කන්ද උඩරට පුංචි සීගිරිය

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
කන්ද උඩරට පුංචි සීගිරිය

කන්ද උඩරට පුංචි සීගිරියේ අසිරිය විඳගමු

attachment.php

ස්වභාව සෞන්දර්ය ( Nature ) අතින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා ” පුංචි සිගිරිය ” හෙවත් බතලේගල කන්ද සෞන්දර්යත්වය හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් වේ. ස්වභාව සෞන්දර්ය ( Nature ) අතින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා ” පුංචි සිගිරිය ” හෙවත් බතලේගල කන්ද සෞන්දර්යත්වය හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් වේ.

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

බතට කන්න බැඑි බතලේගල කන්ද

හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද

මේ කඳු තුනට නායක සමනල කන්ද

මේ කඳු තුනට නායක සමනල කන්ද


ඔබ මේ ජනකවිය අසා ඇති. එයින් කියැවෙන බතලේගල කන්ද ඔබ දැක තිඛෙනවාද..මහනුවර සිට කොළඹ යන එන මාර්ගයේදී ඈතින් දිස්වෙන මේ නිල්වන් කඳුවැටිය අද දේශීය මෙන්ම විදේශීය පරිසර හිතකාමින්ගේ ආකර්ශනයට පත්ව තිබේ. විනෝදංශයක් ලෙසින් කඳු පිරිස් අතරින් බතලේගල කන්ද තරණය නොකල අයෙක් නොමැති තරම්ය.




attachment.php


ස්වභාව සෞන්දර්ය ( Nature ) අතින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා බතලේගල කන්දේ සීමාවන්


උතුරින් සරදියල්ගේ උතුවන් කන්ද, දකුණින් “සාමසර ” කන්ද, නැගෙණහිරින් ” අම්බුළුවාව ” කන්ද, බටහිරින් ඌරාකන්ද මායිම් කර ගෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ” හත්ගම්පල ” ග්‍රාමනිළධාරී වසමේ පිහිටා තිබේ. ඉංග්‍රීසින් විසින් මෙම කන්ද ” බයිබල් රොක්” යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම කන්දේ දර්ශනය නවන ලද බයිබලයකට සමාන නිසාය.

බතලේගල කන්ද සම්බන්ධ ජනප්‍රවාද බතලේගල කන්ද සම්බන්ධ ජනප්‍රවාද බතලේගල කන්ද සම්බන්ධ ජනප්‍රවාද බතලේගල කන්ද සම්බන්ධ ජනප්‍රවාද

අතීත රජවරුන් විසින් මෙම බතලේගල කන්ද ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසින් යොදා ගෙන තිබේ. සතුරු සේනාංකයන්ගේ ඔත්තු බැලීමට සහ යුධ හමුදාවන්ගේ මෙහෙයවීමටත් මෙම ක්නද යොදා ගෙන තිඛෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ ගොවියන් අස්වනු නෙලා ගැනීමට පෙරාතුව ඔවුන්ගේ °කැති කන්ද මුදුනට රුගෙන ගොස් කිසිම කරදර හිරිහරයක් නොමැතිව අන්වනු නෙලා ගැනීමට හැකි වේවා යැයි කන්නලව් කොට පැමිණීමෙන් පසුව ගොයම් කපා ගැනීමට යොමු වෙන බවටත් ජන විශ්වාසයන් පවතී. ඒ වගේම සීතාවක රාජධාණී කාලයේදී පණිවිඩ හුවමාරු මධ්‍යස්තානයක් විදිහටත් යොදා ගත් බතලේගල කන්දේ සැඟව සිටි රජකෙනක් ගැන නම් වාර්තාවන් ලැඛෙන්නේ නැහැ. එහෙත් පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසින් මෙම කන්ද යොදා ගත් බවට නම් විශ්වාසයන් පවතී.



attachment.php

අති රමණිය බතලේගල කන්දේ ගමන් මාර්ගය

බතලේගල කන්දට යන ගමන් මාර්ගය මේ විදිහටයි. මාවනැල්ල සිට දෙබත්ගම බසයකින් ගොස් හත්ගම්පල හන්දියෙන් බසින්න. එතැන බතලේගල කන්දට යන මාර්ගය ඊතලයකින් පෙන්වා තිබේ. එතැන සිට බතගෙල්ගල කන්ද පාමුලට කි. මි. දෙකක් පමණ වේ. මෙම පාමුල සිට කන්ද මුදුනට කි. මි. 1. 5 ක් පමණ පයින් යා යුතුයි. මග දෙපස ඉතා විසිතුරු තුරුලතාවන්ගෙන් ගහනය. මෙම ගෙවතු පුවක්, පොල්, කොස්, කරාබු, ගම්මිරිස්, ගොරකා වැනි වගාවන්ගෙන් යුක්තයි. හෙල්මළු වගාවට සකස් කරන ලද කුඹුරුත් දක්නට ලැබේ. දකුණු පැතත්ට ඇති බෞද්ධ පන්සල දැන් හැර දමා ගොස් ඇතැත්
ඊට නිශ්චිත හේතුවක් තවමත් හඳුනාගෙන නැත. ආවාස ගෙයක්, නානකාමර, වැසිකිලි සහ විදුලි ආලෝකය ගල මුදුනට සපයා ඇති අතර වැසි ජලය ගබඩා කිරීම වෙනුවෙන් ඉදි කරන ලද ජලටැංකියක්ද තිඛෙනවා.

බතලේගල කන්ද මුදුනතවන පර්වතය අඩි 540 ක් උසකින් යුක්ත අතර එය වෙත යෑමට සිඝ්‍ර බෑවුමක් තරණය කරන්න වෙනවා. අවට තිඛෙන වනාන්තරයේ වපසරිය අක්කර 150 ක් පමණ විශාලයි. මෙම වනාන්තරයේ ඇටම , වල්දෙල්, හල්මිල්ල, ඔලබොඩ, බදුල්ල, කළුමැදිරිය, කිතුල්, වැනි ගස්වැල් සහ කලවැද්දා, කබල්ලෑවා, වල්ඌරා, කොලදිවියා වැනි ක්ෂිරපායී සතුන්ද දක්නට ලැඛෙනවා. විසකුරු සර්පයින්ද මෙම කලාපයේ නිවැසි සත්ව ප්‍රජාව අතරට ඇතුලත්ය.



attachment.php


කඳු මුදුනට යාමේ දී නැරඹිය හැකි දේ


මෙම බතලේගල කඳු පර්වතයට ගමන් කිරීමේදී අපට දැකගත හැකි වෙනවා විවිධ ශාක වර්ග රාශියක්. විවිධ සතුන් සහ දෙසවන් පිනවන විහඟ නාදයන් වගේම අලංකාර මල් පිපෙන විවිධ ඕකිඩ් වර්ග රාශියක් ඔබට දැක ගත හැකියි.



මෙහි සුලභව දක්නට ඇති දුර්ලභ හා ආවේණික ශාක

ඇටඹ – Mangifera zeylanica.

වල් දෙල් -artocarpus nobilis.

හල්මිල්ල -Berrya cprdifolia.

මිල්ල – Vitex ailissima.

බලබොඩ – Myristica dectylordes.

බදුල්ල – Semecarpus gardneri.

කළුමැදිරිය – Calamander tree

කිතුල් – Caryoto urens.

භූ කෙන්ද – Boo-Kenda

අත්කෙන්ද – Acronychia peduncularta.

වල් කුරුදු – Cinnamomum dubium.

මහෝ – Swietenia macrophyla.

පුස් වැල් – Large Seabean, Snuff-box Bean

රසකිඳලවැල් – Ainospora cordifoilia.

සත්සඳ –

කොතල හිඹටු – Salacia reticulata

අරත්ත –

තෙඹු –

ගඳපාන –

කොටකිඹුල –

කැන්ද – Macaranga peitota.

හවරි නුග -Alstonia macrophyla.

පොඩිසිඤ්ඤාමරම් – Eupatorium odorotu.


attachment.php


මෙම ශාක වර්ග ඖෂධිය වශයෙන් ඉතා වටිනා ශාක වර්ග වේ. මෙහි ඇති බොහෝ ඖෂධ පැලෑටි බොහෝ දුර්ලභයි. තව ද මේ පර්වතය සහ රක්ෂිතය ආශිතව ශ්‍රී ලංකාවට අවේනික දැනට වඳ වී ගෙන යෑමේ තර්ජනයට ලක්ව ඇති සතුන් වර්ග ද බොහොමයක් සිටි. අපා,දෙපා, සිවුපා, මෙන් ම බහුපාවුන් රාශියකගේ වාසස්ථානය බවට පත් වී ඇති මෙකී පරිසර පද්ධතිය තුළ අලංකාර සමනළ විශේෂ රාශියක් ද දක්නට ලැබේ.



මෙහි සුලභව දැකිය හැකි සතුන්

රිළවා -Macaca sinicaaurifrons.

මුවා – Artiodactyla.

කළ වැද්දා –

හිකණලා – Mabuya macularia.

ගල් මුගටියා -Herpestesvitticollis.

හූණා – Gecko

වල් ඌරා -Susscrofa cristatus.

පිනුම් කටුස්සා -Octocryptis wigmanm.

උරුලෑවා – Viverricula indica mayori.

පළා පොළගා – Trimerasurus trimoncephalus.

කබල්ලෑවා – Manis crassi caudata.

පොළොං තෙලිස්සා –

බළල් දිවියා – prionailurus rubiginosa.

කනඋල්ලන් –

ඇටි කුකුළා –

ගැටහොඹු කටුස්සා –

කොට්ටෝරුවා –

දඩුලේනා – Ratufa macroura melanochra.

කිරි වව්ලා – Kirivaula picta.

නරියා – Canis aureus.

අළු කෑදත්තා –

ඌරු මීයා – Bandicota indica.

බකමූණා – Owl

ඉත්තෑවා – Hystrix indica.

පිළිහුඩුවා –

වළි කුකුළා – Gallus iafayetti.

හාවා – Lagomorpha.

සර්ප උකුස්සා – spilornis cheela.

ලේනා – Redentia.

කහ කුරුල්ලා – Orioulus xontbornus.




කඳුමුදුනත තිබෙන තැනිතලාවට පැමිණියාම සබරගමු කන්ද සහ මධ්‍යඹ කඳුකර ඉතාම අපුරුවට දැක බලා ගන්න පුවන්. ඒ වගේම අසුපිනි ඇල්ල ඉතාම ලස්සනට දිස් වෙනවා.මේ තැනිතලාව දිගින් මීටර් 350 ක් පමණ වෙන අතර පළලින් මීටර් 38 ක් වෙනවා.මතුපිට පස් තට්ටුව අඩි 5 ජ් 6 ක් පමණ වන අතර එය රතු, කහ, පොඩිසොලික් හා ලැටරයිට් පාෂාණයන්ගෙන් යුක්තයි. ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 ක් පමණ වෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 4500 ක් පමණ වෙනවා. ආආද්‍රතාවය 85 % ක අගයක් ගන්නවා.



source http://thewoman.lk/nature-bathalegala-sri-lanka/
 

Attachments

  • Bathalegala kanda.jpg
    Bathalegala kanda.jpg
    70.9 KB · Views: 688
  • Nature bathalegala kanda 5.jpg
    Nature bathalegala kanda 5.jpg
    70.2 KB · Views: 606
  • bathalegala kanda 3.jpg
    bathalegala kanda 3.jpg
    59.8 KB · Views: 638
  • Nature bathalegala 2.jpg
    Nature bathalegala 2.jpg
    61.7 KB · Views: 635
  • thewoman.lk bathalegala.jpg
    thewoman.lk bathalegala.jpg
    25 KB · Views: 627
Last edited:

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    niyamai akke :D passe rep dennam.
    You have given out too much Reputation in the last 24 hours, try again later.​
     
    Jul 11, 2018
    92
    2
    0
    ඒකත් කාපියව්. තිබ්බෙත් එච්චරයි,සුද්දෙකුට පෙන්නලා කියක් හරි හොයාගන්න.එකටත් හැමිනෙනවා මේ ගැනු. පිස්සුද ගැනියේ මේවා ප්‍රසිද්ද කරලා බොන පොට් කරන්නේ..
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    ඒකත් කාපියව්. තිබ්බෙත් එච්චරයි,සුද්දෙකුට පෙන්නලා කියක් හරි හොයාගන්න.එකටත් හැමිනෙනවා මේ ගැනු. පිස්සුද ගැනියේ මේවා ප්‍රසිද්ද කරලා බොන පොට් කරන්නේ..

    ඇත්තටම මල්ලි බොන්න ඔය බතලේගල කන්දටම යන්න ඕනිද ?
     
    Jul 11, 2018
    92
    2
    0
    ඇත්තටම මල්ලි බොන්න ඔය බතලේගල කන්දටම යන්න ඕනිද ?
    මට නම් යන්න ඕනා නැ.. ඔයා ඔය කරන වැඩෙන් වෙන්නේ සිකුරාදා හවස ඉදන් ඉරිදා හවස වෙනකන් එක එක පොන්නයෝ ලංකාවේ හැම තැනින්ම ඇවිත් ඔතන විනාශ කරන එක. පරිසර කමිටුවේදී අපි එක .කිව්වා. ඔය හිටියද?
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    මට නම් යන්න ඕනා නැ.. ඔයා ඔය කරන වැඩෙන් වෙන්නේ සිකුරාදා හවස ඉදන් ඉරිදා හවස වෙනකන් එක එක පොන්නයෝ ලංකාවේ හැම තැනින්ම ඇවිත් ඔතන විනාශ කරන එක. පරිසර කමිටුවේදී අපි එක .කිව්වා. ඔය හිටියද?

    මම ඒ ගැන දන්නේ නැහැනේ. :( :( :(