Kandy Multimodal Transport Terminal (KMTT)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    යෝජිත මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය :love:
    KANDY MULTIMODAL TRANSPORT TERMINAL (KMTT)


    උපුටාගැනීම නිල වෙබ් අඩවියෙන් - http://www.scdp.lk/kmtt_kandy.html


    1.jpg


    මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්ත (KMTT) ව්‍යාපෘතියේ පරමාර්ථය වනුයේ පවත්නා පර්යන්ත මෙහෙයුම් කටයුතු මහනුවර දුම්රියපොළට යාබද අක්කර ‍තුනකට ආසන්න භූමි ප්‍රදේශය තුළ එක් ස්ථානයකට ගැනීම මගින් මහනුවර නගරයේ දැනට පවතින ප්‍රධාන බස්රථ පර්යන්තයන් තුන වන ගුඩ් ෂෙඩ්, ඔරලෝසු කණුව සහ ටොරින්ටන් යන ස්ථානයන්හි අවකාශිය විසිරුණු ස්වභාවය ඉවත් කිරීමය. හා ජනතාවට පහසු වන ආකාරයේ පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමයි. භූගත පටු මාර්ගයක් සහ ගුවන් පදික මාර්ගයක් මගින් සම්බන්ධ වන මට්ටම් තුනකින් පර්යන්ත පහසුකම සමන්විත වේ.

    ප්‍රධාන වශයෙන් බස්රථ පර්යන්ත තුනෙන් ආරම්භ වන බස් මාර්ග 193කින් දිනකට සැපයෙන ගමන් වාර 5000කට වැඩි සංඛ්‍යාවක් මගින් මගීන් 330,000 ක් මෙමගින් හැසිරවීමට අපේක්ෂිතය. බස්රථ මෙහෙයුම් කටයුතු පාලනය කිරීම මෙන් ම පිටත්වන වේලාව සහ අදාළ බස්රථ නැවතුම්පොළවල් පිළිබඳ තොරතුරු මගීන්ට සැපයීම සඳහා තොරතුරු තාක්ෂණ පාදක පර්යන්ත මෙහෙයුම් පද්ධතියක්ද ක්‍රියාත්මක වනු ඇත. බස් රථ ගමන්වාර 5000කින් බස්ගමන් වාර 2100ක් පමණ KMTT මගින් ගොඩවීමේ සහ බැසීමේ ස්ථානවලින් අවසන්වනු ඇත. අනෙකුත් සියලු ම බස්රථ ගමන් වාර, මගීන් බැස්සවීමේ හා පැටවීමේ නියමිත ස්ථානවලදී කරමින් ගමන් වාරයේ අනෙක් අන්තයට යමින් හෝ ආපසු මුල් ස්ථානයට පැමිණෙමින් දිගට ම ගමන් වාරවල නියැළෙන ‘touch and go’ ගමන්වාර බවට පත් කැරෙනු ඇත. මේ නව ක්‍රියා පිළිවෙල මගින් නගරය තුළ බස්රථ ගාල් කිරීමට තිබෙන ඉල්ලුම අඩු වී බස්ගාල් කිරීමේ අවශ්‍යතාව KMTT ඇතුළත ම සැපිරෙනු ඇත.

    ඉදිකිරීම්වලින් පසු Touch and Go Bay සඳහා ස්ථාන 13ක්ද, ගොඩවීම සහ බැසීම (Boarding and alighting) සඳහා ස්ථාන 32ක් ද, නඩත්තු කටයුතු සඳහා ස්ථාන 2 ක්ද, බස්රථ මෙහෙයුම් සඳහා බස්රථ ගාල් කිරීමේ ස්ථාන 94ක් ද ක්‍රියාත්මක වනු ඇත. ඊට අමතරව ත්‍රිරෝද රථ ගාල් කිරීමේ ස්ථාන 40ක්ද, පෞද්ගලික මෝටර් රථ ගාල් කිරීමේ ස්ථාන 40 ක් ද ඉදිවනු ඇත.

    මගී පහසුකම් වශයෙන්, මහජන වැසිකිළි හා කැසිකිළි, විවේකාගාර, ඉඳගැනීමේ ස්ථානය, ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ ස්ථානය, පොදු තොරතුරු ප්‍රදර්ශක සහ මධ්‍යස්ථාන, ආපන ශාලා සහ සාප්පු යෑමේ පහසුකම් ඇතුළු පර්යන්තයක තිබිය යුතු සියලු පහසුකම් පර්යන්ත පරිශ්‍රය තුළ සැපයෙනු ඇත. බස්රථ කාර්ය මණ්ඩලවලට හා මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා ද පහසුකම් සැපයෙනු ඇති අතර ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් ඇතුළුව මගීන්ට ඔබමොබ යෑම සඳහා අවශ්‍ය තරප්පු, විදුලි සෝපාන, ඔසවන ( elevators ) ආදී පහසුකම් ද සැපයෙනු ඇත.

    දුම්රියපොළ පරිශ්‍රය මතින් පේරාදෙනිය පාර සහ විලියම් ගොපල්ලව මාවත සම්බන්ධ කරමින් උස්ව ගොඩනැගුණු පදික මාර්ගයක් ද KMTT මගින් ඉදිවනු ඇත. එකී මාර්ග දෙක සහ KMTT හා දුම්රියපොළ අතර පහසු හා කෙටිදුර ගමනාගමනයට ඉන් පහසුකම් සැලසෙනු ඇත. මගීන් රැස්වන ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලට මේ පදික ගුවන් මාර්ගය සම්බන්ධ වනු ඇත.


    4.jpg


    5.jpg


    2.jpg


    3.jpg


    6TRrhrv.png


    PARpWIU.png


    1LOPXVe.png




    දන්නා කාලේ පටන් නුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ අව්වට කරවෙමින්, වැස්සට තෙමෙමින් මඩ වලවල්වල වැටෙමින් කටු කෑ කුකුලන්ගේ හිතසුව පිණිස පල කරන ලදී​
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    The new good shed :yes:

    දැන් ඉන්න කඩ කාරයෝ ටික ලේසියෙන් අයින් කරන්න හම්බෙන් නෑ හැබැයි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    boreholes ගහලා තිබ්බේ ගිය අවුරුද්දේ.... කවදා පටන්ගනිද දන්නේ නෑ.