පොඩ්ඩී

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඕක ගැන නම් කියන්න වචන නෑ බන්.. සිරාම පහරක්.. අහද්දි ඇඩෙනව
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සින්දුව හොදයි :yes: , කොහොම හරි වටේ කැරකිලා පන්සලටයි හාමුදුරුවොන්ටයි ගහපු හන්දා පට්ටයි :D.
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    සින්දුව හොදයි :yes: , කොහොම හරි වටේ කැරකිලා පන්සලටයි හාමුදුරුවොන්ටයි ගහපු හන්දා පට්ටයි :D.

    Gon kathaa kiyanna epa ban.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ර්ති ඔයා දන්නවද දන්නේ නෑ ඔයා වීරයෙක් කියලා. එහෙමටය කියලා කව්රුත්ම කතා නොකරන අපි මේ ජීවත් වෙන පොළොවෙම නිහඬවම විඳවන, අපහාස උපාහස ලබන කොටසකගේ වීරයා ඔයා..., සාදර බණ්ඩාර දැන් ඔයත්! ලංකාව ඇතුළේ විරෝධාකල්ප ගී කියන ඒවා හරි අඩුයි. මොකද විරෝධාකල්ප ධාරාවේ ගීත හදන්න පද පෙළකුයි, සංගීතයයි, ඉතිරි අඩුම කුඩුම ටිකයි තිබ්බට බෑ. හරිම නහරේ අල්ලලා අදින්න කොන්දක් නම් තියෙන්නම ඕනේ. මිනිස්සු ශ්‍යාමි කුමාර් ට බැන්නේ ඒ ගෑනි තමන් "ගණිකාවක් " කියලා කියපු නිසා නෙමේ, එහෙම කෙළින් කතා කරන්න ඒ ගෑනිට කොන්දක් තිබ්බ එක ගැන කුහකකමට. නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව! පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම අමුවෙන්ම ගත්තොත් මේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තියන ගීතයේ නිමිත්ත වෙන්නේ ගණිකාවක් වුනු තමන්ගේ අම්මාට සිංහල අවුරුදු දවසේ වඳින්න බෑ කියන නංගිට, අයියගේ තරවටුව. "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම". ඇඟ විකුනන්නෙත් දරුවෝ රකින්න නම් ඒ අම්මත්, අම්මෙක්ම මිස වෙන කව්රුත් නෙමෙයි. "බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක" මේක ප්‍රබල යටිපෙලක් තියෙන යෙදුමක්. වචන අස්සේ කොච්චරක් නම් රහස් හංගන්න පුළුවන්ද? කොවුල බිත්තර දාන්නේ කපුටු කූඩු වල ... එහෙන් මෙහෙන් අහුලන් කාලා,ජරා සතා කියලා අපහාස උපහාස විඳගෙනත් අම්මෙක්ගේ උණුසුම දීල අර බිත්තර ඔක්කොම රකින්නේ ඔය සමාජයෙන් ගැරහුම් ලබන කපුටා. බිත්තර බක් මාසෙදි පුපුරල කොවුල් පැටවු එළියට ඇවිත් ටික කලක් යනකොට තමයි උන් උන්ට වෙනස දැනෙන්න ගන්නේ. එතෙක් අර කපුටු අම්මගෙන්ම යැපිලා උන්ටම අරියාදු කරන මේ නංගිත් බොහෝවිට අන්න එහෙම එකම තාත්තගේ නොවෙන අනුන්ගේ කොවුල් පැටියෙක්. ඊළඟ පදය විප්ලවයක්! "නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම" කවියකට ගැළපෙන සෞම්‍ය පද දිගට ගලන් ඇවිත් මේ හතරවෙනි පදේදී අයියගේ ආවේගේ වත්තේ භාෂාවෙන්ම දඩස් ගාල අත්හරින එකයි අන්න ඒ විප්ලවේ! ජය වේවා සම්මත කවි හෝ ගී පද රචනා භාෂාව කුඩු කරපු මේ විප්ලවේට! ---------------------------------------------- තනෙ කඩා විසිකර පත්තිනි වී නම් අනේ හාමතෙ අපි මැරිලා එහෙනම් වණේ පාරන්නෙ වන පල විස වී නම් නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන් ඔය පත්තිනි කතාවේ, පත්තිනි එහෙමත් නැත්නම් කන්නගී තමන්ගේ ස්වාමියා කෝවලන්ව නිරපරාදේ මරා දාන මදුරාවේ රජාට සාප කරලා වම් තනේ කඩලා පොලවේ ගැහුවහම ඒ සාපයෙන් මදුරාපුරයම ගිනිගෙන අලුවෙලා යනවා. හැබැයි මිනිස්සු කොච්චර ගාණක් මැරුණත් තමන්ගේ පතිවත රැකීමේ අනුහසින් කන්නගී දේවත්වයට පත් වෙනවා පත්තිනි විදිහට. අම්මට ගරහන නංගිට අයිය කියනව; අපේ අම්මටත් තිබ්බ තනේ කඩල බිම ගහල පත්තිනි වගෙ හැම දේම අත හැරල , සමාජෙට සාප කර කර , පතිවත රැකන් දේවත්වයට යන්න.. ඒත් එහෙම වුණා නම් උඹයි, මායි මැරෙන්නේ හාමතේ. හැබැයි ඒ දේව කතා ෆැන්ටසියෙන් මිදිලා අම්මා පොළොවේ පය ගැහුවේ උඹෙයි, මගෙයි බඩ පුරවන්න. එහෙම බලද්දි , වේසියක් උනු අපේ අම්ම පත්තිනිට වඩා කොච්චර උතුම්ද කියලා. වෙස්සන්තර බවුන් වඩලා ලෝකේ දුක නිවන්න මාර්ගේ හොයද්දි , වනේ ගිහින් අමාරුවෙන් පලවැල නෙලන් දරුවොන්ගේ දුක නිව්වේ "අම්මා", මන්ද්‍රි දේවි. මේත් අන්න එහෙම අම්මෙක්! අයිය අහනව උඹ ඔය තුවාල පාරන්නේ එහෙම නැත්නම් අම්මගේ චරිතෙ ගැන හාරන්නේ ඇයි උඹට අම්ම ඇඟ විකුණලා අමරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නු දේ විස වෙලද? "නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්!" එහෙනම් වරෙන් යන්න.... අම්මට නෙමෙයි , අම්මව මේ තත්වෙට පත් කරපු සමාජෙට ගිනි තියන්න කියලා.





    දං කඳ නැති දාට රංකඳ වී පෙනිලා හාමුදුරුවො අණකර බණ පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කරන්න බයට අපි හිතමතාම මගහරින ඛේදවාචක, තියෙනවා. දැක්කත් නොදැක්කා වගේ ඉදන් එහෙයි කියලා සාදුකාර දෙනවා. ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා. "මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා" මේක ප්‍රබල යෙදුමක්, ගායනය වඩාත් තීව්‍රව දනවන තැනක්. මේකට ද්විත්ව අර්ථයක් තියෙන්න පුළුවන්. එකක් "මුචලින්ද" කියලා අපි කට වහරේ හදුන්වන බොරුකාර මිනිස්සු වුණු දේ ගැන දක්වන බොරු අනුකම්පාව. දෙවෙනි එක, දවස් හතක් පුරා බුදුන්ට වැස්සෙන් ආරක්ෂාව දෙමින් ධර්මය රැකගන්න පිහිට වුණු හැබෑ මුචලින්ද නාගරාජයා, බුදුගේ ඇතුලෙදිම බුද්ධ පුත්‍රයෙක්ය කියලා කියාගන්න කෙනෙක් විසින් කරපු මේ අපරාදේ දැකලා ඇති කරගන්න වේදනාව. වචන ඇතුළේ රහස් හංගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒකයි. ------------------------------------------ රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා ලෝකුරු ගෑනු කියන්නේ උප්පත්තියේ ඉඳන් රත්තරං අත ගගා රත්තරං ගොඩේ හැදෙන හෙට්ටි වීදියේ ගෑනුන්ට. ඒත් ගිනියම් උනාට පස්සෙ යකඩ වලයි, රත්තරන් වලයි වෙනස පේන්නේ නැති තරම්. ඉතිං වැරදිලා රත්තරං කියලා යකඩත් තැලෙනවා. පිරිමියෙක් රස කියන්නේ මොකක්ද කියලා කොච්චර දැනගෙන හිටියත් රාගය ඉස්මුදුනට ගැහුවම ඒ ගෑනි පත්තිනිද නැත්නම් වේසි ද කියලා හොයා හොයා ඉන්නේ නෑ. "පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා". පතිවත කියන්නේ වචනයක්! පත්තිනි සළුවෙන් හෙළුව වහන් ගණිකාවන්ට ගරහන ගොඩක් ගෑනුන්ගේ කිල්ලෝට වලත් පොඩ්ඩ, පොඩ්ඩ හුණු තියෙනවා. "ඇත් තුත්තිරි" ප්‍රබල යෙදුමක්, ආක්‍රමණික පැලෑටියක්, ආක්‍රමණිකයෙක් ඉස්සරහා නැවෙන, රත්වෙන, පොඩිවෙන ගෑනුන්ගේ රහස් හංගගත්ත ලෝකෙට උඩින් පේන පත්තිනි සළු! "ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා" ලෝකුරු වීදියේම වැඩකරන ගෑනු රත්තරං කියල රත්වෙච්ච යකඩ තලනවනම්.... හොඳටම මල් ගැන දන්න බඹරු ඉටිමල් වල වහනවනම්... එච්චර expert ලට වැරදෙන ලෝකෙක නංගියේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු උඹ මොන මඟුලක්ද දන්නේ අම්මව විත්තිකාරි කරන්න! _________________ 'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා! වැඳපන් අම්මාට.. සාදර බණ්ඩාර ඔයා බෝම්බේ පුපුරවන්නේ මෙතැනදී. මුළු ගී පද රචනය පුරාම ප්‍රබලවම දැනෙන අමුම අමු පදපේළිය මේක. මට නම් ඔයාව ගායකයා විදිහට ප්‍රබලව ඉස්මතු වෙන තැන මේක. හිස්මුදුනෙන් පටන් අරන් පපුවට විදුලියක් ගලාගෙන යන වේලාව මේක. ගී පද රචනයේ නැති තැනකට ආයෙමත් මේ පද ටික ගේන්න ගායකයා විදිහට ඔයාට තිබ්බ ඉව මරු. අන්න ඒ ඉව ඔස්සේ ගිහිල්ලා සාදර බණ්ඩාර ඔයා මේ ගීතයට උච්ඡතම සුරාන්ත නිමාවක් දෙනවා. ඉතිං මං දන්නේ එක දෙයයි මේ ගීතය ෆැන්ටසියයි, සෙමිෆැන්ටසියයි අතරේ තියෙන සුභාවිත සංගීතය අතික්‍රමණය කරලා මිනිස්සුන්ගේ හිත් පතුළට මුල් අදිනවා. ජය!


    comments wala balapan :D
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
    තනෙ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතෙ අපි මැරිලා එහෙනම්
    වණේ පාරන්නෙ වන පල විස වී නම්
    නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්
    දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
    ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
    'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට..