ටික කාලයක් තිස්සේ ඔය වාහන set එක හොයල බලපු කෙනෙක් විදියට සහ අන්තිමට ඔයින් ම එකක් ගත්ත කෙනෙක් විදියට මගේ අදහස මෙහෙමයි.
Toyota නම තිබ්බට Wigo හදන්නේ නම් ජපානේ නෙවෙයි, දන්නා විදියට ඉන්දුනීසියාවේ. පෙනුම Axia එකට වඩා හොඳයි කියන්න පුළුවන්. Quality එකත් අපි සාමාන්‍යයෙන් Toyotaවලින් බලාපොරොත්තු වෙන තත්වයේ නම් නෑ. Toyota නම හින්ද second hand market එක ටිකක් හොඳ වෙයි (අපේ මිනිස්සු හිතන විදිය ටිකක් අමුතුයි නේ).
Perodua Axia කියන්නේ Toyota Wigo එක ම පදනම් කරගෙන සුළු වෙනස්කම් සහිතව මැලේසියාවේ හදන වාහනයක්. පිටින් බැලුවහම පෙනුම නම් වරදක් නෑ.හැබැයි build quality එක නම් සතුටුදායක නෑ. Driver seat එක උස පහත් කරන ‘අණ්ඩ’ සතියෙන් ගලවල අතට එන ගානයි. Body panels තුනීයි. ඇතුලත පෙනුමත් මට නම් හිතට ඇල්ලුවේ නෑ.
Hyundai කියන්නේ දකුණු කොරියානු සමාගමක් වුනාට Grand i10 එක හදන්නේ ඉන්දියාවේ. අනෙකුත් ගොඩක් ඉන්දියානු වාහනවලට වඩා හොඳ වුනත් මේකෙත් Indian ගතිය තියෙනවා (මට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ, හැබැයි ඉන්දියාවේ හදපු වාහනයක් [European brand උනත්] දැක්ක ගමන් කියන්න පුළුවන් මේක made in India කියලා. ඒවායේ රළු ගතියක්, un-finished ගතියක් පේනවා). එළකිරි You Tube channel එකේ මාස දෙකකට විතර කලින් මේක ගැන ගොඩක් හොඳ විස්තරයක් ගියා. දැන ගන්න ඕන ඔක්කොම විස්තර එකේ ඇති.
Picanto එක හදන්නේ KIA කොම්පැනියෙන්. ලංකාවේ ගොඩක් දෙනා KIA දන්නේ Sportage, Sorento වගේ SUV වලටනේ. Picanto කිව්වම අපේ කට්ටිය හරියට දන්නේ නෑ, තාම ඇස් උඩ තියාගන්නවා. මමත් අවුරුද්දක් තිස්සේ reviews බලල බලල, වටේ ඇවිදලා ඇවිදලා අන්තිමට ගත්තේ මේක (2017 model 3 එක). කලින් කියපු වාහන අතරින් හොඳම look එක, build quality එක තියෙන්නේ මේකේ. Hyundai Grand i10 එක වගේ නෙවෙයි, හදන්නේ දකුණු කොරියාවේ.
හැබැයි ඔයා දාල තියෙන ෆොටෝ එකේ තියෙන model එක (GT model) ලංකාවට ගෙන්නන්නේ නෑ. මෙහෙට ගෙන්නන්නේ 1 (manual), 2 සහ 3 models විතරයි. ඔයා ඉන්ටෙර්නෙට් reviews වල දකින සමහර දේවල් (Side air bags, sunroof, 1.25 liter engine, leather seats, auto climate control, Android auto/ Apple Car Play --- හැබැයි Phone එක screen එකට connect කරන්න පුළුවන්) මෙව්වයේ නෑ. මේකට එන touchscreen එකයි audio system එකයි ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා කියල කියන්න පුළුවන්. ඇතුලේ පෙනුමත්,පහසුකමුත් හොඳයි. අවුරුදු 5ක warranty එකකුත් දෙනවා.
ඔයා මොන review එක බැලුවත්, මොන උපදෙස ගත්තත් showroom එකට ගිහිල්ලම බලන්න (මම Axia එක බලන්න ගිහින් පළවැනි විනාඩි 5 ඇතුලත හිතා ගත්තා මේක නම් ගන්නේ නෑ කියලා). ඔය ඔක්කොම වාහන මිල අනුව වෙනස් වෙන්නේ ලක්ෂ 2-3කින් (model එක අනුව). ඒ හින්දා වාහනය තෝරා ගැනීමේදී මිල විතරක් සාධකය කරගන්නේ නැතුව ඉන්න පුළුවන්නම් හොඳයි. කල් පැවැත්ම, සුවපහසුව, quality එක ගැනත් හිතන්න.
සමහර අය Vitz එක ගැන කියල තියෙනවත් දැක්කා, ඔයාට උඩ තියෙන වාහනවල මිල පරාසය ඇතුලේ Vitz එකක් brand new නම් කොහොමටවත් ගන්න බෑ. මට නම් ඇතුලත පෙනුම සහ features අතින් අලුත් Vitz එකට වඩා Picanto එක ඉදිරියෙන් ඉන්නවා -- විශේෂයෙන් මිලත් එක්ක බැලුවම.
මේක මම එළකිරි එකේ දාන පළමුවැනි පොස්ට් එක. මේකෙන් කාට හරි පොඩිහරි ප්‍රයෝජනයක් වෙනවනම් සතුටුයි. වැරැද්දක් තියෙනවනම් කියන්න.

agreedටික කාලයක් තිස්සේ ඔය වාහන set එක හොයල බලපු කෙනෙක් විදියට සහ අන්තිමට ඔයින් ම එකක් ගත්ත කෙනෙක් විදියට මගේ අදහස මෙහෙමයි.

Good explanation machan. Picanto eka gana EK eke threads keepayakma tibuna. puluwannam ube experience eka gana wenama thread ekak danna car eke photos ehemat ekka. help ekak wei ganna enna ayata.