මන්ද බුද්ධික සිරි ලංකාව

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,455
    8,609
    113
    මන්ද බුද්ධික සිරි ලංකාව

    ලෝකයේ අනෙක් රටවල බුද්ධි මට්ටම් හා සැලකීමේදී අප සිටින්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.

    සාක්ෂාරතාව සියයට 98ක් යැයි මහ ඉහළින් කීවත් බුද්ධි මට්ටම අතින් අප පහළ මට්ටමක සිටින්නේ යැයි ද සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම යනු හාත්පසින්ම වෙනස් මිණුම් දඬු දෙකක් යැයි ද ඇය කීවාය.



    ලෝකයේ සම්මත ආකාරවලට අනුව බුද්ධි මට්ටම ගණනය කරන බවත් එහිදි අප අයත් වන්නේ 72ත් 82ත් අතර බුද්ධි මට්ටම් ස්ථරයට බවත් තවත් පහළට වැටුණහොත් අපි මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා යැයි ද ආචාර්ය අත්තනායක මහත්මිය පැවැසුවාය.



    බී.ඒ.ඩී ජයන්තර වීරසිංහ මහතා රචිත ‘ජීවිතය ජයගන්නට මා ආ ගමන් මඟ’ කෘතිය සම්බන්ධයෙන් රාජගිරිය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවැති කතිකාවකදී අදහස් දක්වමින් ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය එම කරුණු කීවාය.


    “අපිට සමාජයේ වෙන දේවල් දැක්කම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. බුද්ධි මට්ටම ඉහළම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ දකුණු කොරියාව. ඉන් අනතුරුව ජපානයත් ඊට පසු යුරෝපා රටවල් සිටිනවා. ඉන්දියාවත් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. දකුණු කොරියාවේ බුද්ධි මට්ටම 102. ඉන්දියාවේ 84යි. අපි ඉන්දියාවටත් පස්සෙන් ඉන්නේ.


    අපි සාක්ෂරතාව වැඩි කියලා මහ ලොකුවට කියනවා. සාක්ෂරතාව කියන්නේ තමන්ගේ නම ලිවීමට හා කියවීමට ඇති හැකියාවයි. සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමවේද ගැන සතුටු වෙන්න බැහැ.

    බුද්ධි මට්ටම ගත්තාම මේවා ජාත්‍යන්තර ඒවා බටහිර දේවල් කියලා ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන්. විවේචන කරන්න පුළුවන්. එහෙත් අපි ඉන්නේ කනගාටුදායක තත්ත්වයක. මේ මිණුම් දඬු ජාත්‍යන්තරය පිළිගන්නවා.

    මේ ගැන බොහෝ දේ අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. බුද්ධි මට්ටම දර්ශකයක් තිබෙනවා. මෙය අපේ සමාජයේ අපේ රටේ හරස්කඩක්.
    අපි ඉන්නේ මන්දබුද්ධික මට්ටම් සීමාවේ. අපි තවත් පහළට ගියොත් මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා. මේවා මම කියන දේවල් නෙමෙයි. අන්තර්ජාලයෙන් හෝ පත පොතින් මේ දේවල් බලන්න පුළුවන්.


    මගේ ස්වාමිපුරුෂයා විදේශිකයෙක්. ඔහුත් මේ දේවල් සම්බන්ධයෙන් උනන්දුයි. ඔහු අපේ රට දෙස බලන්නේ වෙනස් විදියකට. විදේශිකයෙක් විදියට. රටක් දියුණු කරන්නට සමාජ ස්ථර දෙකක් පිරිස් වර්ග දෙකක් අවශ්‍ය බව ඔහු කියනවා. එහෙත් ඒ කොට්ඨාශ දෙකම අපේ රටේ නැති නිසා අපේ රට දියුණු කරන්න බැහැ කියලා ඔහු කියනවා.

    මේ කොටස් දෙකෙන් පළමු වැන්නෝ චින්තකයෝ, දාර්ශනිකයෝ හා බුද්ධිමත්තු. ඔවුන්ට රටේ බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අනෙක් කොටස දුප්පත් ජනතාව. දරිද්‍රතාවයේ පහළම ඉන්න ජනතාව. ඔවුන්ට ඉවසන්න බැරිම තැන අරගල කරනවා.
    එහෙත් අරගල කරන්න මිනිස්සු නැහැ අපේ රටේ. හිතන්න මිනිස්සු නැහැ. දැක්මක් තිබෙන බුද්ධිමතුන් නැහැ. ඉහත කියපු ස්ථර දෙක නැතිනම් කොටස් දෙකම අපේ රටේ නැහැ.
    අපේ චින්තකයෝ, දාර්ශනිකයෝ, බුද්ධිමතුන් බොහෝමයක් රට අත්හැරලා ගිහින්. අපේ රටේ දුප්පත් ජනතාවගෙන් බොහෝමයක් මැද පෙරදිග හෝ වෙනත් රටවල ශ්‍රමික සේවයට ගිහින්. අපේ රටේ දැන් ඉන්නේ මැද ජනතාව නැතිනම් සාමාන්‍ය ජනතාව. ඔවුන් සාමාන්‍යයි. ඔවුන්ට ඕනෑම සාමාන්‍යය තත්ත්වයක ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ට ගැටලුවක් නැහැ.
    දුප්පත් ජනතාව සිටියා නම් අරගල කරනවා. සාමාන්‍ය ජනතාව අතින් එය සිදුවන්නේ අඩුවෙන්. අපේ රටේ තාර්කිකව හිතන මිනිස්සු අඩුයි. හේතු සොයාගන්නා ඒවා සාධාරණීයකරණය කරන ඒ වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු අඩුයි. අපේ ළමයි බුද්ධිමය අතින් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අපේ දරුවන්ව ඒ දේවල්වලින් මුදා ගන්න ඕනේ. ඒ සඳහා කළ යුතු බොහෝමයක් දේ තිබෙනවා.

    අපිට වරදින්න ගොඩක් හේතු තිබෙනවා. අපේ අධ්‍යාපනය විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. වෙනත් රටවල විභාග ක්‍රම වෙනස්. අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ අතින් බලද්දි අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපි තවත් බොහෝ දේවල් කළ යුතුයි. අපි ආකල්පය අතිනුත් විශාල පිරිහීමකට ලක්වෙලා” යැයි ද ආචාර්යවරිය තවදුරටත් කීය.
    දේශපාලකයන් හැසිරෙන ආකාරයෙන් සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයෙන් මේ ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි බවත් ඉහත කරුණු සම්බන්ධයෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් පැවැසීය.
    කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



    උපුටා ගැනීම : http://www.lankadeepa.lk/latest_new...පහළ-මට්ටමක----ආචාර්ය-අසන්තා-අත්තනායක/1-528839
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එළකිරියෙම වැටෙන සමහරක් පොස්ට් වලින් රටෙ බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    එළකිරියෙම වැටෙන සමහරක් පොස්ට් වලින් රටෙ බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්

    පල හුත්තො යන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,921
    34,281
    113
    කතාව ඇත්ත. රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?
     
    • Like
    Reactions: snm1990

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සුරංගනා ලෝකයක් අදහන
    බොළඳ සිහින තුළ ජීවත්වන
    බහුතරයක් ලාංකිකයන් පිළිබඳ යථාර්තය​
     
    • Like
    Reactions: snm1990

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    කතාව ඇත්ත. රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?




    හරක් තම නායකයා විදිහට පත් කොරන්නේ හරකෙක් මය
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,609
    113
    කතාව ඇත්ත. රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?
    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    අපි හැමෝම මන්ද බුද්ධිකයන් වෙමු :yes:


    සිංහලු සියල්ල මන්ධබුද්ධික නෑ. එත් අව්ල රටේ බහුතරය මන්ධබුද්ධික උනාම රට යන්නේ ඒ විදිහට. දේශපාලනය හොඳම උදාහරනේ. දේශපාලුවෝ පත් වෙන්නේ රටේ බහුතර මන්ධබුද්ධික ජනතාවට අවශ්‍ය විදිහට.


    එතකොට බුද්ධිමත් ජනයාට තැනක් නෑ. :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහලු සියල්ල මන්ධබුද්ධික නෑ. එත් අව්ල රටේ බහුතරය මන්ධබුද්ධික උනාම රට යන්නේ ඒ විදිහට. දේශපාලනය හොඳම උදාහරනේ. දේශපාලුවෝ පත් වෙන්නේ රටේ බහුතර මන්ධබුද්ධික ජනතාවට අවශ්‍ය විදිහට.


    එතකොට බුද්ධිමත් ජනයාට තැනක් නෑ. :sorry:
    මන්දබුද්ධික අය, බුද්ධිමත් අය කියල වර්ග දෙකක් නෑ, හැමෝම එක එක ප්‍රමාන වලින් මන්ධබුද්ධිකයි එක එක කාරනා වලදි. ඕවා ඉතින් රටේ ජාතියේ වැරැද්දට වඩා අපේ චිම්පන්සි මුත්තලගෙන් හම්බෙල ඉතුරු වෙච්ච දායාද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හැම සමීක්ශනයම මහ ලොකුවට පිලි ගන්ඩ එපා ඕවගෙ දෝස තියෙනව...ඉන්දියන් උන්ගෙ බුද්ධිමට්යම අපේ උන්ට වඩා වැඩී කියන එක් කවදාවත් පිලි ගන්ඩ බැ..
     
    • Like
    Reactions: snm1990

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,921
    34,281
    113
    ඔය හැම සමීක්ශනයම මහ ලොකුවට පිලි ගන්ඩ එපා ඕවගෙ දෝස තියෙනව...ඉන්දියන් උන්ගෙ බුද්ධිමට්යම අපේ උන්ට වඩා වැඩී කියන එක් කවදාවත් පිලි ගන්ඩ බැ..

    මෙන්න ජාතියේ පිනට පහළ වූ මහා බුද්ධිමතා.රාජපස්ස පුක් ශෝධක, මහා වන්දිබට්ටාචාර්ය erozan මැතිතුමා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහලු සහ දෙමලුත් ඊට දෙවෙනි නෑ :P

    වතු දෙමල්ලු කොහොමද දන්නෑ අනික් දෙමල්ලු එහෙම නෑ යකෝ උන් රට හැර යන වේගෙ මාර වැඩියි උන්ගෙ ලංකාව ඇතුලෙ ජනගහන වර්ධන වේගෙ තියෙන්නෙත් සෘණ මට්ටමේ එන්න එන්න අඩුවෙනව. උන් යන්නෙත් සුද්දන්ගෙ වතු වල තණකොල කපන්න නෙමේ හොඳ හොඳ පෝස්ට් වලට. ශ්‍රීලංකන් දෙමල්ලුන්ගෙ බුද්ධියෙ අසාමාන්‍ය වැඩිවීමක් තියෙනව. ජාත්‍යන්තර තරඟෙක වුනත් බලපං රට ඇතුලෙ දෙමලු සිංහලු අනුපාතෙට වඩා හෙන වැඩි අනුපාතෙකිං දෙමල්ලු ඉහල තැන් වල ඉන්නව
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,609
    113
    වතු දෙමල්ලු කොහොමද දන්නෑ අනික් දෙමල්ලු එහෙම නෑ යකෝ උන් රට හැර යන වේගෙ මාර වැඩියි උන්ගෙ ලංකාව ඇතුලෙ ජනගහන වර්ධන වේගෙ තියෙන්නෙත් සෘණ මට්ටමේ එන්න එන්න අඩුවෙනව. උන් යන්නෙත් සුද්දන්ගෙ වතු වල තණකොල කපන්න නෙමේ හොඳ හොඳ පෝස්ට් වලට. ශ්‍රීලංකන් දෙමල්ලුන්ගෙ බුද්ධියෙ අසාමාන්‍ය වැඩිවීමක් තියෙනව. ජාත්‍යන්තර තරඟෙක වුනත් බලපං රට ඇතුලෙ දෙමලු සිංහලු අනුපාතෙට වඩා හෙන වැඩි අනුපාතෙකිං දෙමල්ලු ඉහල තැන් වල ඉන්නව


    ඔව්, මේ කතාවනම් මාත් පිලිගන්නවා. සමහරවිට ජාන වල තියෙන දෙයක් වෙන්න පුළුවන්. උන් දේවල් එක්මනට ඉගනගන්නවා සහ අලුත් විදිහට හිතනවා..
     

    Similar threads