ඛේදජනක~ආදර

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    123-680x545.jpg


    පැරිස් සහ හෙලන්

    ග්‍රීක පුරාකතා එහෙමත් නැත්නම් මිත්‍යා කතා වලට අනුව පැරිස් සහ හෙලන් අතර වූ අසම්මත ආදරය තමයි සුප්‍රකට ට්‍රෝයි සංග්‍රාමයට පාර කපන්නේ.

    ට්‍රෝජනයේ කුමරු වූ පැරිස් සහ ස්පාටා හි කුමරිය වූ හෙලන් අතර ආදරයට මුල් වන්නේ කාමයට අධිපති ග්‍රීක දෙවඟන බවත් පැවසෙනවා.

    ස්පාටා හි සංචාරයකට යන පැරිස් කුමරු එවකට ට්‍රෝයි පුරයේ රජුගේ බිරිඳ වූ පැරිස් රහසේ සිය රටට රැගෙන ඒම දැවැන්ත යුද්ධයකට මග පාදනවා.

    එම යුද්ධයේදී පැරිස් කුමරු තුවාල ලබන අතර එවකට ලොව විසූ රූමත්ම කාන්තාව ලෙස සැලකුණු හෙලන් කුමරිය නැවත ඇගේ ස්වාමියාට හිමි වනවා.

    218-680x541.jpg
    218-680x541.jpg


    ඕපියස් සහ යුරිඩිස්

    ග්‍රීක පුරාණ කතා වලට අනුව ග්‍රීසියේ විසූ දක්ෂතම සංගීත වාදකයා වූ ඕපියස් විවාහ වී සිටියේ අතිශයින් සුන්දර යුරිඩිස් සමගයි.

    සර්පයකු දෂ්ට කිරීමෙන් යුරිඩිස් මියගිය පසු ඕපියස් මළවුන්ගේ ලොවට යන්නේ දෙවියන් සහ මළවුන්ගේ ලොවට අධිපති හෙඩිස් රජු සිය සංගීතයෙන් සන්තර්පණය කර සිය බිරිඳ නැවත රැගෙන ඒම සඳහායි.

    ඔහුට යුරිඩිස් නැවත සිය ලොවට කැඳවාගෙන යාමට අවසර ලැබෙන්නේ මළවුන්ගේ ලොවේ අවසාන සීමාව ඉක්මවන තුරු යුරිඩිස් දෙස නොබලන බවට වන පොරොන්දුව සමගයි.

    එහෙත් මළවුන්ගේ ලොවේ අවසාන පියවරේදී ඕපියස් සිය සුන්දර බිරිඳ දෙස හැරී බැලීම හේතුවෙන් යුරිඩිස් නැවත මළවුන්ගේ ලොවට යන්නේ ඔවුන්ගේ ආදර කතාවට ශෝකාන්විත අවසානයක් උරුම කරමින්.

    312-680x510.jpg
    312-680x510.jpg


    ක්ලියෝපැට්රා සහ මාර්ක් ඇන්තනි

    ලෝක ප්‍රකට මෙම ඊජිප්තු ආදර කතාවත් අවසන් වන්නේ ශෝකාන්තයකින්.

    ඔවුන් දෙදෙනාගේ හමුදාව රෝමානු නායක ඔගස්ටස් හමුවේ පරාජය වීමෙන් පසු ක්ලියෝපැට්රා සහ මාර්ක් ඇන්තනි සියදිවි නසාගත් බව පැවසෙනවා.

    සිය ආදරවන්තිය මියගිය බවට ලැබුණු වැරදි තොරතුරක් නිසා මාර්ක් ඇන්තනි තමාටම කඩුවකින් ඇනගෙන දිවි නසා ගන්නා අතර, ක්ලියෝපැට්රා විසකුරු සර්පයකු ලවා දෂ්ට කරගෙන සියදිවි නසාගත් බව පැවසෙනවා.

    ඔවුන් දෙදෙනා එකම තැනක මිහිදන් කළ බවද ඉහිහසයේ සඳහන්.

    411-680x541.jpg
    411-680x541.jpg


    රෝමියෝ සහ ජුලියට්

    විලියම් ශේක්ෂ්පියර් අතින් 1590 දී පමණ ලියැවුණු මෙම ප්‍රේම කාව්‍ය ලොව ජනප්‍රියම ආදර ශෝකාන්තයක් ලෙස සැලකෙනවා. ශේක්ෂ්පියර් මෙම ප්‍රේම කතාව සඳහා අනුප්‍රාණය ලබා ඇත්තේ ආතර් බෘෘක් විසින් 1560 දී රචිත කවයකින් බවත් පැවසෙනවා. ඇතැමුන්ට අනුව වෙනත් පුරාණ මිත්‍යා කතා මෙම ආදර කතාව සඳහා පදනම් වී ඇති අතර ඉන් ඉදිරියෙන්ම ඇත්තේ රෝමානු ආදර කතාවක් වන පයිරමස් සහ තිස්බි දෙදෙනාගේ ආදර ශෝකන්තයයි.

    මෙම ආදර කතා දෙකෙහිම පෙම්වතුන්ට එක් වීමට නොහැකි වන අතර පෙම්වතා පළමුව සියදිවි නසන්නේ පෙම්වතිය මියගිය බවට ලැබෙන තොරතුරු හේතුවෙනුයි.

    ඉන් පසු පෙම්වතා මියගිය බව දැනගන්නා පෙම්වතියද ඔහු ගිය මගම යන්නේ සැබෑ ආදරය නොමියෙන බව පසක් කරමින්.

    59-680x465.jpg
    59-680x465.jpg


    ශා ජහාන් සහ මුම්ටාස්

    මොවුන්ගේ ආදර කතාව ලොව පුරා ප්‍රකටව ඇත්තේ එම ආදර කතාවේ සිහිවටනය ලෙසින් ඉතිරිව පවතින තාජ් මහල හේතුවෙනුයි.

    මෙම මෝගල් රාජකීය යුවලගේ ආදර කතාව නිමා වන්නේ මුම්ටාස් 14 වැනි දරු උපතේදී මිය යාම හේතුවෙනු යි.
    එම මරණයෙන් කායිකව සහ මානසිකව බිඳ වැටෙන මෝගල් රජු සිය මියගිය ආදරය අමරණිය සිහිවටනයක් බවට පත් කරන්නේ තාජ් මහල තනවමින්.

    පසුකලෙක සිය පුතුගේ සිරකරුවකුව සිට මිය යන ශා ජහාන්ද මුම්ටාස් අසලින්ම මිහිදන් කෙරුණු බව පැවසෙනවා.

    66-680x500.jpg
    66-680x500.jpg


    නැපෝලියන් සහ ජොසපින්

    නැපෝලියන් අධිරාජ්‍යයා සහ ජොසපින් අතර ආදර කතාවේ ඇති සුවිශේෂත්වය වන්නේ ඔවුන් ආදරයෙන් බැඳෙන විට ජොසපින් නැපොලියන්ට වඩා සය වසරකින් වැඩිමහලු වීම පමණක් නොවේ, ඇයට ඊට පෙර විවාහයෙන් දරුවන් දෙදෙනකුද සිටීම හේතුවෙනුයි. ඔවුන්ගේ විවාහයෙන් දින දෙකකට පසු නැපෝලියන් ඉතාලි යුද පෙරමුණට පිටත්ව යාම සිදුවන අතර, ඉන් පසු ජොසපින් වෙනත් ලුතිනන් වරයකු සමග පැවැත්වූ පෙම් සම්බන්ධකම ඔවුන්ගේ ආදරය බිඳ වැටීමට හේතුව බව පැවසෙනවා.
    එම ද්‍රෝහීකම නිසා නැපෝලියන් විසින් ජොසපින් දික්කසාද කළ අතර ඔහු ඉන් පසුව විවාහ වුනේ මාරි ලුවිස් නම් ඔස්ට්‍රියානු තරුණියක් සමගයි.

    76-680x411.jpg
    76-680x411.jpg


    සර්බියාවේ පළමු ඇලෙක්සැන්ඩර් රජු සහ දර්ගා මසින්

    මෙම ප්‍රේම කතාවත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගනු ලබන්නේ ඇලෙක්සැන්ඩර් රජු තමාට වඩා අවුරුදු 12කින් වැඩිමහලු වැන්දඹුවක වූ දර්ගා සමග රජ පවුලේ අකමැත්ත මත විවාහ වීම හේතුවෙනුයි.
    ඒ හේතුවෙන් ඔහුට රජකම නොලැබී යාමේ අවධානමටද මුහුණ පෑමට සිදු වූ අතර එය රජ පවුලට එරෙහිව රට පුරා විවිධ නැගී සිටීම් වලටද මුල්වූ බව පැවසෙනවා.

    ඒ සියල්ල ඉදිරියේ සිය ආදරය වෙනුවෙන් ඇලෙක්සැන්ඩර් රජු පෙනී සිටි අතර අවසානයේ ඔවුන් දෙදෙනාම කුමන්ත්‍රණ කරුවන් පිරිසකගේ ආක්‍රමණයකදී රජ මාලිගය තුලම ඝාතනය කෙරුණු බව පැවසෙනවා.

    84-551x720.jpg
    84-551x720.jpg


    බොනී සහ ක්ලයිඩ්

    මොවුන් දෙදෙනා පිළිබඳව ඉතිහාසයේ ලියැවී ඇත්තේ මිනීමරු ආදරවන්තයන් දෙපලක් ලෙසිනුයි.
    ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ කල්ලිය විසින් පොලිස් නිලධාරීන් නව දෙනෙකුද ඇතුළුව සිවිල් වැසියන් ගණනක් ඝාතනය කල බවත් පැවසෙනවා.

    සිය මිතුරියකගේ නිවසේදී පෙමින් බැඳුනු මෙම අපූරු යුවල විවිධ ආකාරයේ මංකොල්ලකෑම් වල නිරත වුනු අතර පොලිස් වෙඩි පහරින් එකම තැනකදී මිය යන විට ඔවුන් දෙදෙනා පසුවුනේ 25 සහ 23 යන වයස් වලයි.

    https://roar.media/sinhala/main/features/love-stories-with-tragic-endings/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් සාලිය අශෝකමාලා...ඒක සාලියට රජකම නැති උනා..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ටනේ...ඔක්කොම ආදර කතා ඛේදාන්ත නේද ? :love::love:
    දස්කොන් ප්‍රමිලා ආදර කතාව දන්න කෙනෙක් ඉන්නවද?