රැකෙන්න බැරි නම් වැනසෙන්න... නමුත් තනිවම
සමතැන්, නිසිතැන්, අයිතිවාසිකම්, ගරුත්වය ලැබීම් ගැන හඬ නඟන්න කලින් ගෑණු අපි දැන්ගන්න ඕන ගෑණුකම රැකගෙන ජීවත්වෙන්න.එහෙම නොවුණ තැන සිද්ධවෙන දේවල් වලට අපි කොයි තරම් කෑගැහුවත් වැඩක් නෑ.
අද ඊයෙක නෙමෙයි, ඈත අතීතයේ ඉඳන්ම කාන්තාවට සුවිශේෂි ස්ථානයක් සමාජය තුළ හිමිවුණා. සෑම කාන්තාවක්ම මව් පදවිය ලබන නිසා ඒ උතුම් මාතෘත්වයට ගරු කිරීමක් සමාජය තුළ තිබුණා. වැඩිවිය පත්වන තුරුත් ඉන් අනතුරුවත් ගැහැණු දරුවන් පරිස්සම් කරගන්න සමාජය කටයුතු කළේ සිය වර්ගයා බෝකරන එනම් මිනිස් වර්ගය බෝ කිරීමට පෝෂණය කිරීමට ඇගෙන් ලැබෙන දායකත්වය නිසා.
ඇයි කාන්තාවන්ට ( Women ) ගරු නොකරන්නේ
නමුත් දිනෙන් දින දියුණු වෙනවායැයි කියන සමාජ ජීවන රටාව තුළ ගිලිහෙන, පිරිහෙන ගුණ ධර්ම හමුවේ කාන්තාවට ගරු කිරීම, පරිස්සම් කිරීම නිතැතින්ම පහළ මට්ටමකට වැටී තිබෙනවා. එයට පිරිමින්ටම ඇඟිල්ල දිගු කිරීමේ හැකියාවක් නෑ. ඇතැම් කාන්තා පාර්ශව වල නොමනා හැසිරීම් හේතුවෙන් සමස්ත කාන්තා සමාජයම අපහරණය වීමකට ලක්වෙමින් පවතිනවා.
මෙවන් කාන්තාවන් සමාජයේ ඕනෑම තරාතිරමක දකින්න පුළුවන්. උගත් නූගත්, දුප්පත් පොහොසත්, රැකියාවක් කරන නොකරන ඕනම මට්ටමක මේ විනාසකාරී කාන්තාවන් දැකගන්න පුළුවන්. රැකියා ස්ථාව වල සිය රැකියා සුරක්ෂිතභාවයට, තනතුරු තානාන්තර ලබමින් උසස්වීම ලැබීමට මෙන්ම වෙනත් වාසි හමුවේ සිය කාන්තා ගරුත්වය උකස් කරන නිර්ලජ්ජී කාන්තාවන් අනන්තවත් ඉන්නවා. මම මේ කියන්නේ ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ ගොඳුරු බවට අකමැත්තෙන් පත්වන කාන්තාවන් ගැන නෙමේ. සරළවම කිව්වොත් ඔවුන්ව දූෂණයට ලක්වෙනවා. නමුත් මම කතා කරන්නේ සිය කැමැත්තෙන් දූෂණය වෙන කාන්තාවන් ගැන.
රැකියා ස්ථාන වල, අධ්‍යාපන ආයතන වල වගේම නිවෙස් වල ඉන්න කාන්තාවනුත් මේ තත්වයට පත්වෙනවා. තමන්ගේ වාසියට මේ අය ඕනම දෙයක් කරනවා. එයාලට සිය ආත්ම ගරුත්වයට වඩා මුදල්, බලය, ජනප්‍රියතාවය තමා වැදගත් වෙන්නේ. ගැටළුව ඔවුන්ගේ කැමැත්ත නෙමෙයි. ඔවුන්ගේ මේ අශිෂ්ඨ හැසිරීම හමුවේ අසරණ වෙන්නේ එවන් තත්වයට ඇඳ නොවැටී සිය ශක්තියෙන් ජීවත්වෙන්න උත්සාහ දරන කාන්තාවන්ට.
ඔවුන්ගේ හැසිරීමෙන් පිරිමින් සියළුම කාන්තාවන් ඒ වගේ යැයි සිතීමට පෙළඹෙන අතර "එයාට පුළුවන්නම් ඇයි ඔයාට බැරි...?" වැනි ප්‍රශ්ණ අසමින් කාන්තාවන් අසරණ කිරීමද සිදුකරයි.
සමාජයේ පොදු කියමනක් තියෙන්නේ "මහන්සිවෙලා යනවද..? හාන්සිවෙලා යනවද...?" කියලා. අන්න ඒ හාන්සිවෙලා යන පිරිස නිසා අසරණ වෙන්නේ මහන්සිවෙලා ඉදිරියට යන පිරිස.
කාන්තාවන් අලෙවි වන අලුත්ම Music Video රැල්ල
මම මේ ගැන කතා කරන්න හිතුවේ පහුගිය දිනවල යූ ටියුබ් හරහා නිකුත් වුණු වීඩියෝවක් නිසා. ඒ වීඩියෝ එක පුරාම නිරූපනය සිදුකරන කාන්තාවන් දිහා බලනකොට දැනෙන්නේ අපුලක්. කාන්තාව කියන්නේ ශෘංගාරය දනවන වස්තුවක්. කාන්තා ශරීරය අතිශය ශෘංගාරාත්මකයි. නමුත් ඒ වීඩියෝ දර්ශනය පුරාම රඟපාන කාන්තාවන් දැක්කම සියළුම සරාගී හැඟුම් විනාස වෙනවා මිසක් ඒ ගැන ප්‍රබෝධකාරී සිතුවිල්ලක් ඇතිවෙනවා කාන්තාවන් විනාස කරන අයට නම්.
මෙවන් අවර ගණයේ වීඩියෝ තුළින් විකිණෙන්නේ සමාජයේ කාන්තාවට හිමි ස්ථානය. කිසිම ලැජ්ජාවක් බයක් නොමැතිව කැමරාවක් ඉදිරියේ නිරුවත් වීම සහ කාන්තා ප්‍රතිරූපය බිඳ දැමීමට කටයුතු කරන කාන්තාවන් නිසා වැඩිමනක් අපහසුතාවයට පත්වෙන්නේ එවන් දේ සඳහා විරුද්ධවෙන කාන්තාවන්මයි. කලාත්මක නිර්මාණයක් උදෙසා නිරුවත් වීමයි විකිණෙන්න නිරුවත් වෙන එකයි දෙකක්. සීගිරියේ උඩුකය නිරුවත් කාන්තා චිත්‍ර දැක්කට මිනිස්සුන්ගේ හැඟීම් ඇවිස්සෙන්නේ නෑ. කලාත්මක චිත්‍රපටයක ලිංගික දර්ශන, නිරුවත් දර්ශන යොදා ගන්නේ ඒ කතා තේමාවට උචිත සහ අවශ්‍ය අන්දමින් විතරමයි. නමුත් ඒ වීඩියෝ එකෙන් එහෙම අවශ්‍යතාවයක් දැනෙන්නේ නෑ. ඒ ගීතය සමානයි නිල් චිත්‍රපටයකට. කිසිම කලාත්මක භාවයක් නෑ. අඩුම තරමේ කියන්නේ මොකක්ද කියන එකවත් කිසිම කෙනෙකුට තේරුමකුත් නෑ.
විකිණෙන්න අවශ්‍ය නම් ඊට වෙනත් මාර්ගයක් හොයාගන්න. ඔය තරමටම ගෑණුකම විකුණන්න එපා. ගෑණුකමේ වටිනකම දැනගන්න. ගෑණු අපි ගෑණුකම රැකගන්නේ නැතුව කාන්තා අයිතිවාසිකම් ගැන කෙස් පැලෙන තර්ක අරන් ආවත් වැඩක් වෙන්නේ නෑ. ඔබට ගෑණුකම රැකගන්න බැරිනම්, රැකගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම් විකිණෙන්න අවශ්‍ය නම් තනිව විකිණෙන්න. එය සමස්ත කාන්තා සමාජයටම පිළිලයක් කරන්න එපා. ඒ හැම ගැහැණියම ඔබ වගේ විකිණෙන්න සූදානම් නැති නිසා.
source http://thewoman.lk/women-take-seriously/

මේක නොකර දැන් ගෑණු පොර ටෝක් දෙන එකනේ අවුල.