ලංකාවේ_පිරිසිදුම train station එක

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවේ_පිරිසිදුම train station එක

    ලංකාවේ ඇති සුපිරිම,පිරිසිදුම දුම්රිය ස්ථානය මෙන්න


    30 වසරක මිලේච්ඡ බෙදුම්වාදය විසින් බෙදා වෙන් කරන්නට හැදූ රටේ ඒ සියල්ල පරදා එක්සත්ව එක රටක් එකම ජාතියක් තුළ මේ රට සිංගප්පූරුවක් කිරීම සිහිනයක් නොවෙන බව මේ පොළවේ ඔප්පු කළ තැනක් විදිහටයි මම යාපනය දුම්රිය ස්ථානය දකින්නේ.

    මිලේච්ඡත්වයට තව දුරටත් හිස ඔසවන්නට බැරි තැනට වෙර දරන මිනිස්සු තමුන්ට ලැබුණු , හා තියෙන සම්පත් ටික පරිස්සමින් පරිහරණය කරමින් රැක ගන්න අපූරුව ලංකාවේ දුම්රිය ස්ථාන වලට විතරක් නෙමෙයි සමහර රාජ්‍ය ආයතන වලටත් පරමාදර්ශයක් කියලයි මට නම් හිතෙන්නේ.

    ඔබ දන්නවාද ?

    යාපනය දුම්රිය පොළේ එකම මල් පෝච්චියක වත් ටොෆි කොලයක්, සිගරට් කොටයක්, දුරකථන කාඩ් රීලෝඩ් කෑල්ලක් දකින්න නෑ කියා.

    ඒ බිම දකින විට දාන්න හිතෙන්නේ නැතත් ඒ දැම්මත් දාන්නේ සංචාරයට ගිය මගීන් විතරයි.

    ඒ දැම්මත් ක්ෂණයකින් සේවකයින් ඒවා පවිත්‍ර කරනවා.

    ආබාධිත එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතා සහිත අයට වෙනම ප්‍රවේශ පත් කවුලුවක් , ඔවුන්ට රෝද පුටු, දුම්රිය වේදිකාවට වෙනම ප්‍රවේශ පහසුකම් තියෙනවා කියා දන්නවා ද ?

    සේවකයින් තමුන්ගේ මෝටර් බයිසිකල් ටික ඉතා පිළිවෙලට ගාල් කරලා

    වියළි පරිසරය මැද්දේ තණකොළ මනාව සකසලා මනරම් පරිසර පද්ධතියක් ඉදිරියෙන්ම

    දුම්රිය මාර්ගයේ එකම ප්ලාස්ටික් බෝතලයක්, ඉටි කවරයක් , කසල කියන දේවල් නෑ.

    ආපන ශාලාවේ ඉතාම ඉහල ගුණාත්මක බවක් තියාගෙන තියෙනවා විතරක් නෙමෙයි තියෙන පුංචි ඉඩ සීමාවේ වතුර , බීම බෝතල් ගබඩා කර තියෙන අපූරුව

    ඒ විතරක් ද භාෂා ප්‍රශ්නයක් තිබුණත් දකුණෙන් එන ඕනෙම කෙනෙක්ට හස්ත මුද්‍රාවෙන් හරි දෙයක් තේරුම් කර දෙන්න දක්වන උනන්දුව

    යාපනය කියන්නේ හුගක් වෙලාවට බුලත් විට කන අය ඉන්න තැනක් වුණත් බුලත් කෙළ තැන තැන නොගහපු දුම්රිය පොළක් කියලා ඔයාලා දන්නේ නැතුව ඇති.
    හැබැයි 5S වගේ ජපානෙන් ඉම්පෝර්ට් කරපු සංකල්ප නැතුව ඔවුන් හරි අපූරුවට මේක පවත්වාගෙන යනවා.

    ජාතියේ මහා පහන් ටැඹ කියන ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ගොඩ නැගුණු යාපනය දුම්රිය ස්ථානය කියන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම දායකත්වයක්.

    ඒ මොන දායකත්වය ලැබුණත් තියෙන දේත් ලැබුණ දේත් ඒ විදිහට පවත්වාගෙන යන්න බැරි නම් ලංකාවට දුම්රිය ස්ථාන සිංගප්පූරුවෙන් ගෙනත් සවි කළත් වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නේ.

    ලී ක්වාන් යූ සිංගප්පූරුව භාර ගන්න කොට කීවේ අපි ලංකාවේ මට්ටමට එන්න ඕනේ කියලා.අපේ නායකයෝ දැන් සිංගප්පූරුව දිහා බලාගෙන ඒ මට්ටමට එන්න මිනිසුන් ට හීන මවනවා.අඩු තරමේ අපිට දැන් මාලදිවයින මට්ටමට එන්නත් බැරි වෙලා කියලා වෙලාවකට හිතෙනවා .

    කොහෙවත් නැති ජාතිවාදයි , ආගම් වාදයි කුළ වාදයි ඒවයි මේවයි වලින් දේශපාලන වාසි වලට උසි ගන්වන දේශපාලුවෝ ඉන්න රටක් වෙලා.

    ඔබ මොහොතකට යාපනය දුම්රිය ස්ථානාධිපති තුමා කේ.ප්‍රදීපන් මහතාගේ අදහස අහන්න.ඔහු ඉතා පැහැදිලිව කියනවා ” අපි වැඩ කරනේ මේ තැන අපේ ගෙදර වගේ” කියා හිතලා කියා.

    එවැනි රාජ්‍ය සේවකයින් මොන ජාතියේ මොන ආගමේ වුණත් මේ රටට සම්පත්.ඔවුන්ට පඩි ගෙවන්නෙත් මිලියන දෙකක ජනතාව කියලා ඔවුන් තේරුම් ගැණීම ඊට වඩා වටිනවා.සමස්ත රාජ්‍ය සේවයමත් රටක් විදිහට පෞද්ගලික වේවා සමස්ත ජනතාවමත් එකට හිතනවා නම් සිංගප්පූරුව මේ පොළවේ යතාර්ථයක් වෙන්නේ නැති දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ.

    ප්‍රදීපන් මහත්තයා ගෙන් සමුගන්න කලින් පොඩි ඉල්ලීමක් කළා.

    සංචාරයට එන අයට පොඩි තොරතුරු සමරු හා ආවේනික නිෂ්පාදන මිලට ගන්න පොඩි කුටියක් හදන්න කියලා.ඔහු එය ඉතා ඉහලින් පිළිගත්තා වගේම එය ඉටු කරාවි කියලත් හිතනවා.

    ඒ වගේම ඔබත් යාපනයේ සංචාරයට යනවා නම් මේ සුන්දරත්වය රැක ගන්න උදව් කරන්න.

    ඒ වගේම ගමන ඇතුලේ දකිනවාට වඩා යමක් දකින්න.. හිතෙනවා ට වඩා යමක් හිතන්න..එතකොට ආයේ කවදාවත් මිලේච්ඡත්වයට අපිව බෙදන්න බැරි වේවි.



    30714256_430752240680764_1698078160140107776_n.jpg


    30728286_430753114014010_4732042516868628480_n.jpg


    30740960_430753004014021_1112627070623547392_n.jpg


    30762617_430752290680759_1786937773614170112_n.jpg


    31047179_430752897347365_5030761486625013760_n.jpg


    31059469_430752820680706_3571038601070247936_n.jpg


    31073201_430752760680712_2278755659795136512_n.jpg


    31073365_430752707347384_2132979311513174016_n.jpg


    31084216_430753317347323_452052858456506368_n.jpg


    31118627_430753157347339_5560066770783436800_n.jpg


    31129622_430753264013995_1732434144706691072_n.jpg



     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එහෙ එහෙම වෙද්දී මෙන්න මෙහෙ වෙන දේවල්..:angry::angry:


    සෙංකඩගල මැණිකේ දවස් 4න් විනාශ කළ අපේ මිනිස්සු


    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර - මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර තිබේ.

    මෙම එක් මැදිරියක් නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 14ක පමණ මුදලක් වැය කර ඇති අතර ඒවා ධාවනයට යොදවා දින 4ක් පමණ ගතවන විටම අගුල් කඩා, සීට් පුළුස්සා, වැසිකිලිවල සබන් රඳවන ගලවා දමා, තැන තැන ආහාර කැබලි ආදිය දමා විනාශ කර තිබෙන බව වාර්තා වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අයවැය යෝජනාවකට අනුව ක‍්‍රියාත්මක කළ පැරණි හා අබලන් වූ දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තන්ත්‍රී සමාගම විසින් නවීකරණය කෙරුණු මෙම දුම්රිය මැදිරි නවය ධාවනය සඳහා එක්කිරීම සිදුවූයේ ඉකුත් 31 වැනිදාය.

    මෙම එක්මැදිරියක ආයු කාලය වසර 15ක් වන සේ නවීකරණය කර ඇති අතර මෙවන් මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් වැයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම දුම්රිය මැදිරිවලට හානි කර තිබෙන අයුරු දැක තමන් ඉතා කණගාටුවට පත්වූ බවයි.

    දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් නවීකරණය කළ දුම්රිය මැදිරි මෙම දුම්රිය සඳහා යෙදවූ බව කී අමාත්‍යවරයා මගීන් විසින්ම ඒවා විනාශ කරන්නේ නම් හොඳ සේවයක් සැපයීම ගැටලූවක් වන බව ද සඳහන් කළේය.



    31606597_1743531989045680_6454873462593814528_n.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Demala aya gana sinhalu hithan inna widiha wenas karaganna kaale hari wage

    Matanam oka hithila godak kal.Lakshman Kadirgamar wage tamil kenek me rate president unanam me rata dan sahenna diyunu wela.ape sinhala un kayiya withari wada naha.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Matanam oka hithila godak kal.Lakshman Kadirgamar wage tamil kenek me rate president unanam me rata dan sahenna diyunu wela.ape sinhala un kayiya withari wada naha.

    Kawada wath wenne nathi wadak ban. E wage hoda minissu hama jathiyakama innawa machan. Sinhala ayath innawa. Eth ehema ayata kawada wath awasthawak labenne naha. Kadirgamarta agamathikama denna chandrika yojana karaddi keedenek wirudda unada.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අපේ එවුන් අර ට්‍රෙන් එක හදල දවස් 4න් කෙලෙව්වේ. එහෙව් එවුන් සීමිත පිරිසක් ඉන්නවා ඔය ගමන් බිමන් යන අතරේ.. උන්ව මැරෙනකන් ඉන්න වෙනවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Kawada wath wenne nathi wadak ban. E wage hoda minissu hama jathiyakama innawa machan. Sinhala ayath innawa. Eth ehema ayata kawada wath awasthawak labenne naha. Kadirgamarta agamathikama denna chandrika yojana karaddi keedenek wirudda unada.

    :yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    oka thama open karala nethuwa ethi,,,, demalunge gana deyak ne, sinhalu thawa hodai

    යාපනේ දෙමල සහ වතු දෙමල කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජාති දෙකක් :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යාපනේ දෙමල සහ වතු දෙමල කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජාති දෙකක් :yes:

    ow ahasayi polawayi wage,Jaffna aya attatama hena quality,Jaffna Tamils la Indian Tamils (wathu demala) ayawa eccahara care karanneth na,mama oya jathi dekama ashraya karala thiyana nisa dannawa :yes: