පැසිෆික් සාගරයේ ප්ලාස්ටික් දූපත.

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පැසිෆික් සාගරයේ ප්ලාස්ටික් දූපත.

    පැසිෆික් සාගරයේ ප්ලාස්ටික් දූපත.

    ඔබ එක් වරක් භාවිතාකර ඉවත දමන ප්ලාස්ටික් කෝප්පයට, බීම බටයට, පොලිතින් බෑගයට කුමක් සිදුවනු ඇත්දැයි ඔබ කෙදිනක වත් සිතා තිබේද? එම ප්ලාස්ටික් කොහේ නවතිනවා ඇත්ද? ඇතැම් විට එය සාගරයේ ප්ලාස්ටික් දූපතක් නිර්මාණය කිරීමට වුවත් දායක වීමට ඉඩ තිබේ..

    එසේ ඉවත දමන ප්ලාස්ටික් වලින් මහා සාගරයේ දූපත් නිර්මාණය වී තිබෙන බව ඔබ දන්නවාද? ඔව්.. එය සැබෑවක්. එවැනි දූපත් 5ක් දැනට විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන තිබෙනවා. අප ඔබ හමුවට ගෙන එන්නේ එවැනි එක් විශාල ප්ලාස්ටික් දූපතක් පිලිබඳ තොරතුරුයි.

    ඒ මහා පැසිෆික් ප්ලාස්ටික් දූපත යි.

    මෙය පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරයේ යි. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශය සහ හවායි දූපත් අතර පිහිටා තිබෙන මෙම ප්ලෑස්ටික් දූපත සැලකෙන්නේ ලොව විශාලතම ප්ලාස්ටික් දූපත ලෙසයි.

    - මෙය සොයාගන්නේ 1997 වසරේදීයි. නමුත් විද්‍යාඥයින් අනුමාන කරන්නේ මෙය නිර්මාණය වීම ආරම්භ වී තිබෙන්නේ දෙවන ලෝක යුධ සමයේ සිට බවයි. පසුගිය අවුරුදු 40 තුල එහි විශාලත්වය 100 ගුණයකින් ඉහල ගොස් තිබෙනවා.

    - ඇතැම් ගණනය කිරීම් වලින් එහි බර ටොන් මිලියන 7ක් බවට අනුමාන කෙරෙනවා. දූපතේ 85%ක්ම නිර්මාණය වී තිබෙන්නේ ප්ලාස්‍ටික් අපද්‍රව්‍ය එකතුවෙනි. සියලුම ආකාරයේ ප්ලාස්ටික් නිෂ්පාදන එහි අන්තර්ගත වේ.

    - මෙය විහිදී ඇති භූමි ප්‍රමාණය ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය මෙන් දෙගුණයකි. ඇතැම් ස්ථාන අඩි 9ක් ඝනකමින් යුක්තයි.

    - එහි තිබෙන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 80%ක් පැමිණ තිබෙන්නේ ගොඩබිම සිටය. නගරවලින් බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කෙලින්ම හෝ ගංගා හරහා සාගරයට බැහැර කිරීම සිදුව ඇත. ලොව සෑම රටකින්ම පාහේ පැමිණි ප්ලාස්ටික් එහි දක්නට ලැබේ. එයට හේතුව සාගරයේ දිය වැල් වල ක්‍රියාකාරිත්වයයි. ඉතිරි ප්ලාස්ටික් 20% නිර්මාණය වී තිබෙන්නේ නැව් වලින් සහ මුහුදේ තෙල් කැණීම් සිදුකරන ස්ථාන වලිනි.

    - සාගරයේ ඇති ප්ලාස්ටික් වලින් සාගර ජීවීන්ට විශාල වශයෙන් හානි සිදු වේ. පාවෙන ප්ලාස්ටික් තට්ටු නිසා සාගරය තුලට සූර්යාලෝකය පැමිණීම අවහිර වී මුහුදු පැලෑටි, ඇල්ගී ආදිය විනාශ වී යයි. එමගින් මුහුදු ජීවීන්ට ආහාර හිඟ වීම සිදුවේ. මීට අමතරව මුහුදු ජීවීන් ප්ලාස්ටික් ආහාරයට ගැනීමද සිදු වේ. එක් පර්යේෂණයකින් හෙලිව තිබුනේ මත්ස්‍යයින්ගෙන් 10%කගේ ආහාර මාර්ගය තුල ප්ලාස්ටික් කැබැලි තිබෙන බවයි. මෙමගින් සාගර ජෛව විවිධත්වයට බොහෝ හානි සිදු වේ.

    - මෙම ප්ලාස්ටික් දූපත ඉවත් කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ. ඒ වෙනුවට වේගයෙන් ඒ වෙත ප්ලාස්ටික් එකතු වෙමින් ඇත.

    - සාගරයේ තිබෙන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කිරීමට ලොව පුරා වෙසෙන සියල්ලන්ටම වගකීමක් ඇත. හැකිතාක් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමත්, ප්‍රතිචක්‍රීකරණ වැඩ පිලිවෙලට දායක වීමත් අප හමුවේ ඇති වගකීමයි.

    38012361_298359354237166_7104498626302312448_n.jpg

    ගත්තේ බුකියෙන්.......
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සොබා දහමට මිනිසා නොමැතිව පැවතිය හැක. නමුත් මිනිසාට සොබා දහම නොමැතිව පැවැත්මක් නොමැත. - (කියපු කෙනා කවුද කියල නම් මතක නෑ.)

    +8
     
    • Like
    Reactions: jayanathek

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හපොයි..... දුපත් 05 ක්........ :shocked:
    ලංකාවේ නැගෙනහිර වෙරළේ සමහර ස්ථාන වල චීනේ, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවලින් පාවෙලා එන ප්ලාස්ටික්, පොලිතීන් ගොඩ ගැහිලා තියෙනවා මම දැකල තියෙනවා.ඔක්කොම වගේ චීන අකුරු තියෙන්නේ එව්වයේ.
    බෙදා ගත්තට තැන්ක්ස් බන්...
     
    • Like
    Reactions: jayanathek

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    හැකිතාක් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමත්, ප්‍රතිචක්‍රීකරණ වැඩ පිලිවෙලට දායක වීමත් අප හමුවේ ඇති වගකීමයි.
     
    • Like
    Reactions: jayanathek