේ නැහ. මම ඉතින් හොද ළමයනේ... වැඩිය කෙල්ලො එක්ක අශ්‍රයක් තිබ්බෙ නැහ.


    මම හිමින් සැරේ කාමරේට ගිහින් ලෑස්ති වෙන ගමන් ඒ පැත්තට කනකුත් දැම්ම.


    " බලන්න නන්ගි අපිට අද ගාල්ලේ ගනන් පන්තියක් තියෙනවා 11 ට. උදේ ඔයාලගෙ ගෙවල් ගාව ක්ලාස් එකට


    ආවේ.. ඒක අද නෑ.. දැන් ඉතින් ගෙදර ගිහින් එන එකත් අපරාදේනේ.. ගාලු යන්නත් කලින් වැඩිනේ.. ඒකයි මෙහේ ආවෙ.. "


    " අහ් ඒකට මොකද අක්කි... දහම් පාසල් නැවත්තුවට පස්සෙ හම්බුනෙත් නෑනේ.... "


    අහ් ඒ කියන්නේ මෙයාලට අද ගාලේ ක්ලාස්.


    දිනිති ල කරන්නේ O/L මේ පාර.


    කොහොම හරි මමත් ලෑස්ති වෙලා අම්මේ මම යනවා කියාගෙන ඒ පැත්ත බලන්නේ වත් නැතුව එලියට බැස්ස. ( ලැජ්ජාව තියෙනවනේ ඒ කාලේ )


    හප්පේ... ලංකාවේ දිගම බස් නැවතුමපල ට ආවම නිකන් පිස්සු වගේ. සෙනසුරාද උදේ කියන්නේ... චා චා... ලස්සන ලස්සන කෙල්ලො පිරිලා... ඒ වගේම අයිතිකාරයො... වෙන්න අයිතිතිකාරයො පෝලිමට බස් නැවතුම්පලේ බිත්ති වලට හේත්තු වෙලා.


    පන්තියට වෙලාව හරි නිසා මම සිරි නැරබිල්ල තියල පන්ති ගියා.


    12.30 වෙද්දි පන්තිය ඇරුනා. කියන්න අවුලක් තිබ්බෙත් නැහ. දන්න කියන උන් සෑහෙන හිටියා.


    කොහොම හරි හිමින් සැරේ බස් ස්ටෑන්ඩ් එකට ආවා... මොකද ආයෙම හවස combined maths ක්ලාස් එකක් තිබුනා... අම්ම අදුරන සර් කෙනෙක්ගේ.. අද පටන් ගන්න නිසා ගිහින් බලන්න කියලා කිව්ව.


    " අඩෝ උබ වල බහිනවද ??? "


    මම බැලුව කව්ද මේ වල ක් ගැන කියන්නේ කියල.. මගේ අතිජාත පර පිවිතුරු ඔලමොට්ටල යාලුවන්ගෙන් එකෙක්... ගයාන්.
    පොත් දෙකකුත් රෝල් කරන් ඉන්නවා.


    " අහ් නෑ බන්... මේ වල බහිනවා. උබ මොකෝ කරන්නේ... "


    " අහ් මමත් ඒක තමා. "


    " මේ උබ කොහෙද පන්ති ගියාද ?? "


    " ඔව් බන් නිහල් සර් ගේ. "


    " අහ් උබ maths ද bio ද කරන්නේ.. "


    " maths බන්. මම කිව්වෙ... උබ ? "


    " දන්නේ නැහ බන්. හොද එකක් තෝරගන්න ඕනි නිසා දැනට දෙකම කරනවා. "


    " පි පිස්සු.. ඒ කියන්නේ උබ ජාති දෙකටම ක්ලාස් යනවද ?? "


    " හිහි ඔව් බන්. "


    මූට පිස්සු ද මන්ද හැබයි නරකම නේ අදහස.


    ඒ එක්කම ස්ටෑන්ඩ් එකට ඇතුලෙ උනේ උදේ අපේ ගෙදර ආපු කෙල්ලො සෙට් එක.


    දිනිතිලා.....


    ----------------------------------------------------------

    දිනිතිලා ගේ ක්ලාස් එවර වෙලාද කොහෙද ගෙදර යන්න බස් ස්ටෑන්ඩ් එකට ඇවිත්...

    " මේ මචන්... "

    " හ්ම්ම් "

    ගයානය බස්ස වගේ හ්ම්ම් ගානවා...

    " හ්ම්ම් නෙමෙයි ඕය් අර කෙල්ලො සෙට් එක "

    " එල කෑලි ටික නේ "

    අපෝ මේ අපතයත් ඒ පැත්තමය් බලන් ඉදල තියෙන්නේ..


    " මගුලක් නෙමෙයි බන්... උන් ටික උදේ අපේ ගෙදර ආවනේ.. "

    මූ ඒ පාර අමුතු ලුක් එකකුත් දාගෙන බැලුවා මගේ දිහා..

    " ඇයි උබෙන් කසාද බදිමුද අහන්නද ?? "

    " නෑ අමනුස්සයෝ... අපේ නන්ගිගෙ යාලුවො වගයක් "

    කියල උන්ගෙ ක්ලාස් කතාවත් කිව්ව මූට...

    කොහොම හරි අපි කතා කර කර ඉද්දි අද්දපු බස් එකේ නැගල දිනිතිල ගියා.

    අපිත් පන්ති ගියා. ළමයි 3 - 4ක් ඉන්න පුන්චි පන්තියක්. වරදක් නෑ...

    ****

    ඊයේ දිනිතිව දැකපු වෙලි ඉදන් මට එයා ගැන පුදුම ආසවක් තිබ්බේ... ආදරේ කියන එක මට නුහුරු අත්දැකීමක් ඒ වෙද්දිත්.
    ඒත් දිනිතිව දකින්න.. එයා එක්ක කතා කරන්න මට මාර ආසවක් දැන් තියෙන්නේ... මේක හරි යන්නේ නෑ... හොදම යාලුවො සෙට් එකෙනුත් ගයානය තමා මම ලඟින්ම ආස්‍රය කලේ. ඌටවත් මේ ගැන කියන්න ඕනි කියන්න ඕනි.

    ඉරිදා ඒ කියන්නේ පස්සෙන්ද මම තවත් combined matchs ක්ලාස් එහෙකට ගියා. ( ඒ දවස් වල හොද පන්ති හොයන්න ඔක්කොටම යනවනේ... පලවෙනි දවස නිකන් නේ අනික.. කාර්ඩ් ඕනි නෑනෙ. ) communication
    එකකින් ( ඒ කාලේ දැන් වගේ අතට පයට mobile තියා අපේ ගෙදරවත් phone එකක් තිබ්බේ නැහ. ) ගයාන්ට කෝල් එකක් දුන්න... ඌටත් ක්ලාස් න්න කියලා.


    ක්ලාස් ඇරිලා බස් ස්ටෑන්ඩ් එකට පයින් යන ගමන් මම මූට කිව්ව සීන් එක...

    " මචන්.. "

    " හ්ම්ම්... "

    " උබට මතකද අර කෙල්ලො සෙට් එක... ඊයේ ස්ටෑන්ඩ් එකට ආවේ ?? "

    " මොන ?? "

    " ඇය් බන් මම කිව්වෙ අර අපේ ගෙදර ආව කියලා... "

    " අහ් ඉතින් "

    " ඉතින් කියන්නේ බන් උබට මතකද අර නිල් මල් වැටිච්චි ගවුමක් ඇදන් හිටි කෙල්ල ?? "

    ( මට අදටත් මතකයි... නිල් මල් වැටිච්චි අත් නැති ගවමක් ඇදල කොන්ඩෙ තනි කරලට ගොතල... හිටි දිනිතිව එදා... )


    " ම්ම්ම් ලාවට වගේ.. මොකෝ සීන් එක ??? "

    " නෑ බන්.. ඒකි ඉස්සර දහම් පාසල් ආව... මන්ද බන්.. මන් නිකන් ඒකිට ආසය් වගේ "

    " හප්පා... ඒ කියන්නේ කොල්ල ට ජය ස්‍රී මංගලම් වගේ... පාර්ටි එකක් දියන් හරිද ?? යමන් යමන් අර south ceylon එකට... "

    මූට පිස්සුද මන්දා.. මම ඒකි එක්ක කතා කරලවත් නෑ... මූට පාර්ටි.
    ( හිහි තාමත් පිස්සු බුවා ඒ වගේමයි. )


    " තොට පිස්සුද බන්... මම ඒකි එක්ක කතා කරලවත් නෑ තෝ මේ මඟුලක් කියනවා.. "

    " මඟුලක් තමයි මල්ලි... ඉතින් දැන් මොකෝ මගෙන් වෙන්න ඕනි ? "

    ආව්.. අන්න එහෙමනේ යාලුවො උනාම...

    " ඉතින් බන් නැද්ද මොකුත් idea එකක් "

    " ම්ම්ම් ඉතින් උබ ඒකිගෙන් අහපන්කෝ... "

    " ඒ උනාට බන්.. එහෙම නෙමෙයි නැද්ද වෙන අදහසක්.. අනික බන් එකිට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නැහනේ. "

    " හික් හික්.. එහෙනම් දුක තමා කොල්ලො... බලමු ඉතින් "

    කතාවෙන් කතාව අපි ආව ස්ටෑන්ඩ් එකට...

    බස් එකේ සෙනග පිරිලා... ඊලගට බස් එකක් එනකන් ක්ලාස් ගිය කෙල්ලො බස් ස්ටෑන්ඩ් එක කෙලවරේ පිරිලා ඉන්නවා... කොල්ලො ඉතින් කවදත් අර තාප්පෙට හේත්තු වෙලා නේ.. ( ගාල්ලේ අය දන්නව ඇති සීන් එක හිහි... )
    ඒ කෙල්ලො රොත්ත අස්සේ හිටිය කෙල්ලො දෙන්නෙක් දැක්කම මාව නිකන් ඩිම් උනා... ඒ ඊයේ දිනිතිත් එක්ක හිටිය කෙල්ලො දෙන්නෙක්...

    " ගයාන්.. අර ඊයේ දිනිති එක්ක හිටි කෙල්ලො දෙන්නෙක් නේ බන් "

    " දිනිති ?? කව්ද බන් ඒ ??? "

    මූට සීන් එක කිව්වට නම කිව්වෙ නෑනේ....

    " ඇය් බන් මම මෙච්චර වෙලා කිව්වෙ තොට.. ඒ දිනිති ගැන... "

    " අහ්... කෝ ඉතින් නැද්ද කෙල්ල ?? "

    " පේන්න නම් නැහ බන්... "

    ඒ එක්කම බස් එකක් ආවා... ඔක්කොම ඒකට නගිද්දි මූ මාවත් ඇදන්...

    " වරෙන් යමන්... ගිහින් talk එකක් දාල බලමුකො... "

    කියාගෙන බස් එකට නැග්ග...

    කොහොම හරි එහෙන් මෙහෙම් රිංගලා ඒ කෙල්ලො දෙන්න හිටි තැනට අපිත් සෙට් උනා...

    ගයානය කතාව පැත්තක් තියලා කියවන්න ගත්තා...

    " ඇය් බන් එහෙම ගෙවල් වලට එනවද උදේ පාන්දර මම අහන්නේ... හරිම කැතයි නේ බන්...

    බලහන්කො ඉතින් අදුරන්නේ නැහ වගේ ඉන්න හැටි... "

    මූ කියවගෙන කියවගෙන යනවා... මාත් එහෙන් මෙහෙන් හ්ම්ම් ගගා හිටියා...

    කෙල්ලො දෙන්නත් අවුලක් නැහ.. හිනා වෙවී ඉන්නවා...

    " මේ කොහෙද ගියේ ?? "

    අර කෙල්ලෙක්ගෙ පිටට තට්ටුවක් දාන ගමන් ගයාන්...
    ඒකි එක පාරම් ගැස්සිලා වගේ..

    " අහ්.. මේ පන්ති "

    " අහ් ඇත්තද.. පොත් තියෙන නිසා මම හිතුවා පොලේ වත්ද කියලා.. "

    කොහොම හරි ටික දුරක් යද්දි කෙල්ලො දෙන්න සෑහෙන ෆිට් උනා... ඒ එක්කෙනෙක් සමාධි.

    " මේ හල්ලො... කෝ ඔයාලගෙ අර යාලුවා... "

    " මොන යාලුවද ? "

    " අහ් අර ඊයෙ හිටියේ... "

    මම ත් පැනපු ගමන්..

    " දිනිති කියන්නේ.. අන්න එයා "

    කෙල්ලො දෙන්න හිනා වෙන්න ගත්තා..

    " මොකො එයා ගැන හොයන්නේ... "

    " නැහ මේ exam එකට ආවොත් කියල එයා ගැන.. " ඒ ගයාන්..

    කෙල්ලො දෙන්න හිනා වෙනවා...

    " එයා මේ ක්ලාස් එකට එන්නේ නැහ... ආයෙ එන්නේ සිකුරාදා... "

    අහ් ඒ කියන්නේ... සිකුරාදත් ගාලු එන්න පන්තියක් හොයා ගන්න වෙයි හික් හික්...


    " මේ ඔයාලගේ යාලුවා බැදලද ??? " ඒත් ගයාන්.. මූට පිස්සුද මන්දා... ඒකි බදින්න හිතලවත් නෑ... මම ඉද්දි.. මටත් පිස්සු..

    " අහ් නෑ නෑ තාම නම් නෑ... "

    " මොකෝ බදින්න අහන්නද ?? "

    " අනේ මට නම් නෙමෙයි... මෙන්න මූට නම් මොකක්ද ඕනි කමක් තියෙනවා ඔයාලගේ දිනිති ගැන... "

    මූ මාව එක පාරම පාවල දුන්න.

    " අහ් ඇත්තද ?? ම්ම්ම් තාම නම් කවුරුත් නැහ ඉතින්... ඒත් නිති ඕවලට කැමති වෙය්ද දන්නේ නැහ.. එයා ටිකක් serious ඕව ගැන. "

    ඒ පාර හිනා මූඩ් පැත්තකින් තියලා ෆුල් serious විදියට කිව්වෙ සමධි.


    " මේ බැරිද ඉතින් පොඩි සහයෝගයක් දෙන්න... "

    " අහ් බලමු බලමු... අපිට ඉතින් සලකන්න ඕනි හරි ගියහම "

    ආයේ මූඩ් ෆික්ස් කරන් සමාධි කිව්වා...

    මම තමයි ඉස්සෙල්ලම බහින්නේ.... ගයාන් හුඟාක් දුර යනවා...
    බහින්න කිට්ටු වෙලා උගේ කනට කරලා..

    " මචන් තව විස්තර ටිකක් හොයා ගෙන වෙන විදියක් බලපන්කො "

    කියලා කෙල්ලෙ දෙන්නටත් bye කියල මම බැස්ස ගෙවල් ගාව.


    ------------------------
    ඉතිරි ටික........................?
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    ඉතුරු ටික දාපන් යකෝ..... :angry::angry::angry:

    නැත්තං මහේෂ් වලතර එවනවා තොපේ ගෙවල් පැත්තට අර උගේ රම්බෝ පිහිය එක්ක :angry::angry:

    :angry::angry::angry::angry: