හෙට ඇය..............

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    හෙට ඇය..............(විනේ කටින් උන් )

    හෙට ඇය..............

    වසන්ත පුෂ්පකුමාර නම් තරුණයෙක් (එවකට ) 1996 දී යෞවන සම්මාන තරඟාවලියට "හෙට ඇය"" නම් කාව්‍යයක් ,පද්‍ය රචනා අංශයෙන් ඉදිරිපත් කරනවා,,එම වසරේ යෞවන සම්මාන උළෙලේ පද්‍ය රචනා අංශයේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ මේ කාව්‍යය රචනාවයි,,

    පද්‍ය 12න් යුත් මේ කාව්‍යයෙන් පැදි 3 ක්පසු කලෙක ගීතයක් බවට පත්වෙනවා, එම ගීතය ගායනා කරන්නේ ප්‍රදීපා ධර්මදාස විසින්,,.

    නිමිත්ත; භීෂණ සමයෙක හදිසියේ සිය සැමියා අතුරුදන් වීම නිසා කිසිවක් කරකියා ගත නොහී තම දරු පැටවුන්ද සමග ඇය තනිවූවාය....

    තලා මැසිම ගොඩ කළ උක් හප ගානේ,
    දිදී කඳුලු උඩටම පැණි ගඟ හැලුනේ,
    නිමා උනිද නුඹ දුටු රතු මල් හීනේ,
    අනේ හිමියනේ අද මන් තනි යහනේ


    උනා සලුව තුන්මංසල ගිනි ලාද,
    සොරාගෙන ගියේ එන යන මගදීද,
    කණාමැදිරියනි තෙපිවත් දුටුවාද ,
    සෙනේවන්ත හිමිසඳු ජීවත් වේද


    විනේ කටින් උන් තරහක් නොකියාම,
    කණේ කොහොඹ මිරිකනවා හැමදාම,
    ගුණේ රැකං ඉන්නලු මළ හිමිගේම,
    වණේ නැතුව උන් දුක දන්නේ කෝම


    දුසිං ගණං මහතුන් බැහැ දැක්කාය,
    කිඹුල් කඳුලු වැහි පිටවැහි වැස්සාය,
    යමින් එමින් වුන් සුරලොව බැස්සාය,
    අපේ සුසුම් රට රට වල වික්කාය


    දිවෙන් දිව ගගා කාගෙන එකම පතේ,
    පනේ කියාගෙන හිටිවුන් කොහෙද නැතේ,
    මලේ බඹරු සේ පිරිවර ඉගිල යතේ,
    හිනා වුනත් දැන් ඇද කුද මතුව එතේ


    ළමා ලපටි බඩ ගෙඩියට වෙහෙස දැනී,
    වැවේ ඕලු එක සීරුවෙ පිහිට වුනී,
    රටේ තොටේ වළඳන දේ ඇහට පෙනී,
    මයේ පැටව් කන බොන හැටි ලිපා දනී


    ඉපල් ගැහුණු පොඩි වුන්ටත් බැඳි ආලේ,
    නොයෙක් විසින් පූජකයින් එන තාලේ,
    වැලේ ගෙඩිත් වැලටම බර වුන කාලේ,
    නැතුවා නොවෙයි පුතුනට හදවත ලීලේ


    මුහන්දිරන්වත්තේ වැඩ ගෙයි උසට ,
    හීන් කොලුවා ඉල්ලනවා එක දිගට,
    හැබැයි ඉතින් ගෙනියන්නේ දරු කමට,
    දෙන්දෝ නොදෙන්දෝ කියලා සිතුනි මට


    කඩේ කාත් කවුරුත් නැති වෙලාවට ,
    රත්තරනින් දත නියවන හිනාකට,
    පහේ ගත්තු ණය නැතුවට හිලව්වට,
    වහෙන් ඔරෝ අමුණනවා දහං ගැට


    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැංග නාකිත් පිල උඩ රෑට ,
    නෙලා ගනිං යැයි කප් රුක පිදුවාට,
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට


    මුවැත්තියන් කොටු කරගෙන පුරුද්දට ,
    දොරින් එබෙන වෙස්සන්තරලා එමට,
    උඩිං මිතුරුකම් පෑවත් යස රඟට,
    නිකන් නෙවෙයි හුවමාරුව ඇඟ මසට


    ලැමේ කිරට මොරගහනා පැටියන්ට,
    කොහේ කවුද ඉන්නේ වේලක් දෙන්ට,
    ලිපේ ගින්න තුන්වරුවේ අවුලන්ට ,
    වරෙව් මහතුනේ කුණු කය වළඳන්ට



    මෙහි රතු පාටින් තියෙන පැදි 3න් මේ ගීතය නිර්මිතයි..

     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Appata siri, patta macho..!adai ahuwe me seen 1..:cool:

    Lagadi rep deela machan..:yes:
    You must spread some Reputation around before giving it to nir83k again. :oo:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Appata siri, patta macho..!adai ahuwe me seen 1..:cool:

    Lagadi rep deela machan..:yes:
    You must spread some Reputation around before giving it to nir83k again. :oo:

    thanks for the commnt machan:cool:

    matath rep denna barilu:(

    You must spread some Reputation around before giving it to Ithika mithika again.