බුද්ධිය හා ප්‍රඥාව කියන්නේ දෙකක්. ඔය දෙකම කැම්පස් ගිය නොගිය හැමෝටම අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ ඕක කාටද වැඩියෙන් තියෙන්නේ කියන එක නෙවෙයි. තියෙන ටික හරි හරියට පාවිච්චි කරන්නේ කවුද/කොහොමද කියන එක.
ඒක පුද්ගලානු බද්ධ දෙයක් නිසා පැහැදිලි කරන්න යන එක මෝඩ කමක්.
විශ්වවිද්‍යාල තුනකින් ඉගෙනගත්ත කෙනෙක් හැටියට අපහු හැරිලා බලනකොට අපිටත් ඒකාලේ කරපු ගොන්කම් වල තරම තේරුනේ පහුවෙලා.
තව ටිකක් කල් ගියාම උඩින්ම ඉන්න කැ ගහන චරිත දේශපාලන වේදිකාවල, චන්ද ව්‍යාපාර වල, අමාත්‍යංශ වල, පක්ෂ කාර්යාල වල බලාගන්න පුළුවන්. එතකොට උන්ව replace කරන්න තව සෙට් එකක් එනවා. ඕක විෂම චක්‍රයක්. ඒක මේ රටේ සාපයක්.
උන් එක්ක ඉන්න පහල සෙට් එක අනාත නාථ වෙලා කාලකන්නි වෙලා එකේ පීඩනේ මැරෙනකන් එක එකා පිටින් යවනවා. ඉගෙන ගන්න එකාට ඉරිසියා කරනවා, දියුණු වෙන එකාගේ කකුලෙන් අදිනවා...
පක්ෂ මාරුකරකර චන්දෙ දිදී බලනවා, හුල්ලනවා නොයෙක් විකාර ඉතින්.
අපිත් ඉතින් උන් එක්ක සෙට් වෙලා ඒ හැන්දෙන්ම බෙද බෙදා ඉන්නවා.